Watch Trailer

The Red Shoes AKA Bunhongsin (2005) Sinhala Subtitles | අද්භූත පාවහන් යුගලේ වියරුව [සිංහල උපසිරැසි]

The Red Shoes (2005) Sinhala Subtitles ආයූබෝවන් හැමෝටම… දැන්නම් කට්ටියට මාව අමතක වෙලත් ඇති කියලා හිතනවා. මොකද කාලෙකට පස්සේ තමයි මේ පැත්තට ආවේ. කාර්‍යබහුලත්වය නිසා මේ වැඩ වලින් පොඩ්ඩක් අයින් වෙලා හිටියත් ළඟදී අපේ චාමිකර අයියත් එක්ක M3GAN 2.0 ගෙනාපු නිසා ආපසු මේ ආසාව අළුත් උනා. ඉතිං මම අද ගෙනාවේ මම ල…

The Red Shoes (2005) Sinhala Subtitles

ආයූබෝවන් හැමෝටම… දැන්නම් කට්ටියට මාව අමතක වෙලත් ඇති කියලා හිතනවා. මොකද කාලෙකට පස්සේ තමයි මේ පැත්තට ආවේ. කාර්‍යබහුලත්වය නිසා මේ වැඩ වලින් පොඩ්ඩක් අයින් වෙලා හිටියත් ළඟදී අපේ චාමිකර අයියත් එක්ක M3GAN 2.0 ගෙනාපු නිසා ආපසු මේ ආසාව අළුත් උනා. ඉතිං මම අද ගෙනාවේ මම ලඟදි බලපු ඒත් පරණ කොරියානු හොල්මන් චිත්‍රපටයක්. කොරියන් ෆිල්ම් සහ ටීවී සීරීස් වල ගුණාත්මක බව දැනටමත් ඔයාලා හොඳටම දන්නවා ඇති. කොරියන් Horror ෆිල්ම් බලන්න ආස අය ඉන්නවනම් A Tale of Two Sisters (2003) The Wailing (2016) The Closet (2020) Warning: Do not Play (2019) Gonjiam: The Haunted Asylum (2018) Horror Stories (2012) Death Bell (2008) Apt. (2006) කියන මේ ෆිල්ම් ටික බලන්න කියලා ඉල්ලනවා.

මම අද අරන් ආපු The Red Shoes කියන චිත්‍රපටය 80%ක ගූගල් පරීශීලක කැමත්ත ලබාගන්නත්, IMDb 5.7ක හොඳ අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. 2005 ජූනි 30 නිකුත් උන මේ ෆිලුම Horror/ Supernatural යන කාණ්ඩයන්ට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ. මේ ෆිල්ම් එකට පාදක කරගෙන තියෙන්නේ ජනප්‍රිය සුරංගනා කතා රචකයෙකු උන හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් මහත්මයා 1845දී රචනා කරපු The Red Shoes තියෙන සුරංගනා කතාවයි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Kim Yong-gyun විසින් ඒ වගේම Full House කතාමාලාවෙන් අපට හමුවුන Kim Sung-soo සහ Kim Hye-soo, Park Yeon-ah, Kim Ji-eun, Go Soo-hee යන නළු නිළියන් මෙහි රංගන දායකත්වය ලබාදෙනවා.

ෆිල්ම් එකේ කතාව ගැන නම් වැඩි දෙයක් කියන්නේ නෑ. මොකද කතාව ස්පොයිල් වෙන්න පුළුවන් නිසා. සුන්-ජේ කියන්නේ තමන්ගේ සැමියගේ නොහොබිනා වැඩ නිසා ඔහුව අත ඇරලා තමන්ගේ කුඩා දුව ටේ-සෝ එක්ක තනියෙන් දිවි ගෙවන මවක්. මෙයාට දවසක් දුම්රිය උමං මාර්ගයක තිබිලා රතුපාට ලස්සන කාන්තා පාවහන් යුගලක් හම්බෙනවා. මේක ගෙදරට ගෙනාපු දවසේ ඉඳන් සුන්-ජේටයි, ටේසෝටයි සැනසිල්ලේ ඉන්නනම් හම්බෙන්නේ නෑ. ඉතිං මේ පාවහන් යුගලේ තියෙන අභිරහස මොකක්ද කියලා දැනගන්න ඔයාලත් මේක බලන්න. ඒ වගේම මට මේක උපසිරසිගන්වන අවසර දුන්න රවිඳු හේෂාන් සහෝටත් ස්තූතිවන්ත වෙන ගමන් දිරිගන්වන්න කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා කියලා ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් මම යනවා වාසනාවක් තිබුනොත් තවත් උපසිරසියකින් ආපහු හමුවෙමු. ජයවේවා!

The Red Shoes (2005) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

683 downloadsDownload The-Red-Shoe-2005.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Red Shoes (2005) Sinhala Subtitles

Subtitles by

යුරාන් ධනුක

Subtitles

683 downloadsDownload Subtitles23 KB

3 comments

  1. Bimsara Yashan (ඔලිව)

    කාලෙකට පස්සේ ආයෙත් වැඩේට බැහැලා වගේ. කලින් වගේ ආයෙත් සුපිරි ෆිල්ම් ටිකක් ගේමු. ඒ වගේම මේ උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  2. Buddhika laKMal

    ස්තූථියි යුරාන් සහෝ කාලෙකින් සුපිරි සබක් ගෙනාවට

  3. Ruchira

    Thanks for the sub!!!!!