Watch Trailer

Hellaro (2019) Sinhala Subtitles | පුරුෂාධිපත්‍යයට එරෙහිව නර්තනය [සිංහල උපසිරසි]

2019 පවත්වපු 66 වෙනි ඉන්දියානු ජාතික සම්මාන උලෙළේ මුළු ඉන්දියාවෙන්ම හොඳම චිත්‍රපටය ලෙසට සම්මානය හම්බුණේ මේ Hellaro චිත්‍රපටයටයි. කවුරුත් නොදන්න තරුණ අධ්‍යක්ෂවරයෙක්, ඒ වගේම අලුත් තරුණයෝ ටිකක් එක්කහු කරගෙන, වැඩි ප්‍රසිද්ධියක් නැති ගුජරාටි සිනමා කර්මාන්තය ලෝකයටම ගෙනයන්න සමත් වුණු නිර්මාණයයි Hellaro කි…

2019 පවත්වපු 66 වෙනි ඉන්දියානු ජාතික සම්මාන උලෙළේ මුළු ඉන්දියාවෙන්ම හොඳම චිත්‍රපටය ලෙසට සම්මානය හම්බුණේ මේ Hellaro චිත්‍රපටයටයි.

කවුරුත් නොදන්න තරුණ අධ්‍යක්ෂවරයෙක්, ඒ වගේම අලුත් තරුණයෝ ටිකක් එක්කහු කරගෙන, වැඩි ප්‍රසිද්ධියක් නැති ගුජරාටි සිනමා කර්මාන්තය ලෝකයටම ගෙනයන්න සමත් වුණු නිර්මාණයයි Hellaro කියන්නේ.

ඉන්දියානු ජාතික සම්මාන උළෙලක ප්‍රථම වතාවට හොඳම නිළියන් ලෙසට ජූරියේ විශේෂ සම්මානයන් 12ක් මෙහි රඟපෑ ප්‍රධාන නිළියන් දොලොස් දෙනාටම හම්බෙනවා.

මේ චිත්‍රපටයේ කතාව ගැන දෙයක් කියනවා නම්, ගුජරාටයේ කච් ප්‍රදේශයේ තියෙන ජනප්‍රවාදයක් ඇසුරු කරගෙනයි මෙහි තේමාව ගොඩ නැගෙන්නේ.

1975 දී මංජරී කියලා ගෑණු ළමයෙක් විවාහ වෙලා, ‘කච්’ කියන ප්‍රදේශයේ තියෙන අති පිටිසර ගමකට එනවා. එහෙදි ඇයට මුණගැහෙනවා, ගමේ තියෙන දැඩි පුරුෂාධිපත්‍යය නීතිවලට යටත් වෙලා ජීවත් වෙන්න සිද්ද වුණු කාන්තාවෝ කීප දෙනෙක්. මේ කාන්තාවන්ට ටිකක් හෝ නිදහසක් හම්බෙන වෙලාව තමයි, වතුර ගේන්න උදේම වැවට යන ගමන. දිනපතා ලැබෙන ඒ පැය කීපය හැරුණාම, මේ කාන්තාවන්ගේ ජීවිත බැඳිලා තියෙන්නේ ගමේ පිරිමි අය විසින් පණවලා තියෙන විවිධ නීතිවලට යටත්වයි. ඒත් දවසක් ඒ හැම දෙයක් වෙනස් වෙනවා, ඒ මොවුන් වැවට යන පාරේ ඉඳලා හම්බෙන මනුස්සයෙක් නිසා……..

ජාතික සම්මාන ලැබීමත් එක්කම, ඉමහත් ප්‍රේක්ෂක – විචාරක ප්‍රතිචාර රාශියක් Hellaro චිත්‍රපටය වෙනුවෙන් ලැබෙනවා

කෝටි 16ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබන්නත් මේ ගුජරාටි චිත්‍රපටයට හැකිවෙනවා.

IMDb – 8.7/10

The Times of India – 4/5
” නිදහස ගැන කියන සෙලියුලොයිඩ් සැමරීමක් “

The Hindu
” සූක්ෂම ලෙස නිර්මාණය කල, මනාව ගැලපෙන චිත්‍රපටයක් “






…ගර්බා නමින් ප්‍රසිද්ධ අපූරු ගුජරාටි නර්තන විලාශයක් දැක බලාගන්න ගමන්ම, ධෛර්යවන්ත කාන්තාවන්ගේ ලස්සන කතාවක් විඳගන්නයි මේ ඇරයුම…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

2,761 downloadsDownload Hellaro-2019.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නෙතිනි නිමන්තිකා

Subtitles

2,761 downloadsDownload Subtitles34 KB

17 comments

  1. chandana

    Thanks

  2. oshanda

    thanks sis

  3. tharidu16

    thanks

  4. මයුර

    පිලුම දාලා තියෙනවා දැක්ක ගමන්ම හිතුනා නෙතිනිගෙ වැඩක් කියලා.
    කොහේහරි හැංගුණු මැනික් කැට උස්සන් එනවනේ කොහොමත්. සිංහල සබක් නොතිබ්බ හින්දා බලන එක පස්සට දාලා තිබ්බේ..බලලා ආයේ කමෙන්ට් එකක් දාන්නම්කෝ. බොහොමත්ම ස්තූති වේවා...!!!

  5. Ashan

    ගොඩාක් ස්තූතියි උපසිරැසියට සිස්...

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  7. Lahiru

    පින් හොඳේ

  8. Danu

    Brooklyn nine nine සිංහල සබ් ඔනී❤️

  9. yohan

    niyami aaa......thanks sis

  10. Manohari

    ගොඩාක් ස්තුතියි..ජය වේවා..

  11. kavinu

    බොරු කියන්න ඕනෙ නෑනෙ.. මන් නම් හිතුවෙ නෑ මේකට කවුරුවත් සබ කරයි තියලා!!
    ඉතින් බොහොම ස්තූතියි මේකට උපසිරැසි දුන්නට..
    මන් හිතන්නේ මේ අවසානේ තමයි චිත්‍රපටියට ගැළපෙනම අවසානය..
    ජය වේවා!!!

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  13. Nelson Rodrigo

    Good work friend, Thanks for the sub!

  14. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  15. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!