Watch Trailer

Operation Java (2021) Sinhala Subtitles | ජාවා මෙහෙයුම! [සිංහල උපසිරසි] (50*)

බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක් වේවා. ඔන්න මං අද ඔයාලා හමුවෙන්න ආවේ මගේ පළවෙනි කඩඉම ‌ඒ කියන්නේ 50 වෙනි උපසිරැසි ගැන්වීම අරගෙනයි. බයිස්කෝප් අඩවියෙන් ලබා දෙන සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටි බලන්න ගත්තේ කවද්ද කියලා නම් මට මතකයක් නෑ. අවුරුදු ගාණක් තිස්සේ චිත්‍රපටි බල බලා ඉන්න අතරේ පහුගිය අ…

බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක් වේවා. ඔන්න මං අද ඔයාලා හමුවෙන්න ආවේ මගේ පළවෙනි කඩඉම ‌ඒ කියන්නේ 50 වෙනි උපසිරැසි ගැන්වීම අරගෙනයි.

බයිස්කෝප් අඩවියෙන් ලබා දෙන සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටි බලන්න ගත්තේ කවද්ද කියලා නම් මට මතකයක් නෑ. අවුරුදු ගාණක් තිස්සේ චිත්‍රපටි බල බලා ඉන්න අතරේ පහුගිය අවුරුද්දේ ඒ කියන්නේ 2020 දි චිත්‍රපටියකට උපසිරැසි කරන්න ආසා හිතුන හින්දා බයිස්කෝප් එකේ දීලා තිබුණ උපදෙස් එහෙම කියවලා බලලා මුලින්ම නෝට්පෑඩ් එකක මගේ නම ගහලා play කරලා බැලුවම තමයි ආසාව වැඩි උනේ. ඔන්න ඒ පාර මමත් උපසිරැසියක් කරනවා කියලා හිතන් මේල් එකක් දානවා. මම මුලින්ම Njan Mary Kutty කියන මලයාලම් චිත්‍රපටියේ උපසිරැසි කරන්න පුළුවන්ද කියලා 2020 ජනවාරි 11 යවපු ඊමේල් එකට එදාම සිසිල මල්ලි උත්තරයක් එවලා තිබුණා. බාරගත්තා වගේ නෙමේ කරන්න ගියාම. කොහොමින් කොහොම හරි මාසයක් විතර ගත උනා සබ් එක ඉවර කරන්න. මාසෙකට පස්සේ පෙබරවාරි 12 වෙනිදා මම සබ් එක කරලා බයිස්කෝප් එකට එව්වත් පලඋනේ නෑ. ඊට පස්සේ මම Kalki වෙනුවෙනුත් සබ් එකක් කරලා එවනවා. කලින් එක වගේම ඒකත් පල නොවුන තැන මං කීප වතාවක්ම මේල් දාලා අහනවා මං එවපු සබ් පල උනේ නෑ කියලා. ඔන්න අන්තිමේදි හසන්ත අයියා මේල් එකක් දාලා කියලා තිබුණා මගේ මේල් එක Spam වෙලා තිබුණ හින්දයි පල නොවුනේ කියල. කොහොමින් කොහොම හරි 2020 මාර්තු පලවෙනිදා මගේ සබ් එකක් බයිස්කෝප් වෙබ් අඩවියේ පල වෙනවා. එදා නම් පුදුම සතුටක් දැනුනේ. එදා ඉදන් පනස්වෙනි කඩඉම සම්පූර්ණ කරන අද දවස වෙනකල්ම මං ආසාවෙන් උපසිරැසි ගැන්වීම් කරනවා. මේ ‌ගෙවෙන දුෂ්කර කාලෙ ඇතුලත පළවෙනි කඩඉමවත් පහුකරන්න ලැබුණට සතුටුයි. මොකද ‌තව ටික දවසක් යද්දි අපි මොන වගේ තත්වෙක ඉදීද කියලා කාටවත් කියන්න බෑ.

මුලින්ම මං කරන හැමදේටම මට නිදහස දෙන අම්මා, තාත්තා වගේම නංගිවත් මතක් කරනවා. ඊට පස්සේ පෞද්ගලිකව දන්නේ නැති උනත් බයිස්කෝප් වෙබ් අඩවියේ නිර්මාතෘ ඉසිර අයියාට වගේම ‌සිිංහල උපසිරැසි ගැන්වීම කියන එක හඳුන්වලා දුන්න රොයිලි අයියටත් ස්තූති කරනවා මේ ලබා දීලා තියෙන අවස්තාව වෙනුවෙන්. ඒ වගේම හොඳ චිත්‍රපටි වෙන් කරලා දීලා ‌උපසිරැසිගැන්වීම් සම්බන්ධයෙන් ඉල්ලන ඕනේ උදව්වක් කරලා දෙන ඇඩ්මින්තුමා සිසිල ප්‍රසාද් මල්ලිවත් මතක් කරනවා. පුද්ගලිකව අදුනන්නේ නැති උනත් බයිස්කෝප් අඩවිය වෙනුවෙන් තමන්ගේ කාලය කැප කරන ඇඩ්මින්වරු සියළු දෙනාවත් ස්තූතිපූර්වකව මතක් කරනවා. ඒ වගේම චිත්‍රපටි වෙනුවෙන් කිසිම ලාබ අපේක්ෂාවක් නැතිව ඉංග්‍රීසි උපසිරැසි නිර්මාණය කරන නමින් නොදන්නා දහස් ගණනක් වූ උපසිරැසිකරුවන්වත් ස්තූතිපූර්වකව මතක් කරනවා. ඔවුන්ගේ උපසිරැසි නැති උනා නම් ඇත්තටම මේ උපසිරැසිගැන්වීම් සිදු කරන්න අවස්ථාවක් අහිමි වෙනවා.

මුලින්ම නෝට් පෑඩ් එකේ සබ් එක කරලා ඊට වඩා පහසු හින්දා Subtitle Edit භාවිතයෙන් උපසිරැසි ගැන්වීම් කීපයක් කරත් ඒ ගැන අවබෝධයක් තිබුණෙ නැති අතරෙදි මට ෆේස්බුක් හරහා බයිස්කෝප් අඩවියේ සහෝදර උපසිරැසිකරුවෙක් වන තරිදු රුක්ෂාන්ව හඳුනා ගන්න ලැබෙනවා. ඇත්තටම ඒ වගේ මිත්‍රයෙක් අඳුන ගන්න ලැබීමම මගේ වාසනාවක් විදියට සලකනවා. උපසිරැසි ගැන්වීමක් හරියටම කරන්නේ කොහොමද? Subtitle Edit හරි විදියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා වගේම උපසිරැසි ගැන්වීම් ගැන නොදන්න ගොඩක් දේවල් කියලා දුන්නා. වීඩියෝ පිටපතට ගැලපෙන සබ් එක හොයාගෙන උපසිරැසි ගැන්වීම් කරපු මං අද Subtitle Edit පාවිච්චි කරලා උපසිරැසිය Sync කරන්නත්, කාල රාමු හදාගෙන උපසිරැසි ගැන්වීම් කරන්නෙත් තරිඳු කියලා දුන්න දේවල් වලින්. ඒ හැම දෙයක් වෙනුවෙන්ම තරිදුව ස්තූති පූර්වකව මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම ෆේස්බුක් හරහා සහෝදර උපසිරැසිකරුවන් ‌‌කීප දෙනෙක්ම අඳුන ගන්න ලැබුණා. ඒ අතරින් මයුර මල්ලිව මතක් කරන්න ඕනේ. කීප දෙනෙක් එකතු වෙලා උපසිරැසි ගැන්වීම් කරපු වෙබ් සීරිස් කිහිපයකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව දුන්නා වගේම නොදන්නා දෙයක් ඇහුවොත් අනිවාර්යෙන්ම උත්තර දෙනවට. ඒ හැමදේටම ස්තූතියි. ඊළඟට සඳුන් ධනුෂ්ක, සොහාන් ජයසූරිය මල්ලි, ඉසුරු දිල්ශාන් මල්ලි, උපසිරැසි ගැන්වීම් වලට මාව සම්බන්ධ කර ගත්තාට ස්තූති පූර්වකව මතක් කරනවා. ඒ වගේම උපසිරැසි ගැන්වීමක් කරාම ඒක අගය කරන, ෆේස්බුක් ගෲප් වල පෝස්ට් දාලා ඒ ගැන අනික් අයව දැනුවත් කරන නෙතිනි නංගි, කවිනු මල්ලි ඔයාලා දෙන්නාටත් ස්තූතියි. බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියේ ඉසුරු ශ්‍රීනාත් මල්ලි ඔයාටත් ස්තූතියි කරන දිරිගැන්වීම් වෙනුවෙන්. ඒ වගේම නම් වශයෙන් මතක් කළ නොකළ සහෝදර උපසිරැසිකරුවන් හැමෝම මේ වෙලාවේ ස්තූතිපූර්වකව මතක් කරනවා.

අවසානයට මේ උපසිරැසි ගැන්වීම් වලට වචන කීපයකින් හරි කමෙන්ට් එකක් දාන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. ඇත්තටම ඔයාලගේ දිරි ගැන්වීම් නැත්නම් මෙච්චර දුරක් එන්න ලැබෙන්නෙ නෑ. කමෙන්ට් එකක් නොදා උනත් සබ් එක ගන්න ඔයාලා හැමෝටමත් ස්තූතියි. ස්තූති කතාව අවසානයි! දැන් චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කතා කරමු.

50 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් මං අරන් ආවේ 2021 අවුරුද්දේ සයිබර් අපරාධ සම්බන්ධයෙන් නිර්මාණය වූ අති සාර්ථක මලයාලම් සිනමා පටයක් වන Operation Java (2021). Operation Java කියන්නේ අන්තර්ජාලය භාවිතයෙන් සිදුකරන සයිබර් අපරාධ හා ඒ අකටයුතුකම් නීතියේ රැහැනට හසුකර ගැනීමට වෙහෙසෙනා දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි කෝචි නගර (Kochi) පොලිසියේ සයිබර් අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරින් පිරිසකගේ උත්සාහය රිදී තිරයට ගෙනාපු අති සාර්ථක සිනමා නිර්මාණයක්.

* සයිබර් ක්‍රයිම් නැතහොත් අන්තර්ජාලය හා බැඳුනු අපරාධයන් (Cyber Crime) කියන්නේ මොනවාද?
සමාජ ජාලා මාධ්‍ය (Social Media) වෙබ් අඩවි,අනෙකුත් වෙබ් අඩවි, ඉලෙක්ට්‍රොනික තැපෑල, වැට් අඩවි, Dating වෙබ් අඩවි යනාදි මාර්ග මගින් හා විවිධ උපක්‍රම යොදා පරිගණක හා අන්තර්ජාලය මගින් සිදු කරන සාපරාධි ක්‍රියාවන් සයිබර් ක්‍රයිම් විදියට සලකනවා.

* අන්තර්ජාල අපරාධ (Cyber Crime) වලට වැඩිපුරම ගොදුරු වෙන්නේ කවුද?
කාන්තාවන් හා දරුවන් සාපේකෂව වැඩි වශයෙන් මේ සයිබර් අපරාධ වලට ගොදුරු වෙනවා.

Hacking, Malware, Phishing, Cyber stalking, Spam. Child Pornography යනාදි විවිධ ස්වරූප වලින් සයිබර් අපරාධයන් සයිබර් ලෝකය තුළ සිද්ධ වෙනවා.

මූලික වශයෙන් කතා කරොත් සමාජ ජාලා වෙබ් අඩවි හරහා සිදුවන අපරාධ අපටත් හුරුපුරු මාතෘකාවක් විදියට හඳුන්වන්න පුළුවන්. අතීතයේ සමාජ සම්බන්ධතා කියන්නේ අප අවට සමාජයේ ඉන්න සුලු පිරිසක් අතර සිදුවන අන්තර් සම්බන්ධතා උනත් අද වෙද්දි සමාජ සම්බන්ධතා කියන්නේ ඊට වඩා පුළුල් පරාසයක විහිදුනු විවිධ මට්ටමේ විවිධ පුද්ගලයන් අතර විවිධාකාර ස්වරූප වලින් ගොඩනැගෙන සම්බන්ධතාවන් කිව්වොත් නිවැරදියි. ‌‌අද වෙද්දි අන්තර්ජාලය තුළ සමාජජාල වෙබ් අඩවි ලෝකය පුරා සිටින පුද්ගලයින් සමඟ සම්බන්ධතා ගොඩනගා ගෙන විවිධ ක්‍රියාකාරකම්හි යෙදෙන පොදු වේදිකාවක් බවට පත් වෙලා තියෙනවා. මේ සමාජ ජාලා වෙබ් අඩවි මේ වෙද්දි යහපත් හා අයහපත් ප්‍රතිඵල ගෙන දෙනවා. සමාජ ජාලා වෙබ් අඩවි භාවිතා කරනා විශාල පිරිසක් තමන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් නොවීම නිසා බොහෝමයක් සයිබර් අපරාධයන් මේවා හරහා සිද්ධ වෙනවා. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රැම්, ස්නැප්චැට්, වට්ස්ඇප් යනාදි විවිධාකාර සමාජ ජාලා ‌වෙබ් අඩවි වගේම යෙදවුම් වලින් ලබා දී තිබෙන පෞද්ගලික තොරතුරු, ඡායාරූප හුවමාරු කර ගැනීම් පහසුකම් ඉතා ඉහල මට්ටමකින් භාවිතා වන නිසා මේවාගෙන් සිදුවන අකටයුතුකම් දිනෙන් දින ඉහල යනවා. 2020 ජනවාරි මස වන විට ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන සංඛ්‍යාව මිලියන 6.4 බව සංඛ්‍යා ලේඛන වලින් ප්‍රකාශයට පත් වෙලා තියෙන අතරෙම 2021 වසරේ ‌මැයි මස ජනමාධ්‍ය ඇමති තුමා ප්‍රකාශ කර තිබෙන ආකාරයට ශ්‍රී ලංකාව තුල අනන්‍යතාව තහවුරු කළ නොහැකි ෆේස්බුක් ගිණුම් (Fake Account’s) ලක්ෂ විස්සක් පමණ තිබෙනවා. මේ දත්තයන් දිහා බලද්දිම අපිට හිතා ගන්න පුළුවන් ශ්‍රී ලංකාව තුළ මේ අන්තර්ජාලය, සමාජ ජාලා අඩවින් අවභාවිතා වෙන්නේ කොහොමද කියලා. මේ වගේ තත්වයකදි ඇත්තටම අපි හැමෝම මේ සයිබර් අපරාධ වල යම්කිසි ආකාරයකින් ගොදුරක් වෙනවා වගේම එක්තරා අකාරයකින් මේ සයිබර් අපරාධයන්ට සහය දෙන පිරිසක් විදියටත් හඳුන්වන්න පුළුවන්.

සමාජ ජාලා අකටයුතුකම් වලට අමතරව අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ පුළුල් පරාසයක විහිදිලා තිබෙනවා. පරිගණක පද්ධති වලට අනවසරයෙන් ඇතුළු වීම, අන්තර්ජාලය පරිශීලකයින් අන්තර්ජාලය භාවිතා කරන විට අනවසරයෙන් ඔවුන්ගේ පරිගණකයට ඇතුළු වන වෛරස්, ට්‍රෝජන් වැනි පරිගණක වැඩ සටහන් නිර්මාණය, phishing හෝ pharming භාවිතා කරමින් අපරාධකරුවෝ නීත්‍යානුකූලසේ පෙනී සිට ව්‍යාජ සබැඳි (Links) භාවිතා කරමින් ව්‍යාජ වෙබ් අඩවිවලට යාමට පරිගණක භාවිත කරන්නන් පොළඹවාගෙන ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු සොරා ගැනීම, ව්‍යාජ තොරතුරු අන්තර්ජාලයේ පලකරමින් සිදුකරන මුදල් වංචා, කෙනෙකුගේ ඡායාරූප, වීඩියෝ, පෞද්ගලික ‌තොරතුරු අන්තර්ජාලය හරහා මුදාහැර කෙනෙකු ‌පෞද්ගලිකත්වයට හානි කිරීම, අපහසුතාවය පත් කිරීම හා අපහාසයට ලක් කිරීම යනාදී ලෙස සයිබර් අපරාධ දස දහස් ගණනක් මේ වන විට අන්තර්ජාලය තුළ සිදුවනවා.

බොහෝ විට අපට මුදල් ගෙවා අත්පත් කර ගත නොහැකි පරිගණක මෙහෙයුම් පද්ධති, මෘදුකාංග වල සිට අප අන්තර්ජාලයෙන් බාගත කර ගන්නා සිනමාපට ඇතුලු බොහෝමයක් දෑ නීත්‍යානුකූල නොවන අයුරින් භාවිතා කරන අපි වැනි පරිශීලකයින් මේ සයිබර් අවකාශය තුළ සිදුකරන සයිබර් අපරාධ වලට වක්‍රාකාරව උල්පන්දම් දෙන පිරිසක් කිව්වොත් නිවැරදියි.

මෙවන් විවිධාකර වූ අපරාධ හමුවේ කෝචි සයිබර් අපරාධ අංශයේ නිලධාරින් සිදුකළ සැබෑ විමර්ශනයන්ගේ ප්‍රතිනිර්මාණයක් වන Operation Java සිනමා නිර්මාණය අද වන විට IMDb දර්ශකයේ 8.3/10 ක් වගේම 96% ඉහල ගූගල් පරිශීලක මනාපයත්, ඉහල ප්‍රේක්ෂක මනාපය වගේම ධනාත්මක විචාරක ප්‍රතිචාරයත් හිමිකර ගන්න සමත් වෙලා තියෙනවා.

විචාරක වෙබ් අඩවි වලින් හිමිවූ ප්‍රතිචාරයන් කිහිපයක්.

2021 පෙබරවාරි 12 වෙනි දින කොවිඩ් වසංගත තත්වය නිසා පැනවුන සෞඛ්‍යය නිර්ණායක වලට අනුකූලව සිනමා ශාලා 100 ක ප්‍රදර්ශනය ආරම්භ කරපු මෙම සිනමාපටය සඳහා ලැබුණු සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් නිසා කේරළයේ සිනමා ශාලා 150 දක්වා ප්‍රදර්ශනය පුළුල් කෙරුණා. ඒ වගේම කේරළය තුළ හිමිවූ සාර්ථකත්වය නිසා GCC (Gulf Cooperation Council) හරහා මැදපෙරදිග සිනමා ශාලා 44 ක Operation Java 2021 සිනමාපටය තිර ගත කිරීමටද අවස්ථාව හිමි උනා. ‌ඒ වගේම ‌සයිබර් අපරාධ විමර්ශන නිලධාරින්ට හා ඔවුන්ගේ පවුලේ අයටද විශේෂ දර්ශන වාරයක් පවත්වා සිනමා නිර්මාණය රස විඳීමේ අවස්ථාවක් මෙහි නිර්මාණකරුවන් ලබා දී තිබුණා.

Tharun Moorthy කියන්නේ මේ Operation Java කියන අති සාර්ථක සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා වගේම තිර රචකයා. ඔහු පරිගණක විද්‍යා හා ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයෙක්. ඔහු විසින් තිර රචනය කළ කෙටි චිත්‍රපටයක් නැරඹීමෙන් පසුව John Paul Puthusery විසින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අදහස ඔහුට ලබා දී තිබෙනවා. ඉන් අනතුරුව Tharun විසින් 2015 – 2017 කාලය අතරතුර Kochi සයිබර් අපරාධ අංශය විමර්ශනය සිදුකළ සැබෑ අපරාධ ආශ්‍රයෙන් Operation Java සිනමා නිර්මාණ කාර්යය සිදුකර තිබෙනවා. මිනිත්තු 146 ක කාලයක් ප්‍රේක්ෂක ඔබට වෙනස්ම අත්දැකීමක් ලබා දෙන Operation Java වෙනුවෙන් Balu Varghese, Lukman, Binu Pappu, Irshad, Prasanth Alexander, Shine Tom Chacko, Vinayakan වගේම Mathew Thomas ඇතුළු විශාල පිරිසක් රංගන දායකත්වය ලබා දීලා තියෙනවා.

මේ කතාව ගැන කියනවා නම්, BTech උපාධිදාරින් වන ඇන්ටනී (Balu Varghese) විනයදාසන් (Lukman) ජීවත් වෙන්නේ කෝචි නගරයේ. රැකියා විරහිත නමුත් දක්ෂ තරුණයින් දෙන්නෙක්. මොවුන් රැකියා විරහිත භාවය, මුදල් අගහිඟකම් නිසා මුහුණපාන ආර්ථික ගැටළු වලට වගේම තමන්ගේ නිවසින් වගේම අවට සමාජයෙන් එල්ලවෙන පීඩනයෙන් බොහෝ දුෂ්කර ජීවිතයක් ගෙවන තරුණයින් දෙදෙනෙක්.

Premam චිත්‍රපටිය ප්‍රදර්ශනයට පෙර අන්තර්ජාලයට නිකුත් වූ පිටපතක් සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන කෝචි සයිබර් අපරාධ අංශය, ඇන්ටනී හා විනයදාසන්ගේ සහය ඇතිව එම අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීම සමත් වෙනවා. මෙම විමර්ශනයෙන් අනතුරුව සයිබර් අපරාධ විමර්ශන අංශයට පුහුණ නිලධාරින් ලෙස තාවකාලික රැකියා අවස්ථාවක් ඇන්ටනීට හා විනයදාසන්ට හිමිවෙනවා. ඉන් අනතුරුව මේ දෙන්නා‌ගේ හීන, බලාපොරොත්තු ඉෂ්ඨ වෙයිද? සයිබර් අපරාධ අංශය ඇන්ටනී, විනයදාසන්ගේ උදව්වෙන් මොන වගේ විමර්ශනයන් සිදු කරයිද කියලා Operation Java බලලම දැන ගමු.

තවත් සිංහල උපසිරැසියකින් හමුවෙමු. සුබ දවසක් වේවා!

(අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු භාවිතයෙන් ලිපිය සකස් කරන ලදී)

https://en.wikipedia.org/wiki/Gatham

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  HD/WEB පිටපත් සඳහා අදාළ වේ.

15,943 downloadsDownload Operation-Java-2021-Updated-Subtitle.zip89 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

15,943 downloadsDownload Subtitles89 KB

89 comments

  1. dananjaya

    හී මන් මුලින්ම තෑන්ක්ස්

  2. dananjaya

    හප්පට 50 නේ සුභ පැතුම් ඉක්මනට100 කරමු

  3. Deshan

    අඩේහ් මේක නම් දෙනකන් බලන් හිටියේ
    මුලින්ම බයිස්කෝප් එකෙන් ලැබුනු එකත් වටිනෝ
    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී....
    ඒ වගේම ඔයාගේ පලමු කඩයිමටත් සුබපැතුම්!!!
    කිසිම ලාබ අපේක්ෂාවක් නැතිව ඔයාල මේ කරන දෙයට ගොඩක් පිං කියල තමයි කියන්න වෙන්නේ
    ජය වේවා!!!

  4. සිසිල ප්‍රසාද්

    පනස්වෙනි උපසිරැසි ගැන්වීම වෙනුවෙන් සහ පලවෙනි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා අක්කෙ!
    ඉන්දියානු සිනමාව පැත්තෙන්, විශේෂයෙන්ම මලයාලම් සිනමාව පැත්තෙන් සයිට් එකේ බර කරට අරගෙන යන දැවැන්තම චරිතයක් විදියට අක්කව අවිවාදයෙන්ම හඳුන්වන්න පුළුවන්. අලුතින් එන ෆිල්ම් එකක් ගානේ "සබ් එකක් කරමුද" කියලා අහ අහ මං දීපු වධයත් ඉවසගෙන, පුළුවන් උපරිමයෙන් ඒ හැම උපසිරැසියකටම සාධාරණයක් ඉෂ්ඨ කිරීම ගැන බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම, විශේෂයෙන්ම කියන්න ඕනෙ උපසිරැසි වල නිරවද්‍යතාවය ගැන. සයිට් එකට එකතු වෙච්ච මුල්ම දවස් වල අක්කා මාත් එක්ක කිව්ව දෙයක් තමයි, උපසිරැසියක් නිර්මාණය කරලා, ඒ උපසිරැසියේ අඩුපාඩු, අක්ෂර දෝෂ තියෙනවද කියලා නැවත වතාවක් පරීක්ෂා කරනවා කිව්ව එක. අඩුපාඩුත් එක්ක උපසිරැසියක් දුන්නොත් හිතට හරි නැහැ කිව්වා. ඒ වචන ටික මගේ හිතට තදින්ම දැනිච්ච දෙයක්. ඇත්තටම අපි අතින් පවා බොහොම කලාතුරකින් සිද්ධවෙන ඒ වගේ දෙයක්, පුරුද්දක් වශයෙන් කරගෙන යන උපසිරැසිකාරිණියක් ලැබිම වෙබ් අඩවිය පැත්තෙන් වගේම ප්‍රේක්ෂක හැමෝගෙන වාසනාවක් විදියට තමයි මං දකින්නෙ. අවසාන වශයෙන් මෙච්චරයි කියන්න තියෙන්නෙ. ඔබ බයිස්කෝප් වෙබ් අඩවියට ආභරණයක්. ඉමිටේෂන් නෙමෙයි, රත්‍රං! ඒ ආභරණයට තව දීර්ඝ කාලයක් බයිස්කෝප් නාමය බබලවන්න හැකියාව, ශක්තිය, ධෛර්‍යය ලැබේවා කියන ගමන්ම, ඔබගේ සියළුම කරන කියන වැඩ කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සියවෙනි උපසිරැසියෙන් හම්බෙමු. ජය!

  5. Kantha_DLA

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Pasindu Madumal

    50* වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් අක්කේ.
    ඉස්සහරටත් යමු ඔහොම, 100 කඩයිමේදී ආයෙම හම්බවෙමු එහෙනම්..!
    ස්තූතියි සබට ❤

  7. එල්.සී. දමැල්

    50වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් රේණුකා අක්කේ :)
    තව 50කුත් මේ වගේම විවිධත්වයෙන් යුතු උපසිරසි නිර්මාණ අරගෙන එන්න. ❤
    දිගටම උපරිසරකරණයේ නිරත වන්නටත් අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
    ජය ✌

  8. රොෂාන් ශමීර ජයසිංහ

    සිංහල උපසිරසි නිර්මාණකරුවෙක්ගේ පළවෙනි කඩඉම නැත්නම් පනස් වෙනි සිංහල උපසිරසියට මගේ උණුසුම් සුබ පැතුම්..
    තව තවත් ඉදිරියට උපසිරසිකරණයේ යෙදෙන්න අවැසි කාලය, ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවායි පතනවා.
    ~ ජය වේවා ~

  9. Nethini123

    "මලයාලම් සිංහල උපසිරැසවල නූතන අධිපතිනිය"
    මං එහෙමයි අක්කව හඳුන්වන්න කැමති :-D :-D :-D

    සාමාන්‍ය චිත්‍රපට වගේ නෙවෙයි, ලොකු හයිප් එකක් තියෙන, හැමෝම බලාගන්න ඉන්න, උණු උණුවෙම එන චිත්‍රපටවලට උපසිරැස කරනවා කියන්නේ හරිම අමාරු වැඩක්. දවස් ගාණන් අරන් හිමි හිමීට කරන්න බෑ. තමන්ගේ පෞද්ගලික වැඩ පැත්තකින් තියලා ඒ වෙනුවෙන් ම කැප වෙන්න ඕනේ. ඒ කා එක්කවත් තරඟ කරන්න නෙවෙයි, බයිස්කෝප් වෙබ්සයිට් එකට ඇවිල්ලා refresh කර කර තමන් ආස කරන චිත්‍රපටය දාල ද කියලා බලන ප්‍රේක්ෂකයෝ වෙනුවෙන්. ඉතින් අක්කේ... බොහොම පිං මේ කරන කර්තව්‍යයට.

    මං දන්න තරමින් අක්කා කරපු උපසිරැස බහුතරය මලයාලම්. මලයාලම් වෙනුවෙන් බයිස්කෝප්  අඩවියේ ඉන්නෙත් බොහොම සුළු නිර්මාණකරුවන් පිරිසක්. එයිනුත් අඛණ්ඩව උපසිරැස දෙන කෙනෙක් තමයි සුභාෂිණි අක්කා. නැවත වාරයක් ස්තූතියි ඒ වෙනුවෙන්.

    එහෙනම් දිගින් දිගටම අපිට උපසිරැස ලබාදෙන්න ධෛර්යය ශක්තිය ලැබේවා!!!

    100** වෙනි කඩ ඉමටත් මේ අවුරුද්දෙම යමු.... :-D

  10. Nishmi

    සුභ පැතුම් 50 වැනි සබ් එකට.දවස් ගානක් තිස්සේ හොයලා හොයලා ආද කොහොම හරි බාගත්තා. ෆිල්ම් එක ඩවුන් ලෝඩ් කරලා සතියක් විතර ඇති. බොහොම ස්තුතියි

  11. Sohan Jayasooriya

    මං ඒත් මැසේජ් එකක් දාලා අහන්න ඉදියෙ හාෆ් සෙන්චරිය දෙන්නෙ කවදද කියලා.. ඒ පාර දෙනකම් බලන් ඉඳපු ෆිල්ම් එකකින්ම අක්කා 50 ගහලා තියෙන්නේ..සබ් එකට ගොඩක් ස්තූතියි අක්කේ.. ඒ වගේම හදවතින්ම සුබ පතනවා පලමු කඩඉමට.. මලයාලම් චිත්‍රපටි ගොඩක් බලලා නැති උනත් අක්කා සබ් කරපු මලයාලම් ෆිල්ම් බලලා තියෙනව.. හරිම රහට අක්කා සබ් කරනවා.. මාවත් මතක් කලාට ස්තූතියි.. ඔහොම්ම අනිත් කඩඉම් වලට යන්නත් ඕනි කරන කාලය, ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ජය වේවා..

  12. -චානක ඉඳුනිල්-

    පලමු කඩයිමට හදවතින්ම සුබ පතනවා අක්කේ!
    අක්කගෙ අබ් වලින්නම් සෑහෙන්න ෆිල්ම් බලලා ඇති,
    මීලඟ කඩයිමටත් ඉක්මනින්ම ලඟාවෙන්න සුභ ප්‍රාර්ථනා කරනවා!
    ඉදිරි කටයුතු සාර්ථක වේවා!

  13. malith madhushan

    උණුසුම් සුභ පැතුම් සුභාෂිණි අක්කේ පලවෙනි කඩයිමට. ඔයාගේ ෆිල්ම් එකක් නම් අනිවා බලනවා. 100 ඉක්මනටම ගහන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා

  14. මයුර

    හම්මේ 50 ගහලා නේද? දැනුයි දැක්කෙත්. සයිට් එකෙන් හම්බවුණු තවත් ලෙන්ගතුම සහෝදරියක්. නම දැක්කම චිත්‍රපටිය මොක වුණත් උපසිරැසිය අරන් චිත්‍රපටිය බලන්න හිතෙන තරමට ඒ රසඥතාවය සහ ගුණාත්මකබව ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ වගේම මලයාලම් සෙක්ෂන් එකට කරන මෙහෙයත් අති විශාලයි. ඉතින් මෙතනින් නොනැවතී තවත් කඩඉම් ගණනාවක් පහු කරන්න ලැබේව කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කට. පුද්ගලික ජීවිතේ වැඩ කටයුතුත් සාර්ථක වේවා.

  15. සරා (නාඩගම්කාරයෝ)

    පිං කියන්නේ ඉතින් ආයේ හම්මෝහ්හ් පිංං....

  16. Kushan

    Sub akta thanks
    Congrats for 50th sub

  17. MTR Tharindu Rukshan Perera

    මුලින්ම පනස් වෙනි උපසිරැසි නිර්මාණයට එහෙමත් නැතිනම් සිංහල උපසිරැසිකරණයෙ පලමු වෙනි කඩඉමට මගේ උණුසුම් සුභ පැතුම්! බයිස්කෝප් සිංහලෙන් අඩවියේ දැන හැඳිනගත් තවත් සොයුරියක්.! ඒවගේම තමන් භාරගන්නා කාර්ය්‍ය නොපිරිහෙලා සිදුකරන බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සිටින කාර්‍යශූර්ය උපසිරැසිකාරිණියක් ලෙසත් අඳුන්වන්නට පුලුවන් මාවත් මතක් කරාට බොහෝමයක් ස්තුතියි! තමන්ගේ වටිනා කාලය කැපකර අන් අයගේ සිනමා රසාස්වාදය වෙනුවෙන් සිදුකරනා මෙහෙවර නිසා ඔබගේ අනාගතය සාර්ථකම වේවා!

  18. Anonymous

    තැන්කූ වේවා

  19. හේමන්ත

    ස්තුතියි රේණුකා...
    ඒ වගේම සුභ පැතුම් - 50ට.
    50ම අපි වෙනුවෙන්.
    ස්තුතියි.

  20. Neo

    Thanks sister
    Keep it up

  21. Rahal

    සිංහල උපසිරැසිකරණයෙ පලමු කඩඉමට උණුසුම් සුභ පැතුම් ! ජයෙන් ජය !!!

  22. Ram

    Kala(malayalam-2021) sub plzzz
    also thanks for this sub

  23. Anonymous

    Thanks sister

  24. Idunil Weerasinghe

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
    50 වන උපසිරසියටත් සුබපැතුම්

  25. oshanda

    සුභ පැතුම් සහෝදරිය ...දිගටම සබ් දෙමු

  26. Samith

    Thanks sister
    Congrats for 50th sub
    Keep going

  27. Rajitha

    උපසිරසියට බොහොම තුති සහෝදරී
    කඩයිමට උනුසුම් සුබපැතුම්
    තව තවත් මලයාලම් ෆිල්ම් දෙමු

  28. Gayan Chathuranga

    උපසිරසියට බොහොම ස්තූතියි.
    50වන නිර්මාණය වෙනුවෙන් සුබ පතනවා.

  29. Anonymous

    malayalam rajina subashini thanks

  30. මයිකි

    Thanks dear සබ් එකට. සුබ පතනවා තව තව හොද ෆිල්ම් වලට සබ් කරන්න කියලා.

  31. නලින් පෙරේරා

    මුලින්ම 50ස් වෙනි කඩඉමට සුභ පැතුම් නංගි. නංගිගේ මිට පෙර පලවෙච්ච උපසිරැසි කිහිපයක්ම මම බලලා තියනවා. අපේ උපසිරැසි කණ්ඩායමට ලැබුණ තවත් වටිනා මැණිකක් තමයි නංගි ඔයා. 100 වෙනි කඩයිමත් ඉක්මනින්ම පහු කරන්න ලැබෙන්න කියලා මම පතනවා. ඉදිරි කටයුතුත් සාර්ථක වේවා, ජය වේවා!

  32. isuru srinath sjs

    මුලින්ම පලවෙනි කඩයිමට, එහෙම නැතිනම් 50ස් වෙනි සිංහල උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුබ පතනවා අක්කෙ...
    අනික දීලා තියෙන්නෙත් මේ අවුරුද්දේ දැනට මලයාලම් වලින් හොදම ප්‍රතිචාර ලබපු ත්‍රාසජනක චිත්‍රපටයක්.. ආයේ කියන්න දෙයක් නෑ.දැනුයි බලන්න හදන්නෙ..
    එහෙනම් බොහොම ස්තුතියි අක්කෙ සිංහල උපසිරැසියට... තව තවත් මේ වගේ උපසිරැසි නිර්මාණය කරන්න ශක්තිය, ධෛර්ය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා..
    ජය වේවා..!!

  33. Thiwanka

    උපසිරසියට බොහොම ස්තූතියි
    100 ත් ඉක්මනටම කරන්න ලැබේවා

  34. Nadeera

    ස්තුතියි අක්කෙ නියම වැඩක් ජයම වේවා..

  35. BeMax

    Thanx akki

  36. Gayan

    50 වැනි කඩයිම පසු කිරීම ගැන හදවතින්ම සුබ පතනවා! ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටු කරගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය!

  37. Lakshitha

    50ට උනුසුම් සුබපැතුම්
    මලයාලමේ තියන අමුතුම රහ අපිට කාවද්දපු අයගෙන් එක්කෙනෙක් ඔයත්
    දිගටම මලයාලමත් එක්කම ඉමු

  38. Anonymous

    Thnkz sister

  39. Anonymous

    sub ekata thank you very much

  40. Lahiru

    50වන නිර්මාණය වෙනුවෙන් සුබ පැතුම්!!!

  41. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට 50වෙනි සබ් එකට සුබ පැතුම්

  42. M.G

    උණුසුම් සුභ පැතුම් අක්කේ!

  43. මම ඉතින් අරෝෂ

    50 වෙනි සබ් එකට සුබ පැතුම් හා තව තවත් ඉදිරියට මෙවැනි නිර්මාණ වලට උපසිරසි ලබා දීමට හැකියාව ලැබෙවා.ඔබේ ජීවිතයත් සාර්ථක වේවා!!!

  44. Asanka

    සිංහල උපසිරසියට ස්තුතියි
    පලමු කඩයිමටත් සුබපැතුම්
    Kala මලයාලම් ෆිල්ම් එකත් ඔය ගැම්මටම දෙමු

  45. Anonymous

    thank You!

  46. Sheron

    Congrats for 50
    Thanks for this sub also

  47. Naveen

    මලයාලම් ත්‍රිලර් එකක් නම් අනිවා බෑමක් තමයි ඉතින්

  48. Sachi Herath

    Thank you ♥

  49. yasindu kawshan

    පට්ටයි මෙක.........................

    තැන්ක්ස් සබ් එකට .....

  50. නිර්මාල් විමුක්ති

    50 වෙනි කඩයිමට මගෙන් උණුසුම් සුබපැතුම් අක්කේ...
    මටත් පස්සේ බැඳිලා මටත් කලින් 50 ගහලනේ...
    ඔහොම්මම 100 ත් ගහමු ඉක්මනටම...

Load more comments