Hellboy: Sword of Storms (2006) Sinhala Subtitles යාලුවෝ හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා…! ඔන්න අද මම අරන් ආවේ මයික් මිග්නෝලාගේ සුප්‍රසිද්ධ ‘Hellboy‘ කොමික් පොත් පෙළ සහ 2004 වසරේ ආපු සජීවී ක්‍රියාදාම (Live-action) චිත්‍රපටය පාදක කරගෙන නිර්මාණය වුණු තවත් එක සුපිරි හෙල්බෝයි ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක…

යාලුවෝ හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා…! ඔන්න අද මම අරන් ආවේ මයික් මිග්නෝලාගේ සුප්‍රසිද්ධ ‘Hellboy‘ කොමික් පොත් පෙළ සහ 2004 වසරේ ආපු සජීවී ක්‍රියාදාම (Live-action) චිත්‍රපටය පාදක කරගෙන නිර්මාණය වුණු තවත් එක සුපිරි හෙල්බෝයි ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක 2006 වසරේදී තමයි මුලින්ම තිරගත වුණේ. මම මේකේ දෙවැනි ෆිල්ම් එක වෙන ‘Hellboy : Blood and Iron (2007)‘ එකට මීට කලින් සබ් දීලා තියෙනවා. හැබැයි ඒකයි මේකයි එකට සම්බන්ධ නැහැ.
මේ චිත්‍රපටය ඇනිමේට් කරලා තියෙන්නේ ප්‍රසිද්ධ Madhouse ආයතනය විසින්. ඒ වගේම Starz Media, Revolution Studios සහ Film Roman යන ආයතන එකතු වෙලා තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ කතාවට පාදක වෙලා තියෙන්නේ මුල් කොමික් පොත්වල එන ‘Right Hand of Doom‘ කියන කතා තේමාවයි.
විශේෂම දේ තමයි, මේ චිත්‍රපටය 59 වැනි Primetime Emmy සම්මාන උළෙලේදී “හොඳම ඇනිමේෂන් වැඩසටහන” (පැයකට වඩා වැඩි කාණ්ඩය යටතේ) සඳහා නිර්දේශ වෙන්නත් සමත් වුණා.
විචාරක ප්‍රතිචාර,
- IMDb අගය: 6.4/10
- Rotten Tomatoes: 56%
සිනමාපටයේ තොරතුරු,
- අධ්‍යක්ෂණය : Phil Weinstein
- කඬ කැවීමේ ප්‍රධාන නළු නිළියන් :

- Ron Perlman (හෙල්බෝයි)
- Doug Jones (ඒබ් සේපියන්)
- Selma Blair (ලිස් ෂර්මන්)
- වර්ගය : Animation | Action | Adventure
- ධාවන කාලය : පැය 1 මිනිත්තු 17
කතාව ගැන පොඩ්ඩක්:

ජපානයේ ඉපැරණි ජනප්‍රවාදවල එන අද්භූත යක්ෂයන් සහ මකරුන් පිරිසක් නැවත අවදි වීමත් සමඟ ලෝකයට ලොකු තර්ජනයක් එල්ල වෙනවා. මේ ප්‍රශ්නය විසඳන්න හෙල්බෝයිට ජපානයට යන්න සිද්ධ වෙනවා. එතනදී හෙල්බෝයිට අහම්බෙන් හමුවෙන “කුණාටු කඩුව” (Sword of Storms) හරහා ඔහුට අමුතුම මායා ලෝකයකට යන්න සිද්ධ වෙනවා. ඉතිං එතැන් පටන් සිද්ධ වෙන දේ මේ ඇනිමේෂන් එක බලලම දැනගන්න පුළුවන්.
නරඹන්නන්ගේ අවධානයට:
මේ ෆිල්ම් එක වර්ග කරලා තියෙන්නේ PG (Parental Guidance) යටතේ. ඒ කියන්නේ මේකේ තියෙන සමහර දර්ශන පොඩි ළමයින්ට තනිවම බලන්න එච්චර ගැලපෙන්නේ නැහැ. ඒ නිසා පොඩි අය ඉන්නවා නම්, දෙමාපියන් හරි වැඩිහිටියෙක් හරි එක්කම මේක බලන්න කියලා මතක් කරනවා.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා!
Hellboy: Sword of Storms (2006) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.
404 downloadsDownload Hellboy-Animated-Sword-of-Storms-2006.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Hellboy: Sword of Storms Sinhala SubtitlesSubtitles by
නිශාන් සමීර
Subtitles
- #Editor's Pick
- #Hellboy: Blood and Iron (2007) Sinhala Sub
- #Hellboy: Blood and Iron (2007) Sinhala Subtitles
- #Hellboy: Blood and Iron Sinhala Sub
- #Hellboy: Blood and Iron Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Anonymous
Buddhika laKMal
සබ්එකට තෑන්ක්ස් මචං
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Guys! Dexter series sinhala sub