ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියන්ට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුුද්දක් වේවා! සැලකිය යුතු කාලයකින් අද මම මේ පැත්තට ආවේ අපි කවුරුත් ගොඩක් කාලෙක ඉඳන් නොඉවසිල්ලෙන් බලන් හිටපු, ඒත් නොහිතපු විදිහට අන්තර්ජාලයට ලීක් වෙලා මුළු සිනමා ලෝකයම හෙල්ලුව සුපිරිම…

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියන්ට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුුද්දක් වේවා! සැලකිය යුතු කාලයකින් අද මම මේ පැත්තට ආවේ අපි කවුරුත් ගොඩක් කාලෙක ඉඳන් නොඉවසිල්ලෙන් බලන් හිටපු, ඒත් නොහිතපු විදිහට අන්තර්ජාලයට ලීක් වෙලා මුළු සිනමා ලෝකයම හෙල්ලුව සුපිරිම දමිළ චිත්‍රපටයක් ගැන කතා කරන්නයි. ඒ තමයි තලපති විජේගේ සිනමා දිවියේ අවසන් චිත්‍රපටය විදිහට සැලකෙන “ජන නායගන්” එහෙමත් නැත්නම් ජන නායකයා. ගොඩක් අය මේක එනකන් ඇඟිලි ගනිමින් හිටියේ, මොකද මේක නිකම්ම නිකන් චිත්‍රපටයක් නෙවෙයි, දේශපාලනයට පිවිසෙන්න කලින් විජය තමන්ගේ ප්‍රේක්ෂකයන්ට දෙන අවසාන සිනමා තිළිණය නිසාවෙන්. ක්‍රියාදාම, ත්‍රාසය වගේම හැඟීම්බර දර්ශන වලින් පිරුණු මේ චිත්‍රපටිය, විජයගේ සිනමා ගමනට දෙන සාර්ථකම සමුගැනීමක් විදිහට හඳුන්වන්න පුළුවන් බව විජයගේ රසිකයින් මෙන්ම විචාරකයින් පවා සඳහන් කර තිබෙනවා.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප්‍රවීණ දමිළ සිනමා අධ්‍යක්ෂක එච් විනෝත් විසින්. ඒ වගේම කේ වී එන් ප්‍රඩක්ෂන්ස් වෙනුවෙන් වෙන්කට් කේ. නාරයන තමයි මෙහි නිෂ්පාදන කටයුතු සිදු කරලා තියෙන්නේ. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ තලපති විජේ. ඔහුට අමතරව පූජා හෙග්ඩේ, බොබී ඩියෝල්, මමිතා බයිජු, ප්‍රකාශ් රාජ් සහ ගෞතම් වාසුදේව් මෙනන් වගේ දැවැන්ත නළු නිළි පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා. තව ලෝකේෂ් කනගරාජ්ගේ, ඇට්ලි කුමාර්, නෙල්සන් දිලිප් කුමාර් වැනි දමිළ සිනමා අධ්‍යක්‍ෂකවරුන්ගේ සුවිශේෂී ආරාධිත රංගනයකුත් මේකෙ තියෙනවා කිව්වොත් ඔයාලා තවත් පුදුම වේවි. මේ චිත්‍රපටය 2026 ජනවාරි මාසේ 09 දින නිකුත් වෙන්න තිබුණත්, ඉන්දීය සිනමා රැඟුම් පාලක මණ්ඩලයේ යම් යම් ගැටළු නිසා තිරගතවීම ප්‍රමාද වෙලා තිබ්බ මේ සිනමාපටය සම්පූර්ණයෙන්ම අප්‍රේල්10 දින අන්තර්ජාලයට ලීක් වුණා. මේ වෙනකොටත් අන්තර්ජාලය පුරාම වගේම IMDb දර්ශකයේ පවා ප්‍රේක්ෂකයන් මේ වෙනුවෙන් දක්වන ඉහළ ප්‍රතිචාර දැක්කම මේක කොයි තරම් දුරට මිනිස්සුන්ගේ හදවත් දිනාගෙන තියෙනවාද කියලා හොඳටම පැහැදිලි වෙනවා.
කතාව පැත්තට හැරුණොත්, චිත්‍රපටය ආරම්භ වෙන්නේ 2026 මැතිවරණ දිනයෙන්. මුළු තමිල්නාඩුව පුරාම මැතිවරණ උණුසුම පැතිරිලා තියෙන වෙලාවක, පාපම්පට්ටි කියන ගමේ ජනතාව කුල ගැටළුවක් නිසා තුන්වෙනි වතාවටත් මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරනවා. මේ දේශපාලනික පසුබිම යටතේ හිටපු පොලිස් නිලධාරියාගේ අතීතය වර්තමානයත් එක්ක ගැටෙන්නේ. ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙකුයි, බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන කෙනෙකුයි අතර තියෙන දරුණු මතවාදීමය ගැටුමක් තමයි මේකෙන් නිරූපණය කරලා තියෙන්නේ. පුංචි ගැහැණු දරුවෙකුගේ නිහඬ බියක් නිසා, අතීතයේ වළලා දාපු රහස් එළියට ඇවිත්, පෞද්ගලික පළිගැනීමකට වඩා එහා ගිය ලොකු සටනකට මේ හිටපු පොලිස් නිලධාරියාව ඇදලා දානවා.මේ චිත්‍රපටයේ අන්තර්ගතය තුල ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති බලය සහ වටිනාකම මනාවට පැහැදිලි කර දීම ඉන්දියාවට පමණක් නොව අපේ රටට පවා ප්‍රබල සමාජීය පණිවිඩයක් ලබාදෙනවා. කතාවේ අවසානයට මොකද වෙන්නේ, බලය සහ සාධාරණත්වය අතර සටනින් කවුරු දිනයිද කියලා මම මෙතන කියන්න යන්නේ නැහැ, මොකද ඒක ඔයාලම බලලා තීරණය කරන්න ඕනේ දෙයක්.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ,මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වූ දා පටන් නොයෙකුත් ආකාරයේ විචාරයන් පලවුනා දේශපාලන ප්‍රචාරණ කටයුතු වෙනුවෙන්ම හදපු චිත්‍රපටයක්! ආදි වශයෙන්, ශ්‍රීලංකාවේ පවා එහෙම විචරයන් පලවුන බව ඔබත් දන්නවා ඇති. උඩ ඡේදයේ සඳහන් කරලා තියෙනවා වගේ ප්‍රජාතන්ත්‍රවාදය තුල තිබෙන අපරිමිත බලය ඡන්දදායකයකු හට ඇති හැකියාවන් නිසි ලෙස තමන්ගේ වටිනා ඡන්දය ප්‍රකාශ නොකර සිටිමෙන් ඇතිවන විපාක ගැනත් මේ චිත්‍රපටයෙන් පැහැදිකරලා තියෙනවා. ඕනම චිත්‍රපටයක තිබෙන තාත්වික නොවන දෑ ගැන නොහිතා සැබෑවට සිදුවෙන දේවල් තෝරලා බේරලා අරගෙන එයින් යමක් මනසට ගැනීමට ඉතා වටින බවයි මගේ අදහස. බහුතරයක් චිත්‍රපටි මන:කල්පිත කතා ඒවගේ තිබෙන සිදුවීම් සැබෑ ලෝකයේ සිදුනොවෙන දේවල්, නමුත් අපි ඒ සියල්ල දැනගෙන චිත්‍රපට රසවිඳිනවා. ඒ විදියටම මෙයත් රසවිඳලා මේ මඟින් ලබාදෙන සමාජ පණිවිඩය ගැන අවදානය යොමුකිරිම වැදගත් වෙන්නේ එසේ නම් මෙයත් කිසිම විදිහකින් මගහැරගන්න හොඳ නැති සුපිරිම ඝනයේ සිනමා සිත්තමක් විදියට හඳුන්වා දීමට හැකි බවද මතක් කරමින් විජයගේ වෙනදා වගේම ඇඟ කිලිපොලා යන රංගනයත්, එච් විනෝත් ගේ විශිෂ්ට අධ්‍යක්ෂණයත්, ඒ වගේම අනිරුද්ගේ සංගීතයත් එක්ක මේ චිත්‍රපටය ඔයාලව වෙනමම ලෝකෙකට අරගෙන යාවි. ඉතින් ඉක්මනින්ම සිංහල උපසිරැසියත් බයිස්කෝප් අඩවියෙන් අරගෙන බලන්න කියලා ආරාධනා කරනින් ගමන්. වෙනදා වගේම තවත් මේ වගේ ලස්සන චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැසි අරගෙන එන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි!
![]()
![]()
![]()
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි WEB-LEAK පිටපත් සඳහා පමණක් අදාළ වේ.
10,089 downloadsDownload Jana-Nayagan-2026.zip70 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
6 comments
Buddhika laKMal
සතීෂ් නවෝද
බොහොම ස්තූති අයියේ සබ් එකට
OIC මුකුණුවැන්න
ආපෝ මෝඩ තලපතා. මූ හොදයි ගංජා හේනක දවස් පඩියට වැඩ කරන්න යවන්න. කෝම උනත් ඔයා මහන්සි වෙල කරපු සබ් එකක් නේ. ඉතිං ඒකට රෙස්පෙක්ට්
Tharidu Sagara Sadalu
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤kanishka
aa
Lahiru Bandara
Brother. thanks for the sub. True Web DLs are now released. can u update the sub please.
Advertisement
![ජන නායගන් (2026) Sinhala Subtitles | ප්‍රජාතන්ත්‍රවාදය තුල ඇති බලය. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/04/jana-Nayagan-2026-2.jpg)
ස්තූතියි තරිදු අයියේ මේකට සබ් දුන්නට