Watch Trailer

Hellboy: The Crooked Man (2024) Sinhala Subtitles | හෙල්බෝයි සහ වකුටු මිනිසා [සිංහල උපසිරැසි]

Hellboy the Crooked Man (2023) Sinhala Subtitles කොහොමද හැමෝටම, ඔන්න මම මේ පාර ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ ගොඩ දෙනෙක් ආස කරන චරිතයක් වටා ගෙතුණු සිනමාපටයක්.ඒ තමයි මේ වසරේ ප්‍රදර්ශනය වුනු “Hellboy The Crooked Man ” සිනමාපටය. Hellboy කියුවම ඇත්තටම නොදන්න කෙනෙක් නැති තරම්.අපේ කුඩා කාලෙත් අපි ආසාවෙන් නරඹපු…

Hellboy the Crooked Man (2023) Sinhala Subtitles

කොහොමද හැමෝටම, ඔන්න මම මේ පාර ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ ගොඩ දෙනෙක් ආස කරන චරිතයක් වටා ගෙතුණු සිනමාපටයක්.ඒ තමයි මේ වසරේ ප්‍රදර්ශනය වුනු “Hellboy The Crooked Man ” සිනමාපටය. Hellboy කියුවම ඇත්තටම නොදන්න කෙනෙක් නැති තරම්.අපේ කුඩා කාලෙත් අපි ආසාවෙන් නරඹපු සිනමාපට මාලාවක් තමා Hellboy කියන්නෙ.මතක ඇතිනම් මීට කලින් ” Hellboy ( 2004 ) වගේම ” Hellboy 2 Golden Army ( 2008 ) විදියට සිනමාපට දෙකක් තිරගතවුනා.මම හිතන්නෙ මේ සීරිස් එකේ ජනප්‍රියතම සිනමාපට දෙක තමා ඒ.ඒ වගේම ගොඩ දෙනෙක්ගෙ ආදරය දිනා ගත් සිනමාපට දෙකත් ඒ දෙක කියුවත් වරදක් නෑ.

ඒ වගේම මේ Hellboy කියන චරිතය මුලින්ම ලොකු කුඩා කව්රුත් අදුර ගත්තෙ Comic Book චරිතයක් විදියට. ඒ Mike Mignola චිත්‍ර කතා ඇසුරින්.ඇත්තටම ඔහු තමයි මුලින්ම තමන්ගෙ චිත්‍ර කතා ඔස්සෙ මේ චරිතය ජීවමාන කලේ.

(Hellboy චිත්‍රකතා නිර්මාතෘ Mike Mignola)

ඉතිං මේ වසරේ නිර්මාණය වුන Hellboy: The Crooked Man සිනමාපටයට පාදක වෙන්නෙත් ඔහුගේම Hellboy: The Crooked Man and Others නමින් ලියවුනු චිත්‍රකතාව.

(සිනමාපටයට පාදකවූ චිත්‍රකතාව)

හොදයි මේ චිත්‍රපටය ඇවිල්ලා Horror/ Action යන කාණ්ඩයට තමයි අයිති වෙන්නෙ.ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Brian Taylor විසින්. මිනිත්තු 99 ක් පුරා දිවෙන මේ සිනමාපටයේ Hellboy විදියට පණ දෙන්නෙ Jack Kesy විසින්.ඔහුට අමතරව Adeline Rudolph, Leah McNamara, Jefferson White සහ Joseph Marcell රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම Imdb දර්ශකයේ ලකුණු 4.5/10 කුත්, Rotten Tomatoes දර්ශකයේ ලකුණු 37% කුත් ලබා ගන්න මේ සිනමාපටයට හැකිවෙලා තියෙනවා.

හොදයි කතාව පැත්තට ටිකක් හැරුණොත් මේකට පාදක වෙන්නෙ හෙල්බෝයි එක්ක ඇගේ සහයිකාව බොබී ක්ෂේත්‍ර චාරිකාවක් යන අතරතුර මුහුණ දෙන්න වෙන අනපේක්ෂිත සිදුවීම් දාමයක් වටා.ඉතිං හෙල්බෝයිට වගේම ඔහුගෙ සහයිකාව වෙන බොබීට මොනවගේ දේකට මුහුණ දෙන්න සිද්ධවෙනවද කියලා දැකබලා ගන්න ඔයාලට මේ සිනමාපටය නරඹන්නම වෙනවා.එහෙනම් තවත් සිනමාපටයකින් ඔයාලව හමු වෙනකන් මම දැනට සමුගන්නම්.

ඔයාලා හැමෝටම සුභම සුභ දවසක් වේවා…………

Hellboy The Crooked Man (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දී ඇත

4,115 downloadsDownload Hellboy-The-Crooked-Man-2024-Sinhala-Subtitles-2.zip67 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු

Subtitles

4,115 downloadsDownload Subtitles67 KB

8 comments

  1. Buddhika laKMal

    ස්තූතියි සහෝ සබට

  2. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. Sahan Gayantha

    thanks a lot Kasun saho sub ekata

  4. Anonymous

    Thank you

  5. SUNI

    THANKS

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  7. chinthaka chathuranga

    thanks machan

  8. Shehan Harshana

    සබට ස්තූතියි සහෝ❣️