2020 දී ජපානේ කියෝතෝ වල, කියෝතෝ විශ්වවිද්‍යාලයයි පුද්ගලික ආයතනෙකුයි එකතුවෙලා කියෝතෝවල වෙන හැම සිදුවීමක්ම පටිගතකරන ව්‍යාපෘතියක් පටන් ගන්නවා. ඒක නමින් කිව්වොත් ඕල්ටල් කියල කියන්නේ. ඊට අවරුදු හතකට පස්සේ කියෝතෝ වල නඔමි කියල පිරිමි ළමයෙක් ජිවත් වෙනවා. නඔමි ගැන කිව්වොත් එයා ගොඩක් පොත් වලට කැමති ව් වගේම හ…
2020 දී ජපානේ කියෝතෝ වල, කියෝතෝ විශ්වවිද්‍යාලයයි පුද්ගලික ආයතනෙකුයි එකතුවෙලා කියෝතෝවල වෙන හැම සිදුවීමක්ම පටිගතකරන ව්‍යාපෘතියක් පටන් ගන්නවා. ඒක නමින් කිව්වොත් ඕල්ටල් කියල කියන්නේ. ඊට අවරුදු හතකට පස්සේ කියෝතෝ වල නඔමි කියල පිරිමි ළමයෙක් ජිවත් වෙනවා. නඔමි ගැන කිව්වොත් එයා ගොඩක් පොත් වලට කැමති ව් වගේම හරිම ලජ්ජාශීලි ළමයෙක් ඒ නිසා එයාට වැඩිය යාළුවොත් නැහැ.
දවසක් එයාට අමුතුම සිදුවීමකට මුහුණ දෙන්න වෙනවා. නඔමි පුස්තකාලෙට ගිහින් එද්දී එයාගේ පොත් ටික කපුටෙක් උස්සගෙන යනවා. ඉතින් එයා පොත් ටික ගන්න නඔමි කපුටාගේ පස්සෙන් යනවා. කපුටා නඔමිව තැනකට එක්ක යනවා. එතැනදී එයාට එයාගේ අනාගත ස්වරුපය මුණ ගැහෙනවා. අනාගතෙන් ආපු නඔමි ගෙන් එයා දැනගන්නවා 2027 නඔමි ඉන්නේ අර ඕල්ටල් කියන පද්ධතිය ඇතුලේ කියල. ඒ විතරක් නෙවෙයි අනාගතේ නඔමි, 2027 නඔමිට ගෑනු ළමයෙක්ව යාලු කරගන්න උදව් කරනවා. ඇත්තටම අනාගතේ නඔමි, 2027 නඔමිගේ ජිවිතේ වෙනස් කරනවා. ඒත් එයා අන්තිමේදී බොහොම නරක දෙයක් දැනගන්නවා ඒ යාලු වෙච්ච ගෑනු ළමයා එක්ක එයා මල්වෙඩි බලන්න ගියපු දවසක අර ගෑනු ළමයා අකුණක් ගහල මැරෙන්න තියනවා කියල. 2027 නඔමි ඒක වලක්වන්න උපරිමයෙන්ම උත්සහ කරනවා. ඒත් නඔමි ගෑනු ලමයව බේරාගත්තත් ඊට පස්සේ තමයි නරකම දේ දැනගන්නේ පිටත ලෝකෙන් ආපු නඔමි හදන්නේ එයාගේ ලෝකේ ඉන්න අකුණ වැදුනු ගෑනු ළමයාව අවදි කරවන්න. ඇත්තටම පිටත ලෝකෙදි ඒ ගෑනු ළමයාගේ මොලේ මැරිලා කොමා එකක ඉන්නේ පිටත ලෝකෙන් ආව නඔමිට ඕන ඕල්ටල් ඒකෙ ඉන්න ගෑනු ළමයාගේ මනස පිටත ලෝකේ අර ගෑනු ලමයයි ශරීරය එක්ක සම්බන්ධ කරන්න. අන්තිමේදී එයා සාර්ථක වෙනවා. එයා ගෑනු ලමයව පිට ලෝකෙට ගෙනියනවා. මේ දේ නිසා ඕල්ටල් ඒකෙ දත්ත වලට හානි වෙනවා කොටින්ම කිව්වොත් අන්තිමේදී 2027 අව්රුද්ද ඕල්ටල් ඒකෙන් මකෙන්නම යනවා. මේක නිසා 2027 නඔමි ඕල්ටල් පද්ධතිය හරහා අනාගතේට යනවා. එහෙදි නඔමිට එයාගේ ගෑනු ළමයයි අනිත් නඔමිවයි මුණ ගැහෙනවා. මේ අතරේ එයාල දැනගන්නවා මේ අනාගතෙත් ඕල්ටල් එකේම ලියවිච්ච අනාගතයක් කියල. ඒ කියන්නේ ඉස්සර දත්ත වලට වෙච්ච හානිය මේ කාලෙටත් බලපානවා කියන එක. ඉතින් නඔමිලට තමන්ගේ ලෝක බේරගන්න කරන අරගලය ගැන කියවෙන ඇනිමේ චිත්‍රපටියක්.
මේ ඇනිමේ චිතපටිය ගැන කතා කලොත් මේක පැයයි මිනිත්තු 37 ධාවන කාලයක් තියන Sci-Fi ගණයට අයිති වෙන Sci-Fi වලට කැමති අයට අසාවෙන් බලන්න පුළුවන් චිත්‍රපටියක්. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙනේ Boku dake ga Inai Machi ඇනිමේ ඒකෙ අධ්‍යක්ෂණය වගේම death note ඇනිමේ එකෙත් සහය අධ්‍යක්ෂකවරයෙක් විදියට කටයුතු කරපු ඉතෝ ටෝමොහිකෝ කියන අධ්‍යක්ෂකවරයා. ඒ වගේම මේ චිත්‍රපටය MyAnimelist දර්ශකයේ 7.8 වගේම IMDB දර්ශකයේ 6.9 වගේ අගයක් අරන් තියනවා.
ඉතින් අදට අවසරයි. තවත් මේ වගේ ඇනිමේ නිර්මාණයක් එක්ක ආයෙත් මුණගැහෙමු. යන්න කලින් කියන්න ඕන ළඟදීම RE:Zero ඇනිමේ එකෙන් මුණගැහෙමු කියල. එහෙනම් හැමෝටම සුබ දවසක්.
මේ ලෝකේ කිසි දෙයක් ඇත්ත නොවෙන්න පුළුවන් ඇත්ත අපි විසින්ම හොයාගත යුතුයි!

Due to copyright issues, we do not provide any torrent links..
ලබා දී ඇති උපසිරසියෙ BR පිටපත සදහා අදාළ වේ.
5,142 downloadsDownload Hello-World-2019.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවීෂ කල්‍යාණ
Subtitles
20 comments
Helili Hemamali
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Anonymous
Niyamai. I want to eat your pancreas anime ekatath sub denna
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Navodani Thilini Sasanika
නියමයි මල්ලි. මේක දෙනකන්මයි හිටියෙ. ඉක්මණට Re:ZERO ඕනෙ.
indika75
thanks..
chanu mikhail
thank u
Nilush Angana
Sub ekata thanx
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj Tharuka
niyamai broh..jaya wewa...!!!
Kavindu kalhara
ගොඩක් ස්තුතියි sub එකට....!❤️❤️
Kavindu kalhara
Whisker away 2020 එකටත් ඉක්මනට sub එක දෙන්න පුළුවන් ද? ලොකු උදව්වක්...! ❤️❤️
chanul2002
මම මුලින් හිතුවෙ මේක වැඩක් න කියල. ඒත් කමක් නෑ කියල දාගත්ත. බැලුවට පස්සෙඉ තේරුනෙ , මෙක නම් පට්ට මුලින් හිතුව දේ නෙමෙඉ අන්තිමටම ඉවර උනාම වෙල තියෙන්නෙ.
අනේ තවත් අලුත් anime එකක sub එකක් කරන්න......rashen nawod
me hello word film aka hoyaganne kohomada mata aka tiyena web page akaka namak wath denawada!!
ADITHYA
gogoanime.com
Pavith Wijesooriya
මේක ගොඩක් ලස්සන ඇනිමේ එකක්.නියමෙටම සබ් එක කරලා තියෙනවා.ගොඩක් ස්තූතියි අයියේ මේ ඇනිමේ එකටත් සබ් දුන්නට.ඉදිරියටත් මේ වගේ ඇනිමේ චිත්‍රපටි වලට සබ් දෙන්න.ජය වේවා!!! ❤️
Anonymous
hello mini 2019 sinhala sub onee plzzzzz
යසිරු
බොහොම ස්තුතියි Sub එකට❤️❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි මල්ලි!