Watch Trailer

Forensic (2020) Aka Forensic : The Science of a Crime Sinhala Subtitles | අපරාධයක විද්‍යාව [සිංහල උපසිරසි සමඟ]

වෙනදා මෙන්ම බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් ඉන්න රසික රසිකාවියො සියලුදෙනාට සිනමාපටයක් සඳහා නිකන්ම සිංහල උපසිරැසි ලබාදී යනවාට වඩා ඒ සිනමාපටයේ අන්තර්ගතයේ ඇති ප්‍රධාන මාතෘකාව ගැන යම් තරමක හෝ පැහැදිලි කිරීමක් ලබාදීමට බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායම නිරතුරුවම උත්සුක වෙනවා. ඒ වගේම සමහරක් අය පටලවාගෙන හිතාග…

වෙනදා මෙන්ම බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් ඉන්න රසික රසිකාවියො සියලුදෙනාට සිනමාපටයක් සඳහා නිකන්ම සිංහල උපසිරැසි ලබාදී යනවාට වඩා ඒ සිනමාපටයේ අන්තර්ගතයේ ඇති ප්‍රධාන මාතෘකාව ගැන යම් තරමක හෝ පැහැදිලි කිරීමක් ලබාදීමට බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායම නිරතුරුවම උත්සුක වෙනවා. ඒ වගේම සමහරක් අය පටලවාගෙන හිතාගෙන ඉන්න නිසාත්, මේ චිත්‍රපටියට කෙලින්ම ඇති සම්බන්ධය නිසාත් මේ අපි සූදානම් වන්නේ ඒවගේම දෙයක් ගැන සරලව කෙටි හැදින්වීමක් කර ඔබගේ දැනුමට යමක් එකතු කරන්නයි.

මොකක්ද මේ අධිකරණ වෛද්‍යය විද්‍යාව කියන්නේ.?

අප රටේ නම් අපරාධයක් සිදුවු පසු එය ඉතාමත් ව්‍යාකූල තත්වයේ එකක් නම් එම අපරාධ නඩුව විසඳීම සඳහා ඩිඑන්ඒ ( D.N.A – Deoxyribonucleic Acid ) ඇතුලුව අනිකුත් සාක්ෂි මතු කරගැනීමට විද්‍යාත්මක පරික්ෂණයක් කිරීමට අවශ්‍යනම් විනිසුරුවරයා විසින් එම අපරාධය සම්බන්ධව අධිකරණ වෛද්‍ය වාර්තාවක් ඉංග්‍රීසියෙන් කිවහොත් Forensic Report ( වෝහාරික වෛද්‍ය වාර්ථා) එකක් ලබාදෙන ලෙස නියෝග කර සිටින්නේ අධිකරණ වෛද්‍යවරයා නොහොත් J.M.O (Judicial Medical Officer) හටයි.

වෛද්‍ය ක්ෂේත්‍රයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව නමින් විෂයක් ඇත.එම වෝහාරික වෛද්‍යය විද්‍යාව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා.ඒ Clinical Forensic Medicine ( සායනික වෝහාරික වෛද්‍යය විද්‍යාව ) සහ Forensic pathology (අධිකරණ වෛද්‍ය ව්යාධිවේදය)ලෙසින් ඒ ප්‍රධාන කොටස් දෙක මොනවාද යන්න වෙන් වෙන් වශයෙන් විමසා බලමු.

Clinical Forensic Medicine (සායනික වෝහාරික වෛද්‍යය විද්‍යාව)
සායනික වෝහාරික වෛද්‍යය විද්‍යාව යනු යම් අපරාධයකට ගොදුරුවූවන් එනම් පහරකෑමකට ලක්වූ අය,දූෂණයට ලක්වු අය,අපයෝජනයට ලක්වුන දරුවන්,මත්ද්‍රව්‍ය පාවිච්කල අය, පහර දුන් සැකකරුවන්,ලිංගික අපයෝජනයන් කල සැකරුවන් වැනි නොයෙකුත් අපරාධයන්ට ගොදුරු වූ සහ ඒ ඒ අපරාධයන් වලට චෝදනා ලබා සිටින සැකකරුවන් හට සිදුකරන වෛද්‍ය පරික්ෂණයන් අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ සායනික වෝහාරික වෛද්‍යය විද්‍යාව යන කොටස යටතේ සිදුකරනවා.

Forensic pathology (අධිකරණ වෛද්‍ය ව්යාධිවේදය.)
මේ පිළිබඳව තවත් සවිස්තාරත්මකව සටහන් කලොත් ප්‍රධාන වශයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අයත් වන්නේ Forensic pathology කොටසටයි. ස්භාවික ලෙස මිය යාමක් නොවන මනුෂ්‍ය ඝාතනයක් වැනි අපරාධයකට ගොදුරුව මිය ගිය පුද්ගලයින්ගේ මෘතෘ ශරීරයන් හි බාහිර සහ අභ්‍යන්තර ඉන්ද්‍රියන් පරික්ෂාකර බැලීම හා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර නීතීයේ රැහැනට අසුනොවි සිටීමට සඟවා තබන ලද මළ සිරුරක් හෝ ශරීර කොටස් ගෙන වෝහාරික විද්‍යාවට අදාල වන විද්‍යාගාරයක සිදුකරන පරික්ෂණයන් අධිකරණ වෛද්‍ය ව්යාධිවේදය ලෙස හඳුන්වනවා.උදාහරණ ලෙස පුද්ගලයෙකු ගෙල සිරකොටගෙන සියදිවි හානි කරගෙන මියගොස් සිටිනම්. ඔහුගේ මළ සිරුර අභ්‍යන්තරය පරික්ෂා කිරීමේදි ඔහුව මරාදමා එල්ලුවේද ඔහු විසින්ම සියදිවි හානිකරගත්තේද යන්න සොයාගැනීම. දියේ ගිලීමෙන් මිය ගිය අයෙකුගේ මරණය සැක සහිත නම් ඔහුගේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රිියක් වන පෙනහළු පරික්ෂා කිරිමෙන් සැබැවින්ම දියේ ගිලීම නිසා මිය ගියේද? නැතිනම් ඝාතනය කර දියට දැමුවේද යන්න සොයාගැනීම ආදි කරුණු දැක්විය හැකියි.

දිරාගිය ශරීර කොටස් වල සහ මෘතෘ ශරිරයක වෝහාරික පරික්ෂණ කටයුතු සිදු කිරීම.

තව දුරටත් Forensic Science ගැන කතා කිරීමේදි අපරාධයට ගොදුරු වූ පුද්ගලයාගේ සහ සැකකරුවන් අතර සිදුව ඇති ගැටුමකදි ඇතිවන සපාකෑම් සහ ගොදුරුවු තැනැත්තාගේ සිරුරේ රැදී තිබෙන හිසකෙස්,නියපොතු වලින් සීරිමේදි නියපොතු ඇතුලත රැඳෙන සම් කොටස් අපරාධය සිදුවූ ස්ථානයේ තිබෙන ඇඟිලි සලකුණු,රුධිර පැල්ලම්, ස්ත්‍රී දූෂණයකදි නම් ශුකාණු වැනි දෑ ලබාගෙන D.N.A පරික්ෂණ සිදුකර ඒ මඟින් නිවැරදි අපරාධකරු සොයා ගැනීමට අවශ්‍යය කරන වැදගත්ම සාක්ෂි මතුකරගැනීම වැනි දේවල් පවා Forensic Science විෂය පථය යටතේ සිදුකරන පරික්ෂණ බව පෙන්වාදීය හැකියි.


වෝහාරික පරික්ෂණ සිදුකිරීම සඳහා සියුම් ලෙස සාක්ෂි එකතු කිරීම.

විෂය‍ට අදාල මූලාශ්‍ර භාවිතා කරමින් එක්රැස් කරගත් තොරතුරු ප්‍රේක්ෂක ඔබගේ දැනගැනීම සඳහා මෙසේ ඉදිරිපත් කරන අතර,ලිපිය නිවැරදි ලෙසින් සකසාගැනීම සඳහා සහය දුන් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේම සහෝදර උපසිරැසිකරුවකු වන තරිඳු රසාංග මල්ලිටත් විශේෂ ස්තුතිය පිරිනමනවා.

එහෙනම් අපි දැන් චිත්‍රපටිය පැත්තට පොඩ්ඩක් හැරෙමු.

සැමුවෙල් ජෝන් කියන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක්. සැමුවෙල්ට හොයන්න ලැබෙනවා කුඩා ළමයින් ඝාතනය කරන පුද්ගලයෙක් ගැන හොයන්න. එතකොට රිතිකා කියන්නේ සැමුවෙල්ගේ හිටපු නෑනා. . ඒ වගේම රිතිකා තමා සැමුවෙල් වැඩ කරනකණ්ඩායමේ ප්‍රධානියා වෙන්නේ. රිතිකාටත් සැමුවෙල්ටත් මේ මිනීමරුවා හොයාගන්න පුළුවන් වෙයි ද? ඒ වැඩේදී සැමුවෙල්ගේදැනුම කොච්චරක් දුරට උදව් වෙයි ද? රිතිකා එක්ක මේ වැඩේ කොහොම කරයිද?

Luca, Virus , Uyare, Lucifer වැනි චිත්‍රපටි වලින් අපි දැක්ක Tovino Thomas මෙහි සැමුවෙල්ගේ චරිතයට පණ පොවන අතර, 2005 සිට මලයාලම් සිනමාවේ රැදී සිටින, චිත්‍රපටි ගණනාවකට රංගනයෙන් මෙන්ම ගායනයෙන් දායක උණු Mamtha Mohandas මෙහි රිතිකාගේ චරිතය නිරුපණය කරනවා.

විශේශයෙන් කියන්න ඕනෙ මේ චිත්‍රපටියේ TV RIP එකක් මීට ටික දවසකට කලින් ආවා..ඒත් නියම Digital Release එකක්විදියට ආවෙ ගිය ඉරිදා. ඉතින් පුලුවන් ඉක්මනට වගේම හොද තත්වයේ උපසිරසියක් ඉක්මනට ලබාදෙන්න තරිදු රුක්ෂාන් පෙරේරා සමගින් මම උත්සාහ කළා..

එසේ නම් 2020 වර්ෂයේ මලයාලම් සිනමාව නව මාවතකට ඔසවා තබන්නට පැමිණි crime-thriller වර්ගයේ සිනමා නිර්මාණය නරබන්නට

ඔබටත් ආරාධනා…!!!

“මානසික ආබාධයන් කෙනෙකු අපරාධයන් කිරිමට පොලඹවන්නෙ නැත. අපරාධය කිරිමට හේතුවන්නෙ ඔහුගේ චේතනාවයි.”

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB DL පිටපත් සඳහා අදාළ වේ.

25,960 downloadsDownload FORENSIC-2020.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

25,960 downloadsDownload Subtitles52 KB

27 comments

  1. Helili Hemamali

    උපසිරැසියට ස්තූතියි දෙන්නටම.

    1. Anonymous

      සබ් එක වැඩ නැනෙ

  2. Semsu

    Seetharama kalyana kannada film ekata sinhala sub karannako......eka suppa film ekak.....

  3. SeSemsung

    Seetharama kalyana kannada film ekata sinhala sub karannako......eka suppa film ekak.....

  4. Anonymous

    පිස්සු පීකුදු ෆිලුමක්
    Thriller රස උපරිමයි
    මන් මේ ෆිලුම බැලුවා කලින්
    අනිවාර්යෙන් හැමෝම බලන්න

  5. indika75

    thanks..

  6. Kasun Lakshan

    හම්මෝ බයිස්කෝප් එකෙන් සබ් එක දෙනකන් ෆිල්ම් එක නොබලා හිටියේ...
    උපසිරසට ගොඩාක් ස්තුතියි !!!!!

  7. Chandima Prasad

    thanks me supiri film ekata sub dunnata..jayawewa..

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Kavinu

    සබට තුති!

  11. raviz

    Thank you for your hard work ......!

  12. GihanM98

    ස්තුතියි..සබ් එකට..පුලුවන්නම් Sniper Asssassins End 2020 එකටත් සබ් එක දෙන්න.

  13. isuru srinath sjs

    Baiscopelk ඒකෙන් දෙනකන්මයි හිටියෙ.. දෙන්නටම බොහොම ස්තුතියි..!!

  14. Udaya Fdo

    Thank you

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Ayesh

    උපසිරසියට ස්තුතියි

  17. D.Chamara

    bohoma sthuthi

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!

  19. Anonymous

    patta oooi gini

  20. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි

  21. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    මේකත් එනකල් බලන් හිටපු එකක්...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  22. Anonymous

    Thanks

  23. Anonymous

    Thank you...

  24. wasantha senadheera

    පට්ට...thanks dear....

  25. Rishantha

    Thanks Brother

  26. HMAN Jayasekara

    හෑල්ල