Watch Trailer

Ruben Brandt, Collector (2018) Sinhala Subtitles | ලෝක ප්‍රසිද්ධ චිත්‍ර සොරුන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසි ප්‍රේක්‍ෂක ජනතාවට? ඔන්න එහෙනම් මාසෙකටහමාරකට විතර පස්සෙ මං ආයෙම ආවා ඇනිමේෂන් චිත්‍රපටියක් අරගෙන ඔබ හමුවට. මං අද ගෙනාවේ 2018 වර්ෂයේ තිරගත වෙච්ච RUBEN BRANDT,COLLECTOR නම් චිත්‍රපටය. ANIMATION සහ DRAMA යන වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටිය IMDB දර්ශකයේ 7.5ක අගයකුත් ලේසියෙන් රේටින් ගන්න…

කොහොමද බයිස්කෝප්වාසි ප්‍රේක්‍ෂක ජනතාවට? ඔන්න එහෙනම් මාසෙකටහමාරකට විතර පස්සෙ මං ආයෙම ආවා ඇනිමේෂන් චිත්‍රපටියක් අරගෙන ඔබ හමුවට.

මං අද ගෙනාවේ 2018 වර්ෂයේ තිරගත වෙච්ච RUBEN BRANDT,COLLECTOR නම් චිත්‍රපටය. ANIMATION සහ DRAMA යන වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටිය IMDB දර්ශකයේ 7.5ක අගයකුත් ලේසියෙන් රේටින් ගන්න අමාරු කුණු තක්කාලි දර්ශකයේ 81%ක අගයකුත් ලබාගන්නට සමත්වෙලා තියෙනවා. ඉතින් ඒකෙන්ම තේරෙනවා නොවෑ චිත්‍රපටිය හොදයි කියන එක. සිනමාපටයේ අධ්‍යක්ෂණය Milorad Krstic විසින් සිදු කර ඇති අතර උපයාගෙන ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් 369,809 මුදලක්. එසේම මෙම සිනමාපටය Satellite Award for Best Animated or Mixed Media Feature, Variety Piazza Grande Award, Prix du Public යන සම්මාන උළෙල සදහාද නිර්දේශ වී තිබෙනවා. හොදයි, එහෙනම් අපි බලමු කතාව ගැන.

කතාවේ ප්‍රධාන චරිතය ඒ කියන්නෙ රුබන් බ්‍රැන්ඩිට් වෘත්තියෙන් මනෝවෛද්‍යවරයෙක්. ඒවගේම ඉතා දක්‍ෂ අයෙක්. හැබැයි මේ දොස්තර මහත්තයා කොටින්ම කිව්වොත් මානසික ගැටළු ඇති අයට උදව් කරන මානසික රෝගියෙක් වගේ තමා. ඒ මොකද කියනවනම් මෙයාට හැමවෙලේම හීන පේනවා. හීනනම් ඉතින් කාටත් පේනවනේ. හැබැයි මෙයාට පේන හීන විශේෂයි. ඒ හීන තමයි ලෝකප්‍රසිද්ධ සිතුවම්වල තියෙන චරිත ඔහුට පහර දෙන එක. ඒවගේම මේ දොස්තරගේ විශේෂයක් තියෙනවා. ඒ තමයි මෙයා වැඩි වශයෙන් ප්‍රතිකාර කරන්නෙ හොරුන්ට. ඉතින් ඔහොම කාලය ගත වෙන කොට මේ දොස්තර ගාවට ප්‍රතිකාර ගන්න එනවා මිමි කියලා කාන්තාවක්, මෙයත් ඉතින් රජ හෙරක් තමා. හැබැයි මේ මිමි දැනගන්නවා දොස්තර මහත්තයාටත් ලෙඩක් තියෙන විත්තිය. ඉතින් මේ මිමි කරන්නෙ එතන ප්‍රතිකාර ගන්න අනිත් හොරු ටික වෙච්චි ජෝ,ෆර්නැන්ඩො, සහ බ්‍රුනෝගෙ සහය ඇතුව දොස්තර හීනෙන් දකින එක සිතුවමක් හොරකම් කරලා දොස්තරට ගෙනල්ලා දෙනවා. හැබෑටම මේ වැඩෙන් පස්සෙ දොස්තරටත් තේරුම් යනවා එහෙම සොරකම් කරලා ගෙනා සිතුවම ගැන හීන යළි නොපෙනන බව. ඒ නිසාම එතැන් පටන් දොස්තර රුබන් තමාට හීනෙන් පේන සියලු චිත්‍ර හොරකම් කරන්න ගන්නවා.

හැබැයි ඉතින් මේ වැඩේට මෙයාලට ප්‍රධාන බාධා දෙකක් තියෙනවා. එකක් වෙන්නෙ මිමිගෙ පස්සෙන් සහ චිත්‍ර හොරු පස්සෙ පන්නන පොලිස් නිලධාරියෙක්. අනිත් බාධකය වෙන්නෙ වින්සෙන්සෝ කියලා හොර නායකයෙක්. ඉතින් මේ බාධක අස්සෙන් බේරිලා මේ වැඩේ කරන්න කට්ටියට පුළුවන් වෙයිද? ඒවගේම දොස්තර රුබන්ට මෙහෙම හීන පේන්න හැබෑම හේතුව මොකක්ද යන කරුණු කාරනා දැනගන්නනම් ඔයාලට මේක බලන්නම වෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ටිකක් විතර අමුතු නමුත් අවසානයෙදි නොහිතු දෙයක් වෙන චිත්‍රපටියක් කියලා.

එසේනම් ඔබ සැමට මෙම චිත්‍රපටය නරඹන්න ආරාධනා කරමින් මා සමුගන්නවා යළිත් කඩිනමින් උපසිරැසියක් රැගෙන එන බලාපොරොත්තුවෙන්. සැමදෙනාටම ජයවේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

1,388 downloadsDownload Ruben-Brandt-Collector-2019.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිරු මදුශංක කන්නන්ගර”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-10-21
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කවිරු මදුශංක කන්නන්ගර

Subtitles

1,388 downloadsDownload Subtitles27 KB

13 comments

  1. Kavinu

    සබට තුති!

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි

  3. Sohan Jayasooriya

    මේකෙ නම් ට්‍රේලරේ බැලුවම ආස හිතුනා සහෝ.. හොඳ එකක් වගේ.. මේ වගේ නිර්මාණ මග ඇරෙන්න නොදී සබ් දෙනවට ගොඩක් ස්තූතියි සහෝ.. ජය වේවා

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. indika75

    thanks..

  8. chanu mikhail

    thank u

  9. rockz2020

    තද තද උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!
    StarDog and TurboCat (2019)

  10. isuru srinath sjs

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි !!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. D.Chamara

    bohoma sthuthi

  13. Anonymous

    sub eke akuru penne naha machan