ලස්සන ජපන් චිත්‍රපටියක් බලමුද? මේක මගේ නොබලපු චිත්‍රපටි ගොඩේ තිබිල කම්මැලි කමෙන් වගේ තමයි බලන්න ගත්තෙ. ඒත් විනාඩි පහක් විතර යනකොටම මම මේ චිත්‍රපටියට වශී වුණා වගේ දෙයක් තමයි උණේ. ගොඩක් ලස්සනට වර්ණ, අලංකාර පසුතල යොදාගෙන ඉතාම ලස්සනට හදපු චිත්‍රපටියක්. හොද, නරක, බලාපොරොත්තු, ආසාවල්, ඉරිසියාව, නපුරුකම්,…

ලස්සන ජපන් චිත්‍රපටියක් බලමුද? මේක මගේ නොබලපු චිත්‍රපටි ගොඩේ තිබිල කම්මැලි කමෙන් වගේ තමයි බලන්න ගත්තෙ. ඒත් විනාඩි පහක් විතර යනකොටම මම මේ චිත්‍රපටියට වශී වුණා වගේ දෙයක් තමයි උණේ. ගොඩක් ලස්සනට වර්ණ, අලංකාර පසුතල යොදාගෙන ඉතාම ලස්සනට හදපු චිත්‍රපටියක්.
හොද, නරක, බලාපොරොත්තු, ආසාවල්, ඉරිසියාව, නපුරුකම්, මෝඩකම් මේව සියල්ලම අඩු වැඩි වශයෙන් තියෙන අපි වගේම සමාජයේ ජීවත් වෙන චරිත ටිකක් අපූරුවට අව්‍යාජව විග්‍රහ කරපු චිත්‍රපටියක් කියල තමයි මට හිතුණෙ. නිළියගෙ ඇසිස්ටන්ගෙ චරිතය “සදා”, නිළියගෙ මෙකප් ආටිස්ට්ගෙ චරිතය “කිං චං” මේ චරිත දෙකම මගෙ ගොඩක්ම සිත්ගත්තා. මගේ පුද්ගලික අදහස තමයි ඒ කියුවේ ඔයාලම බලල ඔයාලගෙ අදහස කියන්නකො එහෙනං.
කතාව ගැන කියුවොත් ලිලිකෝ කියන නිරූපිකාව, නිළිය තමයි කතාවෙ ප්‍රධාන චරිතය. ලිලිකො ගොඩක් ලස්සන ජනප්‍රිය හැම සැප සම්පතක්ම වගේ ඇතුව ජීවත් වෙන කෙනෙක්. ඒ වගේම තමංගෙ ලස්සන රූපෙ ගැන ගොඩක් ආඩම්බරෙන් ඉන්න මනුස්සකම ගොඩක් අඩු තමන්ගෙ වාසියට ඕනම කෙනෙක් එක්ක දෙපාරක් නොහිතම යහන් ගතවෙන ජාතියෙ කෙනෙක්.
ඇත්තටම ලිලීකො කියන්නෙ දුප්පත්, ඈත ගමක ඉදල ටෝකියො ඇවිත් ගණිකා වෘත්තය කර කර හිටපු කෙනෙක්. ප්ලාස්ටික් සැත්කමක් කරගෙන ලස්සන වෙලා තමයි මේ විදියට නිරූපණ ක්ෂේත්‍රයට රගපෑමට ඇවිත් ලොකු චරිතයක් වෙලා ඉන්නෙ. ලිලීකොගෙ ලොකු කම අඩු වෙන්නෙ එයා කරගනිපු ප්ලාස්ටික් සැත්කමේ අතුරු ආබාධයක් හැටියට හමේ කලු පැල්ලම් එන්න පටං ගත්තාම තමයි. එහෙනං ලිලීකොගෙ කතාව බලන්නකො කොහොමද කියල.
මම මේ සයිට් එකෙන් ගොඩක් සිංහල සබ්, චිත්‍රපටි අරගත්ත කෙනෙක්. ගත්ත හැම චිත්‍රපටියකටම වගේ comment එකක් දාල තමයි ගියේ. දැන් මගෙන් comment නොවැටෙන එක ගැන සමාව ඉල්ලනවා. සිංහල සබ් එක්ක චිත්‍රපටි බලනෙක නම් නතර කරල දැන් කාලයක් වෙනවා. ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න ඕන නිසා තමයි එහෙම කළේ. දැන් චිත්‍රපටි බාන්නෙත් ගොඩක්ම අඩුවෙන් Internet මිල නිසා. ලන්කාවෙ ඉන්දැද්දි බාපු චිත්‍රපටි තොගයකුත් තියෙනවා. මට චිත්‍රපටි බාල ගෙනත් දෙන හොද යාළුවෙකුත් ඉන්නවා. එයාට පින් දිල දවසට එක චිත්‍රපටියක් වත් අනිවාර්යෙන්ම බලනවා. නිකමට වගේ තමයි සබ් එකක් කරන්න හිතුණෙ. මම ඇත්තටම රස විදපු චිත්‍රපටියක් ඔයාලත් එක්ක බෙදාගනව ඇරෙන්න වෙන කිසිම අරමුණක් මගේ නැහැ. මේක කියුවෙ එහෙම නරක ප්‍රතිචාරයක් මට කියවන්න ලැබිල ටිකක් විතර හිත රිදුන නිසා. comment අඩු උණත් සබ් එක ගත්ත ගාන දැක්කම ඇත්තටම හිතට සතුටුයි. මං කරපු සබ් එක නිසා කිහිප දෙනෙක් හරි සතුටු වෙනවනම් ඇත්තමට ලොකු දෙයක්. අපි ගියා එහෙනං. හැමෝටම ජයවේවා.
09122495E0946ABFA0A0B28ED67EEB6C5543C71D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,222 downloadsDownload Helter.Skelter.2012.baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/Niroshanhe.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිරෝශන් හේවගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිරෝශන් හේවගේ
Subtitles
59 comments
Hitha Honda kolla
වරුණ රංගජිත් (වරූ)
එල එල...
එහෙනම් මමත් බානවා....Amanda Jayasinghe
balanna hithenawa...........thankz saho.........
gayan
hoda movie 1k wage saho thanx
Lakmal
thanks machan
කේ.යූ.ජී. උදාර
සමහර අදහස්වලට හිත අවුල්වෙන බව ඇත්ත තමයි. ඒත් මේ කරන වැඩේ යහපත් දෙයක් හින්ද මේ වැඩේ ඉස්සරහටත් අපි ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. ඔන්න එහෙනම් මාත් සබ ගන්නවා. බොහොම ස්තූතියි නිරෝශන්..............
niroshan
අඩේ ඔයා නේද dirty picture 2011 එකට සබ් දීල තියෙන්නෙ. මේක බලනකොට මට Fashion (2008) එකයි dirty picture එකයි දෙකම මතක් උනා. ඒත් මේක දෙකටම වඩා වෙනස් රටාවකට තමයි කතාව ගලාගෙන යන්නෙ. ඔයා දුන්න Eden Lake (2008) එකයි Rashomon (1950) එකයි එලකිරි. ඔයාටත් ගොඩක් ස්තුතියි.
Keshan Wasala
එල මචං ගණන් ගන්න එපා අපි උබල එක්කනේ ...උබලා මහන්සි වෙලා අපි වෙනුවෙන් කරන මේ වැඩේට අනිවා කමෙන්ට් එකක් දාන්න ඕනේ .. මෙන්න සබ ගත්තා ,,, 18 + නිසා රෑ තමා ඉතින් බලන්නේ ඕං ;) :D ගොඩක් ස්තුතියි !! ජය !!
ediri
ONNA BEEWOOO
නලින්
ස්තුතියි නිරෝෂන් සහෝ!
ජය වේවා!
Tharindu Perera
18+nam ithin blnna venavanee...
hee hee..
patta kathavak vagee...
danma banava bn meka..
thanks machan sub ekatahh...Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Ayesh
Thank You ..
Saman Prasad ( Black Panther )
ela ela saho.sub ekata thanks....
Anushka
ela thankz sooo much
හර්ෂ ලහිරු
එලකිරි...! මචං උඹ ඕවා ගනන්ගන්න එපා බං :D
කවුරු හරි හොදවැඩක් කරද්දි ඒවට කෙනහිලිකම් කරන උනුත් අපි අතරෙ ඉන්නවනේ :P :P
බොහොම ස්තුතියි සහො :D ජයthiliya
sthuthi saho :)
දිමුතු තරංග ඉලුක්කුඹුර
ඕවා එච්චර ගණන් ගන්න එපා සහෝ අපේ ගමන අපි යමු, ස්තුතියි උපසිරසියට, ඔයා කලින් කොමන්ට් එකකින් මම සබ් කරනවා නේද කියල? අහල තිබුනා, ඔව්. හැබැයි දැන් නම් බොහොම හිමිහිට එකක් දෙකක් කරගෙන ඉන්නවා. ලඟදි කලේ ලෙගෝ ස්ටාර් වොර්ස් කාටුන් කෙටි ෆිල්ම් දෙකක්, ළඟදීම ඒක දෙයි, ජයවේවා ඔබට.
niroshan
මම ඔයා දීපු චිත්‍රපටි වලින් ගොඩක් ඒව බලල තියෙනවා. L’immoralità (1978) එකයි Amores Perros (2000) දෙක තමයි මගේ ප්‍රියතම. ඇත්තටම ඒ දෙක කිහිප වතාවක්ම බැලුව. තාම එපා වෙලා නැහැ. lolita 1997 තාම බලන්න බැරිඋනා. දැන් බලන්න ඕන. ඔයාටත් ගොඩක් ජයවේව...
me
Thanks
niroshan
වෙන් වෙන් වශයෙන් comment වලට උත්තර නොදැම්මත් හැමෝගෙම අදහස් ගොඩක් අගය කරනවා. ගොඩක් සතුටින් බාරගන්නවා. හැමෝටම ගොඩක් ස්තූතියි.
milan
ස්තුතියි.....සහොදරය.....
Sisira Hegoda
ස්තුතියි
සෂික ප්‍රමිත් (sashika Pramith)
සබට තුති...
තව ඕනේ.....
ජය වේවා.......
Aditha Praween
කමක් නෑ ඇහැ වහගෙනවත් බලමු. ;)
ජය වේවා !eara
thanks macho
Kulanjana Maduranga
niyama filumak wge.subata thanks NIROSHAN saho.digatama sub demu jaya wewa......
Global
Thanks Bro..Good Luck..!
nuwan
thank you machan...........!
shanaka
Thanks bro...well done
jack
ස්තුතියි සහෝ උපසිරැසියට.
Dulanga
thanks
“චූටී මල්ලි”
සැලෙන්න එපා මචෝ
දිගටම වැඩේ කරන් යන්
සබට තුති
ඔබට ජය............Chamith Mihiranga
niyamai macho...
Isanka
Thanks machan
dinidu madushanka
ela ela jaya wewa
Buddika Gamage
ela ela thanks machoo
thilanka
keer it up god work bro,,,,,,,,,
ඊශා
thanks for the sub
Nandana
Thank U Niroshan.
ElaLK
ස්තුතියි සහෝ..
රොයිලි
බොහොම ස්තූතියි නිරෝශන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
kasun
නියමයි කොල්ලෝ !
දිගටම සබ් කරමු .Kaushal Manu
Thanks saho...onna ehenam baawa...
DDSameera
ඇත්තටම මේ උපසිරසියට ස්තූතිය මම පලකරන්නේ ....කාරණා 02 ක් නිසා..
අංංක 1 තමයි ..ලෝකයේ ෆැෂන් වල යතාර්ථය මෙමගින් පෙන්වල දෙන්න උත්සහයක් දරපු නිසා
අංක 2 තමයි - රෑපයෙන් මත් වෙච්ච ගැහැණියකගේ අවසානය මෙමගින් පෙන්නල දෙන්න උත්සහයක් දරපු නිසා...ඉතින් මෙවැනි චිත්‍රපටියකට සබ් පල කිරීමත් එක්තරා අකාරයක අභියෝගයක්.
ලිලිකෝ ගේ රෑපයත් අවසානයේ දී ලිලිකෝට හිමි වන ස්ථානයත් - ලිලිකෝ ගේ ශෝකය සම්මිශ්‍රණය වුනු ධෛර්යවන්තකමක් ....කෙදිනකවත් මෙය නැරඹු මිනිසෙකුට නම් අමතක කරන්න බැරි වේවි....!!!
fb.com/ddsameera
THARU
ස්තුතියි සහෝ උපසිරැසියට. DIGATAMA SUB DENNA KOLLO...
rajika
thanks dr mamath gaththa wsh u all da best
prathiba sandeepa
thanks macho
san
thanks
inoka perera
බොහොම තෑන්ක්ස්!
uditha
elama thma mcho.. thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

1st man