Watch Trailer

Flipped (2010) | මගේ නොපෙනෙන ආදරේ පෙනෙන දුරකට එන්නෙපා.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් ඔයාලට. හුඟ කාලෙකින් ඔයාලව බලන්නත් එන්න බැරිවුණානේ නේද? ගොඩක් කාලයක් සබ් දෙන්න බැරිවුණේ වෙලාවක් තිබ්බෙ නැති හින්දා. ඉතින් ඒකටත් එක්ක ඔන්න ඉතිං මම අද සුපිරිම බයිස්කෝප් එකක් උස්සගෙන ආවා. මම කවදාවත්ම ආදර කතාවක් දීලා නෑනේ, ඉතින් පොඩි වෙනසකටත් එක්ක ආදර කතාවක් දෙන්න හිතුණා. හැබැයි මේක අපි හැම…

flipped 2010

කොහොමද ඉතින් ඔයාලට. හුඟ කාලෙකින් ඔයාලව බලන්නත් එන්න බැරිවුණානේ නේද? ගොඩක් කාලයක් සබ් දෙන්න බැරිවුණේ වෙලාවක් තිබ්බෙ නැති හින්දා. ඉතින් ඒකටත් එක්ක ඔන්න ඉතිං මම අද සුපිරිම බයිස්කෝප් එකක් උස්සගෙන ආවා. මම කවදාවත්ම ආදර කතාවක් දීලා නෑනේ, ඉතින් පොඩි වෙනසකටත් එක්ක ආදර කතාවක් දෙන්න හිතුණා. හැබැයි මේක අපි හැමවෙලේම දකින සාමාන්‍ය ආදර කතාවක් නම් නෙවෙයි ඉතිං. හුඟක් වෙනස්. ඒ වගේම බලන්න ආශා හිතෙන ලස්සනම ලස්සන කතාවක්. අර මම දුන්නු Little Nicholas වගේම ලස්සන, සරල කතාවක්. හැමදාම එකම විදිහේ චිත්‍රපටි බලලා ඇති වෙලා ඉන්න කට්ටියට පොඩි වෙනසක් අත්විඳින්න පුළුවන්.

හොඳයි, මම කිව්වනේ චිත්‍රපටිය ලස්සනයි කියලා. ඒ වගේම ඒක දිව යන්නේ සරල ආදර කතාවක් සමඟ. ඒ වගේම වෙනස තමයි, මේකෙ රඟපාන ආදරවන්තයින් දෙන්න ඇවිල්ලා පොඩි ළමයි දෙන්නෙක්. ඒ වගේමයි චිත්‍රපටියට පාදක කරගෙන තියෙන්නේ ලස්සන නවකතාවක්. එයාලට මුණගැහෙන ප්‍රශ්නත් එක්ක එයාල එයාලගේ ආදරය ජය ගන්න හැටි තමයි චිත්‍රපටියෙන් කියවන්නේ. මම අර මුලදි වෙනස් කියල කිව්වෙ මේකෙ ඉන්නේ පොඩි ළමයි දෙන්නෙක් හින්දා. පොඩි ළමයි දෙන්නෙක් ඉන්න හින්දා බලන්නත් ආසයි. වැඩිය කතා නැතුව අපි කතාව පොඩ්ඩක් දැනගෙන ඉමු.

චිත්‍රපටියට ලැබිලා තියෙන IMDb අගය 7.7 ක්. ඒ වගේම Rotten Tomatoes අඩවියේදි ලබාගෙන තියෙන අගය 55%ක්. ඒ වගේම මේ චිත්‍රපටියට පාදක කරගෙන තියෙන්නේ Wendelin Van Draanen රචනා කළ විශිෂ්ට Flipped නව කතාව ඇසුරින්. අපි මුලින්ම ජුලී බේකර් (ඒ කියන්නේ කථාවේ එන ආදරවන්තිය) ගැන දැනගෙන ඉමු. ඇය හරිම වෙනස්, නිහඬ චරිතයක්. මුලින්ම බ්‍රයිස් ලොස්කිව (ඒ කියන්නේ කථාවේ එන ආදරවන්තයා)හමුවෙන දවසේ ඉඳන්ම ජුලී බේකර්ට බ්‍රයිස් ලොස්කි ගැන පුදුම ආදරයක් ඇති වෙනවා. එතකොට එයාලට වයස අවුරුදු 2ක් විතර ඇති.

“බ්‍රයිස් ලොස්කි මුණගැහුණු පළවෙනි දවසේ, මට පිස්සු හැදුණා.”
“එයාගේ ඇස් දෙකෙන්, ඒ දිලිසෙන ඇස් දෙකෙන් මොනවහරි කියවෙනවා.”

බ්‍රයිස් ලොස්කි ඇතුළු එයාලගේ පවුලම ජුලී බේකර්ලා ජීවත් වෙන ගෙදර ඉස්සරහ ගෙදර පදිංචියට පැමිණෙනවා. මේ විදිහට බ්‍රයිස් ලොස්කි දැක්ක ගමන්ම ජුලීගේ පුංචි හිතේ බ්‍රයිස් ගැන ආදරය එන්න එන්නම වැඩි වෙනවා. ඉස්කෝලෙදි, පාර තොටේදි ජුලී බ්‍රයිස්ට පිස්සුවෙන් වගේ ආදරය කරන්න පටන් ගන්නවා. ඇය හිතන්නේම තමන්ට බ්‍රයිස් ලොස්කිගෙන් ලැබෙන පළවෙනි හාදුව ගැන විතරයි.

මෙහෙම කාලය ගතවෙනවා, නමුත් බ්‍රයිස්ගේ හිතේ නම් චුට්ටක්වත් ජුලී ගැන ආදරයක් ඇති වෙන්නේ නෑ. බ්‍රයිසුයි ජුලීයි ඉන්නේ ඉස්කෝලේ එකම පන්තියේ. කාලය ගතවෙනවත් එක්කම මේ දෙන්න 7 වසරට පැමිණෙනවා. එතකොට ජුලී බේකර් තමන්ගේ හැඟීම් පාලනය කරගෙන. නමුත්, බ්‍රයිස් ලොස්කි ජුලීගෙන් ගැලවෙන්නම බැරි තැන ෂෙරී ස්ටෝල් කියල එයාලගෙම පන්තියෙ ඉන්න කෙල්ලෙක්ව යාළු කර ගන්නවා. මේක ජුලී බේකර්ගේ හිතට ලොකු වේදනාවක් ගෙන දෙනවා. නමුත් ජුලී බේකර් ඒ ආදරය තමුන්ගේ හිත යට හංගගන්නවා.

මම ඔයාලට පොඩි අදහසක් දෙන්න ප්‍රධානම දේවල් ටික කිව්වා. ඔය විදිහට ලස්සනට සිදුවීම් සිද්ධ වෙනවා. ඇත්තටම කිව්වොත් ඉස්සරහට යන්න යන්න චිත්‍රපටිය බලන්න හරිම ආසයි. මම වැඩිපුර කියන්න ගියොත් ඔයාල චිත්‍රපටිය බලද්දි, ඒකෙ තියෙන රසය නැතිවෙලා යනවා. මම හිතනවා මේක ඔයාල බලන ලස්සනම චිත්‍රපටය වේවි කියලා. ඒ තරමටම ලස්සනයි. බලල ඉවරවෙලා ඔයාලගේ ප්‍රතිචාරය දාන්නත් අමතක කරන්න එපා. එහෙනම්, මම තවත් මේ වගේම බයිස්කෝප් එකකින් හමුවෙන්නම්…

Flipped (2010) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

cc42e805185b49a76941c1554ab0dbab0de20b3e

703 MB කොපිය මෙතනින් බාගන්න

e1e9bcf1da2e21fba8c2bb865f9201f3f71e4723

1.24GB කොපිය මෙතනින් බාගන්න

f51a5cd997f5c0c548afe1a102121e016e55c6e2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,032 downloadsDownload Flipped.2010.baiscopelk.zip165 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/YasH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යස්මික සෞභාග්‍යය

Subtitles

3,032 downloadsDownload Subtitles165 KB

95 comments

  1. නලින්

    ස්තුතියි යස්මික සහෝ

    ජය වේවා! මෙක නම් බලන්න වටින කථාවක්

    1. Yasmika

      එළ කිරි නලින් අයියා... ඕක බලන්නකෝ.. මම බලපු සුපිරිම ලව් ස්ටෝරිය

  2. Global

    Thanks Yasmika. Great Work..!

  3. Kathu

    thnks

  4. වරුණ රංගජිත් (වරූ)

    අනේ තවත් ආදර කතාවක්, මගේ සබත් අද උදේ පෝස්ට් කළා...
    මේ දවස්වල මාත් ආදර කතා බලන්න ඇබ්බැහි වෙලා...
    නියමයි ... නියමයි....
    තවත් ආදර කතාවකටම සබ් දෙමු...
    ජය වේවා...!!!

    1. Yasmika

      ලොවෙත්

  5. කේ.යූ.ජී. උදාර

    රහට ලියල තියෙනවා..............
    සබට බොහොම ස්තූතියි සහෝ.

    1. Yasmika

      තෑන්ක්ස් මචං

  6. Mayura Suraj

    Niyamai machan. aniwa balanna ona.

  7. Kulanjana Maduranga

    lasssanama storyak wge.subata thanks YASMIKA saho.ohoma yn.jaya wewa......

  8. richi

    ela niyama kathawak wage...

  9. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  10. Sachira

    aniwa balanawa

  11. Yasmika

    ප්‍රතිචාර දැක්වූ හැමෝටම බොහොමත්ම ස්තූතියි... බලන්න සුපිරි ලව් ස්ටෝරියක්

  12. Tharindu Perera

    elazzz ahhhhh.....
    niyama kathavak vagee...
    danma balanavaaa bn mekaaa......
    thanks machan sub ekatahhh.........

    1. Yasmika

      බාපං බාපං දැන්මම බාපං

  13. bee

    ela ela tnx tnx

  14. හර්ෂ ලහිරු

    :P අපි ඉතින් ලෙව් ඒවා හොයාගෙන ගොහින්නේ බලන්නේ :P
    බොහොම ස්තුතියි මයුරයෝ :D ඊලග එකත් මේවගේම සුපිරි එකක් වෙයිනේ :D

    1. හර්ෂ ලහිරු

      හප්පා නම මාරුවෙලානේ යස්මිකයෝ සොරිහොදේ :P :P ජය

    2. Yasmika

      එළ කිරි මචං පට්ට කතාව.. බලාපංකෝ

  15. dinidu madushanka

    ela ela saho jaya wewa

  16. Emi

    Thank you so much

    1. Yasmika

      you're welcome!!

  17. Shan Vimukthi

    මේ තරම් අගේ කරනවානම් කොහොම නොබලා ඉන්ටද ඈ
    සබට බොහොම ස්තුතියි සහෝ :)

    1. Yasmika

      අගේ නොකර ඉන්නෙ කොහොමද හප්පා මේ වගේ සිද්ධි වෙනකොට.... බලපංකෝ

  18. videomart95

    ස්තූතියි.

  19. Gayan

    ගොඩක් ස්තුතියි සබ් දුන්නට තවත් වැඩි වැඩියෙන් සබ් දෙන්න ලබෙවා!!!!

  20. යශෝධ

    බොහෝම ස්තූතියි සහෝ උපසිරසට.... මෙන්න ගත්තා.... කාලෙකින් මේ වගේ මෙව්වා එකක් බැලුවෙත් නෑනේ..... එලස්ස්ස්.... ජයම වේවා......!

  21. “චූටී මල්ලි”

    ආදර කතා...........
    අනේ ඉතින් අපිට තාම කවුරුත් නෑනෙ අප්පා :D
    සබට තුති
    ඔබට ජය............

  22. Naween

    හොදයි හොදයි....ස්ටෝරියෙ හැටියට නම් බලන්නම වෙයි වගේ..ගොඩක් ස්තුතියි

  23. Shalika Nagoda Vithana

    එල මචෝ. තැන්ක්ස්....

  24. jayani

    ගොඩක් ස්තුතියි සබ් එක දුන්නට... :)

  25. Thanu

    Thanx mchn sub 1ta... Mekath balamuko ehenam...

  26. Dulanga

    thanks

  27. රොයිලි

    බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Yasmika

      තැන්කූ කිව්වා රොයිලි අයියටත්...

  28. nalaka

    බොහොම ස්තුතියි

  29. Darshana

    Thanks machoooooooooooo

  30. sanju lakshan dharmasena

    meka patta kathawak... mama balala thiyenawa

  31. Sam

    thanx machooo

  32. Rukshan

    man balapu hodama film walin ekak...

  33. Ayesh

    Thank You ..

  34. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  35. Aditha Praween

    මචෝ බොහොම ස්තුතියි !
    කලින් බලලා තියනවා.
    දැන් සබ් එක්ක බලනවා .
    දිගටම සබ් දෙන්න .
    සුභ ඵතනවා !
    :D

    1. Yasmika

      meka kalin derana kids film festival walata giya

  36. sanath Indika

    thx

  37. danushka sampath

    Thank You ..

  38. Ara

    පට්ට ෆිල්ම් එක මචො... සබට thnx :)
    ජයවේවා!!!

  39. eara

    eala eala thanks bro.....

  40. jack

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  41. Sujeewa Priyantha

    Lassana film ekak, thanx
    JAYAWEWA......

  42. Saman Prasad ( Black Panther )

    fatta fata fata wage a..... ehenam ithin aniwa baawaa.................. :D

    1. Yasmika

      ela kiri macho

  43. amila

    elas thanks

  44. sahan

    thx machoo..

  45. [Prash]

    hindi/tamil katu valata vada meva ela...

  46. UD

    මාත් මේක බලලා තියෙනවා.සිරාවටම පට්ටම love story එකක්. thanks සහෝ සබට...ජය වේවා...!

  47. swarnarekha

    thank u very much 4 da sub,carry on frnd

    1. Yasmika

      thanks

  48. Nandana

    Thank U Yasmika.

  49. ඊශා

    lassana title eka..

    1. Yasmika

      හොඳයි නේද ටයිටල් එක?

  50. shanaka

    thanks saho....very well

Load more comments