Watch Trailer

Hidalgo (2004) Sinhala Subtitles | හිදැල්ගෝ පුරාවෘත්තය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් යාළුවෝ හැමෝටම.. මේ වතාවේ නම් මං අරන් ආවේ එච්චරම පරණ චිත්‍රපටයක් නෙවෙයි. Hidalgo (2004) හිදැල්ගෝ කියන්නේ ඇමරිකානු දිගු දුර ධාවකයෙක් න ෆ්‍රෑන්ක් හොප්කින්ස් සහ එයාගේ මස්ටෑන්ග් (අශ්වයා) හිදැල්ගෝගේ පුරාවෘත්තය පදනම් කරගෙන 2004 නිෂ්පාදනය කෙරුණු චිත්‍රපටයකි. 1891 හොප්කින්ස් තම අශ්වයාව අ…

ආයුබෝවන්… සුබ දවසක් යාළුවෝ හැමෝටම..

මේ වතාවේ නම් මං අරන් ආවේ එච්චරම පරණ චිත්‍රපටයක් නෙවෙයි. Hidalgo (2004) හිදැල්ගෝ කියන්නේ ඇමරිකානු දිගු දුර ධාවකයෙක් න ෆ්‍රෑන්ක් හොප්කින්ස් සහ එයාගේ මස්ටෑන්ග් (අශ්වයා) හිදැල්ගෝගේ පුරාවෘත්තය පදනම් කරගෙන 2004 නිෂ්පාදනය කෙරුණු චිත්‍රපටයකි. 1891 හොප්කින්ස් තම අශ්වයාව අරාබියේදී පිරිසිදු ලේ සහිත බෙඩොයින්ස් අශ්වයින් ට එරෙහිව ධාවනයේ යෙදුන ආකාරය මෙම චිත්‍රපටයෙන් නිරූපණය කරනවා.

ෆ්‍රෑන්ක් ටී. හොප්කින්ස්
(1865/08/11 – 1951/11/05)

හොප්කින්ස් ගේ ජීවිත කතාව චිත්‍රපටයක් ලෙස නිර්මාණය කලද සැබෑ කරුණු සහ චිත්‍රපටය සඳහා ගොඩනැගුණු ප්‍රබන්ධ අතර මත බේද හට ගෙන ඇත. ඩිස්නි කෝපරේෂන් විසින් චිත්‍රපටය සත්‍ය කතාවක් ලෙස අලෙවි කල නිසා සමහර ඉතිහාසඥයින් චිත්‍රපටය විවේචනය කලේ හොප්කින්ස්ගේ ප්‍රකාශවල ඇති පුරාවෘත්තීය තත්වය සහ චිත්‍රපටයේ ඔහුගේ ප්‍රකාශ බොහෝ පරස්පර බවය. චිත්‍රපටය අවසානයේ හිදැල්ගෝ ඔක්ලහෝමා වලගිල්බට් ජෝන්ස් රංචුව අතර ජීවත් වන බව පැවසුවත්, හොප්කින්ස්ගේ මුල් වාර්තා අනුව ඔහු තම අශ්වයා අරාබියට පිටත් කර යවා ඇත. තවද හොඳම කාරණය නම් හොප්කින්ස් තම අශ්වයා එක්ක හෝ නැතුව අරාබි භූමියට පා තැබූ බව කිසිම වාර්තාවක් හෝ සඳහනක් නැත. තවද සෞදි අරාබි රජය නිල වශයෙන් ප්‍රකාශ කරනවා “අග්නි සාගර” නමින් කිසි දිනෙක තරඟයක් නොතිබූ බව. තවද අරාබි ඉතිහාසඥයින් පවසන්නේ මෙතරම් දීර්ඝ තරගයක් කිසි විටෙකත් කල නොහැකි බවයි. ඒ අනුව මෙම චිත්‍රපටය එක් සැබෑ පුද්ගලයෙක් වටා ගොඩනැගුනද ඒ හා සම්බන්ධවන කරුණු චිත්‍රපටයකට ඔබින ලෙස මවාපෑමක් කර නිෂ්පාදනය කර ඇත. ඒ කරුණු නිසාම හෝ චිත්‍රපටයේ බොක්ස් ඔෆීස් ආදායම බලාපොරොත්තු වූවාට වඩා සෑහෙන අඩු වී ඇත.

චිත්‍රපටයේ ෆ්‍රෑන්ක් ටී. හොප්කින්ස් ලෙස Viggo Mortensen ද, ජසිරා ලෙස Zuleikha Robinson ද, ෂෙයික් රියාද් ලෙස Omar Sharif ද, විලියම් කෝඩි ලෙස J.K. Simmons ද ඇතුළුව රංගන ශිල්පීන් රැසක් එකතු වේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Joe Johnston වන අතර නිෂ්පාදනය Casey Silver විසිනි. Buena Vista Pictures බෙදාහැරීමක් වන මෙය 2004 වසරේ මාර්තු 05 වනදා ඇමරිකාවේදී තිරගත වීම ආරම්භ විය. විනාඩි 136ක ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඇමරිකන් ඩොලර් මිලියන 100ක් වන අතර චිත්‍රපටයේ බොක්ස් ඔෆීස් ආදායම ඩොලර් මිලියන 108.1 කි. හිදැල්ගෝ චිත්‍රපටය සඳහා IMDb 6.7ක අගයක් සහ Rotten Tomatoes 46% ක අගයක් ලැබී ඇත.

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,196 downloadsDownload Hidalgo-2004.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,196 downloadsDownload Subtitles38 KB

10 comments

  1. Buddhika Lakmal

    උපසිරැසියට ස්තූතියි... ජයවේවා

  2. හෂාන්

    උපසිරැසියට බොහෝම ස්තූතියි...!!!!

  3. indika75

    thanks..

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. jagath55

    Thanks

  6. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  7. Buddhika Lakmal

    ස්තූතියි මචං සබ් එකට

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. Pramukmili

    Thanx bro..............

  10. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.