Watch Trailer

Death of Me (2020) Sinhala Subtitles | අද්භූත දිවයිනේ සැණකෙළිය [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයූබෝවේවා බයිස්කෝප්වාසීනී, ටික කාලෙකට පස්සේ ඕන් ආපහු උපසිරැසියක් කලා. මේ වසරේ නිකුත් උන අළුත්ම Horror ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. මගෙත් ප්‍රියතම ෆිල්ම් කැටගරි එක හොරර් නිසා හොල්මන් ෆිල්ම් වලට ආස අය අනිවා මේකට කැමති වෙයි කියලා හිතනවා. Horror/Mystery/Thriller යන කාණ්ඩවලට අයත් IMDb අගය 4.3 අරන් තියෙන…

ආයූබෝවේවා බයිස්කෝප්වාසීනී, ටික කාලෙකට පස්සේ ඕන් ආපහු උපසිරැසියක් කලා. මේ වසරේ නිකුත් උන අළුත්ම Horror ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. මගෙත් ප්‍රියතම ෆිල්ම් කැටගරි එක හොරර් නිසා හොල්මන් ෆිල්ම් වලට ආස අය අනිවා මේකට කැමති වෙයි කියලා හිතනවා. Horror/Mystery/Thriller යන කාණ්ඩවලට අයත් IMDb අගය 4.3 අරන් තියෙන මෙය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Darren Lynn Bousman විසිනුයි. Saw II , Saw III , Saw IV චිත්‍රපටි අධ්‍යක්ෂනය කලෙත් මෙයාම තමයි. ප්‍රධාන චරිත ලෙස Mission Impossible:3 (2006), Naked Weapon (2002), Three Kingdoms (2008) චිත්‍රපටවල රඟ පෑ Maggie Q ක්‍රිස්ටීන් ලෙසත්, අපි හැමෝම දන්න අකුණු දෙවියා හෙවත් තෝර් චරිතය රඟ පෑ ක්‍රිස් හෙම්ස්වර්ත්ගේ අයියා Luke Hemsworth නීල් ඔලිවර් විදියට රංගන දායකත්වය ලබා දෙනවා.

 

සංචාරක වාර්තාකරුවෙන් වෙන නීල් ඔලිවර් තමන්ගේ බිරිඳ එක්ක තායිලන්තයේ තියෙන “කෝකුට්” කියන දූපතට එන්නෙ ඒ දූපත් වාසීන්ගේ සැණකෙලියක් ගැන වාර්තාවක් කරන්න. ඉතිං මේ දෙන්නා මෙහෙන් පිටත් වෙන්න තියෙන දවසේ උදේ ඇහැරෙද්දී හොඳටම පරක්කු වෙලා, ඒ වගේම ක්‍රිස්ටින්ගේ බෙල්ලේ තැලුම් පාරවලුත්, නීල්ගේ අතේ ලේ එක්ක මඩත් ගෑවීලා තියෙනවා. මෙයාලට කලින් දවසේ උන කිසිම දෙයක් මතකත් නෑ, හරියට The Hangover (2009) ෆිල්ම් එකේ වගේ. කොහොමින් හරි බෝට්ටුවෙන් ප්‍රධාන ගොඩබිමට යන්න හදද්දි තමයි දැනගන්න ලැබෙන්නේ මෙයාලගේ පාස්පෝටුත් හොරකම් කරලා කියලා. ඒ නිසා මෙයාලට බෝට්ටුවත් මඟ හැරෙනවා. ආපහු බෝට්ටුවක් තියෙන්නේ රෑ 7.00ට, ඊටකලින් මෙයාලට පාස්පෝට් හොයාගන්න වෙනවා. ඉතිං මෙයාලා කලින් දවසේ උන දේවල් ගැන මතක් කරන්න උත්සහ කරද්දි නීල්ට එයාගේ කැමරාව ගැන මතක් වෙනවා. ඉතිං මේ දෙන්නා කැමරාව පරීක්ෂා කරද්දි ඒකේ තිබිලා පැය ගානක් දිග වීඩීයෝ එකක් හම්බෙනවා. එක බැලුවම තමයි මෙයාලට දෙලෝ රත් වෙන්නේ. ඒ වීඩීයෝ එකෙන් කලින් දවසේ උන දේවල් ගැන දැනගන්න ලැබෙනවා වගේම මෙයාලව අද්භූත ප්‍රශ්නෙකට වැටෙනවා. 

මේ වීඩීයෝ එකේ තියෙන්නේ මොනවද ? කලින් දවසේ මෙයාලා මොකද කරේ ? නීල්ටයි, ක්‍රිස්ටීන්ටයි මේ දූපතෙන් යන්න පුළුවන් වෙයිද ? ඒ ඔක්කොටම උත්තර දැනගන්න මේ චිත්‍රපටය නරඹන්න කියලා ඔයලාගෙන් ඉල්ල්නවා. ඒ වගේම මට මේ ෆිල්ම් එක වෙන් කරලා දුන්න අපේ සිසිල ප්‍රසාද් සහෝටත් ස්තූති කරනවා. ඔයාලත් කොමෙන්ටුවක් දාගෙන යන්න එහෙනම්, ආපහු උපසිරැසියකින් හම්බෙමු.

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

10,221 downloadsDownload Death-of-Me-2020.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

10,221 downloadsDownload Subtitles31 KB

23 comments

  1. Lakshansilva18

    thanks for subtitles

    requests-

    in the name of the father
    primal fear
    k pax
    natural born killers
    frailty
    devils advocate
    arlington road

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Hashan

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    Crimes that Bind 2020 film එකටත් සබ් දෙන්න පුළුවන් නම්

  4. Hashan M. Priyadarshana

    Request:
    * The Curse of Audrey Earnshaw (2020)
    * Broil (2020)
    * Solum (2019)
    * The Decline (2020)
    * Hubie Halloween (2020)
    * Books of Blood (2020)
    * The Lie (2020)
    * The Crimes That Bind (2020)

  5. Pramod

    Thanks saho jaya weva.

  6. Suranjan

    Thanks.....jayawewa......!

  7. indika75

    thanks..

  8. Anonymous

    sub eka wada natha

    1. යුරාන් ධනුක (දනුවා)

      ප්ලේයර් එක මොකක්ද ?

  9. Randima Niwantha

    bro sub wada naha

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Dinesh Madhuwantha

    18+ එකක්ද..කට්ටිය එක්ක බලන්න පුලුවන්ද

  12. Malith Samarawickrama

    බොහොම ස්තුතියි යුරාන් මල්ලි උපසිරැසියට.

  13. vihaga

    sub wada natha..

  14. Anonymous

    sub wada na bro. Malith Samarawickrama< oya sub eka wada nam poddak mata kiyanna

  15. යුරාන් ධනුක (දනුවා)

    සබ් එක වැඩ නැති අය KM Player එක නැතුව
    වෙන Player එකක් ට්‍රයි කරලා බලන්න.

  16. Thisaru

    අඩෝ මෙලෝ තේරුමක් නැති ෆිල්ම් එකක් බන්.ඔය වගේ ඒවට සබ් කරන උබේ කාලෙත් අපේ කාලෙත් අපරාදෙ බන්.හොද ටිකක් කරපන්

  17. Uvindu Induwara

    බොහෝම ස්තූතියි සිංහල උපසිරසට.

  18. Anonymous

    Thank you bro

  19. Dewadithya

    Thanks for sub!

  20. Sathsara sandakelum

    Repeaters 2010 sinhala subtitles dentako

  21. Anonymous

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.