ආයුබෝවන් හැමෝටම.. ඔන්න මං තවත් සිංහල උපසිරසියක් අරගෙන සිංහල උපසිරසි මහ ගෙදරට ආවා. මේක 1997 තිරගත වුන සටන් පිරි ත්‍රාසජනක චිත්‍රපටයක්. ටෝබි වොන්ග් හොංකොං විශේෂ නියෝජිතයෙක්. ඔහුගේ පපුවේ සවි කර ඇති විශේෂ ජෛව උපාංගය නිසා ඔහු වේගවත්, කාටවත් විනාශ කරන්න බැරි පුද්ගලයෙක්. හොංකොං චීන පාලනයට ආ පසු ඒ උපකරණය ච…

ආයුබෝවන් හැමෝටම.. ඔන්න මං තවත් සිංහල උපසිරසියක් අරගෙන සිංහල උපසිරසි මහ ගෙදරට ආවා. මේක 1997 තිරගත වුන සටන් පිරි ත්‍රාසජනක චිත්‍රපටයක්.
ටෝබි වොන්ග් හොංකොං විශේෂ නියෝජිතයෙක්. ඔහුගේ පපුවේ සවි කර ඇති විශේෂ ජෛව උපාංගය නිසා ඔහු වේගවත්, කාටවත් විනාශ කරන්න බැරි පුද්ගලයෙක්. හොංකොං චීන පාලනයට ආ පසු ඒ උපකරණය චීනුන් ලබා ගැනීමට වොන්ග් අකමැති නිසාම ඔහු ඇමරිකාවට එන්නේ ඔහුගේ මේ උපාංගය ලොස් ඇන්ජලීස් සමාගමකට විකුණා ඩොලර් මිලියන 5ක් ලබාගන්නයි. නමුත් චීන පාලකයන්ට අවශ්‍ය මොහුව පණ පිටින් අල්ලා උපකරණය ලබා ගැනීමයි. එය ඔහුට වාසියක් වෙන්නේ සටන් වලින් ඔහු ඉතා වේගවත් නිසයි. ඇමරිකාවට එන වොන්ග් ට එකතුවෙන අපූරු යාළුවා තමයි මලික් බ්‍රෝඩි. ඉතින් මේ දෙන්නගේ ත්‍රාසජනක මෙහෙයුමේ අවසානය ඔයාලත් බලන්න.
මෙහි ටෝබි වොන්ග් ලෙස රංගනයෙන් එකල සුපිරි ක්‍රියාදාම සටන් නළුවකු වන Mark Dacascos එකතුවෙන අතර මලික් බ්‍රෝඩි ලෙස Kadeem Hardison එකතුවේ. ඊට අමතරව Brittany Murphy, Tracey Walter සහ John Pyper-Ferguson රංගනයෙන් දායක වේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Steve Wang සහ තිර රචනය Scott Phillips. සංගීතය Walter Werzowa, කැමරාව Michael Wojciechowski සහ සංස්කරණය Ivan Ladizinsky ගෙනි. චිත්‍රපටය 1997 අගෝස්තු 04 වන දා ජර්මනියේදී මුලින්ම තිරගත වී ඇත. විනාඩි 99ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය සඳහා IMDb 6.8 ක් ලබාගෙන ඇති අතර, Rotten Tomatoes අගය 68% ක් ලබා ඇත.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,708 downloadsDownload Drive-1997.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
11 comments
geeganagamage
indika75
thanks..
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
PriNcENiSh
Upasirasata sthuthi. Yts eke dan hindi tamil film walata brrip denawa. E tikata update tikak denna puluwanda. Thanks
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Udara Damith Dissanayaka
maru
Buddhika Lakmal
ස්තූතියි මචං සබ් එකට
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
Thanx bro........
Dewadithya
Thanks for sub!
Advertisement
බොහොම ස්තුතියි නියම වැඩක්