Watch Trailer

Hidden Figures (2016) Sinhala Subtitles | සැඟවුණු දක්ෂයින් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ටික දවසකට පස්සේ නැවතත් උපසිරසියක් අරගෙන ආවා ඔන්න. බය නැතුව කියනවා මේක සුපිරිම කතාවක් කියලා. සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කරපු, අදායම් වාර්තා පිහිටවපු නිර්මාණයක් කිව්වොත් වඩාත් නිවැරදියි. 2016 නිකුත් වුණු ෆිලුමක් වුනත් කවුරුත් උපසිරසියක් නිර්මාණය කරලා තිබුණේ නැහැ. ඉතින් මං මේ…

ආයුබෝවන් හැමෝටම! ටික දවසකට පස්සේ නැවතත් උපසිරසියක් අරගෙන ආවා ඔන්න. බය නැතුව කියනවා මේක සුපිරිම කතාවක් කියලා. සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කරපු, අදායම් වාර්තා පිහිටවපු නිර්මාණයක් කිව්වොත් වඩාත් නිවැරදියි. 2016 නිකුත් වුණු ෆිලුමක් වුනත් කවුරුත් උපසිරසියක් නිර්මාණය කරලා තිබුණේ නැහැ. ඉතින් මං මේක භාරගත්තා. හසන්ත වික්‍රමරත්න සහෝගෙ අනුදැනුම ඇතිව මේක ඉවර කළා. ඒ වගේම සමීර කරුණාරත්න සහෝවත් මතක් කරන්න ඕනෙ. ලිපිය තව ටිකක් ආකර්ෂණිය කරමු කියල අදහසක් දාල මේක සම්පුර්ණ කරන්න කරපු උදව්වටත්.

බයිස්කෝප් එකේ විස්තරයට යන්න කලින් යටගිය දවස සිදුවුණු අතීත කතාව ටිකක් කියල ඉන්නම්. 1950, 1960, 1970 සහ 1980 කියන්නේ ලෝක වාසීන්ට අලුත්ම අත්දැකීම් රැසක් දුන්න දශක කීපයක්. විශේෂයෙන්ම ඇමෙරිකානුවන්ටත් සෝවියට් වාසීන්ටත් ගොඩක් වැදගත් දශක කීපයක්. මේ කාලය තුල තමයි මේ බලවතුන් පෘථිවියට අමතරව තමන්ගේ බලය එතනින් එහාටත් පතුරවන්න ඕනේ කියල අභ්‍යවකාශයට යන තරඟය ආරම්භ කලේ. කොහොමහරි ඇමෙරිකාව මේ තරඟයෙන් පරද්දල රුසියාව 1957දි ලොව ප්‍රථම කෘතීම චන්ද්‍රිකාව වන Sputnik 1 කක්ෂගත කරන්න සමත් වෙනවා. ඒ වසරේම අමෙරිකාවත් චන්ද්‍රිකාවක් යවන්න උත්සහ කලත්, එය දියත් කරන අවස්ථාවේම පුපුරා විනාශ වුනා. නමුත් කොහොමහරි 1958දි අමෙරිකාවත් සාර්ථකව Explorer 1 චන්ද්‍රිකාව කක්ෂගත කරන්න සමත් වෙනවා. ඔන්න දැන් දෙපිලම කරට කර තරඟයකට එකතු වෙනවා. දැන් මේ දෙගොල්ලන්ගේම උත්සාහය මිනිසෙක් අභ්‍යවකාශයට රැගෙන ගොස් සාර්ථකව නැවත රැගෙන ඒම. කොහොමහරි රුසියාව ඇමෙරිකාවට වඩා මේ අවධියේ ඉදිරියෙන් සිටියා. ඔවුන් චන්ද්‍රිකා රැසක් මේ කාලයේ කක්ෂගත කරන්න සමත් වෙනවා. ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මේ ගැන නාසා එකෙන් ප්‍රශ්න කළා විතරක් නෙමේ. ඉක්මන් ප්‍රතිචාර පවා බලාපොරොත්තු වුනා. ඉතින් නාසා එක විවිධ ආකාරයේ පිරිස් සේවයට් බඳවා ගත්තා. ඔන්න දැන් අපි කතාවේ කතා වෙත යොමු වෙන්න ලඟයි.

අභ්‍යවකාශ තරඟයක් තිබුණා වගේම ඇමෙරිකාව ඇතුලේ තවත් ලොකු ප්‍රශ්නයක් මේ අවධියේ තිබුනා. ඒ තමා කළු සුදු අර්බුදය. අද ලෝකේ වටේම යුධ අපරාධ, මානව හිමිකම් ගැන හොයන ලෝක පොලිස්කාරය නැත්තන් මේ ඇමෙරිකාව එදා මේ කළු ජාතික මිනිස්සුන්ට නොසෑහෙන්න වෙනස්කම් කළා. කළු ජාතිකයින්ට වෙනමම පාසල්, වෙනම පුස්තකාල, බස් එකක් ගත්තත් පසුපස ආසන පමණක් කළු ජාතිකයන්ට වෙනකලා. කොටින්ම කළු ජාතික මිනිස්සුන්ට වෙනම වැසිකිලි පවා වෙන්කරලා තිබුණා. මේ වගේ අවධියක තමා කැතරින් ගෝබ්ල් කියන බුද්ධිමත් ගෑණු කෙනෙක් ජිවත් වුනේ.කුඩා කාලේ ඉඳන්ම ගණිතයට ඉතාම දක්ෂ මේ ගෑනු ළමයා අන්තිමට නාසා එකේ කාර්ය මණ්ඩලයට එකතු වෙනවා. හැබැයි තනියෙන් නෙමේ. එයාගේ හොඳ යාලුවෝ දෙන්න මේරි ජැක්සන් සහ ඩොරති වෝන් එක්ක තමා මෙයා ඉන්නේ. එලෙක්ට්‍රොනික් පරිගණක නොතිබුන අවධියක් වුන මේ කාලේ ගණනය කිරීම් සියල්ල කලේ මිනිස්සු. මේ කළු ජාතික අයව ඒ නිසා පරිගණක කියන නමින් හැඳින්වුවා. කැතරින්ගේ දක්ෂකම නිසා මිනිසෙක් අභ්‍යවකාශයට යවන්න වැඩ කටයුතු කරන Space Task Force නැතිනම් අභ්‍යවකාශ කාර්ය සමුහයට එකතු වෙන්න කැතරින්ට අවස්ථාව ලැබෙනවා. නමුත් එතන හිතන තරම් සුන්දර නැහැ. නොයෙක් විදිහේ වෙනස්කම් වලට ලක්වෙන්න කැතරින්ට සිදු වෙනවා. ඇයට පාවිච්චියට වැසිකිළියක් ඒ අවට නැහැ, ඇය එතන ඉන්න සුද්දන්ගේ කෝපි පෝච්චියෙන් කෝපි ගන්නවටවත් එතන අය කැමති නැහැ. දවසක මේ දේවල් ඉවසන්න බැරිම තැන වෙන වචන හුවමාරුවක් නිසා ඇයට යම් සාධාරණයක් ඉෂ්ට වෙනවා. කැතරින් වගේම අනිත් යාලුවෝ දෙන්නත් මේ විදිහෙම ප්‍රශ්න වලට මුහුණ දෙනවා. මේරි ජැක්සන්ගේ එකම ආසාව නාසා එකේ ඉංජිනේරුවරියක් වෙන එක. නමුත් ඇය කළු ජාතික කාන්තාවක් නිසා එයට කොහෙත්ම ඉඩක් නෑ. ඒත් ඇගේ උත්සාහය නිසා අධිකරණ සහය ඇතිව ඒ වෙනුවෙන් මහන්සි වෙන්න පටන්ගන්නවා. අනෙක් කෙනා තමා ඩොරති වෝන්. ඉතාම බුද්ධිමත් කාන්තාවක් කිව්වොත් වඩාත් නිවැරදියි. යන්ත්‍ර සුත්‍ර වැඩ කටයුතු වලට ඇය ගොඩක් දක්ෂයි. නාසා වලට රැගෙන ආපු පළමු පරිගණකය එය නිර්මාණය කරපු සමාගමේ ක්‍රියාකරුවෙක්ට පවා වැඩ කරවන්න බැරි වුන වෙලාවේ ඩොරති ඒක ඉතාම ඉක්මනින් වැඩ කරවන්න සමත් වෙනවා. නැවතත් අතීතයට…

මේ අතරතුර තමා රුසියාව පලවෙනි වතාවට මිනිසෙක් අභ්‍යවකාශයට රැගෙන ගොස් ආපසු රැගෙන එන්නේ. යුරි ගගාරින් අභ්‍යාවකාශ ගතවුණු පළමු මිනිසා ලෙස ඉතිහාසගත වුණා. මේක ඇමෙරිකාවට දරාගන්න බැරිවුණා. ඔවුන් තමන්ගේ වැඩ ඉක්මන් කරන්නේ මේ අතරේ තමා. නමුත් ඔවුන්ගේ මිනිසුන් රහිත යානා පරීක්ෂණ රැසක් අසාර්ථක වුනා. අවසානයේ ඇලන් ෂෙපර්ඩ් අභ්‍යවකාශයට ගිය පළමු ඇමෙරිකානුවා ලෙස 1961දි ඉතිහාසගත වුනා. ඇමෙරිකාවේ මීලග ඉලක්කය වුනේ. මිනිසෙක් පෘථිවි කක්ෂය වටා රැගෙන යන්න. ඒ ව්‍යාපෘතිය වඩාත් සංකීර්ණ එකක් වුනේ ඒ ආකාරයේ යමක් මිට කලින් සිදුකර නොමැති වීමත් ඒ සඳහා අවශ්‍ය ගණිත ක්‍රම අලුතින් සොයාගත වූ නිසාත්ය.මෙන්න මේ අවස්ථාවේ තමා කැතරින් ගෝබල් ජොන්සන් කියන සුපිරි බුද්ධිමත් කාන්තාවගේ දායකත්වය නාසා එකට ලැබෙන්නේ. IBM පරිගණකයක් නාසා වෙත ගෙනවිත් එයින් ගණනය කිරීම් කලත් අවසානයේ ඒවයේ තිබුණු නොගැලපීම් නිසා කැතරින් සිය මනසින් ගණනය කල දත්ත යොදාගන්න නාසා එකට සිද්ධ වුනා. මෙහෙයුම අවසානයේ පරිගණකය කැතරින් හමුවේ පරාජය වුනා. ඇගේ ගණනය කිරීම් 100% නිවැරදියි. ඇගේ දායකත්වයත් සමග පෘථිවි කක්ෂය වටා ගමන් කල පළමු මිනිසා ලෙස John Glenn ඉතිහාස පොතට එක්වුණා. මේ තීරණාත්මක එමෙන්ම සාර්ථක මෙහෙයුමෙන් පස්සේ ඇමෙරිකාව අභ්‍යවකාශ තරඟයේ පෙරමුණ ගත්තා. ඔවුන් දිගින් දිගටම විවිධ මෙහෙයුම් සිදු කළා. ඔවුනේ ඊලග ඉලක්කය වුණේ සඳ තරණය කිරීමයි. ඒ සඳහා ඇපලෝ (Apollo) නමින් ව්‍යාපෘතියක් ආරම්භ කළා. එය 1967දි ආරම්භ වුනා. කොහොමහරි අවසානයේ 1969 ජුලි 20 වනදා පළමු මිනිස් ස්පර්ශය සඳ මත සිදුවුණා. නීල් ආම්ස්ට්‍රෝන්ග් සඳ මත පා තැබූ මුල්ම මිනිසා බවට පත්වුණා. ඊට පස්සේ තවත් ඇපලෝ මෙහෙයුම් කීපයක්ම සාර්ථකව සිදු කළා. ඉන්පසු දීර්ඝ කාලීනව භාවිත කල හැකි අභ්‍යවකාශ යානා නිර්මාණය කරන්න ඇමෙරිකාව පිවිසුනා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ෂටල යානා භාවිතයට පැමිණියේ. ඒ නිසා නිර්මාණය වුනු ලොව ප්‍රථම අභ්‍යවකාශ ෂටල යානය වෙන කොලොම්බියා යානය 1981 අප්‍රේල් 12 වනදා සිය පළමු චාරිකාව සිදු කළා. මේ ඉහතින් සඳහන් කල සෑම ව්‍යාපෘතියක්, මෙහෙයුමක් සඳහාම දායකත්වය ලබා දුන්නු පුද්ගලයින් තුන් දෙනෙක් තමා මේ කළු ජාතික කාන්තාවෝ තුන්දෙනා. විශේෂෙන්ම කැතරින් නොමැති නම් මේ මෙහෙයුම් සියල්ලම වුනත් අසාර්ථක වෙන්න ඉඩ තිබුනා. කොහොමහරි අවසානයේ මේරි ජැක්සන් නාසා ආයතනයේ පළමු අප්‍රිකානු අමෙරිකානු ඉංජිනේරුවරිය බවට පත්වෙන්න අවස්ථාව ලබා ගන්නවා. එතනින් ඇය නවතින්නේ නෑ සියලුම කාන්තාවන්ට සාධාරණය, සමානාත්මතාවය ලබාදෙන්න ඇය ලොකු සටනක් කළා. ඒ වගේම තමා ඩොරති වෝන්. ඇය නාසා ආයතනයේ පළමු කළු ජාතික සුපර්වයිසර්වරිය බවට පත්වෙනවා. ඒ කාලයේ නාසා ආයතනයේ සිටිය බුද්ධිමත්ව පුද්ගලයෙක් විදිහට ඇයව සැලකුවා. කැතරින් ජොන්සන් අදටත් නිරෝගිව ජිවත් වෙනවා. නමුත් මේරි ජැක්සන් සහ ඩොරති වෝන් දෙදෙනාම මිනිස් සමාජයට විශාල සේවයක් සිදුකරල මතකයන් රැසක් ඉතුරු කරලා ජිවිත වලින් සමු අරන් ඉවරයි.

ඉහලින් මං මේ කිව්ව විස්තරය තවත් දීර්ඝව රසවත්ව චිත්‍රපටියක් බවට පත්වෙලා එය තමා Hidden Figures නමින් රසිකයන්ට දායාද වුනේ. ඩොලර් මිලියන 236ක දැවැන්ත අදායමක් මේ චිත්‍රපටය ලබල තියෙනවා. ඒ වගේම Imdb මීටරේ 7.8 කට කැරකිලා තියෙනවා. ඒ විදිහට ප්‍රතිචාර තියෙන නිර්මාණයක් තමා මේක. ඉතින් මුල ඉඳන් අගටම කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිලුමක්. රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරනවා. ආයෙත් තවත් උපසිරැසියක් සමග හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

7,107 downloadsDownload Hidden-Figures-2016.zip67 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/Amila-Kalhara-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල කල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අමිල කල්හාර

Subtitles

7,107 downloadsDownload Subtitles67 KB

44 comments

  1. samzR

    Thanks for the sub

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. tharindu gunarathna

    thanks mcn

  4. Nirosh C

    ස්තුතියි අමිල සහෝ.ජයවේවා!

  5. Kanchaka

    Thanks bro

  6. thusithaltr

    අපූරු සිනමා නිර්මාණයක් උපසිරැසි ගන්වා අප සමඟ බෙදා හදා ගත්තාට බෙහෙවින් ම තුති!

    1. අමිල කල්හාර

      රස වින්දනය කළා නම් එච්චරයි සහෝ. ජය.

  7. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. අමිල කල්හාර

      බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි!

  8. chinthaka sampath

    Thank U Bro.............උපසිරැසියට ගොඩක් ස්තුතියි..............ස්තුතියි අමිල

  9. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

    1. අමිල කල්හාර

      ස්තුතියි.ජයවේවා සහෝ!

  10. Solitha054

    අඩේ යාලුවා...සබ් එක බාන්න බෑනේ මචං
    ස්තුතියි සබ් කරනවට.

    1. අමිල කල්හාර

      පුළුවන් සහෝ. නෙට්වර්ක් අවුලක්ද කියල බලන්න පොඩ්ඩක්. ලින්ක් වල අවුලක් නෑ

  11. jagath55

    Thanks

  12. acerio

    සහෝ ෆිල්ම් එක බලලා ඇවිල්ලා මේ කමෙන්ට් එක දාන්නේ,
    සබ් එක සුපිරියටම කරලා තිබ්බා.
    පැහැදිලි කිරීම් නියමයි,
    07 වෙනි එක මෙහෙම නම් 50,100 වෙද්දි කොහොම වෙයිද?
    සුපිරි...
    හැමෝටම මේ ෆිල්ම් එක බලන්න කියලා කියනවා.
    ජය වේවා සහෝ...

    1. අමිල කල්හාර

      බොහොම ස්තුතියි සහෝ අදහසට. වචන ටිකම ඇති. ජයවේවා!

  13. D.Chamara

    bohoma sthuthi sahooo jaya

    1. අමිල කල්හාර

      ස්තුතියි සහෝ! ජයවේවා!

  14. pannila

    got it .Thanks dear

    1. අමිල කල්හාර

      You are so welcome

  15. JackJill

    wow meka patta movie ekak...man kalin balala thiyenawa.mekata sub eka denna godak kal giya Biscope eken.
    apahu balanwa sinhala sub ekath ekka
    puluawanm me wage hoda movies walata thawa sub eka karanna
    thanks lot!

    1. අමිල කල්හාර

      අනිවාර්යයෙන්ම සහෝ! ස්තුතියි.

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. අමිල කල්හාර

      බොහොම ස්තුතියි රොයිලි අයියේ!

  17. ranga11112

    උපසිරසියට ස්තුතිය සහෝ

  18. ricadodamien

    wow, what a beautiful it was & i personally requested this movie from your fb page. THANK YOU Amila Kalhara & baiscoep team for your great work. All The Best to Baiscope team & god bless u all............

    1. අමිල කල්හාර

      Thank you bro.

  19. siyath dasanayaka

    Thank you very much bro

    1. අමිල කල්හාර

      You are so welcome bro

  20. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  21. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  22. AsithaDilruwan

    ela ela thanks
    lassana lipiyak
    godaaak pin.
    meka godak kal bagena dan..

  23. jessybmlt

    elamaa machnnn

  24. Lt.Snk

    thank you for bringing considerable movies. well done!

  25. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අමිල සහෝ.
    ජයෙන් ජය.

  26. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  27. wcr

    Thank you!

  28. Nidi

    කොට අදින - වෙහෙස වෙන
    අය කොහෙද පෙරහරේ?
    ක්‍රෙඩිට් එක ගන්න නම්
    ගොඩක් අය බලු පොරේ

    ලජ්ජ නැති - සංගෙ නැති
    අය ඉඳිති; සිටියෝය මිහි මතේ
    හැබෑ විරු දනන් වෙත
    අමිල පිදුමක්ය මේ!

    ඔයාට ගොඩක් ස්තුතියි අමිල!

  29. MAALnath

    Thanks .................good luck ........................

  30. Waruna Kamalawansha

    නියමයි බොහෝම ස්තූති

  31. pawan balasooriya

    Superb film & Superb subtitiles, Good luck

  32. rev

    thank u

  33. Anonymous

    Thank you