ලිපිය ලියන්න කොහෙන් කොහොම පටන් ගන්නද කියලා උපසිරැසිය කරන අතරෙත් කල්පනා කලා. දැන් නම් වචන එන්නෙත් නැති ගානයි. අද මම ඔයාලට අරගෙන එන්නෙ මගෙ උපසිරැසි ජීවිතේ දෙවනි කඩයිම කෙලින්ම කියනවනම් 100 වෙනි උපසිරැසි නිර්මාණය (දැන් නම් 100 පහුවෙලා) ආසාවට උපසිරැසියක් කලාට මෙච්චර දුරක් එන්න හීනෙකින්වත් හිතුවෙ නැ. ඒ ව…

ලිපිය ලියන්න කොහෙන් කොහොම පටන් ගන්නද කියලා උපසිරැසිය කරන අතරෙත් කල්පනා කලා. දැන් නම් වචන එන්නෙත් නැති ගානයි. අද මම ඔයාලට අරගෙන එන්නෙ මගෙ උපසිරැසි ජීවිතේ දෙවනි කඩයිම කෙලින්ම කියනවනම් 100 වෙනි උපසිරැසි නිර්මාණය (දැන් නම් 100 පහුවෙලා) ආසාවට උපසිරැසියක් කලාට මෙච්චර දුරක් එන්න හීනෙකින්වත් හිතුවෙ නැ. ඒ වුනත් අර හැමෝම කියන්නැහෙ මේක කොටි වලිගෙ අල්ල ගත්තා වගේ ඉතිං මාත් ඒ කොටි වලිගෙ දැං අවුරුදු දෙක්කට කිට්ටු කාලයක් තිස්සෙ අල්ලගෙන ඉන්නවා. මේ ආව ගමනෙදි බයිස්කෝප් අඩවියේ බොහෝ දෙනෙක් දැන අදුන ගන්න ලැබුනා, එයාලව මතක් නොකලොත් අඩුවක් වෙයි කියලා හිතනවා. මුලින්ම අපෙ ඇඩ්මින් මණ්ඩලය මතක් කරලා ඉන්නම්,
මුලින්ම මට හම්බවුනේ සමීර කරුණාරත්න අයියා (හම්බවුනා කිව්වට මේල් කලේ) ඊට පස්සෙ අශාන් විමුක්ති(විමා)| සමන් ප්‍රසාද්(පූසා)| හසන්ත වික්‍රමරත්න අයියා (හසායියා තමයි කට්ටියගෙ අඩුපාඩු පෙන්නලා නොදන්න දෙයක් ඇහුවොත් කියලා දෙන්නෙ)| සමීර චතුරංග අයියා| රොයිලි අයියා| ආසිරි ප්‍රියන්ත අයියා| ප්‍රණීත් චින්තක රණසිංහ සහෝ| යශෝධ ශ්‍රීමාල් අයියා| සුධීර මාලන් අයියා| නිර්මාණි අක්කා| අසංක ප්‍රදීප් රණතුංග හෙවත් ලෝගන් අයියා| සිසිල අයියා| මේ වෙලාවෙ මතක් කරනවා. කාව හරි මගෑරිලාද කියලත් හිතයි. ඒ වගේම බයිස්කෝප් මංසල ඇදගෙන යන තිසර අයියවත් චාමර සම්පත් සහෝවත් මතක් කරනවා. කියන්නම ඕන මුල්ම වතාවට මගෙ උපසිරැසියක තිබ්බ අඩුපාඩු දැකලා ඒවා නිවැරදි කරලා දුන්න සඳුන් ධනුෂ්ක අයියවත් මතක් කරනවා.
ඒ වගේම තමයි බයිස්කෝප් අඩවිය නිසා යාළුවො ගොඩ දෙනෙක් හම්බවුනා. මූණට මූණ හම්බවෙලා නොතිබුනත් උබ බං බොලං ගාලා ෆිට් එකේ ඉන්න සෙට් එකක්ම ඉන්නවා මතක් කරන්න. මේ විදිහට මතක් කරන් යන්නම්,
ඉස්සරලම මූව මතක් කරන්නෙ මුලින්ම මිනිහව මතක් කරන්න කියලා කරපු ඉල්ලීමට, ඒ වගේම මුලට විශේෂණ පදේකුත් දාන්න කිව්වා. ඒ තමයි, “හොරර්” දිල්ශාන් සචින්ත| චාමර සම්පත් සහෝ| ප්‍රදීප් අනුරුද්ධ හෙවත් ලියෝ| රවිදු රුක්ෂාන් මලයා| නිලුපුල් මධුකප්‍රිය හෙවත් ටියුබ්| නුවන්ත දුලාන් සහෝ| ඉසුරු දිල්ශාන් සහෝ| අචින්ත උදයංග සහෝ|දේවක අයියා|ප්‍රණීත් නාවලඇල්ල සහෝ| සසිත් සදරුවන් සහෝ| යසිරු කපුරුසිංහ සහෝ| ඒ වගේම හෙළිලි හේමමාලි අක්කා (නම හරිද මංදා)| මයුර සුරාජ් සහෝවත් | පූර්ණි අක්කා වත් නම් මතක් වෙන්නෙත් නැ, අහන්නත් දෙයක්ද රෑ 12 පහුවෙලා මේක ටයිප් කරද්දි. කාව හරි හැලිලා නම් සොරි වෙන්න ඕනා.
මගෙ 100 වෙනි කඩයිම වෙනුවෙන් තමන් අමාරුවෙන් වෙන් කරගත්ත ෆිල්ම් එක මට කිසිම පැකිලීමකින් තොරව ලබා දුන්න අපෙ විමාට මගෙ හදපිරි මෙව්වා එක. තෑන්ක්ස් ආ දුන්නට. ඒ වගේම ඉංග්‍රීසි උපසිරැසියක් නැතිව හිටපු වෙලාවෙ කිව්ව සැනින් ඩච් සහා ඉන්දුනීසියන් උපසිරැසි දෙකක් ඉංග්‍රියියට පරිවර්තනය කරලා දුන්න හසායියටත් බොහොම ස්තූතියි.
තවත් කියවන්න යන්නෙ නැහැ. ඕනවට වඩා ලිපිය දිග්වෙන නිසා.

මේඅරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගොඩ දෙනෙක් සෑහෙන කාලයක් තිස්සෙ බලාගෙන ඉදපු The Maze Runner චිත්‍රපට මාලාවෙ තුන්වැනි චිත්‍රපටිය. කට්ටිය ඉතිං මීට කලින් ආව The Maze Runner (2014) සහා Maze Runner: The Scorch Trials (2015) චිත්‍රපටි දෙක බලලා ඇතිනෙ. නැත්නම් ඉතිං බලන්න කියලා කියනවා. හරි ඉතිං ඒවා ගැන ආයෙ කියන එක තේරුමක් නැ අපි පොඩ්ඩක් විස්තර හොයලා බලමු Maze Runner තුන්වන චිත්‍රපටිය පිළිබඳව.
Maze Runner: The Death Cure චිත්‍රපටිය රිලීස් කරන්න සැලසුම් කරලා තිබුනෙ 2017 පෙබරවාරි 17 වෙනිදා ඇමරිකාවෙදි ඒ 20th Century Fox ලා විසින්. මේ චිත්‍රපටියෙ බෙදා හැරීම් කටයුතු සිද්දවෙන්නෙ 20th Century Fox ආයතනය හරහා. හැබැයි ස්ටූඩියෝ එක ආපහු ෆිල්ම් එක රිලීස් කරන එක 2018 ජනවාරි 26 වෙනකල් කල් දැම්මා, ඊට පස්සෙ IMAX සිනමා ශාලාවල තමයි ප්‍රදර්ශනය ආරම්භ වුනේ. කොහොමහරි අපිට කිව්ව දවසට වඩා අවුරුද්දක් බලන් ඉන්න වුනා චිත්‍රපටිය නිදහස් වෙනකල්. මේකට හේතුව මං හිතන්නෙ චිත්‍රපටිය අතරතුරේ Dylan O’Brien ට වුන අනතුරක්, හරියටම කියන්නෙ නම් දන්නැ. ඉතිං විචාරකයින්ගෙ හොද නරක අතරෙ Maze Runner: The Death Cure චිත්‍රපටිය ලොව පුරා තිරගතවෙමින් ඩොලර් මිලියන 283 ට වැඩි ආදයමක් ලබන්න මේ අනකොට සමත් වෙලා තියෙනවා. ඒ වගේම IMDb මීටරේ 6.8/10 අගයකුත් කුණු තක්කාලි දර්ශකයෙ 42% අගයකුත් වාර්තා කරන්න සමත්වෙලා තියෙනවා.
මේ පාර කතාව ගැන කියනවනම්, මතකනෙ Maze Runner: The Scorch Trials (2015) චිත්‍රපටියෙ අන්තිමට තෙරේසා තෝමස් ඇතුලු පිරිසට ද්‍රෝහිවෙලා අන්තිමට මින්හෝවත් අරගෙන විකෙඩ් එකත් එක්ක යනවා. දැන් ආය කියන්න ඕන ඕන නෑනෙ විකෙඩ් කියන්න මොකක්ද කියන කාරණේ. ඉතිං ඊට මාස ගානකට පස්සෙ හොදට සැලසුම් කරලා තම්යි තෝමස් ඇතුලු පිරිසක් කෝච්චියකට පහර දීලා කෝච්චියෙ පෙට්ටියක් උස්සන්නෙ. මේකට ලොකු ගේමක් දෙනවා මෙයාලා. මේ කෝච්චියෙ තමයි විකෙඩ් එක ප්‍රතිශක්තිය තියෙන අර වංකගිරියෙන් අල්ල ගත්ත ළමයින්ව ගෙනියනෙ. ඉතිං මේ එකක් ඇතුලෙ මින්හොත් ඉන්නවා. ඉතිං කොහොම හරි තෝමස්, වින්ස්, බ්‍රෙන්ඩා ඇතුලු පිරිස මෙයින් එක පෙට්ටියක් අරගෙන යනවා. අරන් ගිහින් බැලුවම ඒ ළමයි හිටිය වුනත් තෝමස් බලාපොරොත්තු වෙච්ච කෙනා නම් ඇතුලෙ ඉන්නෙ නැ. මේ බේරගත්ත ළමයින්ගෙන් දැන ගන්න තොරතුරු වලින් තෝමස් හදන්නෙ මින්හෝම බේරගන්න යන්න. මෙතන ඉදන් තමා කතාව රසවත් වෙන්න ගන්නෙ. ඉතිං ඔයාලම බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් Agents.of.S.H.I.E.L.D හමුවෙමු. ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HD /Web/Blu-Ray පිටපත් සඳහා අදාල වේ.
70,204 downloadsDownload Maze-Runner-The-Death-Cure-2017-Blu-Ray.zip160 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Lahiru-e1521354396401.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
285 comments
akalanka1998
හසන්ත වික්‍රමරත්ත
100 වෙනි උපසිරසට සුබ පැතුම් ලහිරු මල්ලි. සයිට් එකේ ඉන්න තවත් නැගී එන තරුවක්. සැහෙන්න කැපවීමකින් සහ උවමනාවකින් මේ වැඩේ කරන සහ තමන් කරන දේ වගකීමකින් කරන තවත් හොඳ උපසිරසිකරුව්ක් කිව්වොත් වඩාත් නිවැරදියි. දඉදිරි වැඩකටයුතු වෙනුවෙන් හදවතින්ම සුබ පතනවා! ජය!
surendra
subha patum 100 *****
Virajudara
Thanxx Broo sab ekata,, film eka pereda idan aran tgiyan hitiye ada balanna puluwan thanx, man baiscope eken sub download karanne aurudu 2ka idan ithin Oyala me kalayath waya karan karanne kiyala nima karanna bari Loku dekak "Godaaak Thank You Oyalata"...Plzz Naked 2017 Film eke Sub eka dennakooo...
OsandaFdo
Supiri kollo..sub denakm noiwasillen hitiye..tnq..suba pathum..ohoma yamu..
Chämàrá Sâmpáth
100'වැනි කඩයිමට සුභපැතුම් මචං.
අධ්‍යාපන වැඩ කරන ගමන් දෙවැනි කඩයිමටත් ආවා එහෙනම්.
නෑ බෑ නොකියා හවුලේ වැඩක් කරන්න ගත්තම සෙට් වෙන තවත් එලම පොරක් වගේම මෑතකදී දැකපු සබ් වලින් සුපිරියට සබ් කරන් යන අයගෙන් කෙනෙක් විදිහටයි මමනම් දකින්නේ.
මෙතැනින් නොනැවතී දිගින් දිගටම සබ් කරන්න ලැබේවා කියලා සුභපතනවා.
ඒවගේම ඉගෙනගන්න වැඩත් මේ වගේම හොදටම කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මාවත් මතක් කලාට ස්තුතියි.
මේකෙත් බ්ලුරේ කොපියක් ආවම උබේ සබ් දාගෙන අනිවා බලනවා.praveen ranasinghe
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම් බුදු සරණයි, දෙවි පිහිටයිdarshana100
budusaranai saho twat shaktya abewa patanawa
danushka nuwan
ela broo..ela
Anuruddha Leo
ලහිරු ප්‍රසාද්....උඹ ගැන කියන්න දේවල්නම් ගොඩක් තියෙනවා.හැබැයි ඉතින් කෙටියෙන්ම කියන්නම්.ඕනෑම තැනක දී අපිට ෆිට් වෙන සෙට් එකක් ඉන්නවනේ.ලහිරුත් ඉතින් අන්න ඒ වගේ කෙනෙක් තමා.බයිස්කෝප් එකෙන් සෙට් වුන එල කොල්ලෙක්,හවුලේ වැඩක දී බෑ නොකියා සපෝර්ට් එක දෙන කෙනෙක්. උඹේ සබ් එක්ක ෆිල්ම්/සීරිස් නම් වැඩිපුර බලපු මතකයක් නෑ.ඒ තෝරාගෙන බේරාගෙන බලන නිසාද මන්දා.කෙසේ හෝ වේවා 100 වෙනි කඩයිම සම්පුර්ණ කරන වෙලාවේ හදවතින්ම සුභ පතනවා.ඒ වගේම අධ්‍යාපන කටයුතුත් සාර්ථක කරගන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.මාවත් මතක් කලාට තෑන්ක්ස් ඈ.
James DC
100 වෙනි උපසිරසියට සුභ පැතුම්. ඉදිරි කඩයිම් වලටත් ඉක්මනින් යාමට හැකිවේවා කියා ප්‍රාර්ථනා කරනවා.
Ashan.Kolambage
Suba pathanawa. Sub ekata thanks hugak
raveenfdo94
me wage film ekak BR ma thama balanna one
Thank sub eka broAshan.Kolambage
Suba pathanawa. Sub ekata thanks hugak
විදුෂාන් සජිත්
:-) 100වෙනි කඩයිම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් “ලහිරු ප්‍රසාද්” සහෝ..! ඉදිරියත් මේ වගේ අපිත් එක්ක එකතුවී ඉන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.! උපසිරැසියටත් බොහොම ස්තුතියි!.. ජය වේවා!.. :-)
acerio
Jaya wewa saho...
Digatama karagena yanna.
Sub ekata thankz...ශසිත් සඳරුවන්
දෙවෙනි කඩඉමට සුභපැතුම් මචෝ...
ටීවි සීරීස් ටික ඇදගෙන යන එල කොල්ලෙක් තමයි ඉතින්. :P
ආය ඉතින් කියන්න දෙයක් නෑ නේ.
මාවත් මතක් කරාට තෑන්ක්ස් වේවා
දිගටම සබ් දෙමු ආ..
ඔබට ජය!Ravindu Rukshan
100 වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් ලහී....
ඊළග කඩයිම් වලටත් යන්න ලැබේවා කියා පාර්ථනා කරනව.ඒවගේම තමයි ශීල්ඩ් එකත් පරක්කු නොකර වෙලාවට ලබාදෙනව..මාවත් මතක් කලාට ස්තූතියි...Avindu Umesh Gunasinghe
Suba pathum saho!! Digatama karan yamu..wade...
Tnx for sub!!සනිඳු ලක්ඛිත
100 වෙනි උපසිරසට හදවතින්ම සුභ පැතුම් සහෝ.. ආයේ ඉතිං සහෝගෙ උපසිරැසි ගැන කියන්න ඕනි නෑ. කරන වැඩේ ලෙසටම කරලා දෙනවා අපිට බලන්න.. තව තවත් ඉදිරියට උපසිරැසි කරන්න ලැබේවා කියල වගේම,ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියාලා ප්‍රාර්ථනා කරනවා..!
(එනකල් බලන් හිටපු ෆිලුම්ක මේක. BR එනකම් කෝමහරි ඉවසන් ඉන්නවා)Avindu Umesh Gunasinghe
Rlama bro suba pathum!!
Tnx for sub!losaka
pattai bro...
Nimeshvihaga
Super macho....,,
Shiran Dhanushka
cngrtz bro niyamai supiri
widuranga
thanx lot broooo
200th gahamu
Ravi Navi
සුබ පැතුම් සහෝ! තවත් උපසිරැසි දෙන්නට ශක්තිය ධෛර්ය ලැබේවා!
Gathsara Umesh
1000 weni upasiresyt hadawathinm subapathanwa haloodaraya..
Meeka ekm balgen idiye.kws hithuww meka 100t deyi kiyl..kiynn thynne 150 hmu wenkam jayen jaya kiyala.....Dhanushkadill
උණුසුම් සුභ පැතුම්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
nirodha uthpala
Shadowhunters deepu kolla 100 gahuwa eahenam ela bn ohoma yamu. ...digatama subtitle denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
sahansudeera
Thank You
bgiprasad
thank u and cangrtz....
blackadmin
thankxx bro
ITman2
how i can download thiz movie ,i am a member of baiscope also
gihan perera
Wow....Thanks bro....good job....උනුසූමි සුභ පැතූමි සහෝ....god bless you....
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
100ට සුබ පැතුම්...
web-dl ආවහමම බලනවා...Navodani Thilini Sasanika
100 වෙනි උපසිරසියයට සුභ පැතුම්!!!!!
Chokzi
Elzzz.....
sanjeewa341
VERY IMPORTANT............................................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
sub eka download karanna bahane
Panther
නියමයි සහෝ උපසිරසියට ස්තුතියි
Helili Hemamali
උණුසුම් සුබ පැතුම් මල්ලි! බොහොම ඉක්මනින් 150, 200 ට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුපිරිම ෆිලුමක් නේ තෝරගෙන තියෙන්නේ. අනිවාර්‍යෙන් බලනවා. මාවත් මතක් කරලා තියෙන්නෙ. නම හරි හොඳේ.
sanjeewa341
@Helili Hemamali sub eka wada nahane oya admin kenekda?? poddak balannako download karanna ba.. page not fund kiyala enawa
ashclicks
අප්පට සිරි මේකට තමා බලා හිටෝ. තේන්ක්ස් මල්ලියෝ
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
max rock
congraz machan. okkotaba budu saranai me wage deyak karana ekata. all the best
sanjeewa341
kaatawath penne nadda appa mage comments....???? sub eka down wenne nahane
sanjeewa341
sub eka down wenne nahane
sanjeewa341
samawenna.. mage mokak hari awulak nisa download wela naththe... dab dan hari.. godak thanks sub ekata !!!
Harindra kumara
එල...සුභ පතනවා 100 වෙනි උපසිරැසියට...
malith
Ela ela
White_Horse
Thanks bro and congrats....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ගොඩක් ස්තුතියි sub එක දුන්නටමේක එනකන් බලාගෙනමයි හිටියේ ..