ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් හත් වන උපසිරැසිය අරන් ආවා. අමුතුම ආකාරයේ චිත්‍රපට මාලාවක පලවෙනි එක. ඇත්තටම මම මේ චිත්‍රපට මාලාව ගැන දැනගෙන හිටියේ නැ. මගේ උපසිරසි සඳහා නිතරම කමෙන්ට් කරන අසිත කියල යාලුවෙක් තමා මේ චිත්‍රපටය සඳහා උපසිරසි කරන්න කියල මාව දැනුවත් කලේ. ඉතින් හොයල බලනකොට සුපිරි චිත්‍රපටය…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් හත් වන උපසිරැසිය අරන් ආවා. අමුතුම ආකාරයේ චිත්‍රපට මාලාවක පලවෙනි එක. ඇත්තටම මම මේ චිත්‍රපට මාලාව ගැන දැනගෙන හිටියේ නැ. මගේ උපසිරසි සඳහා නිතරම කමෙන්ට් කරන අසිත කියල යාලුවෙක් තමා මේ චිත්‍රපටය සඳහා උපසිරසි කරන්න කියල මාව දැනුවත් කලේ. ඉතින් හොයල බලනකොට සුපිරි චිත්‍රපටයක්. ඉතින් ඔන්න ඔයාලට මම ඒක අරගෙන ආවා. ඒ වගේම අසිත සහෝ, බොහොම ස්තුතියි මේ චිත්‍රපට ගැන මාව දැනුවත් කලාට. ඇත්තටම මේකේ කොටස් පහක් තියනවා. මම දැනගත්තේ මේ ලිපිය සොයන්න තොරතුරු හොයන කොට. ඉතින් ඉදිරි කාලයේ පුළුවන් උනොත් අනිත් කොටස් ටිකත් අරන් එන්න බලන්නම්. ඒත් පොඩි කාලයක් යාවි. මොකද බාර ගත්ත කිහිපයක් තියනවා ඉස්සෙල්ලා ඉවර කරන්න. කොහොම උනත් IMDb 7.2 වෙච්ච මේ සුපිරි චිත්‍රපටය Action, Adventure, Fantasy ගණයට අයිති වෙනවා.
කතාව ගැන කියනවා නම් ලෝකේ ඉන්නවා අමරණිය මිනිස් කොට්ටාශයක්. එයාල මරන්න පුළුවන් බෙල්ල වෙන් වෙන්න කපා දැමීමෙන් පමණයි. ඒ වගේම එයාලගේ සම්ප්‍රදායක් තියනවා එකිනෙකා මරා ගන්න එක ලෝකේ එක්කෙනෙක් ඉතිරි වෙනකම්. අන්තිමට ඉතිරිවෙන කෙනා තමා හයිලන්ඩර් නොහොත් කඳුකර වැසියා වෙන්නේ. ඉතින් මේ වැඩේ වර්ෂ ගණනාවක් තිස්සේ වෙනවා. එත් එක්කෙනෙක් මේ අතරේ විශේෂයි. ඒ කොහොමද, එයා මේ සම්ප්‍රදාය ඉදිරියට අරන් යාවිද නැතිනම් වෙනස් කරාවිද දැනගන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා.
මම ඊළඟට අරන් එන්නේ සුපිරි වීරයෙක් ගේ කතාවක්. ඇත්තටම ඔයාල හොඳටම දන්නා සුපිරි වීරයෙක්. ඒත් මේ චිත්‍රපටය ගැන බොහෝ දෙනෙක් දන්නේ නැ කියල කියන්න පුළුවන්. ඉතින් මම ඒකත් අරන් එන්න බලන්නම්. සුපුරුදු විදියට කියන්න තියෙන්නේ අදහස්, යෝජනා සහ මේ වගේ චිත්‍රපට ගැන මාව දැනුවත් කරන්න. හැකි උපරිමෙන් මම ඒවා ඔයාලට අරන් එන්නම්. එත් අලුත් චිත්‍රපට සහ ටි වී සිරියල් මගෙන් ඉල්ලන එක තේරුමක් වෙන එකක් නැ. මොකද අලුත් චිත්‍රපට කරන්න ඕන තරම් සහෝදරයන් ඉන්න නිසා සහ පෞද්ගලිකව මම ටි වී සිරියල් අකමැති නිසා මම ඒවා කිරීමෙන් වැළකිලා ඉන්නේ. ඒත් මේ වගේ සැඟවී ගිය චිත්‍රපටයක් දැක්කොත් අනිවාර්යයෙන් මගේ ලිස්ට් එකට ඇතුලත් කර ගන්නවා. එහෙනම් මම ගිහින් එන්නම්.
බුදු සරණයි …..!
Due to copyright issues, we do not provide any torrent links.
Highlander.1986.720p.BluRay.x264.YIFY
Highlander.1986.1080p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම (BR) පිටපත් සඳහා අදාළ වේ.
594 downloadsDownload Highlander-1986.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
34 comments
කවීන් ලහිරු
දමිත් තරංග
නියමයි සහෝ. පට්ට මූවි එකක් වගෙයි. දිගටම සබ් දෙන්න
ශක්තිය ධෛර්යය ලැබේවා...kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......nishadi wickrama
tnx
rakitha ranathunga
ස්තූතියි මචෝ සබ් එකට....
සුපිරි ෆිලුමක් වගේ...Ishan Madusha
ස්තුතියි සහෝ උපසිරැසියට.පුළුවන් වෙලාවක මේ ටිකටත් උපසිරැසි දෙන්න
Poltergeist(1982),Paranormal Activity(2007),Paranormal Activity 3(2011)
13 Assassins(2010),Departures(2008),Paprika(2006),Akira(1988)
The Golden compass (2007),Flyboys (2006),Congo(1995)Chalana Rukshan
thnx aiye. puluwan nan bageta nawaththala thiyena The Adventures of Sherlock Holmes tv series eke ithuru tika denna balanna. wena kenek hari danuwath karanna. site eke danata Scooby-Doo films thiyenawa but parana kattiyata amathaka wechcha Scooby-Doo films godak thiyenawa puluwan nan eawatath denna..
praneeth madu
ඔයා කරන වැඩේි ඇත්තටම නියමයි සහෝ..දිගටම යමු
Lahiru
මේ ඉස්සර රූපවාහිනියෙ ගිය highlander animation කතාවේ film එකද? Thanks for sub.
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! පුළුවන්නම් හැකි වෙලාවක imdb දර්ශකයේ 7.6 අගයක් ලබාගත් The Time Machine (1960) සිනමාපටයටත් සබ් ලබාදෙන්න.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!Udara Damith B\K
සිංහල උපසිරැසියට ගොඩාක්ගොඩාක්ගොඩා ක්ගොඩාක්ගොඩාක්ගොඩාක්ගො ඩාක්ගොඩාක්ගොඩාක්ගොඩාක්ගොඩාක්ගොඩාක්ගොඩාක්ගොඩාක්ගොඩාක්ගොඩාක්ගොඩාක්ගොඩාක් ස්තූතියි
Haritha Dayanga
thank
Dulanga
Thanks
අසිත
අඩේ මමත් මේ ෆිල්ම් එක ගැන දැක්කේ අහම්බෙන් සහෝ.
බලන්න ආස හිතුනා පොඩි කාලේ පිස්සු වැටිලා බලපු කාටුන් එක නිසා.ඒවා මේ දැන් තියෙන දියාරු කාටුන් වගේ නෙමේ.
ඒත් හිතුවේ නෑ මම ඉල්ලුව පලියට ඔයා සබ දෙවි කියලා.
අදහස් දක්වන අයගේ ඉල්ලීම් වලට ගරු කරලා සබ් දෙන්නත් නිහතමානි කමක් තියෙන්න ඕන නේ.
බොහොම පින් සහෝ
මමත් සබ් දෙකක් ඔබට දායාද කල නිසා සබ් නිර්මාණයේ දුෂ්කරතාවය හොදින් දනිමි.
ඔබේ වටිනා කාලය අප වෙනුවෙන්වේ කැප කොට ඔබ යන වේගවත් ගමනට තව තවත් ශක්තිය ලැබේවා!!!
ජය වේවා!!!!Kulanjana Maduranga
niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Withanage Priyantha Dayakeerthi
අසංක සොයුර, අපි කවුරුත් බලන්නට කැමැත්තෙන් සිටි චිත්‍රපටයකට ඔබ මේ උපසිරසි නිර්මාණයකර තිබෙන්නේ, එයට ගොඩක් ස්තුතියි!
ලොව මහා සිනමාකරු, ඇල්ෆඩ් හිච්කොක්ගේ 1963 වර්ෂයේ තිරගත කළ, අතිශය ජනප්‍රිය වූ සම්මානලාභී "The Birds" සිනමාපටයට උපසිරසි ලබා දෙන ලෙස මා යෝජනා කරනවා. දැනටත් එතුමාගේ "Psycho" "Rear Window" ආදී සිනමාපට සිංහල උපසිරසි සහිතව මෙම වෙබ් එක තුළ තිබෙනවා. ඔබගේ අනාගත නිර්මාණ ගොනුවට එය ඇතුළත් කරාවියයි මා සිතනවා. ස්තුතියි!අසිත
ow saho"The Bird" ekatath sab demu
Praveen Mahesh
මෙම චිත්‍රපටිය මම රූපවාහිනියෙන් බැලුවා. එතකොට මම ගොඩක් පුංචියි. කොච්චර පුංචියි ද කියනවා නම් මට කතාව මතකත් නෑ.
Bandolero
Thanks for sub.
Puluwanam 1968 bandolero sub denna.Vikum08
මේක අර සුපිරි කඩුවක් පාවිච්චි කරන හයිලෑන්ඩර් ද?
ක්‍රෝටෑන් එහෙමත් ඉන්න එකක්ද මේක?
නැත්නම් වෙන කවුරු හරි හයිලෑන්ඩර් කෙනෙක්ද?Nisal Tharinda
hodai kiyala hithnawa....... patta.......
Sajith Anthony
මේක අර ආසාවෙන් බලපු හයිලෑන්ඩර් cartoon එකෙ ෆිලුම නේද
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!James DC
oya sub dena wege nam supiriy. matanam eka sub ekak hadaganna sathiyakata eha yanawa. digatama wede karagana yanna. good luck !
DCG
මචන් 627 වෙනි Line එකේ Time Phrase එක වැදිලා නෑ..පොඩ්ඩක් බලහන්....
අසංක ප්‍රදීප් රණතුංග
627
01:29:28,042 --> 01:29:29,583
කවුද කොන්ඩේ කැපුවේ?හරිනේ සහෝ.. මම බැලුවා ඒක හරි.
kavinda
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.
ද.බ්ලැක් අයිකන් ස්ටින්ග්
සහෝ සබ දැම්මම මෙහෙම වැටෙනවනේ..
unable to Phrase the subtitle file.syntax error at line 2670: " "
විසදුමක් ????
අසංක ප්‍රදීප් රණතුංග
බොහෝවිට මෙය ඇතිවෙන්නේ ඔබ බාවිතා කාරනා ප්ලේයර් එකට මෙම සබ් එක්ටෙන්ෂන් එක නොගැලපීම හෝ ඔබගේ වීඩියෝ පිටපත හෝ සබ් ෆයිලය හරියට බාගත නොවීම. පළමුව වෙනත් ප්ලයෙර් එකකින් උත්සහ ගන්න KM PLAYER තමා දැනට තියන හොඳම ප්ලයෙර් එක. ඇන්ද්‍රෝයිඩ් නම් MX Player. එම උත්සාහයත් සාර්ථක නොවේනම් සබ් ෆයිලය හෝ වීඩියෝ පිටපත නැවත බාගත කර උත්සාහ කරන්න.
Dhanuka Karunarathna
Matath me prashnema awa eth thama hadaganna ba
w a thilak
පුළුවන්නම් රූපවාහිනියේ විකාශයවු හයිලෑන්ඩර් කතාමාලාවටම සබ් දෙන්න
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisara Neo
thanks bro
Ruwan199chamara
Itiri kotas tikatath sub denna
Anonymous
හැකිනම් මෙම ග්‍රීක සිනමාපටයට උපසිරැසි ලබාදීමට යෝජනා කරමි.
The Other Me (2016)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබ් එකට තුති සහෝ
නැවත සිංහල උපසිරැසියකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴
සුපිරි වීරයෙක් නම් හොදායි
Hancock ද දන්නේ නෑ ඊලගට දෙන්න ඉන්නේ....