ඔන්න එහෙනම් පොරොන්දු වෙච්ච විදියටම තවත් සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන තමයි මේ එන්නෙ.මේ චිත්‍රපටයේ පළමු කොටස නිකුත් වෙන්නෙ මීට අවුරුදු 23කට කලින්, ඒ කියන්නෙ 1993 වර්ෂයේදී. එහිදී රංගනයෙන් දායක වෙන්නෙ සුපිරි ක්‍රියාදාම නළු Van Damme. නමුත් විශේෂයෙන්ම කියන්න ඕනේ, පළමු චිත්‍රපයට සහ මේ චිත්‍රපටය අ…

ඔන්න එහෙනම් පොරොන්දු වෙච්ච විදියටම තවත් සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන තමයි මේ එන්නෙ.මේ චිත්‍රපටයේ පළමු කොටස නිකුත් වෙන්නෙ මීට අවුරුදු 23කට කලින්, ඒ කියන්නෙ 1993 වර්ෂයේදී. එහිදී රංගනයෙන් දායක වෙන්නෙ සුපිරි ක්‍රියාදාම නළු Van Damme. නමුත් විශේෂයෙන්ම කියන්න ඕනේ, පළමු චිත්‍රපයට සහ මේ චිත්‍රපටය අතර අංශු මාත්‍රයක තරම් වත් සම්බන්ධයක් නැහැ. ඒ නිසා පලවෙනි චිත්‍රපටය නරඹලා නැහැ කියලා කවුරුවත් දුක් වෙන්න අවශ්‍ය නැහැ. පළමු චිත්‍රපටයට ලද අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසාම තමයි අවුරුදු 23කට පස්සේ වුණත්, මේ දෙවැනි චිත්‍රපටය නිර්මාණය කරන්න අදහස් කරලා තියෙන්නෙ.ඒ වගේම මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙ DVD තැටි වෙනුවෙන්ම පමණක් වීම විශේෂත්වයක් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා විමා සහෝට. මොකද මං ඉල්ලපු ගමන්ම මට මේ චිත්‍රපටය වෙන්කර දීම සම්බන්ධයෙන්.
මං හැමදාම අන්තිමට කියන දෙයක් තමයි පුළුවන් නම් චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය අරගෙන බලන්න කියලා.එත්, ඒක මං අද මුලින්ම කියන්නම්.පුළුවන් හැම දෙනෙක්ම මේ ලිපිය කියවන එක පැත්තකින් තියලා පුර්ව ප්‍රචාරක පටය අරගෙන බලන්න.මොකද මට ලොකු විශ්වාසයක් තියෙනවා, මේ චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය නරඹන කෙනෙක් මගේ ලිපිය කියව කියව ඉන්නේ නැහැ.කෙලින්ම චිත්‍රපටය බාගෙන බලාවි.ඒ තරමට අනර්ඝ ක්‍රියාදාම සහිත චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ.සහතික කරලා කියන්න පුළුවන්, මේ අවුරුද්දේ ආපු හොඳම ක්‍රියාදාම චිත්‍රපටයක් කියලා.
චිත්‍රපටයට ප්‍රධාන රංගන දායකත්වය සපයන්නෙ, වර්තමාන හොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්‍රයේ ඉහලින්ම සිටින සටන් නළුවෙක් වන Scott Adkins විසින්. ඔහුත් සමග රංගනයෙන් දායක වනවා Arrow, The Flash, Prison Break, Chicago P.D., iZombie යන කතා මාලාවලින් සහ The Hunger Games: Mockingjay – Part 1, The Hunger Games: Mockingjay – Part 2, Percy Jackson: Sea of Monsters, Transporter 3 යන චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වූ Robert Knepper සහ The Last Ship කතා මාලාවේ ඩොක්ටර් රේචල් ස්කොට් ලෙස අතිශය ජනාදරයට පත්වූ Rhona Mitr.චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Death Race චිත්‍රපට මාලාවේ අධ්‍යක්ෂක Roel Reiné විසින්.ඒ වගේම චිත්‍රපටය බෙදා හරින්නේ universal චිත්‍රපට ආයතනය මගින්.
කතාව පිලිබඳ කියනවා නම් වෙස් බෙයිලර් කියන්නෙ අති දක්ෂ MMA සටන් කරුවෙක්.නිව්යෝක් නගරයේදී එක්තරා සටනක් පැවතෙනවා.වෙන කවුරුත් සමග නෙමෙයි.ඔහුගේ ප්‍රාණ සම වැනි යහළුවා සමගින්.මේ සටනේදී එක් ක්ෂණයකින් සිදුවන අතපසුවීමකින් නැවත කිසිදා නිවැරදි කර ලිය නොහැකි දෙයක් සිදුවෙනවා.මෙයින් මානසිකව ඇද වැටෙන බෙයිලර්, සියලු දේ අත්හැර දමා තායිලන්තයට පැමිණෙනවා.මේ අතර වාරයේදී තමයි මොහුට සටන් ප්‍රවර්ධකයෙක් හමුවෙන්නෙ.මොහුගේ බලවත් පෙරැත්ත මත බෙයිලර් එකඟ වනවා මියන්මාරයේ පැවැත්වෙන සටනක් සඳහා සහභාගී වන්න.මේ තීරණය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වන බව ඔහු ඒ මොහොතේ සිහිනෙන් හෝ නොසිතන්නට ඇති.තමා වැටී ඇත්තේ යලිත් ගොඩ ඒමට නොහැකි අගාධයකට බව පසක් වන ඔහුට, තම ජීවිතය බේරාගැනීමට නම් ගත යුතුව තිබුණේ එකම එක තීරණයක් පමණයි.එනම්,පණ බේරාගෙන දිවීම.මියන්මාර වනාන්තරය දෙවනත් කරමින් තමා පසුපස හඹා එන මේ මරණයේ සෙවනැල්ල කුමක්ද….කොයි මොහොතක ක්ෂණික මරණයක් අත්වේදැයි යන අවිනිශ්චිත තාවයට පත්වන මොහු, තම ජීවිතය බේරාගැනීමට කුමන පියවරක් ගනීද….ඉතිරි සියල්ල ප්‍රේක්ෂක ඔබ සැමට බාරයි.
ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ චිත්‍රපටයේ පසුබිම් දර්ශන සහ පසුබිම් සංගීතය පිළිබඳව.චිත්‍රපටයට ප්‍රධාන වශයෙන් පසුබිම් වන්නෙ මියන්මාරයේ වනාන්තර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ.කලක් බුදු දහමින් යහමින් පෝෂණය වුණා වූ රටක් ලෙස හැඳින්විය හැකි මියන්මාරය, මෙම චිත්‍රපයට තුලින් ඔවුන්ගේ බෞද්ධ ශිෂ්ටාචාරය ඉතාමත් මැනවින්, සිත් සනහාලන ආකාරයට ඉදිරිපත් කර තිබෙනවා. ඇතැම් අවස්ථාවන්හි පසුබිම් සංගීතය පවා සිතට මොකක්දෝ විස්තර කිරීමට අපහසු නිවුණු හැගීමක් ගෙනදීමට සමත් අයුරින් නිර්මාණය කර තිබෙනවා. මේ හේතූන් නිසාවෙන්ම සාමාන්‍ය ක්‍රියාදාම චිත්‍රපටයකට වඩා අතිශය ඉහල මට්ටමක මෙම චිත්‍රපටය පවතිනවා. ඒ නිසා පුළුවන් හැම කෙනෙක්ම අරගෙන බලන්න. ජීවිත කාලය තුල නරඹපු හොඳම ක්‍රියාදාම චිත්‍රපටයක් විදියට සැමදා මතකයේ රැඳෙවී. ඒ බවට මං සහතික වෙන්නම්. සියලු දෙනාටම ජයවේවා.
ප.ලි. – Attack on Titan චිත්‍රපටයේ දෙවැනි කොටස අමතක වෙලා නැහැ.ගොඩක් දෙනෙක් ඒ ගැන විමසලා තිබුණා. ඉක්මණටම ඒකත් අරගෙන එන්න පොරොන්දු වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Hard.Target.2.2016.720p.BluRay.900MB.ShAaNiG
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
29,651 downloadsDownload Hard.Target.2.2016.Baiscopelk.com_.rar31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
59 comments
යුශාන් පියුමාල්
moksha
Sub ekata thank you
Sapumal Aloka Chandrasekara
Thanx Sub ekata Machan...
Gathsara Umesh Kumara
මෙම උපසිරැසියට අදාලම වීඩියෝ පටය ඩිරෙක්ට් බාගැනීම සදහා ගූගල්හි directmvs ලෙස ටයිප් කර එතනින් එන directmvs බොලොග් එකට ගොස් එහි සර්ච් කර ලබාගන්න....
asanak
Machn 300mbs kiyla site gdk tiyenawane.mokdda hari site eka kiyla kiynawada.plz
Gathsara Umesh Kumara
මේක දෙනක්ම් බාගෙන බලාගෙන ඉදියෙ....බොහෝම ස්තූතියි සිසිල සහෝ...
pula
Tu bro sub ek danakan baln htye....
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......rakitha ranathunga
Thanks saho...
Ela film ekak..praneeth madu
බොහොම ස්තූතියි සහෝ
Gathsara Umesh Kumara
මෙම උපසිරැසියට අදාලම වීඩියෝ පටය ඩිරෙක්ට් බාගැනීම සදහා ගූගල්හි directmvs ලෙස ටයිප් කර එතනින් එන directmvs බොලොග් එකට ගොස් එහි සර්ච් කර ලබාගන්න….
yash
Thank you
Jack
නියමයි මචෝ.
පට්ටම කතාවක් වගේ.
ෆිලුම නම් බාගෙනමයි හිටියයේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..Tharindu_Rukshan_Perera
ඉක්මනින් ම දුන්නා එහෙනම් නේද ..? උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
Mansitha Eashwara
TNANQ
davide
bad neighbors 2 denna puluwanda sub ekata thankx
Udara Damith B\K
උපසිරැසියට බොහොම ස්තුතියි
Udara Damith B\K
hash ekata thanks
Dulanga
Thanks
mithun
හිතුව වගෙම වැඩ කාරයා තම දිල තියෙන්නෙ හෙ..
උපසිරැසි ගැන්නුවට බොහොමත්ම තුති අනිවා බලන්නම ඔනෙ මෙක බොහොම තුති ඔබටඅසිත
ammo pissu hadenawa.
Scott Adkins koluwa immawa nam balanna maepay
jaya wewa!!Bobby
thank you Sisila
Ashen
නියමයි සහෝ.බොහොම ස්තූතියි
ඔයාලා කරන්නේ ගොඩක් වටින වැඩක්
ජයවේවා
tao mihiranga
එල එල ස්කොට් ඇඩ්කින්ස් ඉන්නවා කියන්නෙ ඉතින් ෆට්ට ම movie එකක් තමා...සබට තැන්ක්ස්
Vikum08
උපසිරැසියට තුති සහෝ..!
මේක බාගෙන ගොඩක් දවස්. සබ දෙනකං උන්නේ, ඔබතුමාට ජයවේවා..!Thusitha
බොහෝම ස්තුතියි සබ් එකට.
Rajitha
Thank you machan......jayawewa......!
janaka
American.conjuring.2016 film 1 sinhala sub denna puluwanda.........
nm
ස්තූතියි…….
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Udaya Fernando
Thanks machan
chinthaka
patta pata pata .... supiri ekk eee... thanks ubala api wenuwen karana kepa kirim walata... jaya wewa...
sahan
ela thanx bro
Amila Mudalige
Sub ekta thanks saho
pramuk
thanx............
Rasitha Pradeep Somasiri
බොහොම ස්තූතියි උපසිරැසියට සිසිල සහෝ........
Kolitha Kasun Dasanayaka
sub ekata thanks bro.. thawa 400mb witara copyka link ekak hari torent ekak hari dunnoth maru
vimukthi
danna kenek link ekak dennakooooooooooooooo
LAKSHAN
උපසිරැසියට තුති සහෝ..!
Nisha Wijesinghe
Ai download command eka pennanne natte
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishan
Ela...
prasanna
tnx brother
banuka
me sub eka pdf ekak widihatane enne ply wenne ne danna kenek kiyann kohomada ply karanne?
Premarathna
thanks frnd
Chamara
Thnkz saho
Hiran Sharanga Amarasinghe
චිත්‍රපටය නම් යාලුවෙක්ගෙන් ලැබුනා. ඒත් සබ නැතිව. ගොඩක් ස්තුතියි සහෝ ඔන්න මමත් සබ ගත්තා..
CJ
Thanks A Lot bn
Naveen
4n ekt me sub ek vada nane
sunanda shanth
thanks
Chamara Diaz
Supiri..
Madura Lakshan
Thank you jaya wewa
Ypnr
Sub ekata thanks saho
Asanka Dissanayake
583 ලයින් එකේ ටයිමින්වල පොඩි අවුලක් තියෙනවා.
ඒක හරි ගස්සන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
සබ් එකට ස්තූතියි සහෝ.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niyamai machan