හීරා, මාළිඟාවට කිරි ගේන ගෑණි! හීරාගේ ගෙදර තියන්නේ බලකොටුවට අල්ලපු ගමේ… හැමදාම හවසට කාලතුවක්කුව පත්තු කරහම බලකොටුවේ දොරටු වහනවා, ඒක රාජ නීතිය! එදා බලකොටුවේ ලොකු උත්සවයක්… මහත්තයා චර පුරුෂ ගමනකට ඈත බලකොටුවකට ගිහින්, එන්න සතියක් හමාරක් යාවි, අම්මා අල්ලපු ගමට බෙහෙත් අහන්න ගිහින්, එන්න පහුවදා දවල් වේවි,…
හීරා, මාළිඟාවට කිරි ගේන ගෑණි!
හීරාගේ ගෙදර තියන්නේ බලකොටුවට අල්ලපු ගමේ…
හැමදාම හවසට කාලතුවක්කුව පත්තු කරහම බලකොටුවේ දොරටු වහනවා,
ඒක රාජ නීතිය!
එදා බලකොටුවේ ලොකු උත්සවයක්…
මහත්තයා චර පුරුෂ ගමනකට ඈත බලකොටුවකට ගිහින්, එන්න සතියක් හමාරක් යාවි,
අම්මා අල්ලපු ගමට බෙහෙත් අහන්න ගිහින්, එන්න පහුවදා දවල් වේවි,
හීරා යනවා පුරුදු විදිහටම බලකොටුවට….
මාස ගාණක් වයස හීරාගේ පොඩි එකා තනියම ගෙදර…
කාලතුවක්කුව පත්තු වුණා! දොරටු ප්‍රාකාර වැහුවා! හීරා බලකොටුවේ හිර වුණා!
එක පැත්තකින් මුරකාරයෝ පිරුණු ද්වාර දොරටු…
අනිත් පැත්තෙන් අඩි දහස් ගාණක් ගැඹුරු ප්‍රපාතය…
ප්‍රපාතේ පල්ලෙහා සැතපුම් ගණනක් යනකන් වෘකයෝ පිරුණු විසාල නිම්නය…
ඒ මදිවට හීරාගේ ගමටත් දැන් දැන් වෘකයෝ එන්න පටන් අරගෙන, ළඟදිත් පොඩි එකෙක් උස්සන් ගියාලු!
අමතකද, හීරාගේ පොඩි එකත් තනියම ගෙදර!!!
පසුගිය ඔක්තෝබර් 24වනදා මහාරාශ්ට්‍රයේ සිනමා ශාලාවලට එතරම් විශේෂ දවසක් නෙමෙයි. වෙනසකට තිබුනේ Hirkani සිනමාපටය ප්‍රදර්ශනය ඇරඹීම විතරයි. Women-Centric වර්ගයට අයත් වුණු නිසායි, High-Budget ප්‍රොජෙක්ට් එකක් නොවුණු නිසායි, ලොකුවට හයිප් වුණු ඕඩියන්ස් එකක් හිටියෙත් නැහැ. නිදහසේ ෆිල්ම් එකක් බලන්න හෝල්වලට ආපු උදවිය විතරයි….
එහෙම හරි ඈලිමෑලි විදිහටයි Hirkani සිනමාපටය තමන්ගේ ගමන ඇරඹුවේ. හැබැයි තමන්ගේ 25වන දිනය වන විට මේ විස්තරේ සම්පූර්ණයෙන්ම කණපිට හැරිලා තිබුණා. ඩිරෙක්ටර්වත් නොහිතපු විදිහට මහාරාශ්ට්‍රයේ තියටර්ස්වල මිනිස්සු පැක් වෙවී බලන චිත්‍රපටියක් මැවිලා තිබුණා, වසරේ ජනප්‍රියම චිත්‍රපටය බවට සම්මාන පිට සම්මාන ලැබුණු, වසරේ වැඩිම ආදායම්ලාභී මරාති සිනමාපට පහ ඇතුළට ආපු හරි අපූරු චිත්‍රපටියක් මැවිලා තිබුණා.
මේ ඒ චිත්‍රපටියේ කතාන්දරේ! නවත්තන්නෙපා, පහළටම කියවගෙන යන්න.
අපි මේ කතා කරන Hirkani සිනමාපටය, ඉන්දියානු සිනමාකරුවන් හීන දකින සම්මානේ, National Award එක උස්සපු මනුස්සයෙක්ගේ වැඩක්. ඒකත් තමන්ගේ පළවෙනිම අධ්‍යක්ෂණයෙන්ම. Prasad Oak! තමන්ගේ පළවෙනි චිත්‍රපටි අධ්‍යක්ෂණයයෙන්ම “65වන ඉන්දීය ජාතික සිනමා උළෙලේදී විශිෂ්ටතම මරාති සිනමාපටය” වෙනුවෙන් සම්මානලාභී ප්‍රසාද් ඕක්ගේ දෙවෙනි වැඩේ තමයි මේ. මේ මොහොත වනවිට
IMDb අගය 7.2ක්, Google පරිශීලක මනාපය 95%ක් වගේම, මනාප 20683ක් සමඟින් BookMyShow ප්‍රතිශතය 82%ක් රඳවා ගන්න මේ අපූර්ව නිර්මාණය සමත් වෙලා තියෙනවා. ඔය ප්‍රතිශත කාරිය විශ්වාස නැත්නම් අන්තර්ජංජාලෙට ලොග් වෙලා පතරංග විචාර දෙකතුනක් කියවලා එන්න. බලන බලන තැන හොඳ කියලා මිස, ෆිල්ම් එක බෝරින්! මෙලෝ රහක් නැහැ! ෆේල්! වගේ තැනක් දැක්කොත් මට කියන්නකෝ. විශ්වාස කරන්න, එහෙම නෙගටිව් කමෙන්ට්ස් නම් මේ චිත්‍රපටිය වෙනුවෙන් බලාපොරොත්තු වෙන්නෙපා.

ඇත්තටම මොකටද අප්පා මේ යකා මෙච්චර ගුණ වර්ණනා කරන්නේ? බොරුවට කියවනවා විතරද කොහෙද..? එහෙම හිතෙනවා නේද. පොඩ්ඩක් ඉන්න, සේරම විස්තරේ කියන්නම්. සමහර චිත්‍රපටිවලට ප්‍රේක්ෂක ප්‍රතිචාරේ උපරිම විදිහට හම්බෙනවා. තවත් සමහර චිත්‍රපටි Critical පැත්තෙන් උපරිම ගුණ වර්ණනා කරනවා. තවත් සමහර චිත්‍රපටිවල රේටින්ග්ස් නම් අන්තිමයි, හැබැයි Box-Office වාර්තා පැත්තෙන් හොඳටම සාර්ථකයි.
හැබැයි ඔය පැති තුනම එක සිනමාපටයකට ගොනු වෙන්නේ බොහොම කලාතුරකින්! Hirkani කියන්නේ අන්න ඒ ජාතියේ හෝරා එකහමාරක්!!
කෝටි 2ක අතිශය අවම පිරිවැයකින් නිපදවුණු Hirkani චිත්‍රපටිය ආදායම් අතින් ලොකුවට Hype වේවි කියලා හිතුණු නිර්මාණයක් නෙමෙයි. හැබැයි ඒ සියලුම අනාවැකි පුස්සක් කරමින්, මහාරාශ්ට්‍රයේ සීමිත සිනමාශාලා කිහිපයක පමණක් තිරගත වුණු මෙය All Time-Blockbuster ලේබලය පවා අලවගන්න සමත් වී තිබුණා. ඒ තමන්ගේ විසිවස්වන දිනය වන විට ඉන්දීය කෝටි 12කට අධික ආදායමක් සතු කරගෙන කාර්තුවේ වැඩිම ආදායම්ලාභි මරාති සිනමාපටය බවට වාර්තා පොත් පවා අලුත් කරමින්. දැන් කවුරු හරි කියන්න පුලුවන්, ආපෝ… කොටි 12යිද! මහ ලොකු ආදාමක් යැ! කියලා. හැබැයි මහාරාෂ්ට්‍රයේ බොක්ස් ඔෆීසිය ගැන පොඩ්ඩක් ඔලුව දාලා බැලුවාත් තේරේවි, මේ ආදායම උපයන්න මරාති සිනමාපටයකට ලේසියෙන් බැරි බව. සාමාන්‍යයෙන් මරාති සිනමාපට නිපදවෙන්නෙම, කෝටි 4-5 වගේ සීමාවක. ඊටත් එහා, ලෝ-බජට් සිනමාපටයක් වෙනුවෙන් All Time-Blockbuster ලේබලය අලවගෙන වසරේ වැඩිම ආදායම්ලාභී මරාති සිනමාපට පහ අතරට එක්වන්න තරම් සක්සස් වුනා කියන්නෙම Hirkani (2019) ආදායම් අතින් යන්න පුලුවන් සාර්ථකම දුර ගිහින් ඉවරයි.

– Hirkani සිනමාපටයේ රූගත කිරීම් අරඹන අවස්ථාව –
බොහෝ විචාරකයින්ට අනුව ප්‍රධාන චරිතය රඟපාන Sonali Kulkarniගේ සිනමා ජීවිතයේ හොඳම Plus Point එකක් විදිහට මේ සිනමාපටය හඳුන්වනවා. වැඩිය කතා ඕනේ නැහැ, ලැබුණු සම්මාන තොගයෙන්ම ඒ බව හොඳටම සනාථ වෙනවා.
පසුගිය Maharashtracha Favorite Kon Awards හිදි Hirkani (2019) වෙනුවෙන් වසරේ ජනප්‍රියතම රංගන ශිල්පිනිය බවට සම්මාන ලැබුනේ සොනාලි. CityCine Awards හිදී Hirkani (2019) වෙනුවෙන් වසරේ දක්ෂතම රංගන ශිල්පිනිය බවට පත් වන්නේත් සොනාලි. ඒ වගේම, Sakal Premier Awards උළෙලදී නැවතත් Best Actress සම්මානය දිනාගන්න ඇය සමත් වෙනවා. මේ සිනමාපටයේ රංගනය උදෙසා මහාරාෂ්ට්‍ර රජයෙනුත් ඇයට ගෞරව සම්මානයක් දුන් බව සඳහන්.
එතනින් අහවර නැහැ!!ජනප්‍රියම නිළියට අමතරව Maharashtracha Favorite Kon Awardsහිදි “වසරේ ජනප්‍රියම චිත්‍රපටය” පත්වන්නෙත් අපි මේ කතා කරන Hirkani සිනමාපටයම තමයි. Favorite Supporting Actor සම්මානය ලබා ගන්නෙත් මෙහි සිවාජි චත්‍රපතිගේ චරිතය රඟ පෑ ප්‍රසාද් ඕක්ම තමයි. විශේෂත්වය වන්නේ මෙය අධ්‍යක්ෂණය කරන්නේද ඔහු වීමයි. සිනමාපටයට ගායනයෙන් දායක වන ආශා බෝස්ලේ කියන්නේ දැනට ඉන්දියාවේ ජීවත් වන විශිෂ්ටතම ගායිකාවක්. ගායිකාවකටත් එහා වාර්තා පිට වාර්තා තියපු Living Legend එකක්. ඉතින් CityCine Awards උළෙලේදීම Best Playback Singer (female) සම්මානයෙන් පිදුම් ලබන්නෙත් ඇයමයි. IFM Film Awards තුළදි Best Cinematography සම්මානය දිනාගන්නේ Hirkani සිනමාපටයේ සිනමටොග්‍රැෆර් වන Sanjay Memane’


ඔබ දැනටමත් අජේ දෙව්ගන් රඟපෑ Tanhaji චිත්‍රපටය නරඹලා තියෙනවා නම්. මේ සිනමාපටයේ වටපිටාව ගැනත් දළ අවබෝධයක් ලබා ගන්න පුලුවන්. දෙකම සමකාලීන සිදුවීම්! හැබැයි චිත්‍රපටි දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ. වෙනස්ම ප්ලොට් දෙකක්. නමුත් Hirkani සිනමාපටයේ එක තැනකදි තානාජී ගැන කතා කරනවා. එතනත් පුංචි එක දෙබසක් මිසක්, චිත්‍රපටි ද්විත්වය අතර සම්බන්ධයක් මැවෙන්නෙ නැහැ. විශේෂිතම කාරණය තමයි, අජේ දෙව්ගන් පවා පුද්ගලික Twitter පණිවුඩයක් නිකුත් කරමින් Hirkani (2019)ට සහයෝගය පළ කළා.
තව දුරටත් විස්තර නොලියා මෙතනින් නවතින්නම්. මීටත් එහාට කියවන්න කැමති අය අන්තර්ජාලෙට ගිහින් බලන්න. කතාව බේස් වුණු සිද්ධි, චත්‍රපති සිවාජි මහරාජ් හා තානාජීගේ සමකාලීන සිදුවීම් වගේ තිරය පිටුපස ගොඩක් ලොකු විස්තරයක් තියෙනවා. ලැබුණු සම්මාන ලිස්ට් එකත් මීට වඩා බොහොම දිගයි. ඒවත් බලාගන්න පුලුවන් වේවි.
සමහරවිට, මගේ ලිපියේ අඩුපාඩු නිසා සමහරුන්ට බොහොම අපූරු චිත්‍රපටියක් මිස් වෙන්න පුලුවන්. එහෙම අය Trailerපටය නරඹලම එන්න. තියෙන අවිශ්වාසෙත් දුරු වෙලා යාවි! හැමදාම මාස්-ඇක්ෂන් මූවීස් බලන නිසාම අද, පවුලේ හැමෝම එකට ඉඳගෙන මේ චිත්‍රපටිය බලන්න. ත්‍රාසය, භීතිය වගේම අපේ ජීවිතවලට ආදරයත් ලැබන්න ඕනේ!!
කොරෝනා ඉවරයි කියලා හිතුවට ඉවරම නැහැ කියන්න තමයි දැන් වෙන්නේ. යන එන ගමන් බිමන්, හැමදෙයක්ම පරිස්සමෙන්. රජයටම බැණ බැණ ඉන්නවට වඩා, අපේ ආරක්ෂාව අපිම හිතන එක වැඩිය හොඳයි. ජය වේවා! වෙනදා වගේම කමෙන්ට් තීරය ඔබට විවෘතයි… දැනුන නම් විතරක් ඒ හැඟීම අකුරු කරන්න බාරයි!
බලාපං අතරමං වෙලා ඒකි එක්ක දවසක්..
මොන ගඟ මැද්දෙත් තියෙනවා හබල් නැති ඔරුවක්..
කියාපන් “අම්මේ මට ඔළුවේ කැක්කුමයි” වගේ දෙබසක්..
ගලෝගෙන කකුලක්, පේනකන් ඉස්පිරිතාලයක්,
ඕකි ලේ පෙරාගෙන හබල්ගායි වරුවක්..
අම්මා කියන්නෙම, ප්‍රේමයට තවත් එක සමාන පදයක්!
(බේබදු කුමාර- ඔය රෙද්දෙන් බැස පලයන් මොනාලිසා)
ලොව සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා!!!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,436 downloadsDownload Hirkani-2019.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිනු වීරක්කොඩි
Subtitles
21 comments
හේමන්ත
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!gihan perera
පට්ට මචන් නියමයි.... ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට..... උපසිරැසි ට වඩා මේකෙ හැඳින්වීම ට පට්ට මහන්සියක් අරන් තියෙන්නේ.... නියමයි... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා.... දෙවි පිහිටයි....
Mayura
එක්සෑම් වලින් පස්සෙ කරනවයි කියලා කොහොම හරි කරා නේද? මං බැලුවා වෙන කවුරු හෝ කරලැයි කියලා. එහෙනම් අනිවා බලන ගොඩේ. සබට තැන්කූ වේවා...!!!
indika75
ලිපිය කියෙව්වම නම් නොබලා බෑ වගේ...බොහොම ස්තූතියි,මහන්සිවෙලා ලියපු ලිපියටයි උපසිරැසියටයි දෙකටම.
Anonymous
Ela. Thanks
Suranjan
Thanks jayawewa....!
isuru srinath sjs
මල්ලි ගේන Film නම් ඉතින් අනිවාරෙන් බලනවා.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට!!
Nelson
Good work friend, Thanks for the sub
සාරංග
පිලුම බෑව . සබට ස්තුතියි !
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
ශසිත් සඳරුවන්
සබට තුති වේවා මලේ...
ඔන්න බාගත්තා.. මේ වගේ එකක් නොබලා කොහොමද...
හැමදාමත් වගේ ලිපිය මරු ඈ...
දිගටම සබ් දෙමු ආ...
ජය!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!sanjaya
umbala fena sahayogaya patta ahhhhhhh. supiri
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Thanks bro
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Thivanka
ක්‍රිෂ් 4 උපසිරසි ඉක්මනට දෙන්න
MAALNATH
Thanks ...............good luck ...............
Anonymous
&#1f92a;
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තුතියි කවීනු....
මහන්සියට පින්...