Watch Trailer

The Outpost (2020) Sinhala Subtitles | ත්‍රස්ථවාදයට එරෙහිව මනුෂ්‍යත්වය [සිංහල උපසිරැසි සමග] (50)

ආයුබෝවන් බයිස්කෝප් රසික රසිකාවියනි, වෙනදා වගේ නෙමෙයි අද දවස මට සුවිශේෂ දවසක් මොකද මේ උපසිරැසිකරණ ගමනේ මගේ මුල්ම කඩයිම එහෙමත් නැත්තම් මගේ 50* වෙනි උපසිරැසිය තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. ආපු ගමන ගැන ගොඩක් දේවල් කියන්න තිබුනත් නොකියම බැරි ටිකක් විතරක් කෙටියෙන් කියන්නම්. කියවන්න අකැමති අය පහලට ගිහින් උප…

ආයුබෝවන් බයිස්කෝප් රසික රසිකාවියනි,

වෙනදා වගේ නෙමෙයි අද දවස මට සුවිශේෂ දවසක් මොකද මේ උපසිරැසිකරණ ගමනේ මගේ මුල්ම කඩයිම එහෙමත් නැත්තම් මගේ 50* වෙනි උපසිරැසිය තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. ආපු ගමන ගැන ගොඩක් දේවල් කියන්න තිබුනත් නොකියම බැරි ටිකක් විතරක් කෙටියෙන් කියන්නම්. කියවන්න අකැමති අය පහලට ගිහින් උපසිරැසිය බාගෙන ගියාට අමනාපයක් නෑ. බයිස්කෝප් අඩවිය ගැන දැනගත්ත දවසේ ඉඳන් හැමදාම වෙබ් අඩවියට ඇවිත් උපසිරැසි අරන් ගියා, දවසක් අහම්බෙන් වගේ දැක්කා “ඔබටත් ඉඩක්” කියලා පිටුවක්. ඒකේ තිබුනේ සරලව උපසිරැසියක් නිර්මාණය කරගන්න විදිය ගැන ඒ නිසා මමත් හිතුවා උපසිරැසියක් කරලා බලන්න. මුල්ම ඉල්ලීමට පිළිතුර ලැබුනේ හසන්ත වික්‍රමරත්න අයියගෙන්. කරන්න ගියාම තමයි තේරුනේ මේක කොච්ච්ර අමාරු වැඩක්ද කියලා. හැබැයි ඉතිං මේකට ඇබ්බැහි උනාමත් කොටි වලිගේ වගේ තමයි. කොහොමින් කොහොමහරි අන්තිමට වැඩේ ඉවරයක් කර ගත්තම පුදුම සතුටක් දැනුනේ. ඔන්න ඔහොම තමයි 2018 අගෝස්තු 5 මගේ පළමු උපසිරැසිය විදියට The Girl With The Dragon Tattoo (2011) චිත්‍රපටය වෙබ් අඩවියේ පළවෙනවා.

ඉතිං මේක තනියම එන්න පුළුවන් ගමනක් නෙමෙයි අවුරුදු දෙකක් තිස්සේ විවිධ ගුරුහරුකම්, අදහස් ලබාගනිමින් තමයි වැඩේ කරගෙන ආවේ, සුහද හමුවට සහභාගි උනාට පස්සේ හොඳ යාළුවෝ පිරිසක් මුණගැහුනා. සමහර උපසිරැසිකරුවෝ මුහුණු පොතෙන් හමු උනා, ඒ හැමෝටම ස්තූතිපූර්වක වෙනවා ලබා දුන්න සහයෝගයට. මුලින්ම මේ වගේ තෝතැන්න්නක් අපිට ලබාදෙන්න මුල් උන ඉසිර අයියට සහ රොයිලි අයියට හිස නමා ආචාර කරනවා බටහිර සිනමාව දන්න සිංහලෙන් අපිට නැරඹීමට ඉඩක් වෙන් කරාට. ඒ වගේම අපේ බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා ලබා දෙන ගුරුහරුකම් වලට, හසන්ත වික්‍රමරත්න අයියා, තිසර සහෝ, අශාන් විමුක්ති (විමා) සහෝ, මුල් කාලයේ මට ගොඩක් චිත්‍රපට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සහෝ, චාමර සම්පත්, ආසිරි ප්‍රියන්ත වගේම අනිත් ඇඩ්මින්වරුන් සැමටමත් ආචාර කරනවා. ඒ වගේම අපේ සහෝදර උපසිරැසිකරුවන් වන මලිත් මධුෂාන් සහෝ, කවිෂල් මල්ලි, මඟ හැරුන චිත්‍රපට ගැන මතක් කරන සොහාන් මල්ලි, හැමදාම කොමෙන්ටුවක් දාන හසිත මධුශාන්, රවිදු රුක්ශාන් සහෝ, නවීන් සහෝ, ශසිත් සඳරුවන් සහෝ, සොනාලි තාරිකා නංගි, මලිත් වීරමුණි, උදය සමන්, පසිදු මධුමාල්, ඉමේශ් ලක්ෂාන්, උදයංග සම්පත් සහෝ, දිල්ශාන් සචින්ත, නිලුපුල් මධුකප්‍රිය සහෝ, සහ ඉසුරු සම්පත් සහෝ ඇතුලු සියළුම උපසිරැසිකරුවන්ට ස්තූතිවන්ත වෙනවා. අනිත් අයගේ නම් සඳහන් නොකලට අමතක වෙලා නෑ. ඒ වගේම උපසිරැසි ගන්න, කොමෙන්ට් කරන අපේ වෙබ් අඩවිය ලංකාවේ අංක 1 විනෝදාත්මක වෙබ් අඩවිය බවට පත් කරපු රසික ඔබ සියලු දෙනාටත් හදවතින්ම ආචාර කරනවා.

යුද්ධය අපිට කියන්නේ අමුතු වචනයක් නෙමෙයි, තිස් වසරක් මුළුල්ලේම ජාතියක් වශයෙන් අපි යුද්ධයෙන් බැට කෑවා. ඒ වගේම ලෝකය පුරාම අදටත් යුද්ධයෙන් පීඩා විඳින රටවල් තියෙනවා. එක් මනුශ්‍යයන් පිරිසක් මිහිපිට දෙවියන් වෙද්දි තවත් පිරිසක් නොමිනිස් රාක්ෂයන් වෙනවා. මෙවැනි රාක්ෂයන්ගෙන් ලෝකය බේරාගැනිමේ එක පියවරක් ලෙස 2009 වසරේ ඇෆ්ගනිස්ථානයේ, කම්ඩේශ් ප්‍රදේශයේ ඇමරිකානු හමුදාව විසින් “කීටින්” නම් මුරපළක් පිහිටුවනු ලැබුවා. මෙය පිහිටුවීමේ අරමුණ උනේ ලෝකයේ අතිශය දරුණු ත්‍රස්තවාදීන් පිරිසක් වන තලෙයිබාන්වරුන්ගෙන් එල්ලවන තර්ජන මැඩලීම සහ දේශීය ජනතාවගේ අඩුපාඩු සොයාබැලීමයි. යුද විශ්ලේෂකයන් මෙම කඳවුර හැඳින්වූයේ මරු කපොල්ලක් ලෙසටයි, ඒ මක්නිසාද කිවහොත් මෙම කඳවුර පිහිටි භූ විෂමතාව ඇමරිකානු හමුදාවට බෙහෙවින් අවාසිදායක උනා. හින්දුකුෂ් කඳුවැටියෙන් සම්පූර්ණයෙන්ම වටවු තැනිතලා බිමක මෙම කඳවුර පිහිටා තිබු අතර ත්‍රස්ථවාදීන්ට සැඟවී සිට මේ කඳවුර නිරීක්ෂණය කිරීමට ඉතා පහසු උනා වගේම ඇමරිකානු භටයින්ව ඔවුන්ට පහසුවෙන් ගොදුරු කර ගැනීමට හැකි උනා. ප්‍රහාරයකදී ඇමරිකානු භටයන්ට කඳුකරයේ සැඟවී සිටින ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගැනීම කිසිසේත් කල නොහැක්කක් උනා. 2009, ඔක්තෝබර් මස 03 වෙනිදා කීටීන් කඳවුරේ සිටි ඇමරිකානු භටයන්ගේ ජීවීත සහමුලින්ම වෙන බව ඔවුන් කිසිසේත් හිතන්නේ නැතුව ඇති. ඇෆ්ගනිස්ථානු ඉතිහාසයේ තවත් එක් දරුණුතම සටනක් වන “කම්ඩේශ් සටන” සඳහා අවශ්‍ය පිඹුරුපත් ඒ වන විට සැකසෙමින් තිබුනා. 300කට අධික තලෙයිබාන් ත්‍රස්තවාදීන්ට එරෙහිව 130කට ආසන්න සුළු භට පිරිසක්, භු විෂමතා අවාසි සහිතව නොදන්න භූමීයක දිවි දෙවෙනි කර සටන් වැදුනා. වැඩිදුර තොරතුරු චිත්‍රපටය නරඹලා දැනගන්න කියලා ඉල්ලනවා, චිත්‍රපටය අවසානයේ එම අත්දැකීමට මුහුණ දුන් සැබෑ සොල්දාදුවන් සමඟ කරන ලද සාකච්ඡා නරඹන්න කියලත් ඉල්ලනවා ඒවාටත් උපසිරැසි නිර්මාණය කරලා තියෙන්නේ, එහෙනම් ඉතිං සොල්දාදුවන්ගේ කැපකිරීම්, ඔවුන්ගේ ජීවිත පූජා, ආදරය, වේදනාව, කඳුළු සියල්ලම කැටි කර නිපදවන ලද මේ සුපිරි සලරුව නැරඹීමට ඔබට ආරාධනා කරනවා.

මේ වසරේ නිකුත් වූ නවතම යුධමය සිනාමාපටයේ පෙරවදන තමයි ඉහත දැක්වෙන්නේ. සත්‍ය සිදුවීම් ඇසුරින් Jake Tapper විසින් රචනා කරන ලද The Outpost: An Untold Story of American Valor නම් ග්‍රන්ථය ඇසුරින් නිර්මාණය කරන ලද මෙම සිනමාපටය අධ්‍යක්ෂනය කරන්නේ Rod Lurie. 2020 ජුනි මස 24 දා තිරගත කිරීම අරඹා මේ වන විට 6.7ක් ඉහල IMDb අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය ගූගල් පරිශීලකයන් අතර 88% මනාපයකුත් කුණු තක්කාලි අගය 91%කුත් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. සැබෑ චරිත වලට ගැලපෙන ආකාරයෙන් තමයි නළු නිළියන් තෝරගෙන තියෙන්නේ. ප්‍රධාන චරිත වන සාජන් “ක්ලින්ට් රොමේශා” ලෙස සුප්‍රකට නළු Clint Eastwood ගේ පුතු වන Scot Eastwood රංගනයෙන් දායක වන අතර “කැප්ටන් කීටින්” ලෙස The Lord of the Rings චිත්‍රපට මාලාවේ “ලෙගොලස්” ලෙස ලොවපුරා අතිශය ජනාදරයට පත් Orlando Bloom විසින් නිරූපනය කරනවා. X-Men First Class (2011) චිත්‍රපටයේ “බැන්ෂී” ලෙස රංගන දායත්වය දැක්වු Caleb Landry Jones “ටයි කාටර් ” ලෙසත් සුපිරි නළු Mel Gibson ගේ පුතු වන Milo Gibson “කැප්ටන් රොබට් යෙලෙස්කස්” ලෙසත් දැකගන්නට පුළුවන්. එහෙනම් වැඩි විස්තර කියන්නේ නෑ උපසිරැසිය අරගෙන කොමෙන්ටුවක් දාගෙන යන්න කියලා ආදරයෙන් මතක් කරනවා. පළමු කඩයිම වෙනුවෙන් මට මේ චිත්‍රපටිය හොයලා වෙන් කරලා දුන්න අපේ ඇඩ්මින්වරයෙක් වෙන විමා සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. අපේ රටේ කොරෝනා ව්‍යසනය තවමත් පහවෙලා නැති නිසා ඔයාලා පරිස්සමින් ඉන්න. මම දනුවා.. ජය වේවා !!

ස්වර්ගයට සහ අපායට ඇත්තේ එකම දොරටුවකි…..

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB / HD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

31,003 downloadsDownload The-Outpost-2020-Blu-Ray.zip296 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

යුරාන් ධනුක

Subtitles

31,003 downloadsDownload Subtitles296 KB

81 comments

  1. එල්.සී. දමැල්

    50වෙනි උපසිරසගැන්වීමට උණුසුම් සුභ පැතුම්!
    ඊළඟ කඩයිමටත් ඉක්මනින් යන්න කාලය හා ඉඩ කඩ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
    ජය :)

  2. Prabodha20

    Sthuthi sahoo. 50 wana upasirasayata suba pathum ....

  3. Arawinda Sunimal

    ස්තුතියි ජයෙව්වා......................

  4. නිරෝෂ්

    ස්තුතියි සහෝ.ජයවේවා!

  5. දිල්ශාන් සචින්ත

    බයිස්කෝප් එකෙන් සමීපවුනි කීප දෙනාගෙන් උඩින්ම ඉන්න එකෙක් තමා උව ඉතින් පලවෙනි කඩයිම කොහොම හරි පාස් කරා නේද.... එහනම් 50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභපැතුම් බොක්ක.ඊලග කඩයිම ඊටත් වඩා ඉක්මනින් ගහමු. ජ්‍ය.

  6. Chämàrá Sâmpáth

    50'වැනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් යුරාන්.
    මෙතැනින් නොනැවති තවත් ඉදිරි කඩයිම් වලටත් ඉක්මණින්ම ලගාවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මාවත් මතක් කලාට ස්තුතියි!!
    ඒවගේම මේ උපසිරැසියටත් හුගක් ස්තුතියි. ජය!!!

  7. Pasindu Madumal

    මුලින්ම උණුසුම් සුබ පැතුම් අයියේ 50* වන උපසිරැසි ගැන්වීමට..! ආපු ගමන දුරයි ලබන සතුට උතුරයි කියන්න වගේ, මෙතැනින් නොනැවතී 100* කඩයිමටත් යමු. මගේ නමත් මතක් කරලා තියෙනවා. එහෙනම් බයිස්කෝප් පවුලත් එක්ක දිගටම ඉමු කියන ගමන් ඉදිරියේදී කරන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අයියේ..! ❤️✌️

  8. Sanjaya

    Congratzz Yuran!! Thanks for sub brother.. Jaya wewa!!

  9. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    උපසිරැසිකරණයේ පලමු කඩඉමට උණුසුම් සුභ පැතුම්.! තමන්ගේ වටිනා කාලය අනුන්ගේ යහපත වෙනුවෙන් කැපකරනා ඔබගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා.! ඉතා ඉක්මණින් ඉදිරි කඩඉම් කරා යාමටත් අවස්ථාව ලැබේවා.!

  10. indika75

    50වන උපසිරැසියට සුබපැතුම් !!!!

  11. උවිඳු

    50 වන සිංහල උපසිරසිකරණයට ඔබට අපගේ උණුසුම් සුබපැතුම්.

  12. Gathsara Umesh

    හදවතින්ම සුබපතවා සහෝ 50වෙනි කඩයිමට...ඒවාගේම මේ කරන සේවයටත් බොහෝම ස්තූති වන්ත වෙනවා..
    ඔහොම්ම වැඩටික කරගෙන යමු..100ත් ගහමු..පුලුවන් තරම් සබ් දෙමු..ජයවේවා...!!!!!

  13. ශසිත් සඳරුවන්

    පළමු කඩඉමට උණුසුම් සුබපැතුම් කිවුවා...
    මුලින්ම අඳුරගන්න ලැබුනේ මුහුණු පොතෙන් තමයි...
    ආතල් පෝස්ට් ශෙයා කරන, තනිකඩ සංගමේ මුල් පුටුවක් හොබවන නිසා ලඟින් ආශ්‍රය කරන හාදයෙක්. :P
    ඉංග්‍රීසි වැඩිය බැලෙන්නේ නැති නිසා ඔයාගේ සබ් වලින් ෆිල්ම් බලලා තියේද කියලා මතකත් නෑ.
    සබ් කරන්න ගත්තම තියෙන පළවෙනි බලාපොරොත්තුව තමයි පළවෙනි කඩඉම.
    කොහොම හරි එතනට ආවා නෙහ්. ඉදිරි කඩඉම් වලටත් යන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා
    කරන ගමන් තනිකඩ සංගමෙන් මිදිලා පෞද්ගලික ජීවිතේ ඉදිරි කටයුතුත් සාර්ථක කරගන්න
    හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. :P :P
    දිගටම සබ් දෙමු ආ... ජය!

  14. උවිඳු

    පුලුවන් නම් nnetflix cursed වලටත් sub දාන්න.

  15. suranuwan

    thanks bro...

  16. Mawan Geethanjana

    50 වන කඩයිමට සුභ පැතුම් !

  17. Chandima Prasad

    කඩයිමට සුභපැතුම්...සබ් එකට ගොඩක් ස්තූතියි මචං....ජය වේවා.....

  18. ishu

    cngratz saho

  19. Bobby

    Thank you very much Danuka

  20. Manohari

    Bohoma sthuthi subtitles walata....
    All the best for 50th milestone...

  21. Udaya Saman

    ....පළමුවෙන්ම පලමු කඩ ඉමට සුභ පතනවා..
    මුලින්ම අදුර ගන්න ලැබුනෙ 2018 ගෙට් එකේදි තමයි. එදා හදුන ගන්න ලැබුන ඒ සබැදියාව අද වෙනකන් බොහොම සොදුරු බැදීමක් වෙනකන් වර්ධනය වුනා කිව්වොත් නිවැරදියි.
    ඒ වගේම ඕන උදව්වක් කිව්වොත් කරල දෙන හිත හොද එකෙක්. සමාවෙන්න ඕනි පරක්කු වුනාට කමෙන්ට් එකක් දාන්න.මාවත් මතක් කරාට ස්තූතියි. ඉදිරියේදිත් දෙවැනි කඩ ඉම වෙත ඉක්මණින් ලගා වෙන්න ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

  22. sahancharuka

    THANK YOU!!

  23. Kantha_DLA

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  24. Nilush Angana

    Sub ekata thanx

  25. නලින් පෙරේරා

    නියමයි, යුරාන් මල්ලි! හිමින් සීරුවේ 100ත් ගහමු!
    ජය වේවා!

  26. උදයංග සම්පත් හතරසිංහ

    පළවෙනි කඩයිමට සුබපැතුම් මල්ලි. ❤ පළවෙනි කඩයිම කියන්නෙ වැදගත් තැනක්. එතනින් තමයි හරියටම ගමන ආරම්භ වෙන්නෙ. යුරාන් කියන නමත් අනාගතේ දවසක බයිස්කෝප් ඇතුළෙ හැමෝම දන්න නමක් වේවි, ඒ ගැන කිසි සැකයක් නෑ. කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. තව ටිකක් වේගෙ වැඩි කරල ඉක්මනින් 100,150, 200 කඩයිම් වලට යමු. මාවත් මතක් කළාට ගොඩක් ස්තූතියි! ජය වේවා..! ❤❤

  27. ramesh

    thanks sub 1ta enakal balan hitapu movie 1k

  28. Praneeth

    CongratulTIONS

  29. Sanath Perera

    50 වෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ…
    බොහොම ස්තූතියි සහෝ මෙච්චර කාලයක් සබ් අරන් ආවට…
    බ්ලුරේ රිප් ආව ගමන්ම බලනවා...
    බ්ලුරේ ආව ගමන්ම යාවත්කාලීන කරන්න.
    වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
    ඔබට ජයෙන් ජය…

  30. isuru srinath sjs

    50 වෙනි සිංහල උපසිරැසියට හදවතින්ම සුබ පතනවා!! බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය!!

  31. Anonymous

    niiyamai saho.
    digatama sub karanna, shaktiya dahiraya lebewa...!

  32. prasad jayawardena

    niiyamai saho.
    digatama sub karanna, shaktiya dahiraya lebewa...!

  33. MAALNATH

    Thanks ............good luck ..............

  34. lakshan

    thanks ...............

  35. සනිඳු ලක්ඛිත

    50 වෙනි උපසිරසට හදවතින්ම සුභ පැතුම් සහෝ.. තව තවත් ඉදිරියට උපසිරස කරන්න ලැබේවා කියලා වගේම ජීවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
    මේ උපසිරසටත් බොහොම ස්තූතී... ජය වේවා.. බුදුසරණයි..!

  36. Kavinu

    සුබ පැතුම් යුරාන් අයියේ... දෙවෙනි කඩයිමටත් ඉක්මනටම යන්න ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා, ❤️
    දැකලා මුණගැහිලා කතාබහ නොකලට බයිස්කෝප් පවුලෙන් මුණ ගැහුණු හොඳ මිත්‍රයෙක්...
    ජය වේවා!! ❤️

  37. Lakmal

    Thanks for the sub...

  38. Sohan Jayasooriya

    පළවෙනි කඩඉමට හදවතින්ම සුබ පතනවා අයියේ!!..සයිට් එකෙන් හම්බුන ගොඩක් හොඳ යාලුවෙක්..උදව්වක් ඉල්ලුවාම නෑ බෑ නොකිය කරලා දෙන කෙනෙක්.. ඔය ගැම්මෙන්ම ඊළග කඩඉමත් කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. මාවත් මතක් කලාට ස්තූතියි.. කමෙන්ට් එකක් දාන්න පරක්කු උනාට සමාවෙන්න හොදේ දන්නවනේ මේ ටිකේ ඉතින් ටිකක් කරදරනේ.. ජය වේවා අයියේ..

  39. Anonymous

    congratulations.....!!! Thank You.....!!!

  40. Dan

    Thank you ... Great movie.

  41. Visal

    Suba pathum saho oya gammatama protector 4 weni ekatath sub dennako

  42. Nelson

    Good work friend, Thanks for the sub!

  43. Gayath

    Thanks bro..ela

  44. Udaya Fdo

    Best wishes and thanks for the sub

  45. -චානක ඉඳුනිල්-

    කඩයිමට උණුසුම් සුභපැතුම් මචන්,
    ඒ වගේම උපසිරැසියටත් බොහොම ස්තූතියි..
    ඊලඟ කඩයිමටත් ඉක්මනින්ම යමු,
    අනාගතයට සුභ පැතුම්!

  46. Sandaruwan Weerasinghe

    Kiyala thibuna godak dewal aththa.. batahira sinamawe rasaya e widiyatama, adupaduwak nodanena widiyata, apema thaleta api lagata aran ena mulu baiscope team ekatama thuthi..

  47. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

  48. Wayantha Sandaruwan

    සුභ පැතුම් සහෝ
    ජය වේවා
    උපසිරසට තුති

  49. මිලින්ද ප්‍රියලාල්

    Thanks

  50. kevin D...

    Thanks...

Load more comments