කොහොමද යාළුවනේ, ඔන්න එහෙනම් ඉක්මනටම තවත් චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවා. අද දවස මට විශේෂ දවසක් වෙනවා, මොකද කිව්වොත් අද තමයි මගේ හැපි බර්ත් ඩේ එක. ඒ කියන්නේ අද තමයි මගේ උපන් දිනය. එහෙම කියලා කේක් ඉල්ලන්න එපා හොදේ. කේක් වෙනුවට මම ඔයාලට ගෙනාවා සුපිරි හොල්මන් චිත්‍රපටයක්. ගොඩක් හොල්මන් ෆිල්ම් වගේ නෙමෙයි ම…

කොහොමද යාළුවනේ, ඔන්න එහෙනම් ඉක්මනටම තවත් චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවා. අද දවස මට විශේෂ දවසක් වෙනවා, මොකද කිව්වොත් අද තමයි මගේ හැපි බර්ත් ඩේ එක. ඒ කියන්නේ අද තමයි මගේ උපන් දිනය. එහෙම කියලා කේක් ඉල්ලන්න එපා හොදේ. කේක් වෙනුවට මම ඔයාලට ගෙනාවා සුපිරි හොල්මන් චිත්‍රපටයක්. ගොඩක් හොල්මන් ෆිල්ම් වගේ නෙමෙයි මේ චිත්‍රපටය සාම්ප්‍රදායික තේමාවලින් බැහැර වෙලා ජනාප්‍රවාදයක් ආශ්‍රය කරගෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. 2020 ඔක්තෝම්බර් 30 තමයි මේක ප්‍රථම වරට නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වෙන්නේ. මෙය 6.4 ක IMDb අගයක් ලබා ගැනීමටත් 86% ගූගල් පරිශීලක මනාප ලබාගැනීමටත් සමත් වෙලා තිබෙනවා වගේම Horror\Thriller යන කාණ්ඩ වලට වර්ගකරණය වෙලා තියෙනවා. මේ චිත්‍රපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Remi Weekes නම් අධ්‍යක්ෂකවරයා විසින්. ඒ වගේම Sope Dirisu, Wunmi Mosaku, Matt Smith යන රංගන ශිලිපීන් මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනවා.
බොල් මජූර් සහ රියල් මජූර් අප්‍රිකාවේ දකුණු සූඩානයේ ඉඳන් එංගලන්තයට ආපු සරණාගතයන් යුවලක්. මෙයාලා එංගලන්තයට එන ගමන අතරතුර මෙයාලගේ දුව මියයනවා. මේ දෙන්නා එංගලන්තයේ සිර අඩස්සියේ ඉද්දි සරණාගත මධ්‍යස්ථානයකින් මෙයාලට නිවසක්, බොල්ට රැකියාවක් සහ සතිපතා දීමනාවක් කොන්දේසි සහිතව ලබාදෙනවා. මෙයාලට ලැබෙන්නේ නගරයේ තියෙන පරණ ඒත් තරමක් විශාල නිවසක්. මෙයාලා මෙහෙම ජීවත් වෙද්දි මේ දෙන්නට අමුතු ආකාරයේ සිහින පේනවා සමහර ඒවා සිහින කියන්නත් බැරි තරම් අද්භූතයි. බොල් මේ ගැන වැඩිය ගණන් නොගත්තත් රියාල්නම් මේ ගැන ගොඩක් හිතනවා. එයා කියන්නේ අප්‍රිකාවේ ඉඳන්ම එයාලගේ පස්සේ ආපූ අද්භූත යමක් මේ බිත්ති අස්සේ තියෙනවා කියලයි. වැඩි විස්තර කියන්න යන්නේ නෑ ඉතිං මේ බිත්ති අස්සේ මොනවද තියෙන්නේ ? මේ අද්භූත දේ මොකක්ද ? මේ දෙන්නගේ දුවට ඇත්තටම මොකද උනේ ? මේ ඔක්කොටම පිළිතුරු සහ නොහිතන අවසානයක් ඔයාලට මේ චිත්‍රපටයෙන් බලාගන්න පූළුවන්.
මට මේ චිත්‍රපටය ගැන මුහුණු පොතෙන් දැනුවත් කලේ මලීෂ ප්‍රවීන් සහෝ. හැමදාමත් වගේ කියන්නේ ඔයාලගේ යහපත්/අයහපත් ප්‍රතිචාර සහ ඉල්ලීම් පහළ කොමෙන්ට් බොක්ස් එකේ දාගෙන යන්න කියලා තමයි. මට මේ මේ ෆිලුම වෙන් කරලා දුන්න අපේ ඇඩ්මින්වරයෙක් වෙන සිසිල ප්‍රසාද් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මේ කොරෝනා ආපදා කාලයේ ඔයාලා හැමෝම පරිස්සම් වෙලා ඉන්න. මේ වගේම දිගටම අපේ වෙබ් අඩවියත් එක්ක රැඳී ඉන්න. ඉක්මනටම තවත් චිත්‍රපටයක උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා ! මම දනුවා..
තෙරුවන් සරණයි !

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WebRip පිටපත් සඳහා අදාළ වේ.
5,144 downloadsDownload His-House-2020.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
21 comments
Anonymous
Supun Kaushalya
Thank you
Sohan Jayasooriya
සුභම සුභ උපන්දිනයක් වේවා අයියේ.. ඒ වගේම ස්තූතියි සබ් එකටත්
Supun Kaushalya
සුබ උපන්දිනයක් වේවා සහෝ :)
Thank you සබ් එකටnirosha
happy birthday bro
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට... happy birth day machoooooooo
Shihan
Tnx broo...❤️❤️
Anonymous
Ahh... happy birthday...
Induma Udayanga
සුබ උපන්දිනයක් වෙවා මචෝ..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Pasindu Madumal
බලන්න හොල්මන් එකක් හොය හොය හිටියේ.
මේ තියෙන්නේ, අනිවා බැලිල්ලක් තමයි.
සබට තුති යුරාන් අයියා..!❤damith
thanks bro. jaya wewa....
Malith Samarawickrama
Thanks yuran bro sub ekata. happy bth day 2 u
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම් මෙම චිත්‍රපට කිහිපය සදහා ද උපසිරැසි ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලමි.
Manhunter - 1986
Hannibal - 2001
Red Dragon - 2002
Hannibal Rising - 2007Sangeeth Samarasinghe
Honda movie akk wage.. story aki trailer aki nm hodai..sub akata thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!MAALNATH
Thanks ............good luck .......
කවිඳු ජයවර්ධන
මේකේ trailer එක බැලුවහම Get out , Us ෆිල්ම් දෙක මතක් උනා..ඒ හින්දම මේ හොරර් ෆිලුමත් බැලුවා..ඇත්තටම පහරක්..නොහිතන අවසානයක්..උපසිරැසියට බොහොම ස්තුතියි යුරාන් සහෝ..!!!..ඔබට ජය..!!!
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Dewadithya
Thanks for sub!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![His House (2020) Sinhala Subtitles | අඳුරු මායාකරුවාගේ ශාපය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/11/His-House-2020.jpg)
Thanks For Sub Bro