ආයුබෝවන් කියල පිලිගන්නවා බයිස්කෝප්වාසී මිතුරන් හැමෝම. මේ වසරේ ආපු තවත් Business, Drama ඝනයට අයත් චිත්‍රපටයක් ඔබ වෙත රැගෙන එන්නයි මගේ මේ සූදානම. සියලු දෙනාම නිවෙස් වල සිටිමින් ආරක්ෂාකාරීව, සෞඛ්‍යමත්ව තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කරගෙන යන ගමන් පවුලේ අය සමග විනෝදයෙන් කාලය ගත කරන අතරතුර මේවගේ මේ වගේ චිත්‍ර…

ආයුබෝවන් කියල පිලිගන්නවා බයිස්කෝප්වාසී මිතුරන් හැමෝම. මේ වසරේ ආපු තවත් Business, Drama ඝනයට අයත් චිත්‍රපටයක් ඔබ වෙත රැගෙන එන්නයි මගේ මේ සූදානම. සියලු දෙනාම නිවෙස් වල සිටිමින් ආරක්ෂාකාරීව, සෞඛ්‍යමත්ව තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කරගෙන යන ගමන් පවුලේ අය සමග විනෝදයෙන් කාලය ගත කරන අතරතුර මේවගේ මේ වගේ චිත්‍රපටයක් නරඹන්නට අවස්ථාව ලැබෙන එක ලොකු භාග්‍යයක්. වැඩිදුරටත් පවසන්නට කැමතියි රජය සහ සෞඛ්‍ය සේවා අංශයන් විසින් ලබා දෙන උපදෙස් පිළිපදිමින් මේ වසංගත තත්වය සමග ඇති වී ඇති අවදානමෙන් මිදෙන තුරු රජයට සහ අනිකුත් ආරක්ෂක අංශ ඇතුලුව සියලුම දෙනාට නිවෙස්වලම සිට ඔබගේ සහයෝගය ලබාදෙන ලෙසට බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ අප සියලුදෙනාම මුලින්ම මතක් කර සිටින්න කැමතියි.
ඉතින් ඉන්දියාවේ ව්‍යසනකාරී තත්වය කෙසේ වෙතත් සිනමාවට තවමත් එහි බලපෑම එලෙසින්ම පවතින බව ඔබ දන්නවා ඇති. අත්‍යවශ්‍ය කටයුතු සඳහා හැම දෙයක්ම පෙර පරිදි ඇරඹුනත් සිනමා ශාලා තවමත් විවෘත කිරීමට හැකි වටපිටාවක් නොමැති නිසාවෙන් සිනමාව තවමත් එකතැන හිරවී තිබෙනවා. ඉතින් හැකි අයුරින් ඩිජිටල් මාධ්‍යයන් හරහා චිත්‍රපට නිකුත් කෙරීගෙන යන සමයක කෙමෙන් කෙමෙන් සමහර ප්‍රදේශ වල සිනමාශාලා විවෘත කර පරණ චිත්‍රපට නැවත ප්‍රදර්ශනයද ඉන්දියාවේ කෙමෙන් කෙමෙන් ඇරඹි තිබෙනවා. ඉතින් පහුගියදා එලෙස ඩිජිටල් මාධ්‍යයට නිකුත් වුනු තවත් අපූරු චිත්‍රපටයක් අරගෙන එන්නටයි මේ සූදානම.
කීර්ති සුරේෂ්… පසුගියදා පැවති 66 වන ඉන්දියානු ජාතික සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙසින් ඇගයීමට ලක්වූ කවුරුත් හඳුනන දඟකාර නිළිය. 2018 වසරේ නිකුත් වූ සියලුම ඉන්දීය චිත්‍රපට අතරින් ඉන්දීය නිලියන් සියල්ල පරදා Mahanati චිත්‍රපටයේදී ශ්‍රේෂ්ඨ නිලි සාවිත්‍රිගේ චරිතය නිරූපනය කල කීර්ති සුරේෂ් හොඳම නිලියට හිමි ඉන්දීය ජාතික සම්මානය දිනාගන්නට සමත් වූවා. Mahanati චිත්‍රපටයෙන් පසුව ඇයගේ චිත්‍රපට කීයපක්ම නිකුත් වූවත්, කීර්ති සුරේෂ් ජාතික සම්මානය දිනා ගැනීමෙන් පසුව නිකුත් වූපළමු චිත්‍රපටය වනුයේ Penguin චිත්‍රපටයයි. එය මින් පෙර ඔබ නරඹන්නට ඇති. ඉතින් ඉන් මාස කිහිපයකට පසු නැවතත් කීර්ති සුරේෂ් ඩිජිටල් මාධ්‍යය හරහා අප වෙත පැමිණෙන්නේ මිස් ඉන්ඩියා චිත්‍රපටයෙන්. ජාතික සම්මානලාභී නිළිය නිසාවෙන් මේ ගැනද ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු ඉතා ඉහල මට්ටමකින් පැවතීම තවත් විශේෂ කාරණයක්.
නාට්‍යමය චිත්‍රපටයක් වන මෙය අධ්‍යක්ෂණය කරන්නේ නරේන්ද්‍ර නාත් විසින්. මෙය Women Centric චිත්‍රපටයක් වන අතර මේ සඳහා කීර්ති සුරේෂ්ට අමතරව රාජේන්ද්‍ර ප්‍රසාද් සහ ජගපති බාබු වැනි අති දක්ෂ නළු නිලියන් පිරිසක්ද රංගනයෙන් එකතු වෙනවා. මෙම වසරේ මුල් භාගයේ තෙලුඟු සිනමා සංගීතයේ පෙරලියක් සිදු කරමින් Ala Vaikunthapurramuloo චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කල S Thaman විසින් මෙම චිත්‍රපටයේද සංගීත අධ්‍යක්ෂණය සිදු කරනු ලැබීම තවත් විශේෂ කාරණයක් ලෙස හැඳින්විය හැකියි. කීර්ති සුරේෂ් ගේ 20 වන චිත්‍රපටය වූ මෙය පහුගිය අප්‍රේල් 17 වැනිදා තිරගත වන්නට සූදානම්ව තිබුනත්, ඇතිවූ කොවිඩ් තත්වය නිසාවෙන් එය දින නියමයක් නොමැතිව කල් දමන්නට නිෂ්පාදකවරුන් තීරණය කරනු ලැබුවා. නමුත් පසුගිය නොවැම්බර් 4 එය නෙට්ෆ්ලික්ස් හරහා ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ලොවපුරා ප්‍රේක්ෂකයින් හට දැකබලාගන්න අවස්තාව සලසා දෙමින් චිත්‍රපටය නිකුත් කරන්නට ඔවුන් තීරණය කරනු ලබනවා. එසේ නම් ඔබටත් ආරාධනා කර සිටිනවා. අරගෙන නරඹන්න. ආදර්ශමත් මිනිත්තු 136ක් මෙලෙස රසවින්දනය කරන්නට කියා.
– සංගීත අධ්‍යක්ෂ S.Thaman සමග Miss India කණ්ඩායම –
ශ්‍රේෂ්ඨත්වය යනු එක්තරා ගුණාංගයක්…
ඒක කෙනෙක්ගේ හඳුනාගැනීම/අනන්‍යතාවය මත, පැමිණෙන්නෙත් නැහැ…
කෙනෙකුගේ නොහඳුනාගැනීම මත නැතිවෙන්නෙත් නැහැ…
මේක මම පොඩි කාලේදී සීයා මට කියල දුන්නු කාරණයක්…
ඒක අහනකොට තේරුම් ගන්න පුළුවන් වයසක මම හිටියෙ නැහැ…
තේරුම් ගන්න පුළුවන් වයසට එනකොට එයා හිටියෙ නැහැ…
මේ කාරණයේ අර්ථයේ තරම ඔය අයට තේරුම් ගන්න නම්..,
ඔය අය මගේ කතාව දැනගන්න ඕන..
මගේ නම මානසා සම්‍යුක්තා…
ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ වයිසාග් වල මධ්‍යම පාන්තික පවුලක සිට ඇමරිකාවේ සාර්ථකම ව්‍යාපාරික කාන්තාවක් දක්වා දුෂ්කර ගමනක නිරත වෙන මානසා නම් තරුණ යුවතියගේ කතාව මිනිත්තු 136ක් පුරා මිස් ඉන්දියා නමින් දිවෙන්නේ ජීවිතයේ බලාපොරොත්තුවක් වෙනුවෙන් කැපවන ඕනෑම කෙනෙකුට හොඳ ආදර්ශයක් සපයමින් බව කිව යුතුය. ඉතින් ඔබටත් ආරාධනා කර සිටිනවා ඒ අද්දැකීම මෙතැන් සිටි විඳගන්නට…
ඉතින් එහෙනම් අදට සමුගෙන යන්න අවසරයි. උපසිරැසිය උස්සන් එන්න පරක්කුවක් උනානං ඒ ගැන සමාවද ඉල්ලා සිටින ගමන්, මේකට උපසිරැසි ගන්වන්න අවස්තාව ලබාදුන් මා මිත්‍ර විමා සහෝටත් ස්තුතිය පුද කර සිටිනවා. ආයෙත් මේ වගේම සොඳුරු බයිස්කෝප් එකක් සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. සෞඛ්‍යය රැක ගනිමින් සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇති පරිදි ක්‍රියා කරමින් ප්‍රවේසමෙන් කාලය ගත කරන මෙන් ඉල්ලා සිටිනවා. හැමෝටම කිසිම ලෙඩක් දුකක් නැතුව නීරෝගීමත්ව ඉන්න ලැබෙන්න කියල පාර්ථනා කරන ගමන් අපි විසිවෙනවා. යන ගමන් පහලින් අදහසකුත් දක්වාගෙන යන්න කියල ඉල්ලා හිටිනවා. කමෙන්ට් කරන නොකරන සැමට ජය පතමින් බයිස්කෝප් අපව ලංකාවේ අංක එකට ඔසවා තැබූ ඔබට අවසාන වශයෙන් නැවතත් කෘතඥතාවය පිරිනමන ගමන් මං එහෙනම් විසි වෙනවා.. ඔබ සැමට ජයෙන් ජය…!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
15,111 downloadsDownload මිස්-ඉන්ඩියා-2020.zip74 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තාරක නුවන්
Subtitles
24 comments
විමා
තාරක නුවන්
මේවත් කියලා කියන්නේ ඇයි මේවා අවුල් ඒවද?
Prasad Siriwardhana
අන්තිම චාටර්
Anonymous
ow ithin hollywood gagena inna ayata charter thma
ඩොක් අයියා
බොහොම ස්තුති මල්ලියෝ
ASHAN PERERA HETTI ARACHCHIGE
බොහොම ස්තූතියි!
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Ravimal Herath
film එක බාන්න විදිහක් නෑ නේ මචං
yohan
biascope download site eken baganna
Ravimal Herath
Thanks
Hashanpramodya
aken banna bene
yohan
thanks... puluwannam ilagata hindi ekakata sub denna
geeth
thank you......
NAMAL WICKRAMA
oyage sub niyamai... puluwan nam DIL BOLE HADIPPA Hindi film ekata sub ekak danna.. ekath godak lassana film ekak
Kavi_madushan
Sub ekata bohoma sthuthi,jayawewa,budusarnai !!!
Anonymous
thanks laxshmi 2020 khalipeeli 2020 ginny weds sunny 2020 drive 2019 happy hardy and heer 2020 hindi films walatath sub demu
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
D.Chamara
බොහොම ස්තූතියි .... !
Pasindu Madumal
කීර්තිව එහෙම මිස් කරගන්න පුළුවන්ද!
අනිවා බැලිල්ලක් තමයි.
සබට තුති තාරක අයියා..!❤Sugala Deshani
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Hashanpramodya
downlord karanna bene film aka
Rishantha
Thanks Tharaka
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Miss India (2020) Sinhala Subtitles | සෙනෙහසින් සිහිනය කරා…! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/11/මිස්-ඉන්ඩියා-2020.jpg)

සබට තුති බන්.
මේ ටිකේ මේවත් බලනො :D