Hokum (2026) Sinhala Subtitles හැමෝටම සුභ දවසක්. ඔන්න අළුතින්ම ආපු වෙනස්ම විදියේ හොරර් ෆිල්ම් එකක් ඔයාලට අරගෙන ආවා. ඇත්තටම අප්‍රේල් සහ මැයි මාස කියන්නෙම හොරර් ෆිල්ම් රසිකයන්ට ඉතාම යහපත් මාස දෙකක් කියලා කියන්න පුළුවන් මොකද ඒ මාස දෙකේ හොරර් චිත්‍රපට වැඩි ප්‍රමාණයක් නිකුත් උනා වගේම ඒ චිත්‍රපට කිහිපයක්…
Hokum (2026) Sinhala Subtitles
හැමෝටම සුභ දවසක්. ඔන්න අළුතින්ම ආපු වෙනස්ම විදියේ හොරර් ෆිල්ම් එකක් ඔයාලට අරගෙන ආවා. ඇත්තටම අප්‍රේල් සහ මැයි මාස කියන්නෙම හොරර් ෆිල්ම් රසිකයන්ට ඉතාම යහපත් මාස දෙකක් කියලා කියන්න පුළුවන් මොකද ඒ මාස දෙකේ හොරර් චිත්‍රපට වැඩි ප්‍රමාණයක් නිකුත් උනා වගේම ඒ චිත්‍රපට කිහිපයක්ම ඉතා ගුණාත්මක වගේම ආදායම් වාර්තා තබමින් තිරගත උනා. ඉතිං මම අද ගෙනාපු මේ HOKUM කියන ෆිල්ම් එකත් ඒ වගේම හොඳ රසික ප්‍රතිචාර ලබාගත්ත ෆිල්ම් එකක් බව කියන්න ඕන.
ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් බැළුවොත් ඕම් බවුමන් කියන්නේ ඇමරිකානු ජාතික කතුවරයෙක්. එයා මේ දවස් වල තමන්ගේ නවතම නවකතා මාලාවේ අවසානය ලියාගන්න බැරුව පොඩ්ඩක් සිතුවිලි එක්ක අරගලයක යෙදිලා ඉන්නවා. එහෙම අවස්ථවක වෙන සිද්ධියකදි එයාට හිතෙනවා කාලේකට කලින් තමන්ගේ දෙමව්පියෝ විවාහ වෙලා මධුසමය ගත කරන්න ගිය අයර්ලන්තයේ පිටිසර පිහිටලා තියෙන හෝටලයකට යන්න. ඕම් මේ හෝටලයට ආවට පස්සේ දැනගන්න ලැබෙනවා කාලෙකට කලින් තමන්ගේ දෙමව්පියෝ හිටපු ඒ හෝටලේ තියෙන හනිමූන් සූට් කාමරය අද්භූත සිදුවීමක් නිසා දැන් වහලා දාලා තියෙනවා කියලා. හෝටලේ අයනම් කියන්නේ ඒ කාමරේ මායාකාරියක් ඉන්න නිසා එයාට එන්න බැරි වෙන්න ඒක වහලා දාලා තියෙනවා කියලයි. ඒ අස්සෙම ඕම් එක්ක ගොඩක් හිතවත් උන හෝටලේ සේවිකාවක් අතුරුදහන් වෙලා කියලා ඕම්ට දැනගන්න ලැබෙනවා. ඉතිං මේ සේවිකාවට මොකද උනේ? මේ හෝටලේ හනිමූන් සූට් කාමරේ වහලා තියෙන්නේ ඇයි? ඕම් මේවා ගැන හොයන්නේ කොහොමද කියලා දැනගන්න ඔයාලත් අදම මේක බලන්න.
HOKUM ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නේ Damian McCarthy විසින් වගේම Roy Lee, Steven Schneider, Derek Dauchy, Ruth Treacy, Julianne Forde සහ Mairtín de Barra මෙහි නිෂ්පාදනයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. මේ වෙද්දි 7.3ක ඉහල IMDb අගයක් සහ 89%ක කුණු තක්කාලි අගයක් ලබාගන්නත් සමත් වෙලා තිබෙන මේ සිනමාපටයේ ප්‍රධන චරිතය වන ඕම් බවුමන් විදියට Adam Scott එකතු වෙනවා වගේම Florence Ordesh, Austin Amelio, Will O’Connell සහ Peter Coonan සෙසු චරිත වල රංගනයෙන් දායක වනවා. ඒ වගේම ඩොලර් මිලියන 5ක වියදමින් තැනුන මේ ෆිල්ම් එක ඩොලර් මිලියන 24ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්නත් සමත් උනා.
අද තමයි මේ චිත්‍රපටයේ ඩිජිටක් පිටපත් නිකුත් උනේ ඔන්න නිකුත් උන දවසෙම උපසිරසි ලබාදීලා තියෙන නිසා ඔයාලට ඉක්මනින්ම ෆිල්ම් එක බලන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම මේක අනිවාර්යයෙන්ම රාත්‍රී කාලයේ බලන්න කියලත් ඔයාලට මතක් කරන්න ඕන. ඒ වගේම මට මේ උපසිරසිය බාරදුන්න රවිඳු හේෂාන් සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් මම ගිහින් එන්නම්. වාසනාවක් තිබුනොත් තවත් උපසිරසියකින් නැවත හමුවෙමු. ජය වේවා!
Hokum (2026) Sinhala Subtitles

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Bluray/ WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,452 downloadsDownload Hokum-2026-Bluray-Updates.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Hokum Sinhala SubtitlesSubtitles by
යුරාන් ධනුක
Subtitles
- #Hokum (2026) Sinhala Sub
- #Hokum (2026) Sinhala Subtitles
- #Hokum Sinhala Sub
- #Hokum Sinhala Subtitles
- #Must Watch
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Strangers
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
imesh bathiya
Buddhika laKMal
තෑන්ක්ස් යුරාන් සහෝ මේකට සබ් දුන්නට
Bimsara Yashan (ඔලිව)
සුපිරිනෙ, ආව ගමන් සබ් එක දීල නේ. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Janidu Yapa
Niyamai sahoo
Backrooms film eka oniiiiiiHarshana Atapattu
සබ් එකට ස්තූතියි සහෝ
නිශාන් සමීර
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
tiger ka hukum...
thnx bro.....