Watch Trailer

Hole in One (2009) with Sinhala Subtitles | එරික්ට වුණු ඇබැද්දිය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් වෙන්ඩ ඕනෙ හැමෝටම ඔන්න එහෙනම් මම මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. මේ පාර මම American Pie Hole in One කියන චිත්‍රපටයටයි උපසිරැසි අරගෙන ආවේ. බයිස්කෝප් සයිට් එකේන් ෆිල්ම් එකක් හොය හොය ඉන්නකොට තමයි මේ American Pie කියන Film Collection එක දැක්කේ. ඉතින් ඒ collection එකේ මේ ෆිල්ම් එක නැහැ ක…

Hole in One (2009)

ආයුබෝවන් වෙන්ඩ ඕනෙ හැමෝටම ඔන්න එහෙනම් මම මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. මේ පාර මම American Pie Hole in One කියන චිත්‍රපටයටයි උපසිරැසි අරගෙන ආවේ. බයිස්කෝප් සයිට් එකේන් ෆිල්ම් එකක් හොය හොය ඉන්නකොට තමයි මේ American Pie කියන Film Collection එක දැක්කේ. ඉතින් ඒ collection එකේ මේ ෆිල්ම් එක නැහැ කියල දැනගත්තේ මේ සයිට් එකෙන් උපසිරැසි බාන්න ආපු සහෝදරයෙක් දාලා තිබ්බ කොමන්ට් එහෙකිනුයි. ඉතින් මේ ෆිල්ම් එකතුවට ගොඩක් හොද ප්‍රතිචාර ලැබිල තිබුණ හින්දා මම හිතුවා මේ ෆිල්ම් එකටත් උපසිරැසි හදලා මේ ෆිල්ම් එකතුවේ අඩුව පුරවන්න ඕනෙ  කියලා.

ඉතින් එහෙනම් දැන් කතාව පැත්තට හැරෙමුකෝ. මේ ෆිල්ම් එකට imdb අගය නම් 3ක් වගේ තමයි ලැබිලා තියෙන්නේ. ඒ උනාට චිත්‍රපටියේ රසයෙනම් කිසිම අඩුවක් නැහැ. අනිත් American Pie චිත්‍රපටිවල වගේම ගොඩක් පිස්සු වැඩ වලින් පිරිච්ච චිත්‍රපටියක් තමයි මේකත්. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත විදියට

Steve Talley    …    Eric P. Keller
David Ellison    …    Tyler Hayden
Dean Cameron    …    Dr. Carlton Piedmont
Christopher Showerman    …    Dr. Hamilton Manning

රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය පටන් ගන්නෙ එරික් ගොල්ෆ් ගගහා ඉන්න දර්ශනයකින්. එයා ඒක මුදල් උපයන මාර්ගයක් කරගෙන. ඒක නිසා ඉස්කෝලෙ පංති පාඩු කරගෙන ගොල්ෆ් ගහනවා. එතකොට ටයිලර් PAHR කියලා golf club එකක් පටන් අරගෙන. මේ අතරෙ ටයිලර්ගෙ නංගි මැන්ඩි එක්ක එරික් ආදර සම්බන්ධයක් හට ගන්නවා. ඉතින් දවසක් එරික් දොස්තරල දෙන්නෙක් එක්ක ගොල්ෆ් ඔට්ටුවක් අල්ලනවා. හැබැයි පැරදුනොත් ලොකු අකරතැබ්බියකට මුහුණ දෙන්න වෙන විදියෙ ගවිසුමකටත් එරික් එකග වෙලා. අන්තිමේදි එරික් තරගෙන් පරදිනවා අර ගිවිසුම ක්‍රියාත්මක වෙලා එරික් ලොකු අකරතැබ්බියකට මුහුණ දෙනවා. ඒ වගේ අකරතැබ්බියක්නම් හතුරෙකුටවත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා!! මේ අකරතැබ්බිය නිසා යාලුවොන්ගෙ විහිලුවට ලක්වෙන් එරික්ට සිද්ද වෙනවා වගේම මැන්ඩිත් මේ දේ නිසා තරහ වෙනවා. කොහොම හරි මේ අකරතැබ්බියෙන් බේරෙන්න අන්තිමේදි PAHR golf club එක පවා ඔට්ටුවට තියන්න එරික්ට සිද්ද වෙනවා. ඉතින් මීට අමතරව තවත් ගොඩක් දේවල් වෙනවා. මේ ප්‍රධාන සිද්ධීන් ටික විතරයි. ඉතින් එරික්ට මේ කරදරෙන් බේරෙන්න පුළුවන් වෙයිද? මැන්ඩිව යාළු කරගන්න පුළුවන් වෙයිද? PAHR golf club එක බේරගන්න පුළුවන් වෙයිද කියන එක ඔයගොල්ලො ෆිල්ම් එක බලලම තේරුම ගන්නකෝ.

මේක තමයි මගේ දෙවෙනි උපසිරැසි නිපැවුම. මම කලින් Knight Rider (2008) Pilot Film එකට තමයි උපසිරැසි දැන්මේ. ඒකෙ තරම් මේ උපසිරැසියෙ අඩු පාඩු නැහැ කියල නම් මට විශ්වාසයි. නමුත් සුළු සුළු වැරදි තියෙන්නත් පුළුවන්. ඉතින් මේ චිත්‍රපටිය බලලා හොද නරක ගැන කොමන්ට් එහෙකුත් දාගෙනම යන්න. තවත් උපසිරැසියකින් හමු වෙමු..!!!

Hole in One (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hole.In.One.2010.DVDRipx264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

983 downloadsDownload Hole.In_.One_.2010.Baiscopelk.com_.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසංක මධුමාල්” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සසංක මධුමාල්

Subtitles

983 downloadsDownload Subtitles55 KB

21 comments

  1. Tharidu Sagara

    halo thanikara wikarayak karalane,uda thiyenne akak yata thiyenne akak matanam meloke deyak therenne

    1. Sasanka Madhumal

      Mokak????

  2. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  3. Rumesh nilantha jayaweera

    thanks sub. film eka thiyanawa sub dan gatha

  4. අසිත

    ealama saho thanks

  5. Udara Damith B/K

    thanks.......

  6. mithun

    The rundown 2003
    මෙකට සබ් එකක් දාන්නකො සහෝ ඇයි දන් නෑ මෙච්චර ෆිල්ම් දෙනව මෙවගෙ සුපිරි ෆිල්ම් වලට සබ් නැත්තෙ උපසිරැසි ගන්වල නෑ කවුරුත් ඔයල ඔව තොරගන්න එකෙ මෙ ගැනත් බලන්න මෙක සුපිරි ෆිල්ම් එකක් සහො

    1. Web-බුවා

      ඕක නම් පට්ට තමා. මං තුන් හතර ගමනක් බැලුවා. අර මඟුලේ යන ගෙඩි වගයක් කාලා දෙන ආතල් එක එහෙම සැප කනේ බං. rock ද කියලා හිතංනත් බෑ. :mrgreen: :mrgreen: :mrgreen:

    2. Web-බුවා

      නෑ. සහෝ ඒකට උපසිරැසි දීලා නෑ. post එක විතරයි තියෙන්නේ, බාගන්න කියලා link එක දීලා තියෙන්නේ film එක. උපසිරැසිය නෙමේ. :)

      ජය! :)

  7. thisal

    thanks bn torrent එක නම් හොයගන්න බැරි උනා youtube tama

    1. Sasanka Madhumal

      meke thani torrent eka hoyaganna amarui thamai...american pie collection torrent eka thiyenawa...eke mekath athi...

  8. Kulanjana Maduranga

    niayamai…thanks SASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Web-බුවා

    YIFY එකෙන් dvdrip දෙනවද? අදනේ දන්නේ.

    ජය සහෝ! :)

  10. Rajitha

    Thank you machan.......jayawewa.....!

  11. Nuwan Dewapriya Disanayaka

    dan nam site eka supiri saho..digatama wade karagena yamu...
    all the best

  12. Chalana Rukshan

    torrent eka hoyaganna nane?

    1. Sasanka Madhumal

      meke thani torrent eka hoyaganna amarui thamai...american pie collection torrent eka thiyenawa...eke mekath athi...

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Dasitha147

    bohoma sthuthie saho upasirasiyata! obata jaya!

  15. chinthaka.max4

    thankx machan