හුඟ කාලෙකට පස්සේ ඔන්න මම තවත් චිත්‍රපටියකට උපසිරැසි අරගෙන ආවා. දිගටම කලේ කතාමාලා නිසා වෙනසකටත් එක්ක අද අරන් ආවේ 2016 දි තිරගත වුණ Horror/ Thriller වර්ගයේ චිත්‍රපටියක් වන Holidays. මේ කතාව මට බාරදීලා හුඟක් කල් වුණත් ෂර්ලොක් හෝම්ස් කතා එක්ක කරන්න වෙලාවක් තිබුණේ නෑ. ඒ නිසා මේක ටිකක් පරක්කු වුණා. IMDb…

හුඟ කාලෙකට පස්සේ ඔන්න මම තවත් චිත්‍රපටියකට උපසිරැසි අරගෙන ආවා. දිගටම කලේ කතාමාලා නිසා වෙනසකටත් එක්ක අද අරන් ආවේ 2016 දි තිරගත වුණ Horror/ Thriller වර්ගයේ චිත්‍රපටියක් වන Holidays. මේ කතාව මට බාරදීලා හුඟක් කල් වුණත් ෂර්ලොක් හෝම්ස් කතා එක්ක කරන්න වෙලාවක් තිබුණේ නෑ. ඒ නිසා මේක ටිකක් පරක්කු වුණා.
IMDb අගය 5.1 විදියට සටහන් වුණ මේ චිත්‍රපටියට Tomato Meter වලින් 51% අගයක් ලැබිලා තියෙනවා. මේකෙන් අපේ ලෝකයේ තියෙන ජනප්‍රවාද, චාරිත්‍ර හා කල්පිත වලට අභියෝග කරනවා. මේකෙන් ඒත්තු ගන්වන්න හදන්නේ උත්සව දවස් කියන්නේ බය සමරන දවස් කියලයි. Kevin Smith, Gary Shore, Scott Stewart වගේ අධ්‍යක්ෂකවරු ගොඩකගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු මේ සලරුව මිනිත්තු 105 තිස්සේ ගලා යමින් අපි මහ ඉහලින් සමරන උත්සව දිනවල නොදුටු පැත්තක් පෙන්වලා දෙනවා.
කතාව පැත්තට හැරෙමු. මේ චිත්‍රපටිය ඇත්තෙන්ම එකම කතාවක් පාදක කරගෙන දිවෙන එකක් නෙවෙයි. කතා සංග්‍රහයක් එක චිත්‍රපටියකට සම්පිණ්ඩනය කිරීමක් තමයි මෙතන වෙලා තියෙන්නේ. චිත්‍රපටියේ නම හැටියටම මේකෙ තියෙන්නේ විවිධ උත්සව දින වලදී එක එක කට්ටියට මුහුණ දෙන්න වෙන ඇබැද්දි ගැනයි. ප්‍රේමවන්තයින්ගේ දිනය, සාන්ත පැට්රික් දිනය(අයර්ලන්තයට විශාල සේවයක් කළ සාන්ත පැට්රික් නම් රෝමානු කතෝලික බිෂොප්වරයෙක්), පාස්කුව, මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය, හැලොවීන් (ඔක්තෝබර් 31 වෙනිදා), නත්තල් දිනය, අලුත් අවුරුද්ද උදාවන දිනය කියන උත්සව දවස් වලදී වෙන එක එක විදියේ සිද්ධි ගැන තමයි මේක තියෙන්නේ. මේ දින හැම එකකදිම කවුරුහරි කෙනෙක් මැරෙනවා එක්කො වධ විඳිනවා නැත්නම් මොකක්හරි විදියක කරදරයක් වෙනවා. තව දෙයක්—පාස්කු හාවා(Easter Bunny) දැකලා නැති කෙනෙක් ඉන්නවනම් මේකෙදි බලාගන්න පුළුවන්. මේ චිත්‍රපටියෙන් අපේ හිතේ Horror ගතිය ඇති කරන්නේ අමුතු විදියට. බලලම දැනගන්නකෝ මොකද වෙන්නේ කියලා.
තවත් උපසිරැසියක් අරගෙන එන්නම්. එතෙක් ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Holidays.2016.720p.BluRay.x264.VPPV
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
1,279 downloadsDownload Holidays.2016.Baiscopelk.com_.rar31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාමර දෙනුවන්
Subtitles
13 comments
Tharaka
ashan lankanath
thanks
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Udara Damith B/K
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි මල්ලි'
Kulanjana Maduranga
niayamai…thanks THAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sajith Anthony
Horror එකක් එනකල් හිටියෙ
සබ් එකට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!J-Koocha
සබට පින්!!!... The Adventures of Sherlock Holmes T.V series එකේ සබ් මග හිටලා දැන් ගොඩක් කල් මචන්... පුලුවන්නම් ඒක පොඩ්ඩක් බලන්න
තාමර දෙනුවන්
මම මේ මාසෙ ඉවර වෙන්න කලින් ඒක දෙන්න උත්සාහ කරනවා සහෝ.
Sahan Umayangana
තාමත් ඒකේ ඉතිරි episode වලට sub දීලා නැහැ..පුළුවන් නම් ඒ ටිකටත් දෙන්න මචන්...ලොකු දෙයක්...
praneeth madu
බොහෙමෙ ස්තූතියි..ඉදිරියට යන්..ඔබට ජය..
අසිත
elama saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
The Adventures of Sherlock Holmes T.V series eke ethuru tikata sub denna, den aurudu 7 vitara
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!