Watch Trailer

Star Trek VI: The Undiscovered Country (1991) with Sinhala Subtitles | තරු ගණදුර 6 – සාමය වෙනුවෙන් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට නව වන උපසිරැසිය අරගෙන ආව. Star Trek කතා මාලාවේම හයවන කොටස. ඩොලර් මිලියන විසි හතක් යොදා නිර්මාණය කරන ලද ඩොලර් මිලියන අනු හතක් අදායම උපයාගන්නා ලද චිත්‍රපටය. මේ චිත්‍රපටයේ වැදගත්ම තව දෙයක් තමා එක දෙක වශයෙන් අනුපිලිවෙලින් මේ දක්වා චිත්‍රපට එකතුව ඉදිරියට පැමිණියත් මින්…

Star Trek VI-The Undiscovered Country (1991)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට නව වන උපසිරැසිය අරගෙන ආව. Star Trek කතා මාලාවේම හයවන කොටස. ඩොලර් මිලියන විසි හතක් යොදා නිර්මාණය කරන ලද ඩොලර් මිලියන අනු හතක් අදායම උපයාගන්නා ලද  චිත්‍රපටය. මේ චිත්‍රපටයේ වැදගත්ම තව දෙයක් තමා එක දෙක වශයෙන් අනුපිලිවෙලින් මේ දක්වා චිත්‍රපට එකතුව ඉදිරියට පැමිණියත් මින් පසු චිත්‍රපට වෙන වෙන නම් වලින් පලවීම. Action, Adventure, Sci-Fi ගණයට අයිතිවෙන මේ චිත්‍රපටය IMDb අගය 7.2 ක් අරන් තියනවා.

කතාව ගැන කියනවා නම් කිලිගොන් ලා සමුහාණ්ඩුවේ සතුරන් කියල දැනටමත් ඔයාල දන්නවා. මේ කතාව ආරම්භ වෙන්නේ කිලිගොන් වල ප්‍රක්සිස් කියන හඳ පුපුරායාමත් එක්ක. හේතුව විදියට සොයා ගන්නේ කිලිගොන් වරු බලය නිෂ්පාදනය කිරීමේදී සිදුවූ දෝෂයක්. මේ හින්ද කිලිගොන් ලෝකය අවුරුදු පනහකින් විනාශවෙනවා වායුගෝලය විනාශවීම හින්ද. ඉතින් කිලිගොන් වරු සමුහාණ්ඩුව එක්ක සාම ගිවිසුමක් ගහන්න හදනවා. එයාල පෘතුවියට එක්ක එන්න බාර වෙන්නේ එන්ටර්ප්‍රයිස් යානාවට. එහෙම එන අතරේ අබිරහස් විදියට කිලිගොන් යානයට පහර දෙනවා. ඔක්කොම හිතන්නේ ඒ එන්ටප්‍රයිස් යානාව කියල. ඒ අනුව ක්‍රීක් සහ මැකොයි වැරදි කාරයා කරලා ඇස්ටරොයිඩ් එකක සිරගත කරනවා. ඉතින් එයාල බේරෙන්නේ කොහොමද, කවුද ඇත්තටම පහර දුන්නේ සහ කවුද එන්ටප්‍රයිස් යානාව මේ සිදුවීමට මැදි කල එකට වගකියන්න ඕන කියල දැනගන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

Star Trek චිත්‍රපට මාලාවේ කතාවන් එකිනෙක සම්බන්දයි. ඒක හින්දා ඔයාල මේ චිත්‍රපටය නැරඹීමට ප්‍රථම මෙම චිත්‍රපට මාලාවේ පහත කොටස් නරඹා සිටින්න.

ඊටපස්සේ ඔයාල මේ Star Trek VI: The Undiscovered Country (1991) – තරු ගණදුර 6 – සාමය වෙනුවෙන් කියන එක බලන්න. ඊළඟට ඔයාලට බලන්න හත්වන සහ අටවන කොටස් දෙක බයිස්කෝප් අඩවියේ තියනවා.

මම ඊළඟට අරන් එන්නේ මෙම චිත්‍රපට මාලාවේම නවවන කොටස වන Star Trek: Insurrection (1998) කියන එක. ඉතින් ඒක අරන් ඉක්මනට එන්න බලාපොරොත්තුවෙන් සමු ගන්නම්. සුපුරුදු විදියට ඔයාලගේ අදහස් මට කියන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්.

බුදු සරණයි  …..!

Star Trek VI: The Undiscovered Country (1991) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Star.Trek.VI.The.Undiscovered.Country.1991.720p.BRrip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

309 downloadsDownload Star.Trek_.VI_.The_.Undiscovered.Country.1991.Baiscopelk.com_.rar70 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

309 downloadsDownload Subtitles70 KB

16 comments

  1. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි අසංක සහෝ
    Star Trek: Insurrection (1998) ෆිලුමෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  2. Kawshalya Dushyan

    බොහොම තුති අසංක සහෝ...
    ජය

  3. Udara Damith B/K

    කියන්ඩ දෙයක් නෑ
    එල
    තැන්ක්ස්
    ස්තුතියි
    නන්රි

  4. Kulanjana Maduranga

    niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. kavinda

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි …

  6. ඉෂාන් මදුෂ

    සබ් එකට තුති
    ජය වේවා!

  7. Vajira Rathnayake

    සුබපැතුම්. උපසිරැසියට ස්තූතියි. චිත්‍රපටය බා ගත වීමට දැම්මා. හැකි ඉක්මනින් නරඹනවා. ඉදිරි කටයුතු සාර්ථක වේවා!

  8. Thisara Neo

    උපසිරසියට තුති..
    තවත් උපසිරසියකින් හමුවෙමු

    ජයවේවා

    #Hail_Hydra

  9. Withanage Priyantha Dayakeerthi

    අසංක සොයුර උපසිරසියට ස්තුතියි! කරනා අගනා මෙහෙය ගැන ප්‍රණාමය!

  10. J-Koocha

    The Adventures of Sherlock Holmes T.V series එකේ සබ් මග හිටලා දැන් ගොඩක් කල් මචන්... පුලුවන්නම් ඒක පොඩ්ඩක් බලන්න

  11. praneeth madu

    බොහෙමෙ ස්තූතියි..ඉදිරියට යන්..ඔබට ජය..

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. ashan alnkanath

    thanks...................................................

  14. Milinda Sadaruwan

    thanks broo

  15. lahiru_premawansha

    Thanks bro!

  16. Waruna Kamalawansha

    සුපිරි කතා මාලාවක්.. බොහෝම ස්තූතියි සිංහලෙන් ගෙනාවාට...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.