ආයුබෝවන්! කොහොමද ඉතින් කට්ටියට? හැමෝම ”the wailing” චිත්‍රපටිය බලන්න ඇති කියලා හිතනවා. බලපු නැති කෙනෙක් ඉන්නව නම් බාගෙන බලන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් වෙනද වගේම මම අදත් අරගෙන ආවේ සුපිරිම කොරියානු බයිස්කෝප් එකකට උපසැරසි අරගෙන. හුඟක් අය මේක ගැන අහලත් ඇති. සමහර අය නම් බලලත් ඇති. ඒත් ඉතින් මේ වගේ ෆිල…

ආයුබෝවන්! කොහොමද ඉතින් කට්ටියට? හැමෝම ”the wailing” චිත්‍රපටිය බලන්න ඇති කියලා හිතනවා. බලපු නැති කෙනෙක් ඉන්නව නම් බාගෙන බලන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් වෙනද වගේම මම අදත් අරගෙන ආවේ සුපිරිම කොරියානු බයිස්කෝප් එකකට උපසැරසි අරගෙන. හුඟක් අය මේක ගැන අහලත් ඇති. සමහර අය නම් බලලත් ඇති. ඒත් ඉතින් මේ වගේ ෆිලුමකට සබ් එකක් නොකර බැරි නිසා ඉක්මනටම ඉවර කරා. මේ ෆිලුම හැබැයි වැඩිහිටියන් පමණක් බලනවා නම් හොඳයි. මොකද හුඟක් දරුණු වචන සහ ඇතැම් දර්ශන නිසා. කොටින්ම කිව්වොත් සීරියල් කිලර් කෙනෙක් ඉන්න නිසා. ආ ඒ වගේම තමයි ‘‘yellow sea” චිත්‍රපටියෙ රඟපෑ නළු දෙපල තමයි මේකෙත් ප්‍රධාන චරිත දෙකට පණ පොවන්නෙ. අනික තමයි ”the wailing”, ”yellow sea” චිත්‍රපටි කරපු අධ්‍යක්ෂකගෙම තමයි මේ චිත්‍රපටියත්.
චිත්‍රපටිය ගැන කියනවනම් 2008 පෙබරවාරි 14 තමයි තිරගත වුණේ. (වැලන් ටයිම් දවසෙ බලන්න මරු). එතකොට imbd අගය ලොවෙත් නැති වෙන්න 7.9 ක්ම අරන් තියනවා. විනාඩි 123ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය සම්මාන උළෙලවල් ගණනාවකින් සම්මාන 27 ක් වගේ විශාල ප්‍රමානයක් දිනාගෙන තියනවා. ඔහොම ඔහොම ඉතින් තව අගය වැඩි කරලා කියන්න දේවල් තියනවා. මං ඕවා කියන්න යන්නෙ නෑ. කතාව ටිකක් කියන්නම් ඔයාලා බාගෙන බලන්න.
Eom Joong-ho(Kim Yoon-seok) කියන්නෙ හිටපු පොලිස් නිලධාරියෙක්. පගා ගහලා අහුවෙලා පොලිසියෙන් අස් කරලා. ඉතින් මෙයාගෙ දැන් රස්සාව තමයි ගණිකා තැරැව්කාරකම. මෙයාට කෝල් කරාම මෙයා අදාල තැනට කෙල්ලන්ව යවනවා. දන්නවනේ… ඉතින් මෙයාගෙ කෙල්ලො දෙන්නෙක් හදිස්සියෙම නැති වෙලා. හිතන් ඉන්නෙ පැනලා ගිහින් කියලා. මේ නිසා මෙයාට ලොකු සල්ලි ප්‍රශ්නත් තියනවා. ඒ නිසාම මෙයා තනියම හොයනවා මේ කෙල්ලන්ව. දවසක් මෙයා ලඟ ඉන්න කීප දෙනාගෙන් Mi-jin කියන කෙනාව යවනවා තැනකට. කොහොමහරි Joong-ho දැන ගන්නවා කලින් නැති වුණ කෙල්ලො දෙන්නට කතා කරල තියෙන්නෙත් Mi-jin ට කතා කල දුරකථන අංකෙන්මයි කියලා. ඉතින් මෙයා කෙල්ලන්ව උස්සලා වෙන තැනකට විකුණනවා කියලා. ඒ නිසා Mi-jin ට කතා කරලා කියනවා ඒ ගෙදරට ගියපු ගමන් ලිපිනය එවන්න කියලා.
Joong-ho ගෙ පොලිස් යාළුවන්ට කතා කරලා උදව් ඉල්ලනවා එයාගෙ කෙල්ලන්ව විකුණන එකාව අල්ල ගන්න. ඒත් ඒ අස්සෙ නගරාධිපතිගෙ මූණට එකෙක් අසූචි ගහලා පොලීසිය ඌව අල්ලන්න යනවා. ඒ නිසා Joong-ho තනියම අර ගෙදර හොයාගෙන යනවා. ඒත් කෙල්ලගෙ පෝන් එක වැඩ කරන් නෑ… තව තව සිද්ධි කීපයක් වුණාට පස්සෙ Mi-jin ඇහැරෙනවා ගැට ගහලා, එයාගෙ කස්ටමර්ගෙ ගෙදර. ඒ කියන්නෙ Yeong-min(Ha Jung-woo). මිනිහා කියනවා කලින් ආපු කෙල්ලොත් කෑ ගැහුවා ඒ හින්දා දිව කපලා දැම්මා කියලා.
කතාවෙ නම් තව හුඟක් දේවල් කියන්න තියෙනවා. ඒත් කියනවට වැඩිය බලන එක තමයි හොඳ. කියන්න ගියොත් කතාවෙ රස නැති වෙනව වගේම කුතුහලයත් නැති වෙනවා.
බලන්න අපරාධකාරයව පොලීසියට අහු වුණත් මොනවත් කරන්න පුළුවන්ද? කෙල්ලට ජීවත් වෙන්න පුළුවන් වෙයිද? ලුහු බඳින්නාට පලායන්නාව අල්ලගන්න පුළුවන් වෙයිද? මොනවා වෙයිද කියලා. ආයෙත් කියන්නම් වැඩිහිටියන් පමණක් බලන්න. චිත්‍රපටිය බලලා ඒ ගැන අමතක කරන්න. කිසිම දරුණු අදහස් ඇති කරගන්න එපා. හිතට වැරදි අදහස් දා ගන්න එපා. සාමෙන් සතුටින් දැහැමින් සෙමින් ජීවත් වෙන්න. මං ගිහින් එන්නම් අළුත් උපසිරසියකුත් අරගෙන. මම චාමල් කැලුම් අතපත්තු. ස්තූතියි.
බුදු සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
The Chaser 2008 BRRip 720p x264 AAC
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,680 downloadsDownload The-Chaser-2008.Baiscopelk.com_.rar33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
23 comments
mithun
Obama_SL
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......ඉෂාන් මදුෂ
නියමයි.බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.මේ කොරියන්
ඇණිමේෂන් මුවි 2ත් අනිවා සබ් දෙන්න
Seoul Station (2016)Seoul.Station.2016.HD720P.X264.AAC.Korean.CHS.Mp4Ba
Wonderful Days(2003)Wonderful.Days.2003.720p.BRrip.x264.YIFY.mp4
ජය වේවා!Sajith Thilakarathne
ela saho korean ewa thawa denna
thisal
tnxxxxx
ප්‍රියන්ත Kumaara
එල එල බ්‍රෝ.ඔයා දුන්න හැම කොරියන් ෆිල්ම් එකක්ම මම බැලුවා.හැම එකක්ම පට්ට.මේකත් ඒ වගේ පට්ට ඇති.ඔන්න බාන්න දැම්මා.බොහොම ස්තුතියි සහෝ සබ් එකට.
ජය වේවා..!!!!
බුදු සරණයි.....!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lushan Kuruppu
Thank you Bro!
praneeth madu
බොහෙමෙ ස්තූතියි..ඉදිරියට යන්..ඔබට ජය..
අසිත
elama saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishan Madusanka
thanks bro me filumata sub eka dennako Bad Guys Always Die (2015)
Nipun
Thanks sub ekata.. supiri film ekak...
malith
Thank you machan
Gayan Chathuranga
thanks bro
Krishan NiShalya
බොහොම ස්තුතියි
තවත් සුපිරිම crime කොරියන් film වලට උපසිරැසි දෙන්න
Good Luckසාරංග ජේ. ලියනගම
Thanks
කවිඳු ජයවර්ධන
කතාවනම් නියමයි.සබ් එකත් කොලිටියට තිබ්බ.සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.ඔබට ජය..!!!
Saranga J. Liyanagama
Thanks
Lakshansilva18
thanks for subtitles
Milan Chathuranga
sub file eka crash wela. please fix the error..
Ravindu Heshan - Admin
Dan Wada Karanawa Saho
nilanka
thanks.........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අයේ කතා දෙකක් නෑ යලුවා ඔන්න බෑවෙන්න දැම්ම.
ස්තුතියි අපිටත් අස කරන චිත්‍රපටයක් උපසිරැසි ගන්වල ගෙනාවට
කොරියන් රෙටින් චිත්‍රපට තරින් නෑ මෙවගෙ එව නම් . ලිපියත් සුපිරි අයෙමත් එමු හොදම එකකින් ස්තුතියි සහො ගොඩක් සතුටුයි
God bls u and ur all group