Watch Trailer

Hollywood Adventures (2015) with Sinhala subtitles | හොලිවුඩ් සංචාරය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් සති තුනකට විතර පස්සෙ තවත් මූවි එකක් අරගෙන ආව, මේක ගිය අවුරුද්දෙ ආපු මූවි එකක්, චයිනීස් මූවි එකක් අරගෙන එන්නෙ පලවෙනි වතාවට, ඒත් එක්කම තවත් දෙයක් මතක් කරන්න ඕනෙ, මගෙන් කීප දෙනෙක්ම ඇහුව ඇයි මේ පරණ ෆිල්ම් විතරක් කරන්නෙ කියල, තව සමහරු කියනව මෙලෝ රහක් නැති ෆිල්ම් එකක් කියල, තව සමහරු කියනව පරණ ෆිල්ම…

Hollywood Adventures (2015)

ඉතින් සති තුනකට විතර පස්සෙ තවත් මූවි එකක් අරගෙන ආව, මේක ගිය අවුරුද්දෙ ආපු මූවි එකක්, චයිනීස් මූවි එකක් අරගෙන එන්නෙ පලවෙනි වතාවට, ඒත් එක්කම තවත් දෙයක් මතක් කරන්න ඕනෙ, මගෙන් කීප දෙනෙක්ම ඇහුව ඇයි මේ පරණ ෆිල්ම් විතරක් කරන්නෙ කියල, තව සමහරු කියනව මෙලෝ රහක් නැති ෆිල්ම් එකක් කියල, තව සමහරු කියනව පරණ ෆිල්ම් බලල ඇති වෙලා තියෙන්නෙ කියල, ඉතින් ඔහොම එක එක කතන්දර කියන අතරෙ තමයි මේ වැඩේ කරගෙන යන්න උත්සාහ කරන්නෙ, ඒකයි ඒ ගැන චුට්ටක් අද මතක් කරන්න හිතුවෙ, මේ උපසිරැසි කරන එක ඇඟට නොදැනිම විනෝදාංශයක් වගේ වෙලා, ඒකයි මම ගොඩක් වෙලාවට පරණ ෆිල්ම් වලට උපසිරැසි කරන්න හිතුවෙ, කවුරු කොයි ෆිල්ම් එක හැදුවත්, මේ වැඩේ කරන්න අමාරුයි කියන එක අමතක කරන්න එපා, ඩවුන්ලෝඩ් කරන පිරිස විතරයි අඩු වැඩි වෙන්නෙ, ගොඩක් අය උපසිරැසි කරන්න කැමති, බලන්න කැමති අලුත් ෆිල්ම් වලට නිසා ඒ අයට අවස්ථාව දීල තියෙන්නෙ, අපි ඒක ගැටලුවක් කර ගන්න අවශ්‍ය නෑ, ගොඩක් අය මගෙන් අහපු නිසයි ඒ ගැන මතක් කරන්න හිතුවෙ, හරි එහෙනම් මේ ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2015 අවුරුද්දෙ, ජූලි මාසෙ 9 වෙනිද, IMDB අගය 5.2 ක් විදිහට තමයි සටහන් වෙන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ, Timothy Kendall කියල කෙනෙක්, හොඳ අධ්‍යක්ෂණයක් කිවුවොත් තරමක් නිවැරදියි, ඇක්ෂන්, කොමඩි, රොමැන්ටික්, සියලුම ජවනිකා ඇතුළත් ෆිල්ම් එකක්, චයිනීස් මූවි වලට කැමති අයට අවස්ථාවක් තියෙනව නරඹන්න, ෆිල්ම් එකේ කතාව ගැන විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, සබ් එකේ ගැටලුවක් තිබුනොත් සමාව ඉල්ලනව, සුපුරුදු විදිහට සියලුම ජීවීන්ට අපි නිරෝගිබව ප්‍රාර්ථනා කරන්නෙමු !!!

Hollywood Adventures (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Hollywood.adventures.2015.720p.BluRay.x265

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

1,010 downloadsDownload Hollywood.adventures.2015.Baiscopelk.com_.rar40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනූෂ රුක්ෂාන්

Subtitles

1,010 downloadsDownload Subtitles40 KB

19 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  2. buddhika

    thanx sub ekata...puluwannam kattiya aduwen karana telugu film walata sub karanna.....godak aluth movie wala hoda copy ewith..eth ewta sub lebenawa adui..puluwannam try ekak denna..jaya wewa............

  3. Ishan Madusha

    ස්තුතියි සහෝ. පුලුවන්නම් japanese movies වලටත් සබ් කරන්න මොකද
    කියනවනම් ඉතා අඩුවෙන් තමා උපසිරසි ලැබෙන්නෙ.ජය වේවා!

  4. kasun45

    7Torrent 1e hoda film thiyanawa ewata sub denna puluwan nam orginal film nitharama upload wenawa...sabata thankyou

  5. අසිත

    elama thanks

  6. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  7. මාලින්ද

    Thank you bro.

  8. අසංක ප්‍රදීප් රණතුංග

    සහෝ, පරණ ෆිලුම් කරනවා කියන එක තේරුමක් නැති වැඩ, කවුද ඕව බලන්නේ. අපරාදේ කාලේ. මේ ඔක්කොම මමත් නිතරම අහගන්න දේවල්. ඒත් ඔයා කියපු දේම තමා මටත් කියන්න තියෙන්නේ. අලුත් චිත්‍රපට කරන්න ඕන තරම් යහළුවන් ඉන්නවා. බලන්නත් ඕන තරම් ඉන්නවා. ඒත් ගොඩක් අය අමතක කරන දෙයක් තමයි පැරණි චිත්‍රපට වලටත් කැමති අය ඉන්නවා කියල වගේම අනික අලුත් චිත්‍රපට වලට වඩා සිය දහස් ගුණයක් ලස්සන චිත්‍රපට අතීතයේ තිබිලා තියනවා කියන ඒක.

    අනික අපි ඔක්කොමලා හොඳින් ම දන්නවා මේ ඔක්කොම චිත්‍රපට බොරුවක් කියල. සැබෑ ලෝකේ කිසිදෙයක් නැ. ඉතින් මගේ පෞද්ගලික මතය ඔක්කොම එකම වගේ නම් ඇයි අපි වර්ග කරන්නේ කියල. තමන්ගේ රුචි අරුචි අනුව චිත්‍රපට තෝරාගෙන බැලුවට කමක් නැ. ඒත් තමන් කැමති චිත්‍රපට වර්ගය තමා අනිත් ඔක්කොම බලන්න ඕන කියන මතය ඇත්තටම වැරදියි. ඉතින් මගේ අදහස තමා කැමති දේ බලන්න, අවුලක් නැ. ඒත් වෙනත් වර්ගයක චිත්‍රපට බලන්න කැමති අය ඉන්නවා කියලත් අමතක කරන්න හොඳ නැ කියලයි. මොකද පැරණි චිත්‍රපට වලටත් සැලකිය යුතු ප්‍රමාණයක Views සහ Downloads තියනවා.

    තව මම අර ඔයා කියපු අලුත් චිත්‍රපට උපසිරසි කරන එකයි පරණ චිත්‍රපට උපසිරසි කරන එකයි දෙකම එකවගේ අමාරුයි කියන වචනයට ගරු කරනවා. ඒකට මම දෙයක් එකතුත් කරනවා. පැරණි චිත්‍රපට කරන යාළුවන් ව ගොඩක් අය දන්නෙත් නැ. මොකද වැඩි පිරිසක් අතරට යන්නෙත් නෑනේ. මගේ අදහස ඒ උපසිරසි වල වටිනා කම වැඩියි ඒ හින්ද. ඉතින් අපි සතුටු වෙනවා (මමත් වැඩිපුර කරන්නේ පැරණි ඒවා හින්ද අපි කියුවේ) ඒ උපසිරැසිය සියක් දෙනා විතරක් හරි බාගත කලත්.

    ඉතින් සහෝ බොහොම ස්තුතියි උපසිරසියට. ලෝකයේ තියන සියලු චිත්‍රපට වලට සිංහල උපසිරසි තියනා වෙබ් අඩවියක් බවට බයිස්කෝප් පත් වෙන්න ඕන කියන මගේ හැඟීම හා සමානවම අදහසක් තියන සහෝදරයෙක් ඔයා. පැරණි විත්‍රපට උපසිරසි දෙන්නේ අපි කිහිපදෙනක් විතරක් උවත් ගල් මුල් වදින එකෙක් අදහස් වෙන්නේ අපි මොනවා හි දෙයක් දැනෙන්න කරනවා කියන එක. ඉතින් එකෙන් සතුටුවෙමු සහෝ.

    බයිස්කෝප් එකට අලුත් උපසිරසිත් එනවා , පරණ චිත්‍රපට උපසිරසිත් එනවා. සියලුම වයස් වල සහ රුචි අරුචි කම් තියන යාළුවන් එකතු වෙනවා. ඒකෙන් ලෝකයේ තියන එකම සිංහල උපසිරසි වලට පමණක් වෙන්වූ වෙබ් අඩවියට ඉදිරියට යනවා. මම හිතන්නේ කුහක කමක් නැති අපි ඔක්කොමගේ බලාපොරොත්තුවත් ඒක. බුදුසරණයි ඔයා ඇතුළු ලෝක වාසි අපි සියලු දෙනාට.

    1. nishadi wickrama

      (Y)

  9. දිනේෂ් අකලංක

    සමහර පරණ ෆිල්ම් වලට ගහන්න තාම අලුත් ෆිල්ම් ඇවිත් නෑ බං ඒක නිසා උබ පරණ ෆිල්ම් දෙන එක වටිනවා... අනික කොමඩියක් මිස් කරගෙන කොහොමද? :-D අනිව බෑමක් තාමා... ජයවේවා සහෝ !!!

  10. roshan

    tanxxxxxxxxxxxxxxxxxx bro

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Chami.S

    Thanks...

  13. kavinda

    torrent line eka denne netuwa sub eka kannada ban. link eka hoyanna giyama pissu hedenawa. meeta wada hodai sub nokara idapan. ape time eka wast karanne netuwa

    1. දිනූෂ.

      ඇඬෙනවනෙ ඉතින්...

  14. RDR

    hash tag 1k dynko bapu ekek

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. malith

    Ela ela

  17. nilanka_baiscop

    thanks