Watch Trailer

Kuberaa (2025) Sinhala Subtitles | මනුසත් බව අයදින නීච ජීවිත [සිංහල උපසිරසි] [HQ HDRIP Update]

Kuberaa (2025) Sinhala Subtitles ධනුෂ් රංගනයෙන් දායක වන Kuberaa දෙමළ චිත්‍රපටය සුප්‍රකට අධ්‍යක්ෂක ශේඛර් කම්මුලා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවා. මෙම චිත්‍රපටය, තෙළිඟු සහ දෙමළ භාෂා සමාන්තර නිර්මාණයක් ලෙසින් පසුගිය ජුනි 20 දා තිරගත වූවා. මෙහි ධනුෂ් සමඟින් ටොලිවුඩ් සිනමාවේ ප්‍රවීණ නළු කින්ග් නාගාර්ජුන අ…

Kuberaa (2025) Sinhala Subtitles

ධනුෂ් රංගනයෙන් දායක වන Kuberaa දෙමළ චිත්‍රපටය සුප්‍රකට අධ්‍යක්ෂක ශේඛර් කම්මුලා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවා. මෙම චිත්‍රපටය, තෙළිඟු සහ දෙමළ භාෂා සමාන්තර නිර්මාණයක් ලෙසින් පසුගිය ජුනි 20 දා තිරගත වූවා.

මෙහි ධනුෂ් සමඟින් ටොලිවුඩ් සිනමාවේ ප්‍රවීණ නළු කින්ග් නාගාර්ජුන අක්කිනේනි ද කරට කර ප්‍රධාන චරිතයක් රඟ දක්වනවා. ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන රාශ්මිකා මන්දනා මෙහි ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරනවා. බොලිවුඩ් නළු ජිම් සර්බ් මෙහි දුෂ්ඨ චරිතය රඟ දක්වනවා. තවද K. භාග්‍යරාජ්, සයාජි ෂින්ඩේ, හරීෂ් පේරඩි, සුනේනා, අලගන් පෙරුමාල්, නසාර් යන නළු නිළියන් චරිත රඟ දක්වනවා. මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරන්නේ ටොලිවුඩ් රොක්ස්ටාර් දේවි ශ්‍රී ප්‍රසාද් විසිනුයි. ඔහුගේ සංගීතය චිත්‍රපටයේ ගලායාමට සහ හැඟීම් ප්‍රකාශ කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නා. විශේෂයෙන් මසාලා නොවන චිත්‍රපටයක් නිසාවෙන් ප්‍රේක්ෂකයින් උත්ප්‍රාය කිරීමට ඔහුගේ කාර්‍ය භාරය මෙහි කැපී පෙනෙනවා.

මේ කුබේරයා නැත්නම් කුවේරාව ධනයට අධිපති දෙවියන් යන නමින් හඳුන්වනවා. ශ්‍රී ලංකාවේ වෙසෙන අයට කුබේරා කියන්නෙ කවුද කියලා හඳුන්වලා දෙන්න ඕන නැහැනේ. දවසට පස් වතාවක් කුබේරා කියලා නම කියන්න. ඔයාලටත් ධනය, සෞභාග්‍යය උදා වේවි ද කියලා කියන්න දන්නෙ නැහැ. නිකමට කිව්වෙ. කැමති නම් කියලා බලන්න.

ධනුෂ්-කම්මුලා එකතුවෙන් ධනුෂ්ගේ තෙළිඟු සිනමා ප්‍රවේශය සනිටුහන් කිරීමට නියමිතව තිබුණත් මෙහි නිෂ්පාදන කටයුතු පසු වීමත් සමඟ Vaathi (2023) චිත්‍රපටයෙන් ධනුෂ් තම තෙළිඟු සිනමා ප්‍රවේශය ලබා දුන්නා. කුබේරා චිත්‍රපටය ධනුෂ්ගේ වෘත්තීය ජීවිතයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් වන්නේ ඔහු ඉදිරිපත් කරන පළමු හිඟන චරිතය මෙයයි. ධනුෂ් ඔහුගේ පෙර නිර්මාණවලින් ඔහුගේ වාණිජ සිනමා රංගනය වගේම චරිතාංග රංගන හැකියාව අනගි ලෙසින් පෙන්වා දුන්නා. තරු ගණයේ නළුවෙක් හිඟන චරිතයක් පිළිගැනීමම සුවිශේෂී කාරණාවක්. ධනුෂ්ව හඳුන්වා දෙන දර්ශනය විචාරක සහ ප්‍රේක්ෂක සැමගේම ප්‍රශංසාවට ලක් වුණා.

තෙළිඟු සිනමාවේ ජ්‍යේෂ්ඨ නළුවන් අතර එක් කුළුණක් ලෙස නාගර්ජුනා අහංකාරයකින් තොරව ධනුෂ්ගේ චිත්‍රපටයේ රඟපෑමට එකඟ වීම අගනීයයි. ඔහු සුපර් ස්ටාර් රජිණිකාන්ත්ගේ Coolie චිත්‍රපටයේ අත්‍යාවශ්‍ය චරිතයක් නිරූපනය කරනවා. බොහෝ දුරට ඔහුගේ චරිතය දුෂ්ඨ චරිතය බවට පැවසෙනවා. කුබේරා සහ කූලී චිත්‍රපටයේ නාගර්ජුනාට ඇති විශේෂ සම්බන්ධයක් වන්නේ, කුබේරා හි ධනුෂ්ගේ චරිතය දේවා වන අතර කූලි හි රජිණිගේ චරිතයේ නමද දේවායි. කූලී චිත්‍රපටයේ සයිමන්ගේ චරිතය පිළිබඳ තෙළිඟු ප්‍රේක්ෂකයින් අතිශයෝක්තියක් තබාගෙන තිබෙනවා.

මගේ අදහස නම් මේ කතාවේ දුෂ්ඨ චරිතය දක්ෂ ලෙස ලියූ ප්‍රතිමල්ලව චරිතයක්. ගොඩක් දුරට මට දැනුනෙ ඇන්ටි-හීරෝ කෙනෙක් විදියට. මේ චරිතයේ කටින් පිටවෙන්නෙ හුදෙක් දෙබස් නෙවෙයි. ඒවායේ ගැබුරු අර්ථයක්, සත්‍යයක් තිබෙනවා. ඇතැම් අවස්ථා මේ චරිතයේ දුෂ්ඨ ගතිය පෙන්වන්නම බලෙන් ඇතුලත් කරපු බවක් පෙනුනා. දකුණු ඉන්දියානු චිත්‍රපටවල නිතර දකින සුදු කරපටි චරිතයක් වුණත් ජිම් සර්බ් මේ චරිතය අද්විතීය ලෙසින් රඟ දැක්වූවා. ධනුෂ් නාගර්ජුනාගේ චරිත පවා මේ තරම් හොඳින් ලියලා තිබුණේ නැහැ. සමාජ මාධ්‍යයේ කතා වෙනවා වගේ ධනුෂ්ට හොඳම නළුවට ජාතික සම්මානය ලැබෙයිද කියන්න දන්නෙ නැහැ. ජිම් සර්බ්ගේ රංගනයට ජාතික සම්මාන වලින් හොඳම දුෂ්ඨ චරිතයට නිර්දේෂයක් වත් වෙනවා කියලා අනුමාන කරන්න පුළුවන්.

අධ්‍යක්ෂක ශේඛර් කම්මුලාගේ පෙර නිර්මාණ සැලකීමේදී Anand (2004), Leader (2010), Godavari (2006), Happy Days (2007), Fidaa (2017) යනාදී අනර්ඝ සිනමාකෘති බිහි කර තිබෙනවා. ඔහුගේ කතාවල යථාර්ථවාදී සහ ගැඹුරු කතා වස්තුවක් අන්තර්ගත වනවා. ඔහුගේ චිත්‍රපට සාමාන්‍යයෙන් සමාජ යථාර්ථයන්, මානව සබඳතා සහ චිත්තවේගීය අරගලයන් පිළිබඳව ගවේෂණය කරනවා. ශේඛර් කම්මුලාගේ ආධිපත්‍යයෙන් නිමැවුණු මේ පැය 3ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයට සම්බන්ධ වූ සියල්ලන්ම ඉහළම දායකත්වය ලබා දී තිබෙනවා. එක් අඩුවකට තිබෙන්නේ නිසි ලෙස අවසානයක් ලබා නොදීමයි. පැය 2.30ක් පුරාවට අද්විතීය තිර රචනයකින් උච්චතම ලෙසින් ගෙන ආ කතාවේ අවසන් පැය භාගයක පමණ කාලයේ බලාපොරොත්තු නොවූ අයුරින් කඩා වැටීමක් පැහැදිලිවම පෙන්නුම් කළා. අවසානය වන තුරුම එකම ලෙසින් තිර රචනය ගෙන ගියා නම් බොහෝ දුරට මේ චිත්‍රපටය වසරේ හොඳම චිත්‍රපටය වනවා නොඅනුමානයි. මේ චිත්‍රපටයෙන් කම්මුලා හිඟන්නන් මිනිසුන් ලෙසින් බැලිය යුතු බව, හිඟන්නන්ටද මේ ලෝකය අයිති බව, ධනපතියන් උදවු කළ හොත් හිඟන්නන්ට යම් තරමකින් හෝ යහපත් ජීවිතයක් ලගා කර ගත හැකි බව මතුකර දක්වනවා.

කුබේරා තිරගත කර පලමු දින ඉ.රු. කෝටි 30ක් උපයා ගනු ලැබුවා. දින පහක් තුළ කුබේරා ඉ.රු. කෝටි 100 ඉක්මවූ ආදයමක් උපයා ගත්තා. ඒ අනුව කුබේරා ධනුෂ්ගේ 5වැනි කෝටි 100 චිත්‍රපටය වනවා. මීට ලැබුණු Imdb රේටින් අගය 7.2ක්. තවද TOI – 3.5/5ක්, Indiam Express – 3.5/5ක්, Cinema Express – 3.5/5ක්, Pinkvilla – 3/5ක්, Cinema Today – 3/5ක් ලෙස තම අගය කිරීම් ලබා දුන්නා.

දෙමළ සිනමාවේ වැඩිම චිත්‍රපට පෙළගැස්මක් තියෙන නළුවා වෙන්නෙ ධනුෂ්. ආනන්ද් එල් රායිගේ Tere Ishk Mein හින්දි චිත්‍රපටය, රාජ්කුමාර් පෙරියසාමිගේ D55, අරුන් මාදේෂ්වරන්ගේ Ilaiyaraja, ඕම් රවුත්ගේ Kalam (අබ්දුල් කලාම් චරිතාපදානය), වෙන්කි අට්ලුරි සමඟ චිත්‍රපටයක්, වෙට්‍රිමාරන් සමඟ චිත්‍රපටයක්(Vada Chennai 2 විය හැකියි), මාරි සෙල්වරාජ්ගේ D56, Por Thozhil විග්නේෂ් රාජා සමඟ චිත්‍රපටයක් යනාදී ලෙසින් ඉදිරියේදී පැමිණීමට නියමිතයි. ඒ වගේම ධනුෂ්ගේ සිව්වන අධ්‍යක්ෂණය Idly Kadai මේ වසරේ පැමිණීමට නියමිතයි.

කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

Kuberaa (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRIP/HQ HDTS පිටපත සඳහා ගැළපේ.

14,965 downloadsDownload Kuberaa-2025-HQ-HDRIP-Update.zip128 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kuberaa (2025) Sinhala Subtitles

Subtitles by

රවිඳු නවින්

Subtitles

14,965 downloadsDownload Subtitles128 KB

10 comments

  1. - Chirath -

    Mr.house keeping , nezha 2 plz

  2. Buddhika laKMal

    හැමදාමත් වගේ චිත්‍රපටයේ උපසිරැසිය විතරක් ගේන්නෙ නැතිව ඒකට අදාලව පට්ටම පට්ට ලිපයකුත් එක්ක ගෙනාවට බොහෝම ස්තූති්යි මචං........
    ඒ වගේ කැපකිරීමක් කරන්නේ ඇත්තටම සිංහල උපසිරැසය බොක්කෙන්ම කරන උන් තමයි..........
    ස්තූතියි රවිදු සහෝ ඔයාගේ මහන්සියටයි.... ඒ කැපකිරීමටයි.............
    ජයවේවා..........

  3. Kavi

    HD copy ekata update 1k denno.

  4. Dasun Lakruwan

    ආර්ටිකල් නම් ආර්ටිකල්.ආසාවෙන් කියෙව්වා

  5. SS

    බොහොම ස්තූතියි සබ් එකට ❤️

  6. අචින්ත

    ස්තූතියි මල්ලි සබ් එකට හොදද....
    බලන්නයි යන්නේ ඔන්න

  7. Lahiru

    පට්ට ආටිකල් එක. බොහොම ස්තූති සබ් එකට

  8. Anonymous

    ෆිල්ම් එක ගැන කියන්නේ නැතුව රටේ නැති බයිලා 100ක් විතර කියනවා

    1. Ravindu Heshan - Admin

      ෆිල්ම් එක ගැනත් කියලා තියෙනවා කියන්න ඕනෙ ටික. තව කියන්න ගියොත් ස්පොයිල් වෙනවා

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤