Watch Trailer

Home Alone 4 (2002) | පැහැර ගැනීමේ කුමන්ත්‍රණය. [සිංහල උපසිරසි සමඟ]

Elementary කතා මාලාවත් එක්ක කාර්‍යබහුල වුණු හින්දා චිත්‍රපටයකට සබ් දාන්න ලැබුණෙ සෑහෙන කාලයකින්. නත්තල් සමයත් එළඹිලා. නත්තල ඉලක්ක කරගනිමින් හොලිවුඩයේ නිපදවෙන අතිවිශාල චිත්‍රපට ප්‍රමාණය අතරින් ලොකු කුඩා කා අතරත් අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වුණු චිත්‍රපට මාලාවක් තමයි Home Alone කියන්නෙ. මෙහි පළමු චිත්‍…

Home Alone 4

Elementary කතා මාලාවත් එක්ක කාර්‍යබහුල වුණු හින්දා චිත්‍රපටයකට සබ් දාන්න ලැබුණෙ සෑහෙන කාලයකින්. නත්තල් සමයත් එළඹිලා. නත්තල ඉලක්ක කරගනිමින් හොලිවුඩයේ නිපදවෙන අතිවිශාල චිත්‍රපට ප්‍රමාණය අතරින් ලොකු කුඩා කා අතරත් අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වුණු චිත්‍රපට මාලාවක් තමයි Home Alone කියන්නෙ. මෙහි පළමු චිත්‍රපට ත්‍රිත්වය ලංකාවෙ රූපවාහිනී නාලිකාවලත් විකාශය වුණු හින්දා ලංකාවෙ ප්‍රේක්ෂකයන් අතරත් මේ චිත්‍රපට මාලාව ගොඩක් ජනප්‍රියයි. මේ වෙනකොට මෙහි චිත්‍රපට 5ක් නිකුත්වෙලා තියෙනවා. ඒත් අවසන් චිත්‍රපට 2 සිනමා ශාලාවල ප්‍රදර්ශනය කළේ නෑ. ඒවා නිර්මාණය කළේ රූපවාහිනී ප්‍රදර්ශනය සහ වීඩියෝ පට ලෙස බෙදාහැරීමට පමණයි. අද මම අරගෙන ආවෙ මෙහි 4වෙනි චිත්‍රපටය. මේක තවම ලංකාවෙ රූපවාහිනී නාලිකාවල විකාශය වෙලා නෑ.

2002 නොවැම්බර් 3 වෙනිදා ABC නාලිකාවෙ විකාශය වූ මෙම චිත්‍රපටය මිනිත්තු 89ක ධාවන කාලයකින් යුක්තයි. මෙහි බෙදාහැරීමේ කටයුතු සඳහා උරදීලා තියෙන්නෙ ලොව සුප්‍රකට 20th Century fox සහ Disney සමාගම්. හැබැයි මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ ලැබිලා තියෙන්නෙ 2.3 වගේ අඩු අගයක්. මේ චිත්‍රපට මාලාව කිසිම කම්මැලිකමක් නැතිව ආයෙආයෙත් නරඹන්න පුළුවන්. පළමු චිත්‍රපටි ද්විත්වයේ හිටපු චරිතම තමයි නැවතත් මේ චිත්‍රපටයෙත් ඉන්නෙ. ඒත් ඒවා රඟපාන නළුනිළියන් පිරිස සම්පූර්ණයෙන්ම වෙනස්.

මේ කතාවට අනුව කෙවින්ගෙ තාත්තා එයාගෙ අම්මගෙන් වෙන්වෙලා, නැටලි කියලා කාන්තාවක් එක්ක වෙනම ජීවත් වෙනවා. කෙවින්ට ආරාධනාවක් ලැබෙනවා නත්තල නැටලිගෙ ගෙදර ගත කරන්න. මේ නිවසේ නත්තල ගත කරන්න රාජකීය පවුලක් එන්න නියමිතයි. ඒ පවුලෙ ඉන්න කුමාරයාව පැහැර ගන්න මර්ව් ඇතුළු හොරු කණ්ඩායමක් සූදානම් වෙනවා. මේකට ගෙදර වැඩ කරන කෙනෙකුත් සහය දෙනවා. කොහොමහරි කෙවින් හින්දා මේ අය මුහුණ දෙන ඇබැද්දි වලින් තමයි මේ කතාව පිරිලා තියෙන්නෙ. හැබැයි පෞද්ගලිකව මගේ මතය මුල් චිත්‍රපට දෙක තරම්ම ඉතුරු ඒවා සාර්ථක නෑ කියලා. ඒත් මේකත් මේ නිවාඩු දවස්වල රසවිඳින්න පුළුවන් නියම චිත්‍රපටයක්. උපසිරසි ගන්නකොට පොඩි කමෙන්ටුවක් දාගෙනම යන්න කියලා ඉල්ලනවා. හැමෝටම ප්‍රීතිමත් සාමකාමී සුබ නත්තලක් වේවා!!!

Home Alone 4 (2002) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

300 MB කොපිය මෙතනින් බාගන්න

58304b44c8d52461fa47f462d91e4fc1d15264ea ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,826 downloadsDownload Home.Alone_.4.2002.baiscopelk.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/IsuruA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉසුරු අකලංක

Subtitles

1,826 downloadsDownload Subtitles39 KB

23 comments

  1. Gagan

    Thanx Saho

  2. KP Muthukumarana

    Ela Ela...
    Supiri Filumak Wage.....
    Thanks For Subs....
    Good Luck...!!!
    :) :) :) :) :)

  3. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. SaDuN dAnUsHkA

    බොහොම ස්තුතියි
    උපසිරැසිය ලබාදීම ගැන
    දිගටම උපසිරැසි ලබා දෙන්න
    ජය.............

  5. නලින් පෙරේරා

    ස්තුතියි ඉසුරු සහෝ!.. 5ත් ඔය ගමන්ම අරන් එන්න...

    ජය වේවා!

  6. darshi

    thanks

  7. Menu

    බොහොම ස්තුතියි :)

  8. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Jamson

    Thanks machan

  11. Amil

    Thanks Bro Sub ekata...

  12. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  13. indika

    සුභ පැතුම්..... :)

  14. “චූටී මල්ලි”

    සෙට් උනොත් බලන්නම් මචෝ
    එල
    සබට තුති
    ඔබට ජය...........

  15. nayana sisil

    ela.......

    supiriyi ban........

  16. dilshan chinthaka

    thanks mcn
    supiri

  17. prabhath

    thanks

  18. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  19. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

    1. charukaranasingha

      Jx

  20. Teran Pasindu

    Subtitle ekata bohoma sthuthiyi :) ;)

  21. Supun M. Hettigoda

    උපසිරැසියට ගොඩාක් ස්තුතියි...
    ජයෙන් ජයම වේවා.....

  22. THISANGA

    palaweni ewa tharan,passe ena ewa hari naaa