තායිලන්තයේ සිදුවූ සත්‍යය සිදුවීමක් අනුසාරයෙන් නිර්මානය වී ඇති Home For Rent සිනෙමා පටය වර්ථමානයෙ තායි සිනෙමාවට අහිමි Horror ආධිපත්‍යය කිරුල නැවත ලබාදීමට සමත්වූ චිත්‍රපටයක් ලෙසයි විචාරක පැසසුමට පවා ලක් වී තිබෙන්නේ.. වැඩිය වටේ තලන්නෙ නැතුව අපි බලමු කතාවෙ මොකද වෙන්නෙ කියල.. නින්ග්, හරි හමන් ජොබ් එකක්…

තායිලන්තයේ සිදුවූ සත්‍යය සිදුවීමක් අනුසාරයෙන් නිර්මානය වී ඇති Home For Rent සිනෙමා පටය වර්ථමානයෙ තායි සිනෙමාවට අහිමි Horror ආධිපත්‍යය කිරුල නැවත ලබාදීමට සමත්වූ චිත්‍රපටයක් ලෙසයි විචාරක පැසසුමට පවා ලක් වී තිබෙන්නේ.. වැඩිය වටේ තලන්නෙ නැතුව අපි බලමු කතාවෙ මොකද වෙන්නෙ කියල..
නින්ග්, හරි හමන් ජොබ් එකක් නැතුව ආර්ථික වශයෙන් පහලටම වැටිල තියෙන වෙලාවක තමන්ගෙ ගෙදර කුලියට දීල එදාවේල හොයාගෙන, බැංකු ණය ටිකත් ගෙවාගෙන ඉන්න උත්සහ කරන දිරිය කාන්තාවක්. හැබැයි හිගන්නගෙ පාත්තරේට හෙනහුරා පාත් වුනා වගේ නින්ග්ගෙ ගෙදර කුලියට හිටපු අය මේ ගෙදර නැතිබංගස්තාන කරල තමයි යන්නෙ. නින්ග් මේ නිසා තවත් අවුලෙන් අවුලට පත්වෙනව. ඒ නිසා නින්ග් කල්පනා කරනවා ක්වීන්, එහෙමත් නැත්නම් නින්ගෙ ස්වාමිපුරුෂයාගෙ ගෙදර කුලියට දීල හරි බැංකුවේ ණය ටික ගෙවල දාන්න.හැබැයි සිද්ධ වෙන්නෙ මොවුන් හීනෙකින්වත් නොසිතූ දෙයක්. මොවුන්ගේ මේ නිවසෙ කුලියට පැමිනෙන්නෙ එසේ මෙසේ කට්ටියක් නෙමෙයි. ඇත්තටම මේ අය මේ නිවසට කෙල හලන්නෙ මාස ගානක් තිස්සෙයි. ඒකටත් විශේෂ හේතුවක් තියෙනව. නැත්තන් දෙයියනේ දහස් ගානක් ගෙවල් තියාගෙන මේ ගෙදරටම කෙල හලයිද.. ඉතින් ඇයි මෙයාල මේ ගෙදරටම එන්නෙ.. ඇයි ක්වීන් මේ ගෙදර කුලියට දෙන්න අකමැතිවෙන්නෙ. මොකක්ද ක්වීන් තමන්ගෙ බිරිදගෙන් සගවන රහස. මේ රහස් ඔක්කොටම උත්තර පුරා පැය දෙකකට ආසන්න කාලයක් මේ චිත්‍රපටය නැරබීමෙන් දැනගත හැකියි.
2023 අප්‍රියෙල් 6 වනදා නිකුත් වූ Home For Rent තායි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Sophon Sakdaphisit විසින්. මෙහි නින්ග් ලෙස ජනප්‍රිය නිලි Nittha Jirayungyurn හා ක්වීන් ලෙස Sukollawat Kanarot ප්‍රධාන චරිත වලින් රංගනයෙන් දායක වනවා. මෙහි IMDB අගය 6.7 ක් ලෙස සදහන් වනවා. ඉතින් මුල සිට අගට කිසිම කම්මැලිකමක් නැතිව නැරඹිය හැකි මෙය ඔබ Horror රසිකයෙක් නම් නොවරදවාම රස විදිය යුතු නිර්මානයක්. ඉතින් ඇයි තවත් බලගෙන ඉන්නෙ..
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
4,681 downloadsDownload Home.for_.Rent-2023.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
- #Editor's Pick
- #Home For Rent (2023) Sinhala Sub
- #Home For Rent (2023) Sinhala Subtitles
- #Home For Rent Sinhala Sub
- #Home For Rent Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Taylor John Smith
- #You Decide
- #ඉෂාන් මධුෂංක(ඉෂූ)
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
12 comments
Kantha_DLA
Nimal perera
Moving (2023) කොරියන් ඩ්‍රාමා එකේ episode 6/7/8/9 වලට සිංහල සබ් දෙන්නකෝ. මම දවස් දෙකක් බලන් හිටියා. Please.
Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Ravindra
Thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
විමා
උපසිරසියට බොහොම ස්තුතියි මචෝ!
Anonymous
Thank you for the Subtitles
lakshan
thanks ................
Ishan Madusha
බොහෝම ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishan
Thanx bro
Dewadithya
Thanks for Sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ගොඩක්ම ස්තූතියි ඉෂූ .........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!