කොහොමද කට්ටියට? මාව අමතකත් ඇති මොකද අවුරුදු දෙකකට කිට්ටු කාලයකට පස්සෙනේ ආපහු උපසිරැසියක් ගේන්න වුණේ. උපසිරැසියක් දාන්න කාලයක් ඇත්තෙම නැති තරම් කාර්යයබහුල වුණත් ආසවට වගේ එකක් කළා. මේ චිත්‍රපටිය ශ්‍රේණිගත කිරීමේ වෙබ් අඩවි වල ඉහල තැනක ඉන්න සමත් වුණ එකක්. මේ මගේ දෙවෙනි කොරියානු භාෂා උපසිරැසියයි. විශේෂය…

කොහොමද කට්ටියට? මාව අමතකත් ඇති මොකද අවුරුදු දෙකකට කිට්ටු කාලයකට පස්සෙනේ ආපහු උපසිරැසියක් ගේන්න වුණේ. උපසිරැසියක් දාන්න කාලයක් ඇත්තෙම නැති තරම් කාර්යයබහුල වුණත් ආසවට වගේ එකක් කළා. මේ චිත්‍රපටිය ශ්‍රේණිගත කිරීමේ වෙබ් අඩවි වල ඉහල තැනක ඉන්න සමත් වුණ එකක්. මේ මගේ දෙවෙනි කොරියානු භාෂා උපසිරැසියයි. විශේෂයෙන්ම ස්තූති කරන්න ඕනා අපේ තිසර නියෝ සහෝට, කොරියානු නම් ගම් ආදිය හරිගස්සලා දුන්නට. එහෙනම්` වැඩි කතා නැතුව පොඩි විස්තරයක් කරන්නම්.
මේක සත්‍ය කතාවක් මත සෑහෙන දුරකට පදනම් වුණ චිත්‍රපටියක්. උතුරු කොරියාවේ රහස් දැනගැනීමට, එහි ඉහලම කණ්ඩායම අතරට යැවෙන දකුණු කොරියානු චරපුරුෂයෙක් වටා තමා කතාව ගෙතෙන්නේ. හැබැයි ඔහු නොහිතන විදියේ දෙයක් තමා ඔහුට එළිකරගන්න ලැබෙන්නේ. සත්‍ය ජීවිතයෙ උණත් ඔහුට අන්තිමේ වෙන්නෙ නොහිතන දෙයක්. දේශපාලකයොයි, උන්ට ගොට්ට අල්ලන නිලධාරී පැළැන්තියයි ඉතින් ශාපයක්ම තමා කොහෙත් බලන් ගියාම.
ඔයාලත් මඟනෑර බලන්නකෝ. සම්මාන කීපයක්ම දිනාගන්න වගේම, ආදායම් අතින් හා ශ්‍රේණිගත කිරීමේ වෙබ් අඩවි වලත් ඉහල තැනක ඉන්න මේ චිත්‍රපටිය සමත් වුණා. එහෙනම් යන්නම්. ජය෴෴
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘපය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Bluray පිටපත සඳහා පමණක් ලබා දි ඇත
2,763 downloadsDownload The.Spy_.Gone_.North_.2018.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
12 comments
Bimsara Yashan(ඔලිව)
යුරාන් ධනුක (දනුවා)
The Legend is Back
උපසිරසියට බොහෝම ස්තූතියි අයියේ...!!මයුර
අමෝ රොයිලි අයියා
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රොයිලි සොයුර .........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!".....pioneer of the sinhala subtitles ....."
kolitha4
Thanx බ්‍රෝ
Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥විමා
King is back
Jeewantha
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
Pavith Wijesooriya
උපසිරසියට ගොඩක් ස්තූතියි අයියෙ. ඔයා සබ් කරපු එකක් නම් ලොවෙත් බලනවා. ඔන්න මාත් ගත්තා සබ...
සඳුන් ප්‍රනාන්දු
මේ කමෙන්ට් එක කියෝන හැමෝටම කියන්නේ මේ ෆිල්ම් එක අනිවාර්යෙන්ම බලන්න.පැය 2 වඩා යන මේ ෆිල්ම් එක කිසිම කම්මැලිකමකින් තොරව බලන්න පුලුවන් ඒ වගේම මේක සත්‍ය සිද්දි පාදක කරගෙන හදපු එකක්.ඔයා මග අරින්නෙම නැතුව බලන්නම ඕන ෆිල්ම් එකක් මේ.
Anonymous
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..vihanaga nishen
ane thanks apita mewa denawata mama meka balalane ane mata THE NAME OF ROSE 1986 movie eke sinhala sub dennako plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Advertisement
![The Spy Gone North (2018) Sinhala Subtitles | හෙළිදරව් වූ රහස [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/The-Spy-Gone-North-2018-a.jpg)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි රොයිලි අයියේ. ඔයා උපසිරැසි දුන්නයි කියන්නෙ සුපිරි ෆිල්ම් එකක් වෙන්න ඇති, අනිවා බලන්න ඕනෙ. තව උපසිරැසි ගේමු. ජයවේවා!