ඔන්න තවත් පැරණි සිනමාපටයකට උපසිරැසියක් අරගෙන ආව බයිස්කෝප් ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. අදියුරුව හා තිර පිටපත යන දෙකම ආතර් පියර්සන් ගෙන්. ජෙෆ්රි ලින්, ඩොනල්ඩ් ක්‍රිස්ප්, ඇලන් හලා, ඇතුලු තවත් නලු නිලි රැසකගේ දායකත්වයෙන් හැඩවන මෙම සිනමාපටය 1951 වසරේ මැයි මස තිරගත වීම අරඹනවා. දේශපාලන වේදිකාව තුල සාර්තකව රාජක…

ඔන්න තවත් පැරණි සිනමාපටයකට උපසිරැසියක් අරගෙන ආව බයිස්කෝප් ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. අදියුරුව හා තිර පිටපත යන දෙකම ආතර් පියර්සන් ගෙන්. ජෙෆ්රි ලින්, ඩොනල්ඩ් ක්‍රිස්ප්, ඇලන් හලා, ඇතුලු තවත් නලු නිලි රැසකගේ දායකත්වයෙන් හැඩවන මෙම සිනමාපටය 1951 වසරේ මැයි මස තිරගත වීම අරඹනවා.

දේශපාලන වේදිකාව තුල සාර්තකව රාජකාරී කල බ්ලේක් වොශ්බෝර්න් මැතිවරණයක් පැරදී ආපසු තම නිවස වෙත පැමිනෙනවා. ඔහුගේ ඊලඟ රාජකාරිය හෙරල්ඩ් පුවත්පතේ සංස්කාරක ලෙස කටයුතු කිරීම. මේ අතරෙ තමන්ගෙ පරාජයට හේතුවෙච්ච මැක්ෆාර්ලන්ඩ් හා එම සමාගමට එරහිව කරුණු ගොනුකර පුවත්පතේ ලිපි පලකරනව. මේ කාරණාවට පුවත් පතේ ප්‍රධානියගෙවත් ඒ තරම් කැමැත්තක් නෑ. නමුත් මැක්ෆාර්ලන්ඩ විරුද්ධව කරන මේ සටන නවතින්නෙ එක අනපේක්ෂිත සිදුවීමක් නිසා.

ඒ තමන්ගෙ කුඩා සහෝදරිය පාසලෙන් යන ක්ෂේත්‍ර චාරිකාවක් අතරෙදි අත ඇරල දාපු පතලක හිරවෙනව. මේ කඩාවැටිච්ච පතලෙ හිරවුන සහෝදරියව බේරගන්න පුලුවන් වෙන්නෙ මැක්ෆාර්ලන්ඩ් සමාගමේ සේවකයනුයි සමාගමේ යන්ත්‍ර සූත්‍රයි නිසා. එයින් පස්සෙ ඔහු තේරුම් ගන්නව සමාගමේ නිශ්පාදන මිනිස් ජීවිතයට කෙතරම් ප්‍රයෝජනවත්ද කියන එක. ඒ එක්කම සමාගම එක්ක තියෙන එදිරිවාදිකමත් නවතිනව.

මේ එක්ක දීල තියෙන හෑශ් ලින්ක් එකෙන් පුලුවන් වීඩියෝ පිටපත බාගන්න. තවත් උපසිරැසියකින් හමුවෙනතුරු සමුගන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා අදාළ වේ.

834 downloadsDownload Home-Town-Story-1951.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බුද්ධික නුවන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

බුද්ධික නුවන්

Subtitles

834 downloadsDownload Subtitles29 KB

8 comments

  1. benukanimsena

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
    ඉස්සරහටත් මේ වගේ පරණ ෆිල්ම් වලට සබ් කරන්න !!

  2. Hashan M. Priyadarshana

    Godak sthuthi bro sub eka dunnata..
    Jaya wewa!

  3. bavantha78

    Dhadak movie ekeyh sub karannako

  4. Priyantha Dayakeerthi

    බුද්ධික නුවන් සොයුර,
    උපසිරසිය සහ අදාළ වීඩියෝව ඩවුන්ලෝඩ් කළා. ගොඩක් ස්තුතියි! හැකිනම් The Other Side Of Midnight (1977) සහ The Seven Year itch (1955) සිනමාපටවලට ඉදිරි කාලයේදී සිංහල සබ් ලබාදෙන්න. වර්තමානයේ ඔබ තමයි අපට පැරණි ෆිල්ම් එකක් බලන්නට අවස්තාව ලබාදෙන එකම සොහොයුරා. අවංකවම ජය පතමි!

  5. Kulanjana Maduranga

    subata thanks saho...

  6. Kasun Samaraweera

    උපැසිරසි ලබාදීම සම්බන්දයෙන් ස්තූතියි. හැකිනම් The Seven Year Itch (1955) චිත්‍රපටය සදහා උපසිරසි ලබා දෙනමෙන් ඉල්ලා සිටිමි.

  7. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.......!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P