ආයුබෝවන් හැමෝටම.. ඔව් ඔව් යන්තං මුල්ම කඩයිමක් ගොඩ දාගත්ත..හම්මේ දැනෙන සතුට කියල නිම කරන්න බෑ..අවුරුදු 3 හමාරක මහන්සිය කීවොත් ඔයාල පුදුම වෙන්නත් පුළුවන්…බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියත් එක්ක අවුරුදු ගණනාවක් තිස්සෙ අත්වැල් බැඳගෙන ඉන්න ඔයාලට නම් මාව ඒ හැටි හුරු පුරුදු චරිතයක් නොවෙන්නට පුළුවන්..මොකද ඇත්…

ආයුබෝවන් හැමෝටම.. ඔව් ඔව් යන්තං මුල්ම කඩයිමක් ගොඩ දාගත්ත..හම්මේ දැනෙන සතුට කියල නිම කරන්න බෑ..අවුරුදු 3 හමාරක මහන්සිය කීවොත් ඔයාල පුදුම වෙන්නත් පුළුවන්…බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියත් එක්ක අවුරුදු ගණනාවක් තිස්සෙ අත්වැල් බැඳගෙන ඉන්න ඔයාලට නම් මාව ඒ හැටි හුරු පුරුදු චරිතයක් නොවෙන්නට පුළුවන්..මොකද ඇත්තම කියනව නම් කාලෙකට සැරයක් වගේ තමා මගේ උපසිරැසියක් වෙබ් අඩවියේ පළ වුණේ..ඒ වගේම ෆිල්ම් කළෙත් අතලොස්සක් විතර තමයි..ගොඩක්ම ෆිල්ම් වලට වඩා ටීවී සීරීයස් පිස්සෙක් කීවොත් නිවැරදියි..ඒ හින්දමද මන්ද වැඩියෙන්ම අවධානය යොමු වුණේ ටීවී සීරියස් පැත්තට තමා..හැබැයි එහෙමයි කියලා ඉඳල හිටලවත් පිලුමක් දෙකක් නොකර හිටියෙත් නෑ..මට අද වගේ මතකයි මගේ පළමු උපසිරැසිය..පිලුමක්…නම තමයි 6 Souls (2010)..දවස 2015 අප්‍රේල් 20 වෙනිදා.. එදා ඒ මුල්ම සබ සයිටෙ පළවුණ වෙලාවෙ හිතට දැනුන ඒ මෙව්වා එක ගැන කියන්න වදන් නෑ ඉතිං..එදා ඉඳන් අද වෙනකල් බැඳ ගත්ත බෙරේ හිමින් සීරුවෙ ගහගෙන යනව වැඩි සද්දයක් බද්දයක් නැතුව..
මට මේ වෙබ් අඩවිය ගැන මුලින්ම දැනගන්න ලැබුණෙ යාළුවෙක්ගෙ මාර්ගයෙන්. .උසස්පෙළ කරන්නත් කලින් මට මතක විදිහට. කොහොමවුණත් එතකොට මං ඒක වැඩිය ගානකට ගත්තෙ නෑ මොකද ඒ දවස් වල මං එච්චර ෆිල්ම්ටී, ටීවි සීරියස් පිස්සෙක් නෙවේ. අනික අධ්‍යාපන වැඩ එක්ක හිර වෙලා හිටියෙ. ඇරත් ඉන්ටර්නෙට් පැකේජ් එහෙමත් මොකුත් තිබ්බෙ නෑ ඒ දවස් (මේක වෙන්නැති ප්‍රධානම හේතුව). කොහොමවුණත් ඒ ලෙවෙල් ලියල මාස කීපයක් ගෙදර ඉන්නවනෙ ඔය කාලෙ මං ඉතිං යාළුවන්ගෙන් ඉල්ලගෙන පිලුම් බැලුව. ටීවි සීරියස් බැලුව. ටිකෙන් ටික ට්‍රැක් එකට වැටුනා. පස්සෙ මට අර යාළුවා කළින් කීව වෙබ් අඩවියට ගොඩවැදිල බලන්න හිතුන. යාළුවෙක්ගෙන් ඩොගක් ඉල්ලගෙන ඔන්න ඉතිං හා හා පුරා කියල සයිටට ගිහිං සබක් ගත්තා. පිලුමෙ නම නම් මතක නෑ. කොහොමවුණත් පිලුම බලල ඉවර වෙනකොට මාර ආසාවක් වගේම පොඩී කුතුහලයක් ඇති වුණා කොහොමද මේක කරන්නෙ කියල. ටිකෙන් ටිකෙන් කාලය ඔහොම ගෙවිල ගියා. සයිට් එකට එන යන වාර ගණනත් ටිකෙන් ටික වැඩි වුණා. අන්තිමේදි සබ නැතුව පිලුමක් එපියක් නොබලන තත්වෙට වැටුණ. ඔය අතරෙ තමා මට නිකමට වගේ හිතුනෙ සබක් කරල බලන්නෝන කියල. සයිටෙ වැඩපිළිවෙල සිද්ධවෙන විදිහ ගැන ඒ හැටි අවබෝධයක් මොකුත් තිබ්බෙත් නෑ නෙවැ .. මාත් ඉතිං කෙලින්ම ලොක්කා වගෙ ඒ වෙනකොට සයිටෙ තිබ්බ නැති 6 Souls (2010) පිලුම තෝරගෙන අමාරුවෙන් කඩ්ඩත් ගැටගහගෙන සබ කොටල අහක් වෙලා පොඩී බෙහෙත් තුන්ඩුවක් වගේ ලිපියකුත් එක්ක සබ් එක මේල් කළා. ඔන්න ඉතිං මගෙ මේල් එකට හා හා පුරා කියල රිප්ලයි කළේ……..කවුද කියල නං මතක නෑ. කවුරුහරි කමක් නෑ රිප්ලයි කළා. සබ් එකත් පළ වුණා. ඊට පස්සෙ වෙච්ච දේ කියන්න අවශ්‍ය නෑ නෙ. දැන් මං පිස්සෙක් වෙලා.
කොහොමවුණත් කියන්න ඕන එදා ඉඳන් අද වෙනකල් බයිස්කෝප් එකත් එක්ක හිමින් ආව ඒ ගමන ඉතාමත් සුන්දරයි. මේ ගමනෙදි මට ගොඩාක් නැවතුම්පොළවල් තිබුණා ඒ වගේම මාර්ග බාධක හම්බවුණා ඒ සියල්ලක් මැද්දෙ අද මේ කඩයිම දක්වා ඇවිල්ල තියනව. මේ ගමනෙදි මට කවදාවත් මූණට මූණ හම්බවෙලා නැති හැම වෙලේම පිටි පස්සෙන් ඉඳන් දායක වුණ ආදරණීය සහෝදර කැළක් ඉන්නව එයාලව මතක් කරේ නැත්තං ඒක මහා ලොකු පාප කර්මයක් වේවි. මුලින්ම අපේ රදළ පැලැන්ත්තියේ ඇඩ්ඩිං මහත්තුරු ටික මතක් කරගෙන ඉමු. (පිළිවෙලක් නෑ හොඳේ මෙමරිය ලෝඩ් වෙන විදිහට තමා)..
මුලින්ම අපේ බයිස්කෝප් පවුලෙ කවුරුත් දන්න හසන්ත වික්‍රමරත්න අයියා (නොදන්න දෙයක් තියේ නම් ඉස්සල්ලම මතක් වෙන්නෙ හසා අයියව), ඊළඟට හැන්ඩියා කියල හිතං ඉන්න හන්දියා නොහොත් ශාන් විමුක්ති සහෝ (හැමෝම කැමති ඕන වෙලාවක උදව්වට ඉන්න ආදරණීය චරිතයක්😜), තව ඉන්නව අපේ අපේ ආදරණීය සැමී සමීර කරුණාරත්තන (හම්මෝ ආය නම් ෆිල්ම් තෝරන්න අහන එකක් නෑ😂),චාමර සම්පත් සහෝ (පොලීසියට වුවමනා කර තිබේ.), රොයිලි අයියා, ප්‍රණීත් චින්තක රණසිංහ නොහොත් පැණියා (ඩෙඩ්පූල් සබ් කරන්නමයි මෙයා ඉපදිල තියෙන්නෙ), ආසිරි ප්‍රියන්ත සහෝ (හින්දි කිං), අප්පටහුඩු සිසිලයියව හලනව තව පොඩ්ඩෙන් සිසිල ප්‍රසාද් සහෝ නොහොත් ගිනි සිසිල , සමන් ප්‍රසාද් සහෝ (පූසා), තිසර සහෝ, සුධීර මාලන් සහෝ, එතකොට අපේ ලෝගන් අයියා අසංක ප්‍රදීප් රණතුංග සහෝ තවත් සැමී කෙනෙක් ඉන්නව ඒ තමයි අපේ සමීර චතුරංග සහෝ, නිර්මාණි අක්කා, යුශාන් පියුමල් සහෝ, යශෝධ ශ්‍රීමාල් සහෝ, දසන් බුද්ධික සහෝ, සඳුන් ධනුෂ්ක සහෝ (පීටර් කුවීන්), සුරේනි අතුරුගිරි අක්කා, ඩිල්ශාන් කාලිංග සහෝ ඇතුළු සියළු දෙනාම මේ වෙලාවෙ මතක් කරනව ..
ඊළඟට අපි මතක් කරගෙන ඉමු අඩු කුලේ අපේ නියෝජනය..සෑහෙන බොක්කෙ යාළුවො සැට් එකක් ඉන්නව මතක් කරගන්න. ලහිරු ප්‍රසාද් සහෝ(මාතලේ එළ කොල්ලෙක්), නුවන්ත දුලාන් (මෙයා නම් ගෑණුන් සීයක් මැදින් වුණත් බය නැතුව තියන්න පුළුවන්), නිලා නොහොත් නිලුපුල් මධුකප්‍රිය සහෝ (කවුරුත් දන්න අපේ ටියුබ් ලයිට් එක), රවිඳු මලයා (විශිෂ්ට සිනමා විචාරකයෙක් හරිම ආඩම්බරයි මෙයා ගැන), දිල්ශාන් සචින්ත මලයා (හොරර් නං ඉතිං දිල්සාන් තමයි), උදයංග සම්පත් සහෝ (සෑහෙන හිත හොඳ මාමා කෙනෙක් තවත්), මයුර සුරාජ් සහෝ (අපිටත් ඉන්නව හොඳ හින්දි ඔස්තාර් කෙනෙක් හැබැයි මූ ටිකක් කම්මැලියි), තරිඳු රසාංග සහෝ , හෙළිලි හේමාලි සිස්, ප්‍රදීප් අනුරුද්ධ සහෝ (ලියෝ), පූර්ණි අක්කා, දේවක සහෝ, රංග ප්‍රසන්න, ඉසුරු සම්පත් නයනාන්ද සහෝ, ප්‍රණීත් නාවලඇල්ල සහෝ, සසිත් සඳරුවන් සහෝ, යසිරු කපුරුසිංහ සහෝ, ඉසුරු දිල්ශාන් සහෝ, සොහාන් ජයසිංහ සහෝ..තව..හරි ඔච්චරයි මතක් වෙන්නෙ කාවහරි අමතක වුණා නම් සමාවෙන්න ඕන.
අහ් තව විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියනව තව පොඩ්ඩෙන් අමතක වෙනව 50 වෙනි කඩයිම වෙනුවෙන් මේ පිලුම කරන්නය කියල මට භාරදුන්න හසායියට වගේම අමාරුවෙන් වෙන්කරගත්ත පිලුම මගේ මේ කඩයිම වෙනුවෙන් කැප කරන්න තරම් කාරුණික වුණ නිලුපුල් සහෝදරයටත් මං මගේ හදපිරි ස්තූතිය පුද කරනව මෙතෙන්දි.
මං හිතන්නෙ ස්තූති කතාව කළා ඇති වගේ. අතත් රිදෙනව ටයිප් කරලම. පිලුම ගැන කතා කරන්නත් තියනවනෙ. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මගේ මේ ගමනට වචනයකින් හරි දායක වුණු නොවුණු ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි කියල තමයි.

The Equalizer කීව සැනින් අපට මතක් වෙන්නෙ Denzel Washingtonගේ ඒ අතිවිශිෂ්ඨ රංගනය.. කවුරුහරි ඔබෙන් ඇහුවොත් වොෂිංටන්ගේ ආසම චිත්‍රපට 3ක් නම් කරන්න කියල බොහෝ දෙනෙක්ගෙ පිළිතුරු අතරට මේ සිනමාපටයද ඇතුළත් වනවා නොඅනුමානයි..ඒ තරම් අපිට මේක සමීප වුණා..වීශේෂයෙන්ම ඔබ ක්‍රියාදාම චිත්‍රපට ලෝලියෙක් නම් ඔබට කොහෙත්ම මේක අමතක වෙන්නට විදිහක් නෑ.. මුල් ෆිල්ම් බලපු ගොඩක් දෙනෙකුට දෙනෙකුට හිතට ආව ප්‍රශ්නයක් තමයි මේකේ දෙවැන්නක් එයිද කියන කාරණය..සමහරු මුල් චිත්‍රපටය රිලීස් වෙන්න මාස 7ක් විතර තියා ඉඳන් පවා මේ ගැන කතා කරල තිබුණා යම් යම් වෙබ් අඩවි වල..කොහොම වුණත් මේකෙ අධ්‍යක්ෂක Antoine Fuqua නම් මේ ගැන කිසිම සඳහනක් කලේ නෑ..කෙසේ වෙතත් දැඩි නිහැඬියාවකින් අනතුරුව 2015 අප්‍රේල් මාසයේ Antoine Fuqua විසින් නිළ වශයෙන් ප්‍රකාශයක් කරල තිබුණ මෙහි සීකුවල් එකකට යන්න එයා අදහස් කරගෙන ඉන්න බව.. කොහොමවුණත් අවුරුදු 2කටත් වඩා අධික කාලයක් යනකලුත් අධ්‍යක්ෂකතුමා ඇතුළු කණ්ඩායමට මෙම ව්‍යාපෘතියෙ වැඩකටයුතු ආරම්භ කරන්නට හැකියාවක් ලැබිලා නෑ.. පස්සෙ අධ්‍යක්ෂකතුමා අදහස මල් ඵල දරමින් 2017 සැප්තැම්බර් මාසයේ යන්තම් රූ ගත කිරීම් කටයුතු ආරම්භ කිරීමට හැකිවෙලා තියනව..මෙහිදී Pedro Pascal, Ashton Sanders, Melissa Leo, and Bill Pullman වැනි සුප්‍රසිද්ධ නළු නිළියන් රැසක් කතාවට අලුතින් කතාවට එක් කරගැනීම අධ්‍යක්ෂක Antoine Fuqua වගබලාගෙන තියනව..ඒ වගේම Denzel Washingtonටත් මේ චිත්‍රපටය ගොඩක් විශේෂයි මක් නිසාද යත් මේක තමයි එයාගෙ මුල්ම සීකුවල් එක..ඒ නිසා එයාටත් මේක අලුත් අත්දැකීමක් වුණා..ඔන්න ඉතිං කොහොමින් කොහොමහරි අන්තිමේදි රූ ගත ගත කිරීමේ වැඩකටයුතුත් අහවර වුණා..ෆිල්ම් එකේ වැඩ අවසන් වෙනකොට සටහන් වෙලා තිබුණ මුළු පිරිවැය වුණේ ඩොලර් මිලියන 62ක්..ඔන්න ඉතිං මාස ගානක ප්‍රතිඵලයක් විදිහට The Equalizer II Sony pictures ආයතනයේ ප්‍රමුඛත්වයෙන් 2018 ජූලි 20 වෙනි දින ඇමරිකාවෙන් පටංගෙන ලොව පුරා තිරගත වෙලා මේ වෙනකොට මේක ඩොලර් මිලියන 182කට අධික ආදායමක් උපයාගැනීමට සමත්වෙලා තියනවා..පාඩුවක් වෙලත් නෑ නේද..ඒ වගේම මේකෙ IMDB අගය 7/10 ක් විදිහටත් කුණු තක්කාලි දර්ශකයෙ අගය 51%ක් සටහන් වෙලා තියනවා..හරි එහෙනම් පසුබිම් කථනය කළා ඇති කියල හිතෙනව..කෙලින්ම කතාවට බහිමු
රොබට් මැකෝල් කියන සරල සාමාන්‍ය මනුස්සයෙක්. කාටවත් කරදයක් නොවී තමන්ගෙ පාඩුවේ වැඩක් පළක් කරගෙන ඉන්න. හැමෝටම උදව් පදව් කරන චරිතයක්. කෙළින්ම කියනව නම් මේ අපි වගේම සරල සාමාන්‍ය ජීවිතයක් ගත කරන මනුස්සයෙක්.. මෙයා වැඩ කරන්නෙ සුපර්මාකට් එකක. හැමදාම එක අවන්හලකට ගොඩවැදිල බීර වීදුරුවක් පානය කරමින් පොතක් පතක් කියවන පුරුද්දක් මෙයාට තිබුණා. මේ අතරෙ මේ කියන අවහන්හලටම එන්නට යන්නට පුරුදු වෙලා හිටියා ටෙරී කියල එක තරුණ ගණිකාවක්. ඇත්තම කියනව නම් එයා මේක තමන්ගෙම කැමැත්තෙන් කරන්න පටං ගත්ත රස්සාවක් නම් නෙවේ. කොහොමවුණත් මෙයා තමන්ගෙ සේවාදායකන්ව හමුවෙලා යන්නෙ එන්නෙ මේ අවන්හල ගාවින් තමයි. ඉතිම් මෙයත් මේ අවහන්හලට ගොඩවදින එක තමන්ගෙ දින චරියාවෙන් කොටසක් කරගෙන තිබුණ. ඒක නිසාම අවහන්හල තුළදි නිතරම මුණගැහෙන මැකෝල් සහා ටෙරී අතරෙ යම් විදිහක මිත්‍රත්වයක් ගොඩනැගෙමින් තිබුණ. මේ දෙන්නා ගොඩක් දේවල් කතා කලා ඉතිං. දවසක් මේ දෙන්නා අවහන්හලෙන් එළියට බැහැල කතා කර කර යනකොට වාහනේකින් ආපු දෙන්නෙක් ටෙරීව බලෙන්ම වාහනේට දාගෙන එක්කං යනව. ඒ වෙන කවුරු නෙවේ ටෙරීගෙ තරැව්කාරයෝ දෙන්නා. රුසියානු පාතාල කල්ලියක සාමාජිකයන් දෙදෙනෙක්. පහුවදා මැකෝල් යනව රෙස්ටුරන්ට් එකට එදා නම් එයාට එයාගෙ සුපුරුදු මිතුරිය දකින්නට ලැබෙන්නේ නෑ. මෙහෙම දවස් කීපයක්ම ගතවෙනව මැකෝල්ට දැන් අප්සට්. ටෙරීගෙන් කිසිම තොරතුරක් නෑ. පස්සෙ මෙයාට හදිසියේම දැනගන්න ලැබෙනව ටෙරී බරපතල තුවල සහිතව රෝහල් ගත වෙලා ඉන්නවයි කියල. ටෙරී ඉන්න තත්වෙ දැකල මැකෝල්ට එයා ගැන සෑහෙන දුකක් වගේම සෑහෙන තරහවක් ඇතිවෙනව එයාට මේක කරපු අය ගැන. එතනින් එහාට කියන්න අවශ්‍ය නෑ නෙ වෙච්ච දේ මතක ඇති නේ. අන්තිමේදි මේක කෙළවර වෙන්නෙ මුළු රුසියානු පාතාල කල්ලියක්ම ලෙයින් තෙත් කරමින් තමා.
The Equalizer II
ඉස්සල්ලම කියන්න ඕන මේකෙ මුල් කතාව නොබලපු අය ඉන්නව නම් මේක ඉස්සල්ලම බලන්න යන්න එපා. එහෙම වුණොත් කතාව ගොඩක් තැන් හරියට ග්‍රහණය කරගන්න බැරිවෙයි. මොකද මේකෙ කතාව වගේම නළු නිළියන් වෙනස් වුණාට සමහර තැන් තියනව මුල් කතාවත් එක්ක සම්බන්ධයි. ඒක නිසාම නොබලපු අය ඉන්නව නම් The Equalizer (2014) බලලම ඉන්න කියල මතක් කරනව. හරි එහෙනම් මේ සැරේ කතාවෙදි, මැකෝල් මැසෙචුසෙට්ස්වල තියන පොඩි අපාට්මන්ට් එකක් අරගෙන පෙර සේම කිසීම සද්දයක් බද්දයක් නැතුව පාඩුවේ වාසය කරනව කුලී රථ රියදුරෙක් විදිහට (අච්චර හදියක්කලාට පස්සෙ කෝමත් ඉතිං කලින් තැන ඉන්න බැහැ නොවෑ). කොහොමවුණත් තැන් මාරු කළාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ කියනවනෙ. ඒ වගේ මෙයාගෙ පරණ දින චර්‍යාවෙ කිසීම වෙනසක් වෙලා නෑ කියල මේකෙදිත් ඔයාලට දැකගන්න පුළුවන් වෙයි. අර පොත් කියවන පුරුද්ද එහෙම තාමත් අතෑරල නෑ. කොහොමවුණත් මේ අතරවාරයෙ පොඩි පොඩි සමාජ සේවා වැඩ එහෙමත් නොකළා නෙවේ. උදාහරණයක් විදිහට එයා පොත් ගන්න කියල නිතර දෙවේලේ යන කඩේ නෝනගෙ දුවව එයාගෙම සැමියා විසින් බලෙන් පැහැරගෙන යනව. මේ කියන මනුස්සයා එසේ මෙසේ පොරක් නෙවේ පාතාල කල්ලි නායකයෙක්. මැකෝල් නතර වෙන්නෙ ඉස්තාම්බුල් වලටම ගිහිං අර කීව පාතාල කල්ලියම ඉවරයක් කරල දුවවත් බේරගෙන ඇවිල්ල තමයි. ඇත්තම කියනව නම් කතාව පටං ගන්නෙ ඔය සීනෙකෙන් තමා. කොහොමවුණත් මේ සැරේ කතාව ගෙතෙන්නෙ ඔය සිදුවීම වටා නම් නෙවේ. හරි එහෙනම් අපි එතෙන්ටම එමුකො..මෙයාගෙ කලින් හිටපු මිතුරියක් වෙන සූසන් කියන ආරක්ෂක බුද්ධි අංශ නිළධාරිනිය මෙයත් එක්ක ආයෙමත් සම්බන්ධකම් පවත්වන්න පටංගන්නව. මෙයාගෙ අපාට්මන්ට් එකට විටින් විට එනව යනව කතාබහ කරනව ඇයගෙ විස්තර. ඒ විතර මැකෝල්ගෙ සමහර දෙන ගේම් වලට අවශ්‍ය යම් යම් තොරතුරු ගන්නෙත් සූසන්ගෙන්ම තමා. කොහොම වුණත් යම් ඝාතනයක් සම්බන්ධව විමර්ශනය කරමින් ඉන්න අතර වාරයේම කවුරුන් හෝ විසින් සූසන්ව මරා දානව. ඒජන්සියෙන් නම් කියන්නෙ මේක නිකං හොරකමට කරපු දෙයක් කරපු දෙයක් කියලයි. කොහොමවුණත් සූසන්ගෙ ඝාතනය කන වැකුණු සැනින් මැකෝල්ට යකා නගිනව..මැකෝල් මේ ගැන හොයනව. ඇත්තටම මේ ඝාතනය පිටිපස්සෙන් ඉන්නෙ කවුද??මොකක් නිසාද මෙයාව මරන්නෙ?? ඔයාලම අරගෙන බලන්න. මෙතනින් එහාට මං කියන්න යන්නේ නෑ. මං ගියා ජය වේවා..!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB/Blu-Ray පිටපත් සඳහා අදාල වේ.
38,343 downloadsDownload The-Equalizer-2-2018-Blu-Ray-Update.zip81 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
170 comments
Praneeth priyadarshana
Ravindu Rukshan
50 වෙනි උපසිරැසයට උණුසුම් සුභ පැතුම් අචී....
මෙතැනින් නොනැවතී තවත් කඩයිම් කරා යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා..
ඒවගේම තමයි සබ් එකටත් තුති
බ්ලුරේ එකක් ආවාම හැබැයි බලන්නෙmSanchaka
thnx bn! thnq so much!
Gayanm66109
උපසිරැසියට ගොඩක් ස්තුතියි .ජයවේවා .
vas0303
Thank you for uploading the sub so quickly, all the best brother.....
Praveen
සුභ පැතුම් කොල්ලො ✌ ජයවේවා
gihan perera
උණුසුම් සුභ පැතූමි සහෝ....මේකේ 2 එනකන් හිටියේ මචෝ....ස්තුතියි මචෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
hacker
උණුසුම් සුබ පැතුම් සහෝ අනේ the nun ගෝස්ට් ෆිල්ම් එකේ සුබ එක ඉක්මනට දෙන්නකෝ
යුරාන් ධනුක
පළමු කඩඉමට උණුසුම් සුභ පැතුම් සහෝ....
ඉදිරි කඩඉම් වලටත් ඉක්මනින්ම ළඟා වීමට ශක්තිය ලැබේවා...!!!ශසිත් සඳරුවන්
පළමු කඩඉමට සුභපැතුම් මචී...
ඒ වගේම සුභ උපන්දිනයක් වේවා!
උපන්දිනේ දවසෙම පළමු කඩඉම සම්පූර්ණ කළා නෙහ්. :P
හෙමින් හෙමින් දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Athula Kariyawasam
පළමුවෙනි කඩ ඉමට සුභ පැතුම්. සබ් එක එනකන් බලගෙන හිටිය film එකක්.
Thisal
congtrs 50
thanks :)nuwankumaara
Thank's bro සබ් එකට.මෙකෙ පලවෙනි ෆිල්ම් එක ගන්න ලින්ක් එක දෙන්න පුලුවන්ද
උදයංග සම්පත් හතරසිංහ
හම්මට යකෝ මෙන්න ඇනොනිමස් හචින්තය පනහ ගහල..
මූ කවුද? ඉන්නෙ කොහෙද? කරන්නෙ මොනවද? කෙල්ලෙක්ද? කොල්ලෙක්ද? කියල මෙලෝ යකෙක් දන්නෙ නෑ. කොහොමහරි කතාබහ කරල තියෙන විදියට එක දෙයක් දන්නව. මිනිහ හිත හොඳ ඩයල් එකක්. ඒ වගේම හැමෝම එක්ක සෑහෙන හොඳින් හිත දිනාගෙන ඉන්න කෙනෙක්. ඇනොනිමස් වුණාට බයිස්කෝප් සැට් එකේ පොලු තියල නමක් දිනාගෙන ඉන්න පොරක්. මගේ නමේ කෑල්ලක් මේකගෙ නමෙත් තියෙන නිසා මගේ නමත් චා කරල තියෙන්නෙ. ඉතිං සෑහෙන කාලයක් ඉබි ගමනින් ඇවිල්ල තමයි මේ යකා මේ පනහ ගහල තියෙන්නෙ. කොහොමහරි කමක් නෑ.. සුබ පැතුම් මිත්‍රයා. 2021 ඔක්තෝබර් 31 වෙන්කොටවත් එහෙනම් 100 ගහමු. ජය වේවා..!Milind@
Thanks saho
දමිත් රත්නායක
පනස්වෙනි උපසිරැසියට උණුසුම සුබ පැතුම් උදයංග සහෝ.
බලන් හිටපු උපසිරැසියක්.
ජයෙන් ජය.ajith00129
සුබ පතනවා බ්‍රෝ, දිගටම සබ් කරන්න ස්තූතියි
Prabodha Madhusankha Hettiarachchi
59 weni upasirasayata suba pathum bro. Supirima movie ekak...
Kantha_DLA
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!Helili Hemamali
50 වැනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම් මල්ලි! ඉතාමත් ඉක්මනින් අනෙකුත් කඩයිම් පසු කිරීමට අපි අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලැබේවා!
Nilush Angana
Sub ekata thanx
Lahiru_sankalpa
Thankz bro
AyeshDushmantha
Thanks bro
S.K. Ruchiranga
thzz sub ekta
nuwanjayasooriya7
sab ekata thankz saho
සනිඳු ලක්ඛිත
පළමු උපසිරස කඩඉමට හදවතින්ම සුභ පැතුම් සහෝ...ස්තූති කිරීමේ ලිපියනම් මරු. කට්ටිය ගැන කෙටි හැදින්වීමකුත් එක්කම තියේනේ. මෙතනින් නොනැවතී ඉදිරියටම යන්න හැකියාව ලැබේවා කියලා වගේම ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සහෝ..මේ උපසිරසටත් බොහොම ස්තූති...බුදුසරණයි..ජය වේවා!
PasinduDeshan
පනස් වෙනි උපසිරැසියට සුබ පැතුම්!!!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජයdarshana100
thanks saho
Kovidu
අර්ධ ශතකෙට මුලින්ම සුභ පැතුම් එක් කරනව, කඩයිම් සබට බොහොමත්ම ස්තූතියි සහෝ, සියලු වැඩ කටයුතු සාර්ථක වේවා, ඉස්සරහට යමු, ජය !!!!!
shanuka19976
sub eka sauththui karann berinam nokara inna
Nandana_kumara
Tu සහෝ
ඉසුරු සම්පත් සිරිසේන
උඹත් පනහ ගැහුව එහෙනම් අහ්..
50* ට සුබපැතුම් කොල්ලෝ,
එහෙනම් දිගටම කරගෙන යං..
~~ඔබට ජය~~naveenlakshitha
Hoda wedak. sub ekta Thanks jaya
Sanjeewa2010
Congtzzzzzzzzzz
jaya wawa
Kulanjana Maduranga
Hat off respect Bro...great work & lot of thanks ACHINTHA saho...wish u'r great future...
kolitha
Thanx bro..
Suresh Madhusanka
උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
thilz
ස්තුතියි උපසිරසියට
lahiru sadaruvan
thank you so much brother
tomster
thanx brother
Udara Damith Dissanayaka
50hata suba pathanawo
බොහොම ස්තුතියි ................tomster
blue velvet(1986) flm ektat sub dennako.....
Chathuranga Lahiru
Thank You very much
kmax27
ස්තුතියි සහෝ සබ් එකට ජයෙන් ජය
dsdkavishka
Thenks bro sub ekata
Nimanthamadushanfernando
Thanks bro sub ekata..mile 22 sub ekath dannako
Janithsapugoda
Thanks bro fatta
Mayura
පලවෙනි කඩයිමට හදවතින්ම සුබ පතනවා
සයිටෙන් සෙට් වෙච්ච තවත් හොඳ යාලුවෙක්
වැඩියම සීරීස් කරපු නිසා මම නම් බොලාගෙ සබ් වලින් බලලා තියෙන්නෙ නොම්බර 23 විතරයි.
පුලුවන් ඉක්මනට 100 ගහන්න ලැබේවා කියලා පතනවා.
ඒ වගෙම සුබ උපන්දිනයකුත් වේවා
කරන රැකි රක්ශා කටයුතු සම්පූර්නයෙන්ම සාර්තක වේවා
බලන් කඩතුරා හැරදෑසේ.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you congrtz broooo