හොඳයි ⁣එහෙමනම් මේ ලෑස්ති වෙන්නේ පුංචි දරුවන් (එදා දරුවෝ වුණාට දැන්නම් මාමලා)අතර බොහොම සුප්‍රසිද්ධ චරිතයක් වන විනී ද පූ නම් වළහාගේ පළමු Live-Action සම්ප්‍රාප්තිය බයිස්කෝප් සිංහලෙන් තුළින් සිංහල උපසිරස සහිතව සමීප කරන්නයි. දැන් අපි කවුද මේ විනී ද පූ? එයාගේ උපත, එයාගේ අතීතය මොකක්ද කියලා ටිකකට බලමු. ⁣”ව…

හොඳයි ⁣එහෙමනම් මේ ලෑස්ති වෙන්නේ පුංචි දරුවන් (එදා දරුවෝ වුණාට දැන්නම් මාමලා)අතර බොහොම සුප්‍රසිද්ධ චරිතයක් වන විනී ද පූ නම් වළහාගේ පළමු Live-Action සම්ප්‍රාප්තිය බයිස්කෝප් සිංහලෙන් තුළින් සිංහල උපසිරස සහිතව සමීප කරන්නයි.

දැන් අපි කවුද මේ විනී ද පූ? එයාගේ උපත, එයාගේ අතීතය මොකක්ද කියලා ටිකකට බලමු. ⁣”විනී ද පූ” එහෙමත් නැත්නම් “පූ වලහා” (Poo Bear) කියන්නේ ලොව පුරා බොහෝ පිරිසක් ආදරය කරන චරිතයක්. පූ කියන්නේ ඉංග්‍රීසි ජාතික රචකයෙක් වන A.A Milne විසින් ලොවට දායාද කළ ප්‍රබන්ධමය චරිතයක්. Anthropomorphic teddy bear හෙවත් මනුෂ්‍යත්වය ආරෝපණය කළ ටෙඩි බෙයාර් කෙනෙක් විදියට තමයි පූ නිර්මාණය වන්නේ. රතුපාට කමිසයක් හැඳි කහපාට වලස් පොඩ්ඩා නොදන්නා කෙනෙක් නොමැති තරම්.

ලෝකයට පූ මුල්වරට පැමිණෙන්නේ 1924 පැමිණි When We Were Very Young පොත තුලින්. ඉතින් A. A. Milne විසින් මේ චරිතය නිර්මාණය කරද්දී අදටත් ආදරය කරන මේ චරිතය සිතුවමට නගන්නේ E. H. Shepard විසින්. කවි පොතක් වෙච්චි මෙහි 38 වෙනි කවිය තමයි “Teddy Bear“. මේ කවිය මුලින්ම පළවූයේ 1924 ම Punch සඟරාවේ. පසුව 1926 දී Winnie-the-Pooh නමින් ස්වකීය ප්‍රබන්දයකින් පූ පැමිණෙනවා. එය ඇසුරෙන් Now We Are Six (1927), The House at Pooh Corner (1928), Return to the Hundred Acre Wood (2009), The Best Bear in All the World (2016), Winnie-the-Pooh Meets the Queen (2016) ලෙසින් පොත් බොහොමයකින් පූ දැකගන්නට ලැබෙනවා.

පූ සමඟ එන චරිත බොහොමයක්ම තිබෙනවා. Milne විසින් පූ චරිතය මෙන්ම එයට සම්බන්ද චරිත කිහිපයක්ම නිර්මාණය කරන්නේ ඔහුගේ පුතාගේ සෙල්ලම් බඩු ඇසුරෙන්. Christopher Robin Milne තමයි පුතාගේ නම. ඔව් හැමෝම දන්නා පූගේ මිනිස් යාළුවා වන ක්‍රිස්ටෝපර් රොබින් චරිතය නිර්මාණය වන්නේ මේ සැබෑ චරිතය ඇසුරෙන්ම තමයි. Milne විසින් තම පුතාගේ සෙල්ලම් බඩු මෙන්ම පුතාවද තම නිර්මාණය තුලට එකතු කරගෙන තියෙනවා. ඉතින් සෙල්ලම් ටෙඩී ඇසුරෙන් තමයි 1924 දී පූ චරිතය නිර්මාණය වන්නේ. ඊට අමතරව තම පුතාගේ Piglet, Eeyore, Kanga Roo සහ Tigger යන සෙල්ලම් බඩු ඇසුරින් milne විසින් පූ ගේ මිතුරන්ගේ චරිත නිර්මාණය කරනවා. එමෙන්ම පූ සමඟ හඳුන්වා දුන් Owl සහ Rabbit චරිත දෙකනම් milne විසින් නිර්මණය කළ චරිත දෙකක්. එමෙන්ම පසු කලෙක ඩිස්නි ආයතනය පූ ගේ අයිතිය ලබාගත් පසු Gopher යන චරිතයද එක් කරනවා. අද වන විට Christopher Robin Milne ගේ සෙල්ලම් සතුන් නිව්යෝර්ක් පොදු පුස්තකාලයේ ප්‍රධාන ශාකාවේ තැන්පත් කර තිබෙනවා. රොබින් ඔහුගේ සුරතල් ටෙඩී ට නම තබා ඇත්තේ ලන්ඩන් සත්තු වත්තේ සිටි විනී නම් වලසා සහ සංචාරයකදී හමු වූ පූ නම් හංසයා ගේ නම් ඇසුරිනුයි.

පූ ගේ කතා නිර්මාණය වන්නේ එංගලන්තයේ ඈශ්ඩවුන් වනාන්තරය ඇසුරිනුයි. පසු කලෙක තම ජීවන කතාව ලියන කිස්ටෝපර් එහි පවසනවා පූ ගේ කතාන්දර වල සඳහන් වනාන්තරය සහ ඈශ්ඩවුන් වනාන්තරය සම්පූර්ණම සමාන බව. එනම් සැබෑ වනාන්තරයේ ස්ථාන කතාන්දරය තුලද එලෙසම නිර්මාණය කර ඇති බවයි. පොත් වලට අනුව පූ කියන්නේ නොන්ජල් සහ දේවල් සෙමින් තේරුම්ගන්නා චරිතයක්. නමුත් ඔහු සෑමවිටම මිත්‍රශීලීයි, කරුණාවන්තයි සහ විශ්වාසදායි වනවා. නමුත් පූ සහ ඔහුගේ මිතුරන් එක දෙයකට එකඟ වනවා. ඒ ඔහුට “මොළයක් නෑ” කියන දේටයි. එත් වෙලාවකට ඔහුට නුවණැති අදහස් පැමිණෙනවා. සාමන්‍ය දැනීමෙන් සමහර දේවල් සිදු කරනවා. ඒකට නිදසුනක් විදියට දිනක් ක්‍රිස්ටෝපර් රොබින්ගේ කුඩයෙන් මඩවගුරක ගිලෙමින් සිටි ඌරු පැටියව බේරගන්න එක දක්වනවා. පූ කෑම වලට ලොකු කැමැත්තක් දක්වනවා. විශේෂයෙන්ම පැණි වලට “පෙරේතයි”. ඒ වගේම මුදවපු කිරි සහ අනෙක් දේවල් වලටත් කැමතියි. පූ සමාජශීලී කෙනෙක්. ඔහු නිතරම මිතුරු ක්‍රිස්ටෝපර් හෝ ඌරුපැටියා සමඟ කාලය ගත කරනවා. ඒ වගේම පුරුද්දකට වගේ අනෙක් සතුන් බැලීමටද යන්නට කැමතියි. ක්‍රිස්ටෝපර් රොබින් තමයි පූගේ මිනිස් මිතුරා. ඔහු පාසල් යාම සඳහා බෝඩිම් පාසලකට යන තුරුම පූ සමඟ වනයේ කාලය ගත කරනු ලැබුවා.

1930 දී Stephen Slesinger විසින් “Winnie-the-Pooh” වෙළඳ නාම අයිතිය ලබාගන්නවා. ඒ ඩොලර් 1000 ක අත්තිවාරමකට සහ අදායමෙන් 66% ක මුදලකටයි. මේ අතියිය ඇමරිකාව සහ කැනඩාව තුල වෙළඳ බඩු වලට, පටිගතකිරීම් වලට සහ රූපවාහිනිය සඳහා විය. 1931 නොවැම්බර් වන විට පූ වසරකට ඩොලර් මිලියන 50 ක ව්‍යාපාරයක් බවට පත් වූවා. ස්ටෙෆන් විසින් වසර 30 කට වඩා පූ ගේ වෙළඳ නාම අයිතිය හිමිව සිටියා. මේ කාලයේ පළමු පූ ටෙඩී බෙයාර් නිර්මාණය කරනු ලැබුවා. එමෙන්ම පටිගත කිරීම්, පුවරු ක්‍රීඩා, ප්‍රෙහේලිකා, ගුවන්විදුලි විකාශන, ඇනිමේෂන් නිර්මාණ සහ චලන සිනමාපට නිර්මාණය වූවා. 1924 සිට කලුසුදු පැහැයෙන් නිර්මාණය වූ පූ 1932 දී මුල්වරට වර්ණ ගන්වනු ලැබුවා. ඒ ස්ටෙෆන් ස්ලෙසින්ගර් විසින්. මෙහිදී ඔහු පූ ගේ කමිසය රතු පැහැයෙන් නිර්මාණය කරනවා. එය කෙතරම් සාර්ථකද යත් අදටත් පූගේ කමිසය පැමිණෙන්නේ රතු පැහැයෙන් ය. 1933 දී පළමු පූ ක්‍රීඩාවක් ද රතු කමිසය සහිතව පැමිණෙන අතර 1940 දී රතු පැහැය සහිත පළමු සේද ටෙඩී නිර්මාණය වනවා. 1953 දී ස්ලෙසින්ගේ මරණයෙන් පසු ඔහුගේ බිරිඳ පූ ගේ කටයුතු කළ අතර ඇය 1961 දී තමන්ට කතෘභාගයක් තබාගෙන වෝල්ට් ඩිස්නි ආයතනයට පූගේ බලපත්‍ර ලබා දෙන අතර එම වසරේම Milne ගේ වැන්දබු බිරිඳ විසින් ඩිස්නි හට පූ ගේ සම්පූර්ණ අයිතිය ලබා දෙනවා. එයට චලන සිනමාපට අයිතිය පවා ඇතුලත් වූවා. මෙයින් පසුව ඩිස්නි විසින් 1966 සිට පූ පාදක කරගත් නිර්මාණ එළිදක්වනට පටන් ගනු ලැබුවා.

තිසර නියෝ සහෝ, ඔයාට බොහොම ස්තුතියි අපහසු වෙලාවක වුණත් පූගේ පටන්ගැන්ම ගැන ඉහළ තියෙන බොහොම වටිනා තොරතුරු සහිත ලිපිය ලියලා එවන්න එක පයින් කැමති වුණාට.

තව දෙයක්, ඔයාලට මතකද දන්නෙ නෑ යාළුවනේ පහුගිය අවුරුද්දේ නිකුත් වුණ Goodbye Christopher Robin (2017) චිත්‍රපටය. කැමතිනම් ඔයාලා ඒකත් නරඹන්න. කොහොමද විනී ද පූ කියන චරිතය ඉපදෙන්නේ, මොනවද ඒ සඳහා පසුබිම් වුණු කරුණු සහ ඒ පසුපස තිබුණු සුන්දර වගේම ඇතැම්විට කටුක අද්දැකීම් අපිට ඒ චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන් වුණා. මේ චිත්‍රපටය ගැන කතා කරද්දි, ක්‍රිස්ටොෆර් රොබින් කියන්නේ විනී ද පූ කියන ටෙඩී වළසා, ටිගර් නම් කොටියා, ඊයෝ නම් කම්මැලි බූරුවා, පිග්ලට් නම් ඌරු පැටවා, රැබිට් නම් හාවා, අව්ල් නම් බකමූණා, එතකොට කැන්ගා සහ රූ කියන කැන්ගරුන් දෙන්නා සමග එකට සෙල්ලම් කරමින් බොහොම සැහැල්ලුවෙන් සහ ඉතාමත් විනෝදකාමීව ⁣ජීවත් වෙන කට්ටියක්. මේ සත්තු ටික සෙල්ලම්බඩු වගේ නමුත් පණ තියෙන අය. මෙයාලා ජීවත් වෙන්නේ ගහක තියෙන රහස් දොරින් ඇතුළු වුණාම තියෙන අක්කර සීයේ වනාන්තරයේ. මේ විදිහට කාලය ගත වුණා. විනෝදය, සැහැල්ලුව හමාරයි. කාලයත් එක්ක ක්‍රිස්ටොෆර්ට සිද්ධ වෙනව, දෙමාපියන් කියන නිසා නගරයේ ලොකු බෝඩිං පාසලකට ඒ කිව්වේ, නේවාසික පාසලකට යන්න. ඉතින් ඔහු යනවා. ඉතින් පූ ඇතුළු අනිත් යාලුවො ඉන්නෙ හරිම දුකින් සහ කම්මැලිකමින්. දැන් ක්‍රිස්ටොෆර් වැඩිහිටියෙක්. ඔහුට බලා කියාගන්න දැන් බිරිඳක් සහ දියණියක් ඉන්නවා. ලන්ඩනයේ බෑග් නිපැයුම් ආයතනයක ඔහු නිපුණත්ව කලමණාකාරවරයෙක් වශයෙන් සේවය කරනවා.

දිනක පූ නින්දකින් අවදි වෙන දසුනක් පෙන්වනවා. ඔහුගේ මිතුරන් සියල්ලක්ම අතුරුදන්… එයාලා කෝ, එයාලව හෙෆාලම්ප් හෝ වූසල් කියන (මනක්කල්පිත) භයානක සත්වයෙක්ගේ ගොදුරක්වත් වුණාද? පූගේ මනසට උභතෝකෝටික ප්‍රශ්ණ මතු වුණා. පූ තීරණය කරනවා, ඔහුගේ යාළුවන්ව සහ ක්‍රිස්ටොෆර් රොබින් හොයාගෙන යන්න… මොනව වෙයිද? පූට පුලුවන් වෙයිද තමන්ගේ යාළුවන්ව හොයාගන්න? බලමු මේ චිත්‍රපටය ඒ සඳහා පිළිතුරු දැනගන්න.

මෙහි අධ්‍යක්ෂණය Marc Forster විසින් සිදු කර ඇති අතර, ඉතාමත් ජනප්‍රිය Ewan McGregor ක්‍රිස්ටොෆර් ලෙසත්, Hayley Atwell ඔහුගේ බිරිඳ, එව්ලින් ලෙස සහ Bronte Carmichael ඔවුන්ගේ දියණිය, මැඩලින් ලෙසත් අපූරු රංගනයක නිරත වී තිබුණා. 2011 වසරේ නිකුත් වුණු විනී ද පූ කාටූන් චිත්‍රපටය බැලුවනම් මේ චිත්‍රපටයේ පූගෙ කටහඬ හොඳට අහලා පුරුදු ගතියක් දැනේවි. මොකද එහි හඬකැවීම කර තිබුණු Jim Cummings විසින්මයි. 2018 අගෝස්තු 3 වෙනිදා පළමුවරට මෙය තිරගත වුණා. කියන්නම ඕණෙ මේක මම බලපු හරිම ලස්සන කතාවක් සහිත චිත්‍රපටයක්. මුලින් බලාපොරොත්තු වුණාට වඩා වැඩි දෙයක් මට මේකෙන් පුද්ගලිකව දැකගන්න පුලුවන් වුණා. මේ කතාව බලද්දි ඔයාලට නොඅඩුව හිනා වෙන්න පුලුවන් වෙයි. මේක ඉතා අවධානෙන් බලද්දි ඔයාලත් සංවේදීනම් ඔයාලාගේ ඇස් වලට කඳුලු ⁣එයි කියලා මම හිතනවා.

මේ චිත්‍රපටයට උපසිරස කරන්න ඉල්ලුවත් කලින් වෙන කෙනෙක් භාරගෙන තිබීම නිසාවෙන් ආසාව හිතෙන් අත් ඇරගෙන තිබුණත් බලාපොරොත්තු නොවුණු මොහොතක ආපහු මටම මේක කරන්න භාරගන්නට හැකියාව ලැබුණා. ඒ වෙනුවෙන් චාමර සම්පත් සහෝදරයට ස්තුති කරනවා.

හැමෝටම ආරාධනා කරනවා නිවාඩු දවසක් අල්ලලා පවුලේ හැමෝම එක්ක මේ චිත්‍රපටය බලලා විනෝද වෙන්න කියලා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

7,520 downloadsDownload Christopher-Robin-2018.zip68 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/S-lashen-Pic-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,520 downloadsDownload Subtitles68 KB

51 comments

  1. bgiprasad

    Thnx bro. Mile 22 ekata sub denawda

  2. gihan perera

    ස්තුතියි සහෝ....බැලුවේ ඇයි මේක පරක්කු කියලා....දිගටම උපසිරැසි කරන්න සහෝ....ජය වෙිවා....

  3. Sherlock holmes

    elama thanks මෙන්න බානව.. :-)

  4. Hashan M. Priyadarshana

    Thank you sub ekata bro..
    Jaya wewa!

  5. Ravindu Rukshan

    Thx

  6. Nilush Angana

    Sub ekata thanx

  7. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  8. Sajmadu

    Ela.

  9. dumindu_kanchana

    oya film eka baiscope download ekta thama dala naneee.....
    ikmanata website ekta film eka daavi kiyala balaporoththu venawa.........

  10. Bomilapiyumal

    ☺

  11. chandika1975

    thank you for subtitle

  12. Sandeepmadushan

    Thanx saho sub ekata

  13. Thisara Neo

    සබට තුති මලේ... ඉක්මනටම බලන්න ඕනෑ

  14. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතිසි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  15. Tharaka

    THANKS........................

  16. nipun sachira

    Dhadak 2018 movie sinhala sub plz

  17. Kanchaka

    Thanks bro

  18. vas0303

    Thank you so muck bro

  19. Shan

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. ;)
    ජයවේවා!

  20. Lahiru_sankalpa

    Thankz bro

  21. Kulanjana Maduranga

    subata thanks saho...

  22. RandiS

    Thanks bro

  23. Thilankadissanayake

    ජය වේවා සහෝ.

  24. thanujamilandi

    Thank you sub ekata lassana kathawak

  25. Kingdomd

    Thanks

  26. salani

    thank you :)

  27. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සබ් එක එනකම් බලන් හිටියේ...

  28. suchroxx

    Thanks Bro

  29. Dave

    Thanx broh

  30. Deshani

    thank you

  31. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.......!

  32. Eranda Malith 2.0

    Thank u bro sub ekta

  33. futureomega

    sub ekata thanks bro

  34. MadhuBandara

    thank u yaluwa...

  35. aks

    Thanks...

  36. nalin.kumara0510

    Thanks bro good luck.

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  39. sasala

    thanks

  40. Haashan Dhanushka

    thnxxxxxxxxxxxxxxxxxxxxxx

  41. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!

  42. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  43. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  44. gayanmagee

    thanks

  45. wcr

    Thank you!

  46. chathuradinesh

    TNxx

  47. IreshSampath

    thanks

  48. Supun shanika

    ස්තූතියි සහෝදරයා ජයවේවා

  49. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  50. Chandimal Kariyapperuma

    Loved it. Thanks for the subtitles. Keep up the good work.

Load more comments