Honey (2026) Sinhala Subtitless මේක වෙන්නේ මෙහෙමයි. චිත්‍රපටය පටන් ගන්නේ නොසිතු මොහොතක මාට්ටු වෙච්ච සිද්ධියකින්. ඒ කියන්නේ තමන් වැඩ කරන තැනේ ලාච්චුවේ යම් කිසි අමුතු දෙයක් දාලා ඒක මාට්ටු වෙලා ඒ ආයතනයේ අයගෙන් ගුටි කන්න වෙන තැනකින්. මේ ගුටි කන කෙනා තමයි ආනන්ද්. ඉතින් ගුටිත් කාලා රස්සාවත් නැති කරගෙන ගෙ…

මේක වෙන්නේ මෙහෙමයි. චිත්‍රපටය පටන් ගන්නේ නොසිතු මොහොතක මාට්ටු වෙච්ච සිද්ධියකින්. ඒ කියන්නේ තමන් වැඩ කරන තැනේ ලාච්චුවේ යම් කිසි අමුතු දෙයක් දාලා ඒක මාට්ටු වෙලා ඒ ආයතනයේ අයගෙන් ගුටි කන්න වෙන තැනකින්. මේ ගුටි කන කෙනා තමයි ආනන්ද්. ඉතින් ගුටිත් කාලා රස්සාවත් නැති කරගෙන ගෙදර එද්දී කාලයාගේ ඇවෑමෙන් ආනන්ද් යන්ත්‍ර මන්ත්‍ර සහ අද්භූත ශාස්ත්‍රයන් විශ්වාස කරන්න පටන් ගන්නේ තමන්ටත් තමන්ගේ පවුලේත් ඇතිවෙච්ච මේ ආර්ථික අර්බුදයට විසදුමක් හොයන අටියෙන්. (හැබැයි මේක එයා කාලෙක ඉදන් කරන වැඩක්.) හැබැයි මේ වැඩ හින්දම තමන්ට ඉන්න ඉඩ දීපු ගෙදරිනුත් යන්නම වෙන තැනට පත් වෙනවා. ඉතින් මේ වැඩේ කොච්චර දුරදිග යනවද කියලා කිව්වොත් මේකට තමන්ගේ පවුලේ අයවත් මේ වැඩේට සම්බන්ධ කරවනවා.. මෙතනින් එහාට මොකක්ද වෙන්නේ? මොකක්ද මේ වැඩේ? ෆිල්ම් එක බලන්නකෝ. තේරෙයි.
මතකද ශම්භාලා? ඉතින් හොරර් මගේ ආසම ජෙනර් එක නිසාම මේ පාර 2026 අවුරුද්දේ නිකුත් වෙච්ච හොරර් ෆිලුමකට සබ් එකක් ගේන්න මං කල්පනා කළා. ඉතින් හොයද්දි තමයි මේක අහුවුනේ. රේටින් ගැන හිතන්නේ නැති කෙනෙක්ට නම් මේක හොද ෆිල්ම් එකක් වෙයි ඈ. ඒක කියන්න එපැයි.
අනිත් දේ මං ගොඩක් කාලෙක ඉදන් බලන් ඉදපු ෆිල්ම් එකක් තමයි මේ..
එහෙනම් යමුකෝ විස්තරේට.
මේකේ නම Honey. හැබැයි නම ඇතුලේ නම් ටිකක් අද්භූතයි කියලා ෆිල්ම් එක බැලුවම තේරේවි. 2026 පෙබරවාරි 6 වෙනිදා නිකුත් කරපු මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය සහ රචනය කරුණා කුමාර්ගෙන්. සුධිර් බාබු රගපාපු ‘ශ්‍රීදේවි සෝඩා සෙන්ටර්’ (Sridevi Soda Center) ෆිල්ම් එක මතක නම් ඒ වැඩේ කලේ මෙන්න මේ අධ්‍යක්ෂකවරයා. නිෂ්පාදනය රවී පීට්ලා සහ ප්‍රවීන් කුමාර් රෙඩ්ඩිගෙන්. සංගීතය අජේ අරසදාගෙන්. මේක අයිති වෙන්නේ Psychological / Horror / Thriller ගණයට. මේකේ ධාවන කාලය පැය 1යි විනාඩි 58ක්.
රංගනයෙන් නවින් චන්ද්‍රාට අමතරව, මලයාලම් නිලි දිව්‍යා පිල්ලෙයි, දිවි වද්ත්‍යා, රාජා රවින්ද්‍රා සහ ජයනී යන අය රංගනයෙන් දායක වෙනවා.
* සැ.යූ: මේ චිත්‍රපටය A රේටඩ් චිත්‍රපටයක්. ඒ කියන්නේ වැඩිහිටියන්ට පමණයි බලන්න පුළුවන්. මොකද පොඩි ළමයි එක්ක මේක බලන්න හිතන්නවත් එපා. මොකද සමහරක් දර්ශන මටවත් බලන්න බෑ. 🥺🥺
රේටින් ගත්තොත් IMDB දර්ශකය 6.5/10ක් හිමිකරගන්නවා.
මේකේ OTT ගැන කිව්වොත් පෙබරවාරි 27 වෙනිදා මුලින්ම Amazon Prime Video හරහාත් ඒ හා සමගාමිව එදාම SUN NXT වලින්ම මේ චිත්‍රපටයේ OTT නිකුත් කරනවා. මේක ශම්භාලා වගේම දින 21ක් (සති තුනක්) පමණයි තිරගත වෙලා තියෙන්නේ.
* පුළුවන් නම් කමෙන්ටුවක් දාගෙනම යන්න.මොකද ඔයාලගේ කමෙන්ටුව අපිට කරන දිරිගැන්වීමකට හා සමානයි. මොකද මං දන්නා සමහර උපසිරැසිකරුවන් දැන් මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ නැත්තේ ඔයාලගේ දිරිගැන්වීම නැති හින්දම. මට වුනත් කමෙන්ට් නැතිනම් කරන්න හිතෙන්නේ නෑ. ඒ හින්දා කමෙන්ටුවක් දාගෙනම යන්ඩ ඈ.
එහෙනම් තව සබකින් ආයේ හමුවෙමු. සුබ දවසක්!
Honey (2026) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
986 downloadsDownload Honey-2026.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඕෂද එරංග (Era Boy)” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2025-12-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Honey (2026) Sinhala SubtitlesSubtitles by
ඕෂද එරංග (Era Boy)
Subtitles
- #2025
- #Drama
- #Editor's Pick
- #Honey (2026) Sinhala Sub
- #Honey (2026) Sinhala Subtitless
- #Honey Sinhala Sub
- #Honey Sinhala Subtitles
- #malayalam
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #ඕෂද එරංග (Era Boy)
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
chamara
Oshada Eranga
ගොඩක්ම පින් බොසා.. ❤️
Nipuna rumesh
ස්තූතියි මචන් සබ් එකට ❤️
Buddhika laKMal
බොහෝම ස්තූතියි ඕෂද සහෝ උපසරැසියට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අපේ දිරිගැන්වීම නැති හින්දම තමා සබක් හදන්න හිතෙන්නේ නැත්තේ., අයි මැසේජ් එකක් දන්නා බැරි, කාලය කැප කරන් අපි වෙනුවෙන් නොමිලේ දෙන දේ නැති කරගන්න එපා, හැමෝටම කියන්නේ කලින් වගේ කමෙන්ට් එකක් දාන්න . කාට වුනත් කමෙන්ට් නැතිනම් කරන්න හිතෙන්නේ නෑ, ඒක ඇත්ත ඒ හින්දා අපි වෙනුවෙන් සබ හදන හැමෝටම ජය වේවා. සුභ.