Watch Trailer

Ondu Sarala Prema Kathe (2025) Sinhala Subtitles | එක සරල ප්‍රේම කතාවක් [සිංහල උපසිරස]

Ondu Sarala Prema Kathe (2025) Sinhala Subtitles කන්නඩ සිනමාවෙන් එන රොමෑන්ටික් ෆිල්ම්ස් වලට ලංකාවේ අපේ අය මාර කැමතියිනේ. මේකත් අන්න ඒ වගේ, නම වගේම හරිම “සරල ආදර කතාවක්”. හැබැයි මේ සරල කතාව ඇතුලේ ලස්සන මියුසිකල් ට්විස්ට් එකක් තියෙනවා. මේ කතාවේ වීරයා තමයි “අතිශයි” (Atishay). මෙයාගේ එකම හීනය තමයි කවදා…

Ondu Sarala Prema Kathe (2025) Sinhala Subtitles

කන්නඩ සිනමාවෙන් එන රොමෑන්ටික් ෆිල්ම්ස් වලට ලංකාවේ අපේ අය මාර කැමතියිනේ. මේකත් අන්න ඒ වගේ, නම වගේම හරිම “සරල ආදර කතාවක්”. හැබැයි මේ සරල කතාව ඇතුලේ ලස්සන මියුසිකල් ට්විස්ට් එකක් තියෙනවා. මේ කතාවේ වීරයා තමයි “අතිශයි” (Atishay). මෙයාගේ එකම හීනය තමයි කවදාහරි ලොකු මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් වෙන එක. අතිශයිට කෙල්ලෝ ගැන තියෙන්නේ අමුතුම බලාපොරොත්තුවක්. එයා හොයන්නේ ලස්සන රූපයක් තියෙන කෙල්ලෙක්ව නෙමෙයි, එයාගේ හදවතේ රිද්මයට ගැළපෙන “කටහඬක්” තියෙන කෙල්ලෙක්ව. දවසක් එයාට ඒ හීන මැව්ව කටහඬ ඇහෙනවා! එයා හිතනවා ඒ කටහඬ අයිති “මධුරා” කියන ගායිකාවට කියලා. ඉතින් එයා මධුරා පස්සේ යනවා. මේ අතරේ අතිශයිගේ ගෙදරම ඉන්නවා “අනුරාගා” (අනු) කියලා මාධ්‍යවේදිනියක්. එයා ගොඩක් සීරියස්, රටේ ප්‍රශ්න ගැන කතා කරන කෙනෙක්. අතිශයි ඒ කටහඬ පස්සේ යන ගමනට අනුත් සම්බන්ධ වෙන්නේ කොහොමද? ඇත්තටම අතිශයි හොයන කටහඬේ අයිතිකාරයා කවුද? මේක මියුසිකල් ෆිල්ම් එකක් නිසා සින්දු ටික නම් පට්ටම ලස්සනයි. අතිශයිගේ පවුල මාරම ආතල්. යූටියුබ් කුකින් චැනල් එකක් කරන “ආච්චි” කෙනෙක්, පුතාට අරන් දෙන ඉලෙක්ට්‍රික් ස්කූටරේ උස්සන් යන තාත්තා කෙනෙක් ඉන්න පවුලක් මේක. ඒ සීන් වලට බඩ රිදෙන්න හිනා වෙන්න පුළුවන්. කිසිම බරක් පතලක් නැතුව, ලස්සන ආදර කතාවක් බලලා හිත නිවාගන්න ඕනි අයට මේක නියම ෆිල්ම් එකක්. අන්තිමට අතිශයිට එයාගේ හදවතේ තාලෙට හරියන කෙල්ලව ලැබෙයිද කියලා දැනගන්න නම්, මේ ලස්සන කන්නඩ චිත්‍රපටය බලන්නම වෙනවා!  Ondu Sarala Prema Kathe (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,006 downloadsDownload Ondu-Sarala-Prema-Kathe-2025.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශික ජයන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-12-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Ondu Sarala Prema Kathe (2025) Sinhala Subtitles

Subtitles by

දේශික ජයන්ත

Subtitles

1,006 downloadsDownload Subtitles53 KB

1 comment

  1. Isuru

    Supiri