Peaky Blinders: The Immortal Man (2026) Sinhala Subtitles දෙවන ලෝක යුද්ධයේ බෝම්බ ප්‍රහාර හමුවේ ගිනිගන්නා බර්මින්හැම් නගරය… කවුරුත් ආදරය කළ ඒ සුප්‍රසිද්ධ ‘පීකී බ්ලයින්ඩර්ස්’ කල්ලියේ නායකයා, ටොමී ෂෙල්බිගේ අවසන් සටන රැගත් “Peaky Blinders: The Immortal Man” සිනමාපටය සමග ඔයාලා හමුවට පැමිණෙනවා. රූපවාහිනී…

Peaky Blinders: The Immortal Man (2026) Sinhala Subtitles
දෙවන ලෝක යුද්ධයේ බෝම්බ ප්‍රහාර හමුවේ ගිනිගන්නා බර්මින්හැම් නගරය… කවුරුත් ආදරය කළ ඒ සුප්‍රසිද්ධ ‘පීකී බ්ලයින්ඩර්ස්’ කල්ලියේ නායකයා, ටොමී ෂෙල්බිගේ අවසන් සටන රැගත් “Peaky Blinders: The Immortal Man” සිනමාපටය සමග ඔයාලා හමුවට පැමිණෙනවා. රූපවාහිනී කතාමාලාවකින් ඔබ්බට ගොස් දැවැන්ත සිනමා නිර්මාණයක් ලෙස තිරයට එන මෙය, අපරාධ ලෝකයේ රජෙකුගේ හුදකලාව, පශ්චාත්තාපය සහ ලේ ඥාතීකම් අතර සිදුවන දරුණු ගැටුමක් මනාවට නිරූපණය කරනවා.
අතීතයේ තමන් අතින් සිදුවූ පව් සහ තමන්ට අහිමි වූ ආදරණීයයන්ගේ (රූබී සහ ආතර්ගේ) මතකයන්ගෙන් දැඩි ලෙස පීඩා විඳින ටොමී ෂෙල්බි, මේ වන විට සමාජයෙන් සම්පූර්ණයෙන්ම හැංගී හුදකලා ජීවිතයක් ගතකරනවා. තමන්ගේම අවතාර වලින් වටවී තමන්ගේ අතීතය ගැන පොතක් ලියමින් සිටින ඔහු අපේක්ෂා කරන්නේ සාමකාමී මරණයක් පමණයි. නමුත් ලෝකය ඔහුව එලෙස අත්හරින්නේ නැහැ. ටොමීට ආයෙමත් ඒ අඳුරු ලෝකයටම පය තියන්න සිද්ධ වෙනවා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි, පීකී බ්ලයින්ඩර්ස් කල්ලියේ නව නායකයා බවට පත්වෙලා ඉන්න ඔහුගේම පුතා, ‘ඩියුක්’ නිසා.
තමන්ගේ බලය පෙන්වන්නට උත්සාහ කරන ඩියුක්, බ්‍රිතාන්‍යය අරාජික කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන නාසි සහ ෆැසිස්ට්වාදීන්ගේ රහසිගත මුදල් ජාවාරමකට සම්බන්ධ වෙනවා. මේ මුරණ්ඩු තීරණය නිසා ටොමීගේ ආදරණීය සහෝදරිය වන ඒඩාටත් ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවෙනවා. එතැන් පටන් ආරම්භ වෙන්නේ ලේ ඥාතීකමට වඩා ප්‍රතිපත්ති සහ පළිගැනීම වෙනුවෙන් පියෙකු සහ පුතෙකු අතර සිදුවන අතිශය දරුණු සහ හැඟීම්බර සටනක්. ලිවර්පූල් වරායේ මධ්‍යම රාත්‍රියේ සිදුවන ඒ අවසන් ගැටුම ප්‍රේක්ෂකයාගේ ඇස ගැටෙන වඩාත් උද්වේගකර අවස්ථාව විදිහට ගෙන එන්න පුලුවන්.
සුපුරුදු පරිදි Cillian Murphy ගේ අතිවිශිෂ්ට රංගනයෙන් හැඩවෙන ටොමී ෂෙල්බිගේ චරිතයත්, පියාගේ ආදරය නොලැබූ වෛරක්කාරී පුත්‍රයා ලෙස Barry Keoghan ගේ රංගනයත් චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ෂකයා කුතුහලයෙන් බැඳතබා ගන්නවා.
වීරයෙකු සහ මෘගයෙකු අතර දෝලනය වන ටොමී ෂෙල්බිගේ මෙම අවසන් පරිච්ඡේදය අද බයිස්කෝප් වෙතින් නරඹමු.
මේ උපසිරැසියට අදාල වීඩියෝ පිටපත අපේ ටෙලිග්‍රෑම් සමූහයෙන් ගන්න පුලුවන්.
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා අදාළ වේ.
5,428 downloadsDownload Peaky-Blinders-The-Immortal-Man-2026.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Peaky Blinders: The Immortal Man (2026) Sinhala Subtitles
Subtitles by
යසිරු හසරංග
Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Peaky Blinders: The Immortal Man (2026) Sinhala Sub
- #Peaky Blinders: The Immortal Man (2026) Sinhala Subtitles
- #Peaky Blinders: The Immortal Man Sinhala Sub
- #Peaky Blinders: The Immortal Man Sinhala Subtitles
- #Sinhala Subtitles
- #Subtitles
- #යසිරු හසරංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
imesh
Buddhika laKMal
තෑන්ක්ස් මචං සබ්එකට
Anonymous
Tank you very much....!
Advertisement

thank you sub ekata