සුභ දවසක් ඔබ සියළු දෙනාට. මේක මගේ 10 වෙනි සබ් එක. මං අන්තිමට සබ් එකක් දුන්නෙ මීට මාස 3කට විතර කලින්. පහුගිය ටිකේ හරියට වෙලාවක් නොතිබුණ නිසා සබ් එකක් කරන්න අවස්තාවක් ලැබුනෙම නෑ. අන්තිමේදි කොහොම හරි මේ ෆිල්ම් එක වෙනුවෙන් සබ් එකක් හැදුවා. මේ වතාවේ මා රැගෙන ආවේ ළමා චිත්‍රපටයක්. කුඩා ළමයින්ට නම් මෙය නරඹ…

සුභ දවසක් ඔබ සියළු දෙනාට. මේක මගේ 10 වෙනි සබ් එක. මං අන්තිමට සබ් එකක් දුන්නෙ මීට මාස 3කට විතර කලින්. පහුගිය ටිකේ හරියට වෙලාවක් නොතිබුණ නිසා සබ් එකක් කරන්න අවස්තාවක් ලැබුනෙම නෑ. අන්තිමේදි කොහොම හරි මේ ෆිල්ම් එක වෙනුවෙන් සබ් එකක් හැදුවා. මේ වතාවේ මා රැගෙන ආවේ ළමා චිත්‍රපටයක්. කුඩා ළමයින්ට නම් මෙය නරඹලා ගොඩක් විනෝද වෙන්න පුළුවන් වේවි. ළමා චිත්‍රපටයක් උනත් මේ චිත්‍රපටය වයස් භේදයකින් තොරව පවුලෙ හැමෝටම එකට රස විඳින්න පුළුවන් එකක්. මෙය Scince fiction / Adventure වර්ගයට අයත් වෙන චිත්‍රපටයක්.
මෙය තිරගත උනේ 1989දි. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නෙ ප්‍රකට Walt Disney Pictures සමාගම විසින්. අධ්‍යක්ෂනය කර තිබෙන්නෙ Joe Johnston විසින්. සංගීතය නිර්මාණය කර තිබෙන්නෙ James Horner විසින්. Rick Moranis, Maria Strassman, Matt Frewer යන නළු නිළියන් මෙයට රංගනයෙන් දායක වී තිබෙනවා. මේ චිත්‍රපටය ඇමරිකන් ඩොලර් මිලියන 222ක ඉහල ආදායමක් උපයමින් 1989 වර්ෂය තුළ 7 වෙනියට වැඩිම ආදායමක් ඉපයු චිත්‍රපටය බවට පත් වී තිබෙනවා. මේ චිත්‍රපටය ලැබු සාර්තකත්වය නිසාම පසුකාලීනව මෙය පාදක කරගෙන තවත් චිත්‍රපට 2ක් නිර්මාණය වී තිබෙනවා. ඒ Honey, I Blew Up the Kid (1992) / Honey, We Shrunk Ourselves (1997) යන නිර්මාණයි. මෙය ලබා ඇති IMDB අගය 6.3 ක්. මීට වසර කිහිපයකට පෙර මේ චිත්‍රපටය රෑපවාහිණිය ඔස්සෙ විකාෂණය උනා වගේ මතකයකුත් තියෙනවා.
දැන් මං මෙහි කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්. මේ චිත්‍රපටය ගොඩනැගී තිබෙන්නෙ එකිනෙකාට අල්ලපු ගෙවල් 2ක වාසය කරන පවුල් 2ක් වටායි. මේ පවුල් 2ටම දරැවන් දෙදෙනා බැගින් ඉන්නවා. එක් පවුලක පියා විද්‍යාඥයෙක්. ඔහු නව සොයාගැනීම් සිදු කරන කෙනෙක්. මොහු විසින් හරිම අපූරැ යන්තරයක් නිපදවනවා. ඒ යන්තරයට පුළුවන් පදාර්තය හකුලවන්න. නමුත් යම් කිසි අඩු පාඩුවක් නිසා ඒ යන්ත්‍රය හරි හැටි ක්‍රියාත්මක කරගැනීමට ඔහුට හැකියාවක් ලැබෙන්නෙ නෑ. නමුත් නොසිතු අවස්තාවක අහම්බෙන් සිදුවන වෙන වැඩක් නිසා මේ යන්ත්‍රය හදිස්සියේම ක්‍රියාත්මක වෙනවා. එහි ප්‍රතිපලයක් විදියට මේ පවුල් 2හි සිටින ළමයින් 4දෙනාට මුහුණ දෙන්නට සිදුවන්නෙ හරිම අපූරැ අත්දැකීමකට. ඉතිං එයාලා මේ අත්දැකීමට මුහුණ දෙට හැටි තමා මේ චිත්‍රපටය තුළින් නිරෑපණය වෙන්නෙ. මෙය ළමා චිත්‍රපටයක් උනත් මං මේ චිත්‍රපටයට ගොඩක් කැමතියි. ඒ නිසාමයි මේකට සබ් එකක් හැදුවෙත්. ඒ වගේම මේ චිත්‍රපටය ධාවනය වන විනාඩි 93 කාලය පුරාවටම ඔයාලට ගොඩක් විනෝදෙන් මෙය නරඹන්නට හැකිවේවි. ඒ වගේම මං සබ් එක කරන්න යොදාගත් 641 MB ප්‍රමාණයේ 720p කොපියත් කොලිටියෙන් ගොඩක් හොඳ මට්ටමක තිබෙනවා. ඉතිං තවත් උපසිරසක් සමගින් හමුවන බලාපෙරොත්තුවෙන් දැනට මං සමුගන්නම්. ඔබ සැමට ජයෙන් ජය පතමි!
Due to copyright issues, we do not provide any torrent links.
Honey, I Shrunk the Kids.1989.720p.WEBRip.x264.-RDLinks ( 641 MB)
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
774 downloadsDownload Honey-I-shrunk-the-kids-.1989.Baiscopelk.com_.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
James DC
Subtitles
8 comments
අසිත
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......===Help Shrunk the Family (2016) ෆිල්ම් එකටත් පුළුවන් නම් සබ් දෙන්න.===
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ................good luck ...............
MAALnath
Thanks ................good luck ...............
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Help Shrunk the Family (2016) ෆිල්ම් එකටත් පුළුවන් නම් සබ් දෙන්න.
මේක හුගක් ජනප්‍රිය ෆිල්ම් එකක් උනත් බලන්න හිතුනේ නෑ....
ස්තුතියි සබට.....
ජය වේවා!!!