ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මගේ අසු පස් වන උපසිරසියත් අරගෙන ආවා. මේ චිත්‍රපටය මගේ උපසිරසි වලට නිතරම කමෙන්ට් කරන වෙබ් බුවා කියන යාළුවාගේ ඉල්ලීමක්. මෙතන ඉඳල ඉදිරි චිත්‍රපට පහක් විතර මේ විදියට ඔයාලගේ ඉල්ලීම් අනුව අරන් එන්න තමා හිතන් ඉන්නේ. ඉස්සෙල්ලම කියන්න ඕන මම මේ චිත්‍රපටයේ ඉන්න කිඹුල් විශේෂ…

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මගේ අසු පස් වන උපසිරසියත් අරගෙන ආවා. මේ චිත්‍රපටය මගේ උපසිරසි වලට නිතරම කමෙන්ට් කරන වෙබ් බුවා කියන යාළුවාගේ ඉල්ලීමක්. මෙතන ඉඳල ඉදිරි චිත්‍රපට පහක් විතර මේ විදියට ඔයාලගේ ඉල්ලීම් අනුව අරන් එන්න තමා හිතන් ඉන්නේ. ඉස්සෙල්ලම කියන්න ඕන මම මේ චිත්‍රපටයේ ඉන්න කිඹුල් විශේෂය ඇලිගේටරයන් ලෙස හඳුන්වලා තිබුනත් සමහර වෙලාවට ඔයාලට කිඹුල්ලු වගේ පෙනේවි. ඔයාල දන්නවා මේ දෙගොල්ලා අතරේ පොඩි වෙනසක් තියනවා කියල. ඉතින් මම ඇලිගේටරයන් ලෙස හැඳින්වූවේ චිත්‍රපටයේ නිර්මාපකයන්ද එහෙම හඳුන්වා දී ඇති හින්දා. ඒ වගේම මේ චිත්‍රපටය කේබල් රුපවාහිනී නාලිකා වෙනුවෙන් නිර්මාණය කරන ලද චිත්‍රපටයක් හින්ද ඔයාලට ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ තියෙන විදියේ රූපරාමු දක්නට ලැබෙන්නේ නැ. ඒ උනත් චිත්‍රපට කතාවට සාධාරණයක් වෙන්න රූපරාමු තියනවා කියල කියන්න පුළුවන්. මෙම චිත්‍රපටය Action, Horror, Sci-Fi වර්ගයට අයිතිවෙන අතරේ IMDb අගය 3.0 ක් අරන් තියනවා.
කතාව පටන් ගන්නේ වගුරු බිමක් ආශ්‍රිත වන උද්‍යානයක සිටින ඇලිගේටර ගහනය සීග්‍රයෙන් අඩුවීමත් එක්ක. නිලධාරින් හිතන්නේ ඒ දඩයක්කාරයන් හින්ද වෙන එකක් කියල. පස්සේ තමා දැන ගන්න ලැබෙන්නේ ඒ දෙය වෙන්නේ විශාල පිඹුරු වර්ගයක් විසින් ඇලිගේටරයන් මරාදැමීම හින්ද කියල. ඉතින් ඒකට විසදුම විදියට පිඹුරන් මරාදැමීම පටන් ගන්න අතරේ පිඹුරන්ට එරෙහිව සටන් වදින්න ලොකු කිඹුල්ලු වර්ගයක් ගේන්නත් උත්සාහ කරනවා. පස්සේ පිඹුරන් වගේම ඇලිගේටරයන් නගරයටත් ඇතුල්වෙනවා. ඉතින් පිඹුරන් මරා දාන්න පුළුවන් ද නැත්නම් ඇලිගේටරයන්ට මොකද වෙන්නේ කියල දැනගන්න ඔයාලට චිත්‍රපටය බලන්නම වෙනවා.
ඊළඟට මම දෙන්නේ නිලන්ත සහෝදරයාගේ ඉල්ලීම. ඉතින් ඒකත් අරගෙන ඉක්මනට එන්න බලන්නම්. ඔයාලගේ අදහස් සහ යෝජනා මට කියන්න අමතක කරන්න එපා.
බුදු සරණයි….!
Due to copyright issues, we do not provide any torrent links.
Mega.Python.Vs..Gatoroid.2011.720p.BluRay.x264-[YTS.AG]
Mega.Python.Vs..Gatoroid.2011.720p.BluRay.x264-[YTS.PE]
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
864 downloadsDownload Mega.Python.Vs_..Gatoroid.2011.Baiscopelk.com_.zip117 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
16 comments
අසිත
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Web-බුවා
පට්ටයි සහෝ! මේක බාගෙන හිටියත් බැලුවේ නෑ. මොකද ඔබතුමා යමක් කිව්වොත් ඒක නිකං කිරි ගහට ඇන්නා වගේ වෙන බව හොදාකාරවම දන්නා නිසා. :) ඉදිරියේ දී නැවත හමුවෙමු.
ජය! :)
බුදුසරණයි...!
මාලින්ද
ස්තූතියි සබ් එකට
Udara Damith B/K
එල .අදම බලනවා
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!kavinda
අනේ මේ වගේම king kong පරණ ඒවා වලට සිංහල සබ දෙන්නකො .
අළුත් ඒවාට උපසිරැසි ගොඩ දෙනෙක් දෙනවා. ඒත් පරණ ඒවාට දෙනවා අඩුයි. අපි තවම දැකලා නැති පැරණි ලෝක ප්රලකට චිත්රපපට ඕනෑ තරම් තියනවා. එවැනි නිර්මාණ වලටත් කැමති පිරිස් සිටිනවා. ඒ නිසා මමනම් අළුත් එවාට වගේම ගොඩාක් පරණ එවාටත් මෙහෙම සබ් දෙන එකට කැමතියි. උපසිරැසියට බොහෝම ස්තුතියි මචන්! ජයෙන් ජයම වේවා!සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .Rumesh Nilantha Jayaweera.
king kong 1976 sub deela thiyanawa
kavindu
ඔන්න බෑව.
ගොඩක් ස්තූතියි..රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rajitha
Thanks machan......jayawewa.......!
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
Withanage Priyantha Dayakeerthi
අසංක සොයුර සබ් එකට ස්තුතියි! ඉදිරියේදී හැකිනම් ලොව මහා සිනමාකරු චාලි චැප්ලින්ගේ "The Great Dictator" සිනමාපටයට උපසිරසි ලබාදෙන්න. එතුමාගේ සිනමාපට කීපයකම උපසිරසි මෙම වෙබ් එකේ දැනටත් තිබෙනවා. මෙය අතිශය දුර්ලභ ඝනයේ සිනමාපටයක්. ඔබ කරනා මෙම සද් කාර්යයට මාගේ ප්‍රණාමය! ඔබට ජය!!!
Rumesh Nilantha Jayaweera.
thanks sub & asanka saho mama ellapu movie eka elagata denawata.. ekmanata denna
Pushpakantha Sadaruwan
thanks bro sub akata
nidi
ස්තුතියි අසංක!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

එලම සහෝ තෑන්ක්ස්