සීයේ…කොලොම්බස් ඇමරිකාව හොයාගත්තේ මාලිමාවෙන්ද? සීයේ…කොලොම්බස් ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවද? සීයේ…මිනිස්සු පව් කරපුවාම අපායට යන්නේ ඇයි? පොඩි එකාට ඉවරයක් නැති ප්‍රශ්න. හැම ප්‍රශ්නයක්ම අහන්නේ සීයාගෙන්. සීයා තමයි එයාගේ ලෝකේ වීරයා. එයාගේ හැම ප්‍රශ්නයකටම සීයා ගාව උත්තරයක් තිබුණා. හැබැයි එක ප්‍රශ්නයකට හැර…
සීයේ…කොලොම්බස් ඇමරිකාව හොයාගත්තේ මාලිමාවෙන්ද?
සීයේ…කොලොම්බස් ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවද?
සීයේ…මිනිස්සු පව් කරපුවාම අපායට යන්නේ ඇයි?
පොඩි එකාට ඉවරයක් නැති ප්‍රශ්න. හැම ප්‍රශ්නයක්ම අහන්නේ සීයාගෙන්. සීයා තමයි එයාගේ ලෝකේ වීරයා. එයාගේ හැම ප්‍රශ්නයකටම සීයා ගාව උත්තරයක් තිබුණා. හැබැයි එක ප්‍රශ්නයකට හැර!
“සෝනිකෙන් මහත්තයට මොකද වුණේ? “
ජීවිතය කියන්නේ අහම්බ ගොඩක එකතුවක්. මේ හැම අහම්බයක්ම තීරණය කරන්නේ දෛවය විසින්. අපි හැම කෙනෙක්ගේම ජීවිත මොහොතෙන් මොහොතට වෙනස් වෙන්නේත් දෛවය නිසාමයි. මේ පොඩි එකාගේ වීරයා වුණු සීයාගේ ජීවිතයත් එක මොහොතකදී සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනවා. ඇයි ඒ? ඔව්, දෛවය තමයි උත්තරය. හැබැයි කතාව එතැනින් ඉවර වෙන්නේ නැහැ. අපේ කතා නායකයා වුණු පොඩි කොල්ලා; එහෙමත් නැත්නම් අනූ! නොහිතපු වෙලාවක මේ පොඩි එකා..අනූ අතින් මිනීමැරුමක් සිද්ධ වෙනවා. දැන් මේක කියවන හැමෝටම පොදු ප්‍රශ්නය තමයි,
“මොකක්, පොඩි එකෙක් මිනීමරනවා?? “
ඇත්තටම මොකක්ද මේ සීයාගෙයි පොඩි එකාගෙයි කතාන්දරේ…
මැයි 11 වෙනිදා ඉන්දියාව පුරා තිරගත වීම ඇරඹි Hope Aur Num සලරුව ඔබ අත් නොහැරිය යුතුම කතාවක්. ජීවිතය, හීනය, ආදරය, අහම්බය තුළින් ඔබව වෙනමම මානයකට ගෙනියන මේ චිත්‍රපටය පුරාවටම ඔබ මේත් සමඟම එකට ජීවත් වෙනවා සහතිකයි! දැකලා පුරුදු නැති පොඩි කොල්ලෙක් ඇඟ හීතල වෙලා යන තරමේ රංගනයකට පණ පොවනවා. අපි හොඳින්ම දන්න Naseeruddin Shah එයාගේ වැඩ කොටසත් උපරිමයෙන්ම ඉටු කරලා තියෙනවා. ඊට අමතරව Amir Bashir, Naveen Kasturia, Neha Chauhan වැනි පුරුදු නුපුරුදු නළු නිළියන් රැසකගේ රංගන කෞශල්‍ය ඔබ වෙනුවෙන් බලාගෙන ඉන්නවා. IMDb මීටරය 6.5ට කරකවපු මේ නිර්මාණය 91%ක ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගෙන තියෙනවා.අධ්‍යක්ෂණය වෙන්නේ Sudip Bandyopadhyay අතින්. Nehapawar ගේ තිර පිටපතකට අනුව රූගත වන මෙය Thumbnail Pictures නිෂ්පාදනයක්.
අත මිට මොලවලා ගහපු ගමන් අඩි තුන හතරක් උඩින් විසි වෙලා යන ෆයිට් කෑලි නැතුව ඇති. කෙල්ලයි කොල්ලයි අත් පටලවගෙන මල් ගස් වටේ දුවන රොමෑන්ටික් සීන් නැතුව ඇති. පගා ගහන පොලිස්කාරයෙකුයි, නීතිය තමන් අතට අරගෙන ඉන්න බොඩිබිල්ඩර් ඇඟක් තියෙන හයේ හතරේ සයිස් පොරකුයි පේන්න නැතුව ඇති. හැබැයි එකක් තියෙනවා! සෙනෙහස එක්ක මුහුවුණු ආදරය…
මේ චිත්‍රපටයත් සමඟ හරි අපූරු පෝස්ටරයක් අන්තර්ජාලයට නිකුත් වෙනවා. ඉන්දියාවේ සමාජ ජාලා අවකාශය ඇතුළේ මේ ගැන යම් සංවාදයක් පවා ඇතිවෙනවා. මේ පෝස්ටරය ඇතුළ් ජීවිතේ අනේකවිඳි අත්දැකීම් එක්ක ඔට්ටු වෙලා පරිණත වුණු වැඩිහිටියෙකුගේ හැඟීම් තමන්ට ආරෝපණය කර ගත්තු Naseeruddin Shah හරි ලස්සන මුහුණුවරකින් හිස් අවකාශය දිහා බලාගෙන ඉන්නවා. ඒ භාව ප්‍රකාශනය වචනවලට පෙරළන්න බැරි වුණත් වෙනස්ම ත්‍රිල් එකකින් අපිව තව තවත් ෆිල්ම් එක ඇතුළට ඇබ්බැහි කරවන ජාතියේ හරි අපූරු පිංතූරයක්.
හැමදාම බලන එකම රසයෙන් ඈත්වෙලා වෙනස් රසයක් අත් විඳින්න කැමති හිතමිතුරන්ට මේ සලරුව නියම අත්දැකීමක් වේවි. පවුලේ හැමෝටම එකට එකතු වෙලා රෑ කෑම ගන්න ගමන් බලන්න පුලුවන් පිච්චර් එකක්. කතාව තේරුම් ගත්තහම ඇස් අහකට ගන්න බැරි වෙන නිර්මාණයක්. ආදරය, සෙනෙහස කියන්නේ මොකටද කියලා තේරුම් ගන්න පුලුවන් නියම උදාහරණයක්.
මඟහැර ගන්න එපා… මේ හොඳම කතාන්දරයක්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
3,361 downloadsDownload Hope-Aur-Hum-2018.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිනු වීරක්කොඩි
Subtitles
30 comments
benukanimsena
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!gihan perera
ස්තුතියි සහෝ....නියම ෆිලුමක්...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...අක්ෂේ ගේ gold ෆිලුමටත් උපසිරැසි දෙන්න බලන්න සහෝ....
snak
sthuthi sahoo jayen jayama wewa
Asanke
Thanks for sub bro good job
Chanmatara
Thanx සහෝදර sub එකට
Tharaka
THANKS........................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ranga11112
thanks kavinu saho....
Ayesh Prashan
Thank You
sampath n perera
thanks lot
Madhura prasad
Tanks bro sub ekata
Krish anu
මම හිතන්නේ මේ film එකට මීට වඩා හොද rating එකක් හම්බවෙන්න ඕනේ.ඒ කෙසේ වෙතත් sub එක අස්දු පාඩු නැතිව හොදටම කරලා තිබ්බා. ස්තුතියි කවිනු වීරක්කොඩි මල්ලි..දිගටම sub දීපන්...baiscope එකට ජයෙන් ජය...
පැතුම් ඉෂාර
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව ඔබ විසින් කරන්නාවූ මේ උතුම් සත් කාර්යය වෙනුවෙන් මාගේ ගෞරවණී ස්තූතිය පුද කරමි!!!... තවත් උපසිරැසි කරන්න ලැබේවා!!!... ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!...
බුදු සරණයි – දෙවි පිහිටයි……..ජය වේවා!!!Kulanjana Maduranga
subata thanks saho..
JF6996
Thank you Kavinu. Niyama film eka. Oya apiwath aenduwa ehenam.
NuwanK
Thank u bro...
chandika1975
thank you for the subtitle.
wnrodrigo
Good work friend, Thanks!
N_R
Thank You.
Kanchaka
Thanks bro
Pramukmili
thanxx bro........
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති මලේ...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!mindika
Thanks !!!!!!!!!!!!!!!!
supun priyanath
Eka Fatta
Elaa
Thanks broSuresh Madhusanka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
බොබී
ඔයාගේ තේරීම නම් නියමයි සහෝ. හැමදාම බොළඳ හින්දි ෆිලුම් බලලා මොකටද? තවත් මෙවැනි විශිෂ්ඨ නිර්මාණ ගෙන එන්න දිරිය ලැබේවා.
D.Chamara
bohoma sthuthi sahooo jaya ....
MAALnath
Thanks .................good luck ...............
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පළවෙනි කමෙන්ට් එක
බොහොම ස්තූතියි මචන් මෙදා පාර බොලිවුඩ් ෆිල්ම් එකකට සබක් දුන්නට .
ලිපියත් පට්ට
ඉස්සරහටත් මේ වගේම නිර්මාණ අරගෙන එන්න.
ජයම වේවා!!!!