Watch Trailer

Unknown Soldier (2017) aka Tuntematon sotilas Sinhala Subtitles | නාඳුනන සොල්දාදුවා…. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! අදත් මම ගෙනාවේ යුද චිත්‍රපටයක්. මේ මම එක දිගට සබ් දුන්න හතරවෙනි යුද චිත්‍රපටිය. හැබැයි හිතුවට වඩා වැඩේ අමාරු වුණා. මොකද මේකට ගැලපෙන සබ් ෆයිල් එකේ සෑහෙන්න වැරදි තිබ්බා සහ මම මේකට සබ් දැම්මේ ලෙඩ නිවාඩුවක හින්දා. මේ චිත්‍රපටිය කරන්න අවසර දුන්න හසන්ත අයියටත් ස්තූති කරන්න ඕනි. මේක ෆින්ල…

ආයුබෝවන් හැමෝටම! අදත් මම ගෙනාවේ යුද චිත්‍රපටයක්. මේ මම එක දිගට සබ් දුන්න හතරවෙනි යුද චිත්‍රපටිය. හැබැයි හිතුවට වඩා වැඩේ අමාරු වුණා. මොකද මේකට ගැලපෙන සබ් ෆයිල් එකේ සෑහෙන්න වැරදි තිබ්බා සහ මම මේකට සබ් දැම්මේ ලෙඩ නිවාඩුවක හින්දා. මේ චිත්‍රපටිය කරන්න අවසර දුන්න හසන්ත අයියටත් ස්තූති කරන්න ඕනි. මේක ෆින්ලන්ත චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 8/10 ක අගයක් වාර්තා කරන්න සමත් වෙලා තියනවා. යූරෝ මිලියන 7 ක නිෂ්පාදන පිරිවැයක් දරලා තියන මේ චිත්‍රපටිය යූරෝ මිලියන 13.5 ක ආදායම් වාර්තා තියලා තියනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Aku Louhimies කියන ෆින්ලන්ත අධ්‍යක්ෂවරයා. ඒ 1954 දී ෆින්ලන්ත කතුවරයෙක් වන Väinö Linna විසින් රචිත යුද නවකතාවක් වන Tuntematon sotilas (The Unknown Soldier) පොත ඇසුරෙන්. මේ පොත ඇසුරෙන් 1955 දී සහ 1985 දී මේ නමෙන්ම චිත්‍රපටි දෙකක් අධ්‍යක්ෂණය කරලා තියනවා.මේ චිත්‍රපටිය සම්මාන 5 ක් ජයග්‍රහණය කරලා තියනවා සහ තවත් සම්මාන 6 ක් සදහා නිර්දේශ වෙලා තියනවා. මේ චිත්‍රපටිය රූගත කරලා තියෙන්නේ ෆින්ලන්තය, බෙල්ජියම සහ අයිස්ලන්තයේ. චිත්‍රපටිය පුරාවටම භාවිතා වෙන්නේ ෆින්ලන්ත භාෂාව. ඒ වගේම ෆින්ලන්ත නම් සහ නගර වල නම් සිංහලට පරිවර්තනය කරා. හැබැයි ටිකක් අමුතු නම් තියෙන්නේ. චිත්‍රපටිය ගැන කියන්න කලින් ෆින්ලන්තය දෙවන ලෝක යුද්ධයට දායක වුණ හැටි කියන්න හිතුවා.

II වන ලෝක යුද්ධය සදහා ෆින්ලන්තයේ දායකත්වය…..

ෆින්ලන්තය දෙවන ලෝක යුද්ධයේ අත්‍ර පක්ෂය සහ මිත්‍ර පාර්ශවය යන ද්වී පාර්ශවයෙම හිටිය රටක්. ඒක වෙන්නේ ඒක වෙන්නේ 1939 දී නාසි ජර්මනිය සහ සෝවියට් සංගමය අතර ඇතිවන එකිනෙකා ආක්‍රමණය නොකිරීමේ ගිවිසුම මත නැගෙනහිර යුරෝපය, ජර්මනිය සහ රුසියාව අතර බෙදාගන්නවා. ගිවිසුමට අනුව ෆින්ලන්තය අයිති වෙන්නේ රුසියාවට. ඒ අනුව රුසියන් හමුදා ෆින්ලන්තය ආක්‍රමණය කරන්න මුල්ගල තියන්නේ 1939 ඔක්තෝබර් මාසයේ ෆින්ලන්ත දූපත් කීපයක සහ ප්‍රදේශ කීපයක අයිතිය ඉල්ලමින්. එය ප්‍රතිකේෂ්ප කිරීමත් සමග නොවැම්බර් 30 වෙනිදා රුසියාව ෆින්ලන්තය ආක්‍රමණය කරනවා. මේ සටන හදුන්වන්නේ ශීත ඍතු යුද්ධය (Winter War) නමින්. මේ යුද්ධය ඉවර වෙන්නේ 1940 මාර්තු 13 වෙනිදා, ඒ මොස්කව් සාම ගිවිසුම අනුව. ඒ වුණාට ෆින්ලන්තයට අයිති ප්‍රදේශ කිහිපයක අයිතිය තමන් සතු කරගන්න සෝවියට් සංගමයට පුළුවන් වෙනවා.

ඔහොම මාස කීපයක් ගෙවෙද්දී රුසියාව ආක්‍රමණයට නාසි ජර්මනිය 1941 ජූනි මාසයේ බාබරෝසා මෙහෙයුම (Operation Barbarossa) දියත් කරනවා. තමන්ගේ අහිමි වුණ ප්‍රදේශ නැවත ලබාගන්න හොද මගක් බවට පෙනුණ නිසා ෆින්ලන්තය මේ මෙහෙයුමේදී ජර්මනිය එක්ක එකතු වෙනවා. ඒ විදිහට ෆින්ලන්තය අත්‍ර පක්ෂයේ සාමාජිකයෙක් වෙනවා. ඉතාම අඩු පහසුකම් යටතේ වුණත් ස්ටාලින්ග්‍රාඩ් පෙනෙන මානයට එන්න ෆින්ලන්ත හමුදාත් සමත් වෙනවා. ඒ වුණාට රුසියාව 1941 ශීත කාලයේ අත්‍ර හමුදා පරාජය කිරීමත් සමගම ෆින්ලන්ත හමුදා ස්ටාලින්ග්‍රාඩ් වලින් පසු බහිනවා. කොහොම වුණත් 1944 වෙද්දී ෆින්ලන්තය ආසන්නය දක්වා වෙන්න රුසියාවට පුළුවන් වෙනවා. 1944 සැප්තැම්බර් 19 වෙනිදා සෝවියට් සංගමය සහ ෆින්ලන්තය අතර ඇතිවෙන සාම ගිවිසුම අනුව දෙරටේ යුද්ධය අවසන් වෙනවා. ඊට පස්සේ ෆින්ලන්තය සහ නාසි ජර්මනිය අතර ලැප්ලන්ඩ් යුද්ධය (Lapland War) ඇතිවීමත් සමග ෆින්ලන්තය මිත්‍ර පක්ෂයේ සාමාජිකයෙක් බවට පත් වෙනවා. කොහොම වුණත් මේ යුද්ධයේ ජයග්‍රහණය තමන් සතු කරගන්න ෆින්ලන්තය සමත් වෙනවා.

මේ චිත්‍රපටියෙන් කියවෙන්නේ ෆින්ලන්ත සොල්දාදුවන් පිරිසක් ගැන. මේ චිත්‍රපටිය බලන්නේ සොල්දාදුවන්ගේ කෝණයෙන්. මේ කියන්නේ ෆින්ලන්ත හමුදාවේ මැෂින් තුවක්කු කණ්ඩායමක් ගැනයි. ලුතිනන් කොස්කෙලා කියන්නේ නිහතමානී තමන්ගේ රාජකාරිය අකුරට ඉෂ්ට කරන කෙනෙක්. ලුතිනන් කරිලුතෝ කියන්නේ ඉහළ නිලධාරීන්ගේ අණ අකුරටම පිළිපදින ආධුනිකයෙක්. කෝප්‍රල් හයිටන් කියන්නේ විහිළුකාර හිත හොද මිනිහෙක්. සාමාන්‍ය සෙබළ වන්හලා කියන්නෙත් තරමක් මෝඩ පහේ විහිළුවට බර වුණ කෙනෙක්. තව සාමාන්‍ය සෙබළ ලෙහ්තිනන් කියන්නේ රුසියන් සෙබළු ගැන ජන්මාන්තර වෛරයකින් පෙළෙන කෙනෙක්. අවසන් වශයෙන් කෝප්‍රල් රොක්කා කියන්නේ නිලධාරිගේ කීම ගණන් ගන්නේවත් නැති හැමවෙලේම කියවන අනිත් සෙබළුන්ට වඩා වයසින් ගොඩක්ම වැඩිමල් කෙනෙක්. ඉතින් මේ අයත් සහභාගි වෙනවා රුසියාව ආක්‍රමණයට. ඉතින් මෙයාලා කොහොමද මේ මෙහෙයුම සාර්ථක කරගන්නේ? ඔයාලම බලන්නකෝ

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

6,513 downloadsDownload 201811180712-UnknownSoldier.zip49 KB


width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසිත ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසිත ජයසිංහ

Subtitles

6,513 downloadsDownload Subtitles49 KB

43 comments

  1. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...!
    පුලුවන්නම් දෙවෙනි ලෝක යුද්දෙ ගැන තියෙන තව ෆිල්ම් දෙන්න....

  2. Fernandoo

    Thank u Brother <3

  3. Lalani Maduwanthi

    BELLE 2013 MOVIE EKATA SUBTITLES DENNAKO,,,,,,HARIMA LASSANA MOVIE 1K,,,,PLEASE

    1. visartnadeera

      ඔබට ස්තුතියි.........උප සිරැසිය......

  4. Lalani Maduwanthi

    Eeye ra italy channel 5 ,,eke giya belle movie eka,,,,,puluwannam subs denna,,,

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. luckysun

    supiri bro i like war film sub is enjoy thanks

  7. පැතුම් ඉෂාර

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත්කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය සහ ස්තූතිය පුද කරමි!!!...
    තවත් මෙවැනි උපසිරැසි කරන්න හැකියාව ලැබේවා!!!...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!
    බුදු සරණයි – දෙවි පිහිටයි……..ජය වේවා!!!

  8. erangasl

    download link plz

  9. visartnadeera

    ඔබට ස්තුතියි........උප සිරැසිය

  10. Danuska Sanjeewa

    Super

  11. gihan perera

    ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  12. kavinuweerakkody

    thnkq aiye!!

  13. dananja

    කාලෙකින් කොමන්ට් එකක් දාන්නේ බොහොම ස්තුතිය් සබ් එකට

  14. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  15. Kanchana

    Thanx sahooo

  16. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!

  17. GSMLANKA

    Nice thanx bro

  18. sampath n perera

    thanks

  19. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. ranga11112

    thanks asitha saho....

  22. Amila418

    Thank you brother

  23. Udara Damith Dissanayaka

    ela

  24. dskumara

    thank u

  25. Gihan Lakmal

    Thanks macho

  26. Madhura prasad

    Tnks bro

  27. Kulanjana Maduranga

    subata thanks saho...

  28. albus98

    Thanks bro..aniwa banawa
    මල් හතයි..

  29. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  30. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  31. sanjeewakbg

    thanks sub ekata bro...

  32. Nirosha Nirosha

    thank you

  33. AsithaDilruwan

    ela saho thanks

  34. jagath55

    Thanks

  35. Lakshansilva18

    Ww2 movies nam patta aniwa balanawa

  36. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  37. චතුෂ තුෂර කුමාර

    පට්ට ෆිල්ම් එකක්... සබ් එක නියමයි... බොහොම ස්තූතියි මල්ලි...

  38. kent parker

    thanks

  39. dasun911

    thanks yalu

  40. Anonymous

    thanks bro

  41. Malith Samarawickrama

    Thanks bn sub ekata

  42. Anonymous

    උපසිරසට බොහොම ස්තූතියි