Watch Trailer

Horror of Dracula (1958) with Sinhala Subtitles | ඩ්‍රකියුලා ගේ භිෂණය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් එක් වෙනි උපසිරැසිය අරන් ආවා. මම පනස් වෙන උපසිරසියේ කියුව විදියට ඒ වේගෙන් ම නොවුනත් සතියකට අඩුම ගන්නේ එකක් වත් අරන් එක්ක බලන්නම් කියලනේ. ඔන්න මම ගෙනාව තවත් ජනප්‍රිය චිත්‍රපට එකතුවක පලවෙනි එක. චිත්‍රපට ක්ෂේත්‍රයේ කවදත් ජනප්‍රිය මාතෘකාවක් නේ සොම්බි, නැත්නම් නොමරුනු උ…

Horror of Dracula (1958)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් එක් වෙනි උපසිරැසිය අරන් ආවා. මම පනස් වෙන උපසිරසියේ කියුව විදියට ඒ වේගෙන් ම නොවුනත් සතියකට අඩුම ගන්නේ එකක් වත් අරන් එක්ක බලන්නම් කියලනේ. ඔන්න මම ගෙනාව තවත් ජනප්‍රිය චිත්‍රපට එකතුවක පලවෙනි එක. චිත්‍රපට ක්ෂේත්‍රයේ කවදත් ජනප්‍රිය මාතෘකාවක් නේ සොම්බි, නැත්නම් නොමරුනු උන් කියන එක. ඒකෙනුත් ඩ්‍රකියුලා ඉතින් සුප්‍රසිද්දයි නේ. ඉතින් ලෝක ප්‍රසිද්ද ක්‍රිස්ටෝපර් ලි රඟපාන ලද ඩ්‍රකියුලා චිත්‍රපට මාලාවේ පලවෙනි ඒක තමා මේක. IMDb අගය 7.4 ගත්ත Fantasy, Horror වර්ගයේ චිත්‍රපටයක් තමා මේක. මුලින්ම මේ චිත්‍රපටය Dracula නමින් තමා තිරගත උනේ.

කතාව ගැන කියනවා නම් ජොනතන් හාකර් කියල පුද්ගලයෙක් ඩ්‍රකියුලාගේ මාලිගයට යනවා එයා විනාශ කරන්න. ඒ ගිහින් එයා හිරකරන් යුවතියක් ඒ බන්දනයෙක් නිදහස් කරනවා. ඉතින් ඒකට පලිය ගන්න ඩ්‍රකියුලා ජොනතන් ගේ පෙම්වතිය පස්සේ පන්නනවා. ඒක විතරක් නෙවි එයාලගේ පවුලටත් පහර දෙන්න උත්සාහ ගන්නවා. ඒත් පිසාචයෝ ගැන දන්නා වැන් හෙල්සින් කියන දොස්තර කෙනෙක් ඩ්‍රකියුලා පරද්නන්න ගන්නා උත්සාහය තමා මේ චිත්‍ර පටය. සොම්බි කතා බලන අය මෙන්ම හොල්මන් ආස යාලුවෝ බලන්නම ඕන චිත්‍රපටයක්. මොකද දැන් සොම්බි කතා ඔක්කොමලගේ මුල තමා මේ චිත්‍රපට. මේකේ හොඳ වීඩියෝ පිටපත් ටොරන්ට් මගින් හොයා ගන්න පුළුවන් වගේම, මම යු ටියුබ් සහ ඩේලිමෝෂන් පිටපත් වලටත් හරියන විදියට සබ් එක හදලා තියන හින්දා ඕනෑම විදියකට ඔයාලට වීඩියෝ පිටපත ගන්න පුළුවන්.

මම ඊළඟට අරන් එන්නේ මේකේ දෙවෙනි කොටස කියල අමුතුවෙන් කියන්න ඕන නැනේ. ඉතින් එකෙන් හමුවෙමු. සුපුරුදු විදියට කියන්න තියෙන්නේ අදහස් සහ යෝජනා කියන්න අමතක කරන්න එපා. මම එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි …..!

Horror of Dracula (1958) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Horror of Dracula 1958 – 720P

The Horror of Dracula 1958

The Horror of Dracula

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

568 downloadsDownload The-Horror-of-Dracula-1958.Baiscopelk.com_.rar56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

568 downloadsDownload Subtitles56 KB

28 comments

  1. Rumesh Nilantha Jayaweera

    Thank. For sub..... Good ...luck

    1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      im 1st

  2. Purni

    ඒ කාලේ මට පුදුම ඩ්‍රැකියුලා පිස්සුවක් තිබුනේ. කොච්චරද කියනවා නම් අනේ ඩ්‍රැකියුලා ඇවිදින් මගෙත් ලේ බීලා යනවා නම් කියලා හිතිලා තියෙනවා. ඔයාට කියන්න මේ ළඟක් වෙනකම් මං ජනෙල් ඇරලා තියලයි රෑට නිදාගත්තෙත්. හොරෙක් ඇවිල්ලා ගේ සිද්ද නොකරන්න අදටත් මං ඒ වැඩෙ කරනවා. ඔයා ඉතින් ෆිල්ම් ටික දෙන්න ගත්තනේ. දැන් ආයෙම මට පිස්සුව හැදේවි

    1. ලහිරු චානක

      අනේ ඩ්‍රැකියුලා මහත්මයා, ඉන්න තැනකින් ඇවිත් මේ කෙල්ලගේ ලේ බීලා යන්න. පව් පේනවනේ වදේ. :-P සබට ස්තූතියි අසංක සහෝ. ජය වේවා..!!!

    2. අසංක ප්‍රදීප් රණතුංග

      ඩ්‍රැකියුලා කොහොම වෙතත් ඔයා ජනෙල් ඇරලා කියල දැනගත්තොත් කළු කුමාරවරු සහ ගරා යක්කු බුරුතු පිටින් එන්න බැරි නැ. උන් ලේ බීල අතහරින එකක් නැ. පරිස්සමට නගෝ ඉතින්.

    3. Mayura

      අසංක මල්ලි මට තෑන්ක්ස් කරන්න.. මේකට ඔහොම එකක් දාලා කමෙන්ට්ස් ටිකක් වැඩි කරලා දුන්නට :)

  3. Ishan Madusha

    නියමයි සහෝ.බොහෝම ස්තුතියි උපසිරැසියට

  4. kavinda

    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.

    මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

  5. රයන් ද සිල්වා

    නියමයි අසංක සහෝ සිංහල උපසිරැසියට ස්තූතියි
    ෴෴ජය වේවා෴෴

  6. කවීන් ලහිරු

    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  7. Lakmal

    Thanks

  8. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! හොල්මන් ෆිල්ම් එකක්නම් මම අනිවාර්යෙන් බලනවාමයි. පැරණි වුනත් මේවා ලෝක සිනමාවේ අමරණීය චිත්‍රපට. හැමදාම වගේ ඉදිරියටත් අපේ කාලයේ නොවන මේ වගේ නොදුටු සිනමා නිර්මාණ අප වෙත තව තවත් ගෙන එන්න කියලා මම ඉල්ලනවා.
    සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

    1. Asitha

      එල

  9. Asitha

    අඩේ ඩ්‍රැකියුලා පොත් ටික දකින කොට මේ ෆිල්ම් මතක් වෙනවා.(ඒත් කියවලා නෑනේ)
    ඒත් බලන්න කම්මැලි.
    ඔයා සබ දෙන නිසා වත් බලත හැකි.
    ජය වේවා!!!!!

  10. Kulanjana Maduranga

    niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Dulshan Chathura

    Aluth hindhi tamil film godak awith thiyenawa sub karala danna puluwan ikmanata..

  12. Sanindu Lakkitha

    Godak Thnx Macho.. Den tiyena godak horror movies hedenna patan gatte mewa hoda adayamak hoyapu nisa. IMDb ekat 7 pannala kiyanne aye kata karanna deyak ne.. series ekama demu saho kohomahari.. Suba Petum..

  13. Withanage Priyantha Dayakeerthi

    එකළ Dracula චරිතයෙන් ලොව භීතියෙන් මුසපත් කළ 1922 උපන් 2015 දී මියගිය "ක්‍රිස්ටෝපර් ලී" ට නව පරපුර තුළ ඔබ නැවතත් පණ ලබා දුන්නා. මට මතකයි මොහුගේ චිත්‍රපට නරඹන්න මිනීපෙට්ටි වැනි ආසන සහිත වෙනම සිනමා ශාලා ලෝකයේ තනා තිබුණා, ඔයා නම් පුදුම පොරක්, ඒ ආමන්ත්‍රණයට තරහා වෙන්න එපා. බයිස්කෝප් වෙබ් එකතුළ මෙතෙක් මෙතෙක් මා දුටු විෂ්මකර්මයා ඔබම තමා. එකාකාරීව අලසව ගලා ගිය ගඟක් හා සමානවූ මේ වෙබ් එකට වෙනසක් කළේ ඔබයි. එය කියමන දරා ගන්නට සමහරවිට අලුත්ම ඒවාම ඉල්ලන අයට අපහසුවේවි, එයටත් සමාවෙන්න, "අසංක සොයුරාට" සම්භාව්‍ය, කලාත්මක, ස්වර්ණමය සිනමා නිර්මාණ පැත්තේම ඉන්න දෙන්න. අපි වැනි අය ඔබගේ නිර්මාණයක් එනතුරු මඟ බලා ඉන්නවා. ඔබේ මේ උපසිරසි සහිත Dracula චිත්‍රපට මාලාවම මේ වෙබ් එකට ලොකු ආභරණයක් වේවි. අවංකවම ගොඩක් ස්තුතියි!!!!!!

  14. Thilakarathna

    මෙම වටිනා චිත්‍රපට එකතුවට සබ් දෙන්න ආරම්භ කළාට ඔබට ස්තුතියි. එමෙන්ම මෙවැනි වටිනා සේවයක් කරනා ඔබගේ රුව දැකගන්නට කැමතියි. ප්‍රොෆයිල් එකේ ඔබේ සේයාරුව දමන්න.

  15. Withanage Priyantha Dayakeerthi

    බයිස්කෝප් වෙබ් එකතුළ මීට පෙර උපසිරසි කර ඇති 007 ජේම්ස් බොන්ඩ් කතා මාලාව, බෲස් ලී, ආනෝර්ල්ඩ්, සිල්වෙස්ටර් ස්ටැලෝන්, චාලි චැප්ලින් වැනි අය රඟපෑ චිත්‍රපට මාලාවන් දැනටත් ප්‍රේක්ෂකයන් නැවත නැවතත් නරඹනවා. "Dracula" චිත්‍රපට එකතුවත් එසේම වේවි.

  16. mithun

    තැනක්ස් බ්‍රො .. කියන්න වචන නෑ .. ඉන්න තැන කියන්න ඇවිදින් වැදල යන්න... බොහොම වටිනව.. මෙ වගෙ ෆිල්ම් නැවත පාරක් පෙමස් කරන එක නම්.. තැනක්ස් යු..

  17. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Thilakarathna

    මෙම පැරණි, සුපිරි චිත්‍රපට මාලාව නැවත ගෙන ආවාට මගේ සතුට ප්‍රකාශ කරන්නෙමි. මේවාත් හරියට අපේ පැරණි ගීත වගේ සදාකාලිකවම රස විඳින්න පුළුවන්. අලුත් ගීතයකට ටික කලකින් මොකද වෙන්නේ? ඒ වගේ තමයි වර්තමාන බොහෝ චිත්‍රපටත්…

  19. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    thankssssssssssssss

  20. anunethu

    Thanks

  21. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  22. thathsaragayan

    Thank broo දාස් ගානක් ෆිල්ම් අතරින් පරණ ෆිල්ම් වලට සබ් දෙන්න සෙට් වෙනවා අඩුයිනෙ එහෙම තියෙද්දි මේකට සබ් දුන්න එක සුපිරි බන්. ✌️

  23. pasindu

    වටිනා කාලය කැපකිරීමට බොහොම ස්තුතියි