Watch Trailer

Horses of God (2012) | මිනිස් බෝම්බ වල ඇතුලාන්තය. [සිංහල උපසිරසි සමඟ]

මම ඔයාලට මේ පාර අරගෙන ආවේ ලෝක සිනමාවේ බිහිවුණ ඉතා උසස් ගණයේ සිනමා පටයක්. මුස්ලිම් සංස්කෘතිය ගැන නොදුටු පැති කිහිපයක්ම ඉතා සියුම්වත් ඉතා ගැඹුරිනුත් අව්‍යාජව කතා බහට ලක් කරන්න මේ වින්දනීය සිනමාපටය සමත් වෙලා තියනවා. සත්‍ය සිදුවීම් පෙළක් වගේම විශාල ඛේදවාචකයක්. IMDB 7.4 /10 වගේ ඉහළ අගයක් මේ සිනමාපටයට ලැ…

Horses Of God 2013

මම ඔයාලට මේ පාර අරගෙන ආවේ ලෝක සිනමාවේ බිහිවුණ ඉතා උසස් ගණයේ සිනමා පටයක්. මුස්ලිම් සංස්කෘතිය ගැන නොදුටු පැති කිහිපයක්ම ඉතා සියුම්වත් ඉතා ගැඹුරිනුත් අව්‍යාජව කතා බහට ලක් කරන්න මේ වින්දනීය සිනමාපටය සමත් වෙලා තියනවා. සත්‍ය සිදුවීම් පෙළක් වගේම විශාල ඛේදවාචකයක්. IMDB 7.4 /10 වගේ ඉහළ අගයක් මේ සිනමාපටයට ලැබිලා තියනවා. මේ මගේ හතරවන උපසිරසි නිර්මාණය. මං කලින් දීපු bully චිත්‍රපටය මේ වෙනකොට 2000 කට ආසන්න පිරිසක් අරගෙන තියෙනවා. ඒ ගැන නං ටිකක් විතර සතුටුයි.

මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ 2003 මැයි 6 වෙනිදා මරොක්කො රටේ Casablanca නගරයේ සිදුවුණ මුස්ලිම් අන්තවාදි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්. අවුරුදු 20 ත් 23 අතර වයසේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් 12 දෙනෙකුත් තවත් සාමන්‍ය වැසියන් 33 දෙනුකුත් මේ සිද්ධියේදි මිය යනවා.

ප්‍රධාන වශයෙන් මේ සිද්ධියට සම්බන්ධ වන තරුණයන් 3 දෙනෙකුගේ ජීවිත කතාව තමයි චිත්‍රපටයේ විස්තර වෙන්නෙ.කතාව ටිකක් කියන්නංකො. චිත්‍රපටය පටං ගන්නෙ එයාලගේ ළමා කාලෙයන්. නබීල් සහ යශීන් යාළුවෝ. නබීල්ගෙ අම්මා කරන්නෙ ලෝකෙ තියෙන පරණම රැකියාව. දන්නවනෙ, ඉතින් නබීල් ට යන යන තැන නින්දා හිරිහැර වලට තමයි මූන් දෙන්නෙ. හැබැයි යාළුව යශීන් නම් තමන්ගේ යාළුවව තනි කරන්නෙ නෑ මොන කරදරයික් ආවත්. යශින් ගෙ තාත්තා උමතු රෝගියෙක්. යශීන්ගෙ අයිය ගමේ චණ්ඩියෙක්. මොනවා උණත් මල්ලිට ආදරෙයි. ගෙදරටත් ලැදියි. යශීන්ගේ ලොකු අයියත් ටිකක් අමුතු කෙනෙක්. මේ අය කවුරුත් පල්ලි යන ආගම් ලැදි පිරිසක් නෙවේ. ඒත් අවසානයේ මේ අයගෙ හිත් තමන්ගේ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න තරං දරුණු දේකට පෙළඹුණේ කොහොමද. කෙටියෙන් කියනවනං ඉතින් අසරණකම, මෝඩකම සහා තවත් පිරිසක් ඒකෙන් අයුතු ප්‍රයෝජන ගැනිම තමයි. මේ චිත්‍රපටයේ ඒ පිළිබදව පැහැදිලි විග්‍රහයක් ලබා දෙනවා. රගපෑම් ඉතා තාත්විකයි. චිත්‍රපයක් වශයෙනුත් ඉතා සාර්ථකයි.

මරොක්කො රටේ සියයට 95 වඩා වැඩි ප්‍රතිශතයක් මුස්ලිම්වරු ජීවත් උණත් ආගමානුකූලව ජීවත් නොවන පිරිස ඉතා සිඝ්‍රයෙන් ඉහළ යන බව තමයි සදහන් වෙන්නෙ. යුරෝපයට ඉතා නුදුරින් පිහිටි රටක් නිසා ( මුහුදින් 13 KM ක දුර) යුරෝප සංචාරකයන් ඉතා බහුල වශයෙන් එහි ගැවසෙනවා. මරොක්කන් කෑම ලෝකය පුරාම ඉතා ජනප්‍රියයි. එහෙනං මරොක්කෝ රටේ නිපදවුණ මේ අගනා සිනමා සිත්තම ඔබට සිංහල භාෂාවෙන්ම රස විදින්න පුළුවන්. මෙය 2013 පෙබරවාරි 13 සිට බෙල්ජියම, ප්‍රංශය ඇතුළු යුරෝපයේ රටවල් කිහිපයකත්. 2014 මැයි 28 සිට ඇමරිකාවෙදිත් තිරගත වෙලා තියෙනවා.

චිත්‍රපටයෙ භාෂාවල් වෙන්නෙ අරාබි සහ ප්‍රංශ, ගීතවලට අමතරව අනිත් දෙබස් සියල්ලම ප්‍රංශ භාෂාවට හඩ කවපු පිටපතේ ටොරෙන්ට් එක තමයි දීල තියෙන්නෙ.

මේ චිත්‍රපටයට තාම ඉංග්‍රීසි සබ් එකක් නම් ඇවිත් නෑ , ප්‍රංශ භාෂාවෙන් තියෙන සබ් එක Google translator එක මගින් ඉංග්‍රීසියට හරවපු එකක් විතරක් opensubtitles සයිට් එක හරහා ලබාගන්න පුළුවන්. ඒකනං ඉතින් වැදගත් වැඩකට යොදා ගන්න බෑ. මං ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න කෙනෙක් නිසා ප්‍රංශ සබ් එකත් ඉංග්‍රීසි පරිවර්තනයත් ළග තියාගෙන dictionary ටිකත් ඔපන් කරගෙන කියන දේටත් ඇහුම්කන් දිදී ඉබි ගමනින් සබ් එක දාල ඉවර කළා. line 1200 කට වඩා වැඩියි. අවසානයෙ තිරයේ සදහන් විස්තරයත් යාළුවෙකුගේ උදව්වෙන් සිංහලට හැරෙව්වා. හැමකෙන්ක්ම බැලිය යුතු චිත්‍රපටයක් කියලයි මම හිතන්නෙ. චිත්‍රපටිය බලලා comment එකක් එහෙම දැම්මට නං වරදක් කියන්නෙ නෑ ඔන්න. සබ් එකේ අඩුපාඩු තියනවනං ඕන දෙයක් comment කරන්න. ලංකාවෙ comment දැමිම පිළිබද ආකල්පය නරක එකක් වගේ තමයි පෙන්නෙ ජාත්‍යන්තර සයිට් එක්ක බලද්දි. එහෙම නොවුනනං තමයි හොද. චිත්‍රපටයක් බැළුවනං ආයෙත් ඇවිල්ල චිත්‍රපටය ගැන වචන දෙකක් ලියන්න. සබ් දෙන අය දිරිමත් වෙන්නෙ එතකොටනේ. ඊළගට සබ් එක ගන්න අයටත් ඒක ලොකු උදව්වක් වේවි. එහෙනං අපි ගියා, ජයෙන් ජය…

Horses of God (2012) on IMDb

 

 

701 MB කොපිය මෙතනින් බාගන්න

0A4F51064EA989AD05D6E5FB39D82E6F56FF30D5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,150 downloadsDownload Horses.Of_.God_.2013.baiscopelk.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/Niroshanhe.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිරෝශන් හේවගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිරෝශන් හේවගේ

Subtitles

1,150 downloadsDownload Subtitles41 KB

60 comments

  1. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  2. Sudesh Gayan

    Thanks bro.. Keep it up...

  3. Aditha Praween

    ela sahoo
    digatama sub demu.

  4. chethana

    thanks bro

  5. කේ.යූ.ජී. උදාර

    වටින සිනමා සිත්තමක් වගෙයි............ ඔන්න ගත්තා.
    සිංහල සබට බොහොම ස්තූතියි නිරෝශන්.

  6. Tharindu Perera

    godak mahansi velaa thiyena patai.....
    supiri vadak machannn.........
    dhigatama yamu machannn......
    thanks machan sub ekatahhh.......

  7. Naween

    එල සහෝ බොහොම ස්තුතියි...

  8. Kulanjana Maduranga

    ah hoda movie ekak wage.saho api wenuwen mara kattak kla ne.ekata bohoma pin.sub ekata isthuthi NIROSHAN saho.digatama demu hode.jaya wewa.....

  9. meemana

    mewage thawa denna......yahapathakma wewa

  10. yasitha

    patta macho.........

  11. Nadee

    Ela

  12. නලින්

    ස්තුතියි නිරෝෂාන් සහෝ. සැහෙන්න මහාන්සිවෙලා තියෙන පාටයි. මේ සබ් එක කරන්න. මේවගේ ලෝක සිනමාවෙන් අපිට මඟහැරෙන ලස්සන, අර්ථවත්, සිනමා සිත්තමක් අරන් ආපු එකට ඇත්තටම ස්තුතියි.

    තවත් මේ වගේ අඟනා නිර්මාණ අප වෙත අරන් එන්න ශක්තිය ධෛර්‍ය ලැබෙවා!

    ජය වේවා!

  13. dil

    ella machan

  14. hirush

    Thanks bro..

  15. Sisira Hegoda

    Thanks.

  16. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  17. sameera

    thanks bro

  18. yasith

    එල සහෝ බොහොම ස්තුතියි

  19. nalaka

    ela film ekakne saho deela thiyenne…menna api gaththa ehenam..sub ekata godak sthuthyi…jaya wewa

  20. Amil

    සබට බොහොම ස්තුතියි සහො :P
    ජයවේවා…. :P

  21. saliya

    Thanks a lot

    good luck

  22. තම්බියා

    මම මේකේ සාමාන්‍යයෙන් comment දාන්නේ නෑ. මම තාම මේ ෆිල්ම් එක බැලුවෙත් නෑ. ඒ උනාට English subs නැති එකක් සිංහලෙන් දීපු එක අගය කරනවා....

  23. Global

    Baiscop Veerainta Hamadamath Mage Suba Pathum. Patta Gemakne Dila Thiyenne. Me Movie Eka Gana Danuwath Kalata Bohomathma Pin Bro. Obatath Happy New Year..!

  24. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ලොකු මහන්සියක් අරගෙන තියෙනවා , බොහොම ස්තුතියි මේ කල කැපවීමට, දිගටම දෙමු,ජයවේවා.

  25. kanchana

    stutiy wenaas film ekak amaruwen dunna ekata

  26. niroshan

    comment කල හැමෝටම ගොඩක් ස්තුතියි. හැමෝටම කිරි පැනි උතුරන සුබ අලුත් අවුරුද්දක් වේවා.

  27. ravin kumbukage

    mahansiyata godak sthuthi....

  28. yeshu

    Tnx

  29. Isu

    Thankzzz Subta!!!
    Godak mahansi wela thiyenwa...
    ilaga ekath ikmanata demu..

    ^^^^^^^Thankzzz Agian^^^^^^^^

  30. nishan

    patta machan

  31. “චූටී මල්ලි”

    මේ පාරනම් කොල්ලා
    වටිනා එකක් ගෙනත් තියෙන්නෙ
    එල ඇ
    සබට තුති
    ඔබට ජය.........

  32. Vipz

    Thanks bro....!

  33. Dinindu Jayasinghe

    ඔබේ අනගි උත්සහයට මගේ ප්‍රණාමය සහෝදරයා..!! තමන් ගේ දැනුමත් වැඩි කරගන්න ගමන් මෙවැනි සේවයක් කිරීම සැබවින්ම ප්‍රශංසනීයයි. තවත් මේ වගේ දේවල් කරන්න​. මගේ සුභ පැතුම් ඔබට​...!!!

  34. Thusitha

    ගොඩක් ස්තුතියි නිරෝෂන් මේ වගේ වෙනස්ම ආකාරයේ දෙයක් අපිට ලබාදුන්නාට...

  35. waruna

    wow...nice job,keep it up bro...

  36. රොයිලි

    බොහොම ස්තූතියි නිරෝශන් සහෝ සිංහල උපසිරැසියට. මේක ගැන අහලා තිබ්බට බලලා තිබ්බෙ නෑ. මෙන්න බානවා. ජය෴෴ :P :P

  37. Vimukthi

    Thanks a lot machan
    Great Work Bro
    Keep it up

  38. rooka

    මම මේක බාන්නේ නම් නැ. එත් ඔයාගේ මහන්සියට ගරු කරනවා...

  39. gayan sanjaya

    godak honda wedak bro. well done.

  40. Thusitha

    චිත්‍රපටය බැලුවට පස්සෙත් අදහසක් දාල යන්න ඕනේ කියල හිතුන...
    සෑම දර්ශනයක්ම මග හරින්නේ නැතුව බලන්න, ගොඩක් වටිනවා... ජීවිතයට මාරම සංවේදී බවත් තියෙන දෙයක්..
    නැවතත් ගොඩක් ස්තුතියි මේ වගේ දෙයක් සිංහල උපසිරසි සහිතව බලන්න දුන්න එකට...

    1. niroshan

      වටිනා අදහසක් දක්වලා ගියාට බොහොම ස්තුතියි. ඒක නම් සම්පූර්න ඇත්ත. හැම දර්ශනයක්ම හදවත් ස්පර්ශ කරන සන්වේදි අව්‍යාජ බවකින් නිර්මානය වෙලා තියෙනවා. ඉතාම කලාතුරකින් තමයි මේ වගේ සිනමා පටයක් නිර්මානය වෙන්නෙ කියලයි මම හිතන්නෙ. ජය වේවා...

  41. Lasitha

    ela... Tnks !

  42. dinidu madushanka

    ela ela saho jaya wewa

  43. sameera

    fatta fata fata ah

  44. Bihan

    thx macho

  45. ගමයා

    ඉතාමත් හොඳ උපසිරැසියක් බව පේනවා
    english සබක් නැතුව සෑහෙන කට්ටක් කාලා අපි වෙනුවෙන් මේක දුන්නට ස්තුතියි...
    හැබැයි මචෝ භාශා දැනුමට වැඩි දියුනු කරගන්න නම් මරු චාන්ස් එක.
    ඔබට ජය!

    1. niroshan

      comment එකට බොහොම ස්තුතියි. ඔව් යාලු. චිත්‍රපටි බලනෙක නම් භාශා දැනුම වැඩිකරගන්න තියෙන හොද අවස්තාවක්. ඉන්ග්‍රීසි දැනුමත් වැඩි දියුනු කරගත්තේ චිත්‍රපටි බලලම තමයි. ජය වේවා...

  46. niroshan

    අදහස් දක්වපු සියලු දෙනාටත් සබ් ගත්ත හෑමෝටමත් ආයෙත් වතාවක් බොහොම ස්තුතියි. හැම කෙනාගෙම අදහස් ඉතා වටිනවා. ජයවේවා...

  47. Dan

    නිරෝෂන් මේකෙ torrent download link එක වැඩකරන්නෙ නෑ. මම download කරගත්තෙ මේ link එකෙන්

    http://www.torrentera.net/torrents/horses-of-god-2013-frenc…

    ඔයාගෙ මහන්සියට ගොඩක් ඉස්තූතියි

    1. niroshan

      තෑක්න්ස් කමෙන්ට් එකට. කොහොමහරි බා ගත්තනම් එල. ලින්ක් එක ක්ලික් කලාම බ්ලැක් පෙජ් එකක්ද ඔපන් වෙන්නෙ. මටත් එහෙම වෙනවා සමහර වෙලාවට. ඒත් ටොරෙන්ට් එක වැඩ.

      701 MB පිටපත
      http://kickass.to/horses-of-god-2013-french-dvdrip-xvid-jab…

      1.47 GB පිටපත
      http://kickass.to/nabil-ayouch-les-chevaux-de-dieu-2012-t81…

      මේ දෙකටම සබ් එක ගැලපෙනවා. මම චෙක් කරලා තියෙන්නෙ.

  48. gihan

    ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  49. hiru

    nice keep it up

  50. damith

    obage kepaweema ithaa agaya kala yuthui..

Load more comments