මේක මගේ තුන්වෙනි උපසිරැසිය. මේකට සිංහල කරන්න මට ටිකක් කල් ගියා, මේකේ තිබ්බ ලයින් ගාන ටිකක් වැඩියි, ඒකයි. ඒත් මේ ෆිල්ම් එක බළලා නියමයි කියලා හිතුන නිසා උපසිරැසි කරන්න ගත්තා. මේ ෆිල්ම් එකේ ඉන්නේ බෲස් විල්ස් කියන සුපිරි ඇමරිකන් හොලිවුඩ් තරුව. මෙයාගේ කතා බළලා තියන අය මෙයා ගැන හොඳට දන්නවා ඇති. නළුවා ටික…

මේක මගේ තුන්වෙනි උපසිරැසිය. මේකට සිංහල කරන්න මට ටිකක් කල් ගියා, මේකේ තිබ්බ ලයින් ගාන ටිකක් වැඩියි, ඒකයි. ඒත් මේ ෆිල්ම් එක බළලා නියමයි කියලා හිතුන නිසා උපසිරැසි කරන්න ගත්තා.
මේ ෆිල්ම් එකේ ඉන්නේ බෲස් විල්ස් කියන සුපිරි ඇමරිකන් හොලිවුඩ් තරුව. මෙයාගේ කතා බළලා තියන අය මෙයා ගැන හොඳට දන්නවා ඇති. නළුවා ටිකක් වයසයි තමයි ඒත් මෙයාගේ Action එහෙම නියමයි. තව මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරන්නත් බෲස් විල්ස් සහය වෙලා තියනවා. අනිත් නළු නිළියන් ගැන නම් කියන්න වැඩිය දෙයක් නෑ. ආ… මේකේ ඉන්නවා අර Prison Break එකේ හිටපු ටී බෑග් කියන කෙනා. හැබැයි මිනිහා ඉන්නේ හොඳ චරිතෙකට. හරි මම කතාව ගැන ටිකක් කියන්නම්,
ජෙෆ් ටෑලී නම් SWAT නිලධාරියා ප්‍රාණ ඇපකරුවන් ගණුදෙනු කරන්නෙක් ලෙස තම රැකියාව කරමින් සිටියි. චිත්‍රපටයේ මුල්ම දර්ශන පෙළේ දක්නට ලැබෙන්නේ, තම බිරිඳ තමාට වංචා කරා යැයි පවසමින් පුද්ගලයෙකු නිවසක් තුළ කුඩා දරුවෙකු හා කාන්තාවක් සිර කරගෙන සිටින අයුරුය. මෙහිදි එම පුද්ගලයා සමඟ ජෙෆ් ටෑලී නම් SWAT නිලධාරියා දුරකථන සංවාදයක යෙදේ. එහිදි නිලධාරී ජෙෆ් ටෑලීගේ ප්‍රධානතම අරමුණ වන්නේ නිවස තුළ සිටින කුඩා දරුවාව හා කන්තාවව නිරුපද්‍රිතව බේරා ගැනීමයි. නමුත් ඔහුට එය කරගත නොහැකි වේ. එම පුද්ගලයා ඔහුගේ බිරිඳව හා දරුවාව මාරා දමා ඔහුම සියදිවි නසා ගනියි. SWAT නිලධාරී ජෙෆ් ටෑලී එම සිද්ධි දාමයෙන් පසුව ඉතාමත් කණගාටුවෙන් හා දුකින් සිටිති. ඒ ඔහුට කුඩා දරුවාව බේරා ගත නොහැකි වීම නිසාය. ඉන් පසු අවුරුද්දක කාල සීමාවක් සාමන්‍ය ලෙස ගෙවී යයි. දිනක් නව යොවුන් වියේ පසුවන තරුණයන් තිදෙනෙකු මෝටර් රථයක් සොරකම් කිරීම සඳහා ධනවත් නිවසක් තුළට ඇතුළු වෙති. එම අවස්ථාවේදි නිවසේ සිටින කුඩා පිරිමි දරුවකු මොවුන්ව දකියි. ඔහු වහාම ක්‍රියාත්මක වී නිවසේ ආරක්ෂිත පද්ධතිය ක්‍රියාත්මක කරයි. පසුව මෙය පොලිසියට සැල වී ඔවුන් එක් නිලධාරිනියක් නිවස පරික්ෂා කිරීම සඳහා එවති. පොලිස් නිලිධාරිනිය පැමිණීමත් සමඟ සියලුම දෙනා නොසන්සුන් වෙති. ඉන්පසු නිවසට ඇතුළු වූ පුද්ගලයින්ගෙන් එක් අයෙකු එම නිලධාරිනියට වෙඩි තබා මරා දමයි. චිත්‍රපටය ආරම්භ වන්නේ මෙතැන් සිටයි. පොලිස් නිලධාරිනියගේ මරණයත් සමඟ සියලුම දෙනා එම නිවස තුළ කොටු වෙති. මීට හේතුව එම ප්‍රදේශයේ පොලිස් ස්ථානාදිපතිවරයෙකු ලෙස කටයුතු කරන හිටපු SWAT නිලධාරි ජෙෆ් ටෑලී මෙම ස්ථානයට පැමිණ නිවස තුළ සිර වී සිටින ප්‍රාණ ඇපකරුවන්ව මුදවා ගැනීම සඳහා වෙනත් ප්‍රදේශ වල සිටින පොලිස් නිලධාරින්ගේ සහ හමුදාවේ සහය ඉල්ලීම හේතුවෙනි. නිවසට ඇතුළු වූ පුද්ගලයින් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් නිවසේ සිටින වැඩිහිටි පුද්ගලයා හා ඔහුගේ දුව සහ කුඩා පුතාව ඔවුන්ගේ භාරයට ගනියි. මෙම ස්ථානයට අමතර පොලිස් අණ දෙන නිලධාරිනියක් පැමිණීමත් සමඟ ජෙෆ් ටෑලී අණ දීමේ කටයුත්තෙන් ඉවත් යයි. නමුත් එක් විශාල හේතුවක් නිසා මොහුට යලි මෙම ස්ථානයට පැමිණ තම රාජකාරීය කිරීමට සිදුවෙයි. කුමක්ද ඒ හේතුව ? තවද, චිත්‍රපටය පුරාවටම රහසිගත දුරකථන සංවාදයක් නිවස තුළ සිර වී සිටින කුඩා පිරිමි දරුවා හා ජෙෆ් ටෑලී අතර සිදුවේ. පොලිස් නිලධාරි ජෙෆ් ටෑලී නිවස තුළ සිර වී සිටින ප්‍රාණ ඇපකරුවන්ව මුදාවා ගැනීමේ තම මෙහෙයුම ආරම්භ කරන්නේ මෙතැන් සිටයි. නිලධාරි ජෙෆ් ටෑලී ට ප්‍රාණ ඇපකරුවන් සියළුම දෙනා මුදවා ගැනීමට හැකි වේද ?? නිවසට ඇතුළු වූ පුද්ගලයින්ට අවසානයේ කුමක් සිදුවේ ද ?? උත්තර දැන ගැනීමට අවශ්‍ය නම් ඔබට මෙම චිත්‍රපටය නැරඹීමටම සිදුවේ. හරි මේ ඇතිනේ… තව කිව්වොත් වැඩක් නෑ. මේක අනිවර්යෙන්ම බලන්න නියම ෆිල්ම් එකක්.
ෆිල්ම් එක හදන්න වියදම් වෙලා තියනවා ඇමරිකානු ඩොලර් මිලියන 75ක්. මේක Box Office ආදායම් වර්තා තියන්නත් සමත් වෙලා තියනවා. චිත්‍රපටිය Release වෙලා තියෙන්නේ 2005 මාර්තු 11 වෙනිදා. Cheyenne Enterprises හා Equity Pictures යන ආයතන තමයි මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. චිත්‍රපටියේ ධාවන කාලය, පැය 1 විනාඩි 53යි. මේකේ IMDB අගය – 6.6/10 මේ ෆිල්ම් එක Action, Crime, Drama, Mystery, Thriller යන මේ වර්ගයන් වලට අයත් වෙනවා.
උපසිරැසි අදාළ වන පිටපත්.
Hostage.2005.BrRip.720p.x264.YIFY
Hostage.DivX.DVDRip-NightSongz
Hostage 2005 720p BRRip x264-PLAYNOW
Hostage 2005 DVDRip Xvid_RMR
Hostage.2005.m-HD-x264
Hostage.DivX.DVDRip-NightSongz (NTSC 23.9 fps synced by rogard)
Hostage.25pfs PAL generic
Hostage 2005 BRrip 6ch subs 1h53m
[email protected]@Silu
Hostage – Bruce Willis [2005] (NTSC 29.970 fps synced by #UDshehan)
Hostage 2005 3Li BluRay
Hostage KLAXXON
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
869 downloadsDownload Hostage.2005.Baiscopelk.com_.zip473 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/UDshehan1-e1480895738302.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “UD Shehan” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
UD Shehan
Subtitles
16 comments
ඉෂාන් මදුෂ
Udara Damith B/K
...................ස්තුතියි ..............
thisal
ස්තුතියි සබ් එකට
Kalindu
ගොඩක් ස්තුතියි සබ් එකට
කසුන් හර්ෂණ
Cannibal Holocaust ෆිල්ම් එකටත් සබ් දෙනවද යාලුවෙ. සුපිරි පහරක් තමයි.
Dulanga
Thanks
අසිත
patta filumak kawuruth ballana
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Rajitha
Thanks machan.....jayawewa....!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
බොහොම ස්තුතියි සබ් එකට.....
Lakshansilva18
Frailty (2001) movie ekath sub dennako
රිශාන්ත
Thanx Shehan
Anonymous
great movie
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි සහෝ සබ් එකට