Watch Trailer

Hot Shots! Part Deux (1993) with Sinhala Subtitles | දවන්ධ වෙඩි මුරය (දෙවෙනි කොටස) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මන් තව චිත්‍රපටියක් එක්ක නැවත ආවා බයිස්කෝප් වලට.මේ මගේ 22 වෙනි සබ් එක .මේ පාර මම ගෙනාවේ IMDB දර්ශකයේ 6.6ක් ගන්න සමත් වෙච්ච ෆිල්ම් එකක් වන Hot Shots ! ෆිල්ම් එකේ 2වෙනි කොටස .ඔයාලා පලවෙනි එක බලලා ඇති .නැත්නම්, ඒකට බයිස්කෝප් වල සහෝදරයෙක් සබ් එක දීලා තියෙනවා අරගෙන බලන්න පුළුවන් .මේකට සබ් එ…

ඔන්න යාලුවනේ මන් තව චිත්‍රපටියක් එක්ක නැවත ආවා බයිස්කෝප් වලට.මේ මගේ 22 වෙනි සබ් එක .මේ පාර මම ගෙනාවේ IMDB දර්ශකයේ 6.6ක් ගන්න සමත් වෙච්ච ෆිල්ම් එකක් වන Hot Shots ! ෆිල්ම් එකේ 2වෙනි කොටස .ඔයාලා පලවෙනි එක බලලා ඇති .නැත්නම්, ඒකට බයිස්කෝප් වල සහෝදරයෙක් සබ් එක දීලා තියෙනවා අරගෙන බලන්න පුළුවන් .මේකට සබ් එක කරලා තිබ්බේ නැති නිසා මම මේක බාර ගත්තේ මේ සතියේ මුල වගේ .ටිකක් පරක්කු වුණා මේක සම්පුර්ණ කරන්න .කොහොම හරි දැන් මේක ඔයාලට දෙන්න දැන් ගෙනාවනේ .

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jim Abrahams කියන කෙනා.එයාම තමයි පළවෙනි එකත් කරලා තිබ්බේ.මේක Comedy , Action කාණ්ඩයට අයිති වෙන ෆිල්ම්එකක්.Comedy වලින් නම් මේක සුපිරි ෆිල්ම් එකක් කියලා ගන්න පුළුවන්.පටන් ගත්ත වෙලේ ඉඳන් මේක ඉවර වෙනකන්ම හිනා වේවි බලන්න පුළුවන් .1993 රිලීස් කරලා තියෙන මේක parody ෆිල්ම් ගණයට නැත්නම් කිව්වොත් මොකක් හරි ෆිල්ම් එකක් ආවොත් ඒ කතාවම comedy විදිහට ගහන ක්‍රමය තමා parody කියන්නේ.ඔයාලා Scary Movie බැලුවා නම් තේරෙයි.ඒකත් මේ ගණයට එන නිසා.මේක හදලා තියෙන්නේ Rambo 2 හා රම්බෝ 3 ෆිල්ම් අනුසාරයෙන් කියලා තමා කියන්නේ .මේකේ රඟපාන්න ඉන්නේ ,Charlie Sheen, Valeria Golino, යන මේ දෙන්නා මුල් කතාවෙත් ඉන්නවා .අනෙක් අය තමා ඔයාලා කවුරුත් දන්නා Rowan Atkinson නැත්නම් Mistar Bean චරිතය කරන ප්‍රසිද්ධ නළුවා .ඒවගේම තව විවිධ අයගෙන් මේකතාව ලස්සන කරලා තියෙනවා .දැන් කතාව පැත්තට යන්නම් කෝ .

මේකේ කතාව වෙන්නේ ඇමරිකාවේ සොල්දාදුවෝ වගයක් ප්‍රාණ ඇපයට හසු වෙලා ඉන්නවා සතුරු හමුදාවකට .එයාලව ගලවා ගන්න ගිහින් වෙන සිද්දි ටිකක් තමා මේකේතියෙන්නෙ.කතාව ගැන වැඩිය දෙයක් කියන්නේ නෑ .මේක බලන්නකෝ .නියම ෆිල්ම් එකක්.ෆිල්ම් ගැන කියන්න තියෙන්නේ ඔච්චරයි .දැන් මට යන්න වෙලාව ඇවිත් .මේක කරන්න අවසර දීපු අයටයි උදව් කරපු අනෙක් අයටයි ස්තුති කරන අතර සබ් එකේ අවුල් තියෙනවා නම් ඒක ගැනත් මට comment එකක් දාලා මතක් කරගෙන යන්න.එහෙනම් මම යනවා සබ් එක බාගෙන මේ ෆිල්ම් එක බලන්න කියලා මම ආරාධනා කරනවා .තව ෆිල්ම් එකකින් හමු වෙන්න බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්!!!

 

Hot Shots! Part Deux (1993) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා වලංගු වේ.

3,557 downloadsDownload Hot-Shots-Part-Deux-1993.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Lakshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-01-18
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,557 downloadsDownload Subtitles35 KB

17 comments

  1. කපිල ජනක බණ්ඩාර

    මේක පට්ට ෆිල්ම් එකක්. මං බැලුවේ 2005 විතර. බොහෝම ස්තුතියි සබ් එකට. ජයවේවා සහෝදරයා

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. asitha

    meka denamkm hitiye
    elama saho thanks

  4. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ******************බුදුසරණයි******************

  5. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං.

  6. gihan perera

    Hodatama hodai saho...digatama sub karamu....

  7. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  8. Dulanga

    Thanks

  9. Udara Damith B/K

    නියමයි
    බ්ලු රේ තියේදී ඇයි dvd එකට දුන්නේ අපරාදෙනේ

    1. danush24

      kohomada downlod karanne

    2. චමියා

      ඇප් එකක් තියෙනවා බන්

  10. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  11. w a thilak

    ඒ කාලේ බලපු පිස්සු කොමඩියක්...ආයිත් සබ් එක්ක බලනවා. ස්තුතියි

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. විදුෂාන් සජිත්

    උපසිරසියට ස්තුතියි!.. :-) :-)
    Fear The Walking Dead : Season 03 එකේ සබ් දෙන්න විදියක් නැද්ද සහෝ... :-( :-(

  14. චමියා

    සබ් ගැලපෙන්නෑනේ බන්...

  15. Nimesha Buddhika

    Machan meke sub eka download karanna bane

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.