Watch Trailer

Overdrive (2017) with Sinhala Subtitles | මාරක ධාවනය! [සිංහල උපසිරැසි සමඟ]

අපි හැමෝම ජීවත්වෙන්න එක එක විදියේ රස්සා කරනවා. සමහරු සාධාරණ විදියට රස්සාවක් කරලා තමන්ගේ පාඩුවේ ජීවත්වෙනවා. තවත් සමහරු අසාධාරණ විදියට වැඩ කරලා ජීවත්වෙන්න උත්සාහ කරනවා. ෆෝස්ටර් සහෝදරයෝ දෙන්නත් ජීවත්වෙන්න රස්සාවක් කරනවා. හැබැයි අයිති වෙන්නෙ අන්තිමට කියපු කාණ්ඩයට. අනුන්ගේ දේවල් අරගෙන තමයි ජීවත්වෙන්නෙ.…

අපි හැමෝම ජීවත්වෙන්න එක එක විදියේ රස්සා කරනවා. සමහරු සාධාරණ විදියට රස්සාවක් කරලා තමන්ගේ පාඩුවේ ජීවත්වෙනවා. තවත් සමහරු අසාධාරණ විදියට වැඩ කරලා ජීවත්වෙන්න උත්සාහ කරනවා. ෆෝස්ටර් සහෝදරයෝ දෙන්නත් ජීවත්වෙන්න රස්සාවක් කරනවා. හැබැයි අයිති වෙන්නෙ අන්තිමට කියපු කාණ්ඩයට. අනුන්ගේ දේවල් අරගෙන තමයි ජීවත්වෙන්නෙ. ඒත්, මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. මෙයාලා හොරකම් කරන්නේ වාහන විතරයි. වාහන වලිනුත්, බොහොම කැමැත්තක් දක්වන්නේ කාර් හොරකමට. නිකන්ම නිකන් කාර් නෙමෙයි. සුප්‍රකට සමාගම් වලින් නිෂ්පාදනය කරන ලද, අතිශය දුර්ලභ මෝටර් රථ. තමන්ගේ ජීවිතය ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව, ඕනෙම අවදානමක් බාර අරගෙන, මේ හොරකම් කිරීමේ කර්තව්‍යය සඳහා මේ අයියා මලෝ දෙන්නට තියෙන්නේ පුදුමාකාර දක්ෂතාවයක්. වාහනය අයිති කෙනා ගැන කිසිඳු වගේ වගක් නැහැ. වාහනය පැහැරගන්න ඕනේ වුණා නම්, කොහොමහරි පැහැරගත්තා. මේ තමයි මෙයාලගේ ක්‍රියා පිළිවෙල.

මේ විදියේ තවත් මෝටර් රථයක් මංකොල්ලකන්න තමයි මෙයාලා දෙන්නා සූදානම් වෙන්නෙ. එසේ මෙසේ වාහනයක් නෙමෙයි. වර්තමාන වෙළඳපොල මිල ඇමරිකානු ඩොලර් මිලියන 41ක් වෙන, 1937 වර්ෂයේ නිෂ්පාදනය කරන ලද බුගාටි මාදිලියේ 57 SC ඇට්ලාන්ටික් රථයක්. ලෝකෙටම මේ වගේ මෝටර් රථ දෙකයි තියෙන්නේ. හිතුවා විදියටම වාහනය පැහැරගත්තත්, අන්තිමේදී සිද්ධවෙන්නේ නොහිතපු විදියේ දෙයක්. මෙයාලා මේ පැහැරගැන්නේ, අතිශය දුර්ලභ මෝටර් රථ එකතු කිරීම විනෝදාංශය කරගත්තා වූද, ව්‍යාපාර තුලින් මර්සීල් නගරය සිය අණසකට යටත් කරගත්තා වූද, කිසිඳු හිතක් පපුවක් නොමැති දරුණු ව්‍යාපාරිකයෙක් සතු මෝටර් රථයක්. කොට්ටෝරුව හැම ගහටම කොට කොටා ගිහිල්ලා, කෙහෙල් ගහට කොටපු දවසට තමයි අමාරුවේ වැටෙන්නේ. මෙච්චර කාලයක් තිස්සේ අනිත් අයගේ වාහන හොරකම් කරපු මේ සහෝදරයෝ දෙන්නා අන්තිමට පැටලුනේ දරුණුම පුද්ගලයෙක් එක්ක. ජීවිතය බේරගන්න නම් එකම එක ක්‍රමයක් ඉතිරි වෙලා තිබුනේ. මේ පුද්ගලයාගේ ඉල්ලීමට එකඟවෙලා, වෙනින් පුද්ගලයෙක් සතුව තිබෙන්නා වූ, අතිශය දුර්ලභ 1962 ෆෙරාරි 250 GTO මෝටර් රථයක් හොරකම් කරලා ගෙනත් දෙන එක. කවුරු ලඟද මේ වගේ මිල කල නොහැකි මෝටර් රථයක් තියෙන්නේ?

මැක්ස් ක්ලේම්ප්! මැක්ස් ක්ලේම්ප් තමයි බටහිර බර්ලිනය පාලනය කරන තුන්වෙනි පරම්පරාව. බොහොම ධනවත් පවුලක ඉපදුණු කෙනෙක්. ඒ වගේම, මුළු පවුලටම ඉන්න අති දක්ෂයා. කොච්චර දක්ෂද කියනවා නම්, මියුනිච් විශ්ව විද්‍යාලයෙන් තමන්ගේ MBA උපාධිය කරන්න පටන්ගත්තා. හැබැයි විශේෂත්වය තමයි, මේ උපාධිය කරන අනිත් හැම කෙනෙක්ටම වයස අවුරුදු 22 වුනත්, මැක්ස් ක්ලේම්ප්ගේ වයස ඒ වෙනකොට අවුරුදු 15යි. අවුරුදු විස්සේදී එයා ඔප්පු කරලා පෙන්නුවා එයාට දක්ෂකම තියෙන්නේ ගණන් වලට විතරක් නෙමෙයි, තමන්ටම ආවේනික ආකාරයට පවුලේ ව්‍යාපාර කරගෙන යන්නත් හැකියාව තියෙනවා කියලා. අවුරුදු තිහ සම්පූර්ණ වෙද්දී මේ සාහසික මොලකරුවට තම පියාණන්ගෙන් උරුමය ලැබෙනවා. ඒ වගේම, ඒක සමරන්න පියාගෙන් ඔහුට සුවිශේෂී තෑග්ගක් ලැබෙනවා. ඒ තමයි, ඉහත කියපු 1962 ෆෙරාරි 250 GTO මෝටර් රථය. වර්තමාන වෙළඳපොල අගය ආසන්නව ඇමරිකානු ඩොලර් මිලියන 38යි. ලෝකෙටම තියෙන්නේ එකම එක කාර් එකයි. මේ මෝටර් රථය තමයි මැක්ස් ක්ලේම්ප් සතු වටිනාම වස්තුව වන්නේ. වෙනත් වචන වලින් කියනවා නම්, ඔහු සතු උරුමය මෙයයි.

පැරණි දුර්ලභ මෝටර් රථ එකතු කරගැනීම විනෝදාංශය කරගත් දරුණු ව්‍යාපාරිකයෙක්… අතිශය සූක්ෂම මොලයක් සහිත, උපතින්ම ධනවත් වූ සාහසික ධනවතෙක්… මේ සියල්ල අතරේ ජීවිතයත් මරණයත් අතර තරඟයක නියැලෙමින් මෝටර් රථයක් සොරකම් කිරීමට උත්සාහ කරන්නා වූ සොහොයුරන් දෙදෙනෙක්! මොවුන්ගේ ඉරණම කෙසේ විසඳේවිද?

ඔන්න එහෙනම් Sniper: Ultimate Kill (2017) චිත්‍රපටිය දීලා දවස් දෙක තුනක් යද්දීම තවත් චිත්‍රපටියක් අරගෙන ආවා. මෝටර් රථ වලට ප්‍රියකරන, මෝටර් රථ වලින් සිදුකරන බොහොම ත්‍රාසජනක ක්‍රියා වලට කැමති අය අනිවාර්‍යයෙන්ම බලන්න ඕනේ චිත්‍රපටයක් කියලා නිර්දේශ කරනවා. බොහොම කළාතුරකින් දැකබලා ගන්න අවස්ථාව ලැබෙන, මිල කල නොහැකි දුර්ලභ මෝටර් රථ රාශියක් මෙමෙ චිත්‍රපටයෙන් දැකගැනීමට වරම් ලැබෙනවා. 2017 වර්ෂයේ අගෝස්තු මස 11 වනදා මහා බ්‍රිතාන්‍යයේදී නිල වශයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත්වෙන මෙම සිනමා නිර්මාණය, යූරෝ මිලියන 24 කට අධික ධනස්කන්ධයක් වියපැහැදම් කරමින් නිෂ්පාදනය කරන ලද දැවැන්ත නිර්මාණයක්. එමෙන්ම, Action, Adventure, Thriller යන කාණ්ඩ නියෝජනය කරන්නා වූ මෙම සිනමා සිත්තම, මේ වන විට IMDB දර්ශකය තුල 5.3 ක අගයක් ලබාගෙන තිබෙනවා. චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ, 2018 වර්ෂයේ නිකුත්වීමට නියමිත Pacific Rim Uprising චිත්‍රපටය, The Fate of the Furious (2017), Suicide Squad (2016), Snowden (2016), The Longest Ride (2015), Fury (2014) ආදී දැවැන්ත නිර්මාණ තුලින් ප්‍රේක්ෂක ඔබ හමුවට සපැමිණි Scott Eastwood සමගින්, Blade Runner 2049 (2017),War Dogs (2016) ආදී චිත්‍රපට තුල රංගනයෙන් දායක වූ සුරූපී Ana de Armas විසිනි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Arrow, Scorpion, Legends of Tomorrow, The Flash, The 100 වැනි රූපවාහිනී කතා මාළා අධ්‍යක්ෂණය කරන ලද Antonio Negret විසින්. චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ, Taken (2008) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද Pierre Morel විසින්. චිත්‍රපටයේ කතාව රචනා කරනු ලබන්නේ, ඉදිරියේදී තිරගතවීමට නියමිත Wanted 2 චිත්‍රපටය රචනා කරන්නා වූද, 2 Fast 2 Furious (2003) චිත්‍රපටය රචනා කරන ලද්දා වූද, Michael Brandt සහ Derek Haas විසිනි.

එහෙනම්, අරගෙනම බලන්න. පොඩි හරි සැකයක් තියෙනවා නම් ඔහොම්මම පූර්ව ප්‍රචාරක පටයත් නරඹලාම ඉන්නකෝ. පුරා හෝරා එකහමාරක් මුළුල්ලේ කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සිනමා නිර්මාණයක් කියලා සහතික කරලා කියනවා.

එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම ජයවේවා!

Overdrive (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB-DL සහ BR පිටපත් සඳහා අදාළ වේ.

26,330 downloadsDownload Overdrive-2017-BR.zip70 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

26,330 downloadsDownload Subtitles70 KB

82 comments

  1. udi

    obe kapakirimata maage pranamaya

  2. Tharindu_Rukshan_Perera

    ස්තුතියි මචෝ

  3. osandha fernando

    Tnq bro sub ekata.. best of luck.keep going..bs

  4. Ravindu Rukshan

    Thx

  5. Ravindu Rukshan

    Thx aiye

  6. දිල්ශාන් සචින්ත

    අම්මෝ නියලයි සිසි අයියා.. තෑන්කූ

  7. kw

    Good luck bro!!!. Aniwa balanawa..

  8. Kalana Wasala

    thanks brother.

  9. KAVINDA GAMAGE

    කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්.
    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!

    පට්ටයි.YIFY එකෙන් දෙන 1080P බ්ලූරේ එකකින්ම බලන්න ඕන ෆිල්ම් එකක් මේක.උපසිරසියට බොහොම ස්තූතියි .

    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .

  10. තිසර

    බොහොම ස්තුතියි සහෝ මේ වගේ එල movie වලට sub දෙනඑකට.

  11. shasith sandaruwan

    හම්මේ නියමයි සිසිල..
    මේ වගේ එකක් නම් අතාරින්නේ කොහොමද? :P
    දිගටම සබ් දෙමු ආ..
    ඔබට ජය!

  12. oshanda

    බොහොම ස්තුතියි සහෝ

  13. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  14. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  15. asitha

    elama saho thanks

  16. prabodha

    Thank u sisila bro sub ekata...

  17. Nelson

    Good work friend, Thanks!

  18. dedunu

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.
    ජය වේවා…!!!!

  19. wije

    thanks macho

  20. Shan Jay

    Sub aka nahane

  21. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  22. Kaushan_P_Herath

    පට්ට මචං සබට තෑන්ක්ස්. :D

  23. Udara Damith B/K

    එල
    කිරී
    නොවේ
    පිටි
    කිරී

  24. thusitha

    thanks brrrrrrrrrrrrooooooooooooo

  25. Dulanga

    Thanks

  26. sandaru maxx

    oyala nethnam api film ekak balalath iwarai.. tnx bro sub ekata......

  27. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ******************බුදුසරණයි******************

  28. Mahesh

    Sub ekata thanx

  29. Buddi

    Thanks.............

  30. Kulanjana Maduranga

    niayamai…me wge filumak nobala kohomada?aniwa bamak thama.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  31. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සුපිරි ෆිල්ම් එකක් වගේ...
    Mr. Little nobody නේ ඉන්නේ...

  32. Viraj tharuka

    thanks bro sub akata!!jaya wewa!!!

  33. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  34. c.n.k

    niyamai,,,,,,,,,jayawewa

  35. dias

    සබ් එකට තෑන්ක්ස්..ඒත් ඇයි බං අර 80 උපසිරසේ කියලා බැනර් එකක් යන්නේ.එහෙම යනකොට ෆෝන් වලින් ෆිල්ම් බලන අපිට බලන්න බෑනේ බං.ෆ්ල්ම් එක පුරාවටම අම්මා,අප්පා මතක් කර කර තමා බැලෙන්නේ.අනික ඕක 80 කියලා එක පාරක් දැම්මාම ඇතිනේ බං.

    1. Tharindu

      ubage kathava nam sahathika attha ban.hama video ekak ivaravenakotama screen eka vahenna akuru godai.film ekaka antima tika thamai hodama,ai ehema danne.patan ganna kota vitharak damma nam pramanavath kiyalai balana hamotama hithenne

  36. Viraj

    sub ekata thank saho.. jaya wewa!!

  37. Chamith Mihiranga

    Thanks saho...!

  38. dew

    Thnx.... broooo

  39. lakshan

    thanks machn

  40. Udaya Fernando

    බොහොම ස්තූතියි සිසිල සහෝ.

    1. Randika

      mata me sub eka download wenne ne. Page not found kiyala watenawa. oya download karagaththu sub eka mage mail ekata ewanna puluwanda saho...
      [email protected]

  41. kevin D...

    thankz..

  42. සදෙව් බණ්ඩාර

    සිංහල උපසිරසි වලට තුති...
    බොහොම ස්තුතියි..

  43. nala

    Thankz bro

  44. pramuk

    thanxx bro.............

  45. Nishantha Jayanuwan

    tnx broooooooooo

  46. DAMITH

    sub ekata thankzz bro

  47. chathura LS

    Thank you

  48. D.Chamara

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජය …!!

  49. Vihanga Raveen

    Godak sthuthi saho!

  50. ruwan

    Movie ekanam patta..sub ekath niyamata thibba.
    Thanks
    5 Star for sub...

Load more comments