Watch Trailer

Howl’s Moving Castle (2004) | රුවෙන් වෙන් කල නොහැකි හදවත්. [සිංහල උපසිරසි සමඟ]

ඉතිං ආයුබෝවන්. මේ මගේ හතරවැනි උපසිරැසි නිර්මාණය වගේම පළමු ඇනිමේෂන් උපසිරැසි නිර්මාණය. මේක එවන්න හුගක් කල් ගියේ මැටිල්ඩා සබ් දාන කාලේ ඉදන් මම අසනීපෙන් හිටපු නිසා. ඒත් මම අසනීපේ කියල වැඩේ අතහැරියේ නෑ. බාර ගත්ත වැඩක් මොනම විදිහකින් හරි ඉවර කරන එකයි මගේ ප්‍රතිපත්තිය. ඒ නිසා බයිස්කොප් සිංහල වෙබ් අඩවියෙන…

Howl’s Moving Castle (2004)

ඉතිං ආයුබෝවන්. මේ මගේ හතරවැනි උපසිරැසි නිර්මාණය වගේම පළමු ඇනිමේෂන් උපසිරැසි නිර්මාණය. මේක එවන්න හුගක් කල් ගියේ මැටිල්ඩා සබ් දාන කාලේ ඉදන් මම අසනීපෙන් හිටපු නිසා. ඒත් මම අසනීපේ කියල වැඩේ අතහැරියේ නෑ. බාර ගත්ත වැඩක් මොනම විදිහකින් හරි ඉවර කරන එකයි මගේ ප්‍රතිපත්තිය. ඒ නිසා බයිස්කොප් සිංහල වෙබ් අඩවියෙන් සබ් දෙන්න මම ඉල්ලපු ඇනිමේෂන් නිර්මාණයේ සිංහල උපසිරැසි ටිකත් ඉවර කරලාම නැවතුණේ. මේක පරක්කු කළාට සමාවෙන්න. මම හිතනවා මම සබ් දීපු අනිත් චිත්‍රපටවලට වගේම මේකටත් හොද ප්‍රතිචාර ලැබෙයි කියලා.

මේ කතාව මායාව සමග එකතු උණ කතාවක්. මේකේ කථා නායකයා හවුල් කියල කෙනෙක්. එයාට පොඩි කාලෙම රාක්ෂයෙක් නිසා එයාගේ හදවත අහිමි වෙනවා. ඒත් ගිනි රාක්ෂයෙක් ගේ හදවතකිනුයි මෙයා ජීවත් උණේ. හරියට නිකං එකම හදවත දෙන්නෙක්ට බද්ධ වෙලා වගේ. එක්කෙනෙකුට වෙන දෙයක් දෙන්නටම වෙනවා. හදිසියෙවත් ගිනි රාක්ෂයාගේ හදවත මිය ගියොත් හවුලුත් මැරෙනවා. ඒ නිසා මේ දෙන්නා හිටියේ ඇවිදින ගෙදරක. මේ ගිනි රාක්ෂයා තමයි මේ ගෙදර ඇවිද්දවන්නේ. ගෙයක් කිව්වාට ඒක මාලිගාවක්. ඉතිං ඔහොම ඉන්න කොට තමා කතාව සොෆි ගෙන් ඇරඹෙන්නේ. එයාටම කියල තොප්පි කඩයක් තියෙනවා. ඒත් එයාගේ තාත්තා මැරිලා . අම්මා විතරයි එයාට හිටියේ. ඒත් එයා සොෆී ගැන ඒ තරම් ලොකු සැලකිල්ලක් දැක්වුයේ නෑ. ඒ නිසාම සොෆී තනියම වගේයි හිටියේ. ඒත් මෙයා දවසක් ගමනක් යද්දී අතරමග මෙයාව රාජකීය සොල්දාදුවො දෙන්නෙක්ට හමුවෙනවා. එයාල මෙයාව බය කරනවා. එතකොට තමා හවුල් එන්නේ. මේ දෙන්නගේ මේ හමුවීමෙන් පස්සේ ඒක ටිකින් ටික කතාව ඉදිරියට යන්නේ මායා කර්ම ගැන කියවෙන දේවල් එක්ක. සමහරැ කියනවා මේ හවුල් කියන කෙනා ලස්සන ගෑනු ළමයිගේ හදවත් හොරකම් කරනවා කියලා.

මේ දේවල් අතරේ දවසක් රෑ සොෆී ගේ තොප්පි කඩේට මායාකාරියක් එනවා. එයා ආවයින් පස්සේ මේ සොෆී මහළු කාන්තාවක් බවට හැරෙනවා. කොහොම හරි මේ මැහැල්ල හවුල්වත් මුණ ගැහෙනවා. ඒ දෙන්නගේ ආදරේ තව වැඩිවෙනවා. ඒ කොහොමද කියලා බලන්නනං කථාවේ ඉතිරි හරිය බලන්නම ඕන.

මේක ලස්සන ආදර කතාවක්. Hauru no ugoku shiro කියන මේ ජපන් කාටූන් එක IMDB හොඳම චිත්‍රපට 250 අතර 151 වෙනි ස්ථානයේ රැඳිලා තියෙනවා. ආදරේට කොයිතරම් බලයක් තියෙනවද කියලා මේ කථාවෙන් හොදටම ඔප්පු වෙනවා. කථාව බලලම උපසිරැසියේ ගුණ දොස් කියන්න. බුදු සරණයි !

Howl's Moving Castle (2004) on IMDb

 

 

6,297 downloadsDownload Howls.Moving.Castle.2004.baiscopelk.zip43 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

 

Subtitles by

දීප්ත තුෂාර

Subtitles

6,297 downloadsDownload Subtitles43 KB

35 comments

  1. SrimalSS

    Ela Patta Congratezzzzz!!!!!

  2. ඉසු ඩිපි (Isu DP)

    නියමයි දිප්ත සහෝ..
    250න් එකක් කියන්නෙ බලන්නම වෙනවා.
    250 සබ් කරපු නැති එවා බලලා කරමු.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  3. me

    Thanks

  4. Kulanjana Maduranga

    niyamai ...........subata thanks DEEPTHA saho.digatama sub denn.jaya wewa............

  5. nuwan

    මන් මේක සබ් නැතුව බලලා තියෙනවා
    ලස්සන කතාවක්
    ඔන්න ආයිත් ඩව්න්ලෝඩ් වෙන්න දැන්මා සබ් එක්ක බලන්න
    තෑන්ක්ස් දීප්ත මල්ලි

  6. Jack

    ස්තුතියි සහෝසබ් එකට.

  7. “චූටී මල්ලි”

    මේ ටයිප් එකෙ එව්වනම් දැන් වැඩිය
    බලන්නේ නෑ
    නමුත් වැඩේ හොදා
    සබට තුති
    ඔබට ජය.......

  8. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. natash

    thank ayye mewage ewa thawa danna mama asai mewage ewa balanna.

  10. shiran

    තැන්ක්ස් සහෝ...

  11. Keshan Wasala

    එල සහෝ ගොඩක් ස්තුතියි !! :D

  12. udara

    mchn m maarma asai japan animation movies wlta eewa patta bn. pluwnnam mchn twa ma wage japan animation wlta sub danna macho...ube fb eka link eka ewpn mchn request ekak danna etkota apita pluwnna ubwa contact krgnna. ehnam mchn twath japan animtion ekak argena waren. obta jaya

  13. Yenu

    Thank You.........

  14. චන්දිම අමරසිංහ

    නියමයි අනිවා බැලිල්ලක් තමා ඉතින්.. මදැ..
    ඔක්කම ටික බලන්න වෙනවා සහෝ..
    ඉදිරියටම යමු ජයවේවා..!$%

  15. වරුණ රංගජිත් (වරූ)

    ඇනිමේෂන් ..
    ආසසාායි..
    බාන්න දැම්මා.
    ජය

  16. sajeevi

    thanks

  17. jayani chathupraba

    Thank youuuuuuuuuuuuuu

  18. රොයිලි

    බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. එසේ මෙසේ එකක් නෙවේනේ ගෙනල්ලා තියෙන්නෙ. මෙන්න බානවා. ජය෴෴ :P :P

  19. නලින්

    ස්තුතියි දීප්ත සහෝ..

    ජය වේවා.!

  20. Tharindu

    Thank you very much bro..!!!

  21. Sanjaya

    Thank you saho ............ keep it up !!

  22. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  23. Prasad

    Great work machan....thanks a lot

  24. pabasara lihini

    lassana anime eka thaxxxx sub ekata.

  25. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.බොහෝම ස්තුතියි සබ් එකට

  26. koreankolla

    elamah :*

  27. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  28. Anonymous

    Thanks!

  29. Manjula Kumara

    Thank you very much.

  30. Yasindu Kalana

    Bohoma sthuthi sub ekata

  31. Pavith Wijesooriya

    සිංහල උපසිරසියට ගොඩාක් ස්තූතියි...❤️

  32. Anonymous

    violet evergarden 2020 sinhala sub plz.thank u

  33. Chinthaka

    සබ් file damaged වෙලා අයේ දාන්න පුලුවන්ද

    1. Ravindu Heshan - Admin

      Dan Wada

  34. Akila Dilhara

    Thanks for Sub...❤️❤️❤️