ඔන්න සෑහෙන කාලෙක පස්සෙ තවත් සිනමාපටයක් ඔබ වෙත ගෙන ආව. අනිත් ඒව වගේම මෙයත් පැරණි සිනමා සිත්තමක්. නමුත් ඉවත නොදමා නැරැඹීමට හැකි එකක් බව මගේ විශ්වාසයයික්ර්යි 1947 වසරේ බ්‍රිතාන්‍යයේත් 1951 වසරේ එක්සත් ජනපදයේත් ප්‍රදර්ශනය වන මෙම සිනමා පටය හාස්‍යෝත්පාදක රහස්පරීක්ෂක කතාවක් තේමා කරගෙන නිපදවූවක්. අදියුරුව…

ඔන්න සෑහෙන කාලෙක පස්සෙ තවත් සිනමාපටයක් ඔබ වෙත ගෙන ආව. අනිත් ඒව වගේම මෙයත් පැරණි සිනමා සිත්තමක්. නමුත් ඉවත නොදමා නැරැඹීමට හැකි එකක් බව මගේ විශ්වාසයයික්ර්යි 1947 වසරේ බ්‍රිතාන්‍යයේත් 1951 වසරේ එක්සත් ජනපදයේත් ප්‍රදර්ශනය වන මෙම සිනමා පටය හාස්‍යෝත්පාදක රහස්පරීක්ෂක කතාවක් තේමා කරගෙන නිපදවූවක්. අදියුරුව චර්ල්ස් ක්‍රිච්ටන් හා නිමැවුම මයිකල් බෝල්කන්ගේ. 6.9 ක IDMB අගයක් ලබාගත් මෙහි තිර රචනය ටී.ඊ.බී. ක්ලාර්ක් විසින්. හැරී ෆොව්ලර් ජෝ කර්බි ලෙසත්, ඩග්ලස් බර් ඇලෙක් ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

මිනිත්තු 82 පුරා දිවයන මේ සිනමාපටය දෙවන ලෝක යුද්ධය නිසා බ්‍රිතාන්‍යයට සිදුවූ දේපල හා සමාජීය හානිය ඔබට විදහා දක්වන්නක්. යොවුන් ළමුන් පිරිසක් විසින් සංවිධානාත්මක සොරකම් වැලක සුලමුල සොයාගැනීමක් වටා මෙහි කතාව ගොඩ නැගී ඇත.

ජෝ කර්බි හට අහම්බෙන් ලැබෙන චිත්රකතා පත්තරයක් ඔවුන්ගේ වීර ක්‍රියාවට මග පාදනු ලබයි. රහස්පරීක්ෂක කතාවක් වන එය කියවන ජෝ හට යථාර්ථය තුල, චිත්‍ර කතාවේ සිදුවීම් සිදුවන බව අවබෝධ වෙයි. ඇතිවන සැකය නිසාම මේ පිළිබඳව පොලිසියට පැමිනිල්ලක් ඉදිරිපත් කලද මෙය හුදු මනඃකල්පිත කතාවක් බව පවසමින් පොලිසිය ජෝ කර්බිව අවඥාවට පත් කරනු ලබයි.

නමුදු එයින් නොසැලෙන ජෝ තම මිතුරන් සමග එක් වී තව දුරටත් මේ පිළිබඳව සොයා බැලීමේදී මෙම මංකොල්ල කරුවන් තම පණිවිඩ හුවමාරු කරගනු ලබන්නේ මෙම චිත්‍රකතාව හරහා බව හෙලිකරගනී. පසුව මෙම කතාව පුවත්පතට ඉදිරිපත් කරන ශිල්පියා හා මුද්‍රණාලයේ සේවකයකු සමග එකතුවී චිත්‍රකතාව හරහාම කල්ලියට ලබාදෙන පණිවිඩයක් මගින් සොරකම් කරන ලද භාණ්ඩ සමග සොර කණ්ඩායම පොලීසියට අල්වා දීමට සමත් වෙයි. මේ මෙහෙයුම සඳහා ජෝ ගේ මිතුරන්ගේ මෙන්ම ලන්ඩනයේ සියලුම සමවයස් ලමුන්ගේ සහය ජෝ විසින් ලබාගනී. yify torrent එකෙන් මෙම පිටපත බාගත හැකියි. කොමෙන්ටුවකින් සහයෝගය පලකරන්න අමතක කරන්න එපා.

North By Northwest [1959] තියෙනව දවස් දෙක තුනකින් දෙන්නම්.

Hue and Cry (1947) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,169 downloadsDownload Hue-and-Cry-1947.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

බුද්ධික නුවන්

Subtitles

1,169 downloadsDownload Subtitles34 KB

20 comments

  1. Udara Damith B/K

    මන් ඔන්න ටිකක බැලුවා
    කට්ටිය බලන්ඩ නියමයි මන් බලපු ටික මේ කමෙන්ට් එකක් දාන්ඩ ආවේ
    ඔන්න ගියා

  2. Udara Damith B/K

    1

  3. Dulanga

    Thanks

  4. Madhush

    aluthen apu film wala sub dapn ikmanata.. S.W.A.T , Revolt , me mase film wala sub dapn ikamanata..

    1. Sanindu Lakkitha

      මචං මොකක් හරි ෆිලුමකට සබ් දාන්න කියලා ඉල්ලීමක් කරද්දී ඒක කරන විදිය ඉගෙන ගනින්. මේ මිනිස්සු සබ් කරනවට උබ පඩි ගෙවෙන්නේ නෑනේ. එහෙම ගෙවෙනවනම් ඔහොම කිවුවට කමක් නෑ..! බයිස්කෝප් එකේ අලුතින් එන හැම ෆිලුමටම සබ් වැටෙනවා. ටික දවසක් යනවා තමයි සමහර ඒවට. මොකද මේ සබ් කරන අයත් මිනිස්සු. තමන්ගේ වැඩත් පාඩු කරගෙන සේවයක් කරන මිනිස්සුන්ට ඔහොම කතා කරන්න එපා බන්..!

    2. buddhika nuwan

      Thanks bro mawa bera gaththata. Aluth ewata sub karanna kattiya pora kanawane. Mata ba porakanna. Mama nikam innawata karana wadak. Balanna kamathi aya balanna. Kisi gataluwak na.

  5. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    ::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  6. විමා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    ජයෙන් ජය :D

  7. kumara

    Old is gold කියනවනෙ බලමු. සබට බොහෝම ස්තූතියි. ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ගොඩාක් පිං.

  8. gfgf

    thanks digtama hanguna ewa hoyala denna

  9. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  10. අසිත

    elama saho thanks

  11. Withanage Priyantha Dayakeerthi

    බුද්ධික නුවන් සොයුර,
    ඔබෙන් සබ් කළ සිනමාපටයක් දීලා තිබෙනවාද කියලා වෙබ් එකට එන හැමදාමත් පරීක්ෂා කරනවා. මෙයත් අනිවාර්යයෙන් නරඹන්නට ඩවුන් ලෝඩ් කළා. එමෙන්ම ඔබ සබ් දුන් ඇල්ෆඩ් හිච්කොක් ශ්‍රීමතාණන්ගේ සිනමාපට මාලාවම මා නැවතත් නරඹන්නට සුරක්ෂිතව තබාගෙන සිටින්නේ. ඊළඟට ඔබ සබ් ලබාදෙන බව සඳහන්කර ඇති North By Northwest [1959] මා නරඹන්නට කැමැත්තෙන් සිටි සිනමාපටයක්. පැරණි කලාත්මක සිනමාපට ප්‍රිය කරන්නන් අමතක නොකළ ඔබට මා ඇතුළු මෙම සිනමාපට බාගත කරගෙන නරඹන සියල්ලන්ගේම ආචාරය හිමිවිය යුතුයි. ඉතිං ඔබ මේ කරන්නාවූ මහඟු කාර්යය වෙනුවෙන් ඔබට යහපතක්ම වේවා! ඔබට ජය!!!

  12. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  13. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Shaun Maximus Dissanayake

    GREAT, REALLY GREAT WORK...

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. කමල්

    මමත් ඔබේ උපසිරසි රසිකයෙක්. මේ තෝරාගැනීම් සඳහා ඔබට ස්තුතිවන්ත වෙමි!

  18. Chamara Diaz

    Thanks...