Watch Trailer

Uru (2017) with Sinhala Subtitles | මනසේ ඇති වූ කල්පිතයකට සීමා නොවූ, අති බිහිසුණු ඝාතකයෙකුගේ උන්මාදය…! [සිංහල උපසිරැසි සමඟ]

වසර කීපයකට පෙර… නවකතා ප්‍රකාශක – එන්න, එන්න ජීවන්! එනකම් තමයි මං මේ බලාගෙන හිටියෙ. නවකතාව නියමෙටම ලියලා තියෙනවා. මේ විදියේ නවකතා වලට තමයි දැන් කාලේ ඉල්ලුම තියෙන්නෙ. ඔයාගේ පළවෙනි පොත ප්‍රකාශනය කිරීමේ වගකීම මං බාරගන්නවා. දිගටම මේ විදියේ පංකාදු පොත් ටිකක් ලියමු. ජීවන් – බොහොම ස්තුතියි, සර්. වසර දෙකකට…

වසර කීපයකට පෙර…
නවකතා ප්‍රකාශක – එන්න, එන්න ජීවන්! එනකම් තමයි මං මේ බලාගෙන හිටියෙ. නවකතාව නියමෙටම ලියලා තියෙනවා. මේ විදියේ නවකතා වලට තමයි දැන් කාලේ ඉල්ලුම තියෙන්නෙ. ඔයාගේ පළවෙනි පොත ප්‍රකාශනය කිරීමේ වගකීම මං බාරගන්නවා. දිගටම මේ විදියේ පංකාදු පොත් ටිකක් ලියමු.
ජීවන් – බොහොම ස්තුතියි, සර්.

වසර දෙකකට පසුව…
නවකතා ප්‍රකාශක – සුභ පැතුම්, ජීවන්. මේ වතාවෙත් ඔයාට සමානයක් ලැබෙන්න තියෙනවා කියලා ආරංචියක් තියෙනවා ඔන්න. ඒක නෙමෙයි, ඔන්න ඊළඟ නවකතා පොතෙත් ප්‍රකාශකයා මම තමයි හොඳේ…
ජීවන් – අනිවාර්‍යයෙන්ම ඔබතුමා තමයි, සර්.

වර්තමානය…
නවකතා ප්‍රකාශක – මොකක්ද ජීවන් මේ ලියන පොත්? හැමදාම එකම විදියේ ජරාවල්… ඔන්න මේ පාරත් ඔහේගේ පොත් බන්ඩල් දහතුනක්ම ඉතුරු වෙලා තියෙනවා. දැන් වත් ලියනවකෝ අළුත් විදියක කතාවක්. දැන් කාලේ රැල්ල තියෙන්නෙ වීරයෝ වගේ ඉන්න ප්‍රති වීරයින්ට. එහෙමත් නැත්නම් රස වෑහෙන ආදර කතාවකට. ලියනවා නම් ඒ විදියේ කතාවක් ලියලා අරගෙන එනවා. නැත්නම් මාව හම්බවෙන්න නාවට කමක් නැහැ.
ජීවන් – සර්, පොඩ්ඩක් මං කියන දේ තේරුම් ගන්න බලන්න.
නවකතා ප්‍රකාශක – ඔහේ කියන දේවල් තේරුම් ගන්න නෙමෙයි, මං කියන දේ තේරුම් ගන්නවා. මගේ කාලයට වටිනාකමක් දෙන්න පුළුවන් කතාවක් අරගෙන එනවා. දැන් යන්න පුලුවන්!

කාලයක් රටේ ජනප්‍රියම ලේඛකයෙක් වෙලා හිටපු මට අද අත්වෙලා තියෙන්නෙ ඔන්න ඔය වගේ අවාසනාවන්ත ඉරණමක්. මගේ ඔලුවත් හරියට යකාගේ කම්මල වගේ. එක පැත්තකින් ලේඛන කලාවේ මගේ පරිහාණිය. අනිත් පැත්තෙන්, රස්සාවක් හොයාගන්න කිය කියා වධ දෙන බිරිඳගේ කන්දොස්කිරියාව. ජීවිතේ හරියට අපායක් වගේ වෙලා තියෙන්නෙ දැන් නම්.

මේ වගේ වෙලාවකදී තමයි අහම්බයෙන් වගේ මට හරිම අපූරු අදහසක් පහළ වෙන්නේ. වීරයෙකුගේ පෞරුෂත්වයක් හෙබි ප්‍රති වීරයෙක්ගේ කතාව ඇතුලත් නව කතාවක්… මානසික අසහනයෙන් පිරී ගිය, මින් පෙර කිසිඳු දිනයක, කිසිඳු නව කතාවක් තුලින්, කිසිවෙකු හෝ නොඇසූ විරූ අන්දමේ අතිශය දරුණු ශ්‍රේණිගත මිනීමරුවෙකුගේ කතාවක්… මිනීමැරුම් දෙස අපරාධයක් ලෙස නොබලා, එය දෙස කලාත්මක ඇසින් බැලිය හැකි අන්දමේ මනසක් සහිත අපරාධකරුවෙකු මගේ නවතම නව කතාවේ ප්‍රධාන චරිතය සඳහා මා විසින් නිර්මාණය කරනු ලැබුවා. නවකතාව සාර්ථකව අවසන් කර ගැනීමේ පරම අධිෂ්ටානයෙන්, මිනිස් වාසයෙන් තොර, සතා සිව්පාවා විසින් රජදහන කරගත් වනාන්තර භූමියක් වෙත ගොස්, නවකතාවේ ලේඛන වැඩ කටයුතු ආරම්භ කළා. නමුත්, හදිසියේම හැම දෙයක්ම වෙනස් වෙන්න ගත්තා. සිදුවෙන දේවල් පිළිබඳව මට කිසිම දෙයක් තේරුම් ගන්න බැරි වුණා. ඒත් මං කෙටියෙන්, එක වාක්‍යකින් කියන්නම්. මේක විහිළුවක් වත්, විකාරයක් කියලා වත් හිතන්න එපා. “මං ලියමින් ඉඳපු නවකතාවේ ඉන්න මිනීමරු ඝාතකයට පණ ඇවිල්ලා, මාව හොයාගෙන ආවා!!!”

කාලයක් තිස්සේ දෙමළ චිත්‍රපටයකට අතගහන්න බැරිව හිටියෙ. මොකක්වත් නිසා නෙමෙයි, ඒකාකාර රටාවෙන් මිදුණු, මගේ හිතට හරියට විදියේ දෙමළ චිත්‍රපටයක් දකින්න ලැබුනේ නැහැ. මෙච්චර කාලෙකට මං උපසිරැසි ගන්වපු දෙමළ චිත්‍රපට නරඹලා තියෙනවා නම් දන්නවා ඇති, ඒ හැම එකක්ම එකකට එකක් වෙනස්, සාම්ප්‍රදායික ඒකාකාර රැල්ලෙන් මිදිච්ච කතා සහිත චිත්‍රපටි. ඔන්න ඒ විදියේ කතාවක් තියෙන චිත්‍රපටියක් මේ මාසේ (ජූලි) 20 වෙනිදා රෑ නිකුත් වුණා. ඊට පහුවෙනිදා විභාගයක් පටන්ගන්න තිබ්බ නිසා, වෙන කවුරුහරි බාරගෙන ඉක්මණට දේවි නේද කියලා, හිතේ අකමැත්තෙන් වුනත් ඒ චිත්‍රපටය බාරගත්තේ නැහැ. ඒත් ඉතිං, විභාගේ ඉවර වෙලා 23 වෙනිදා රෑ ඇවිල්ලා බැලින්නම් කවුරුවත් තවම මේක වෙන්කරගෙන නැහැ. ඒ නිසා 24 වෙනිදා උදේම මේ චිත්‍රපටය වෙන්කරගෙන, 24 වෙනිදා රෑ වෙද්දී වැඩ කටයුතු ඔක්කොම ඉවරයක් කළා.

හදවතින්ම දමිල සිනමා ප්‍රේක්ෂකයෙක් නම් Kalaiyarasan නොදන්නවා වෙන්න බැහැ. Adhe Kangal (2017), Yeidhavan (2017) වගේ මෑත කාලීනව බිහිවෙච්ච අමුතුම කතාවක් සහිත චිත්‍රපට තුල ප්‍රධාන රංගනයෙන් දායකත්වය පෑ මොහුගේ නවතම චිත්‍රපටය තමයි මේ අරගෙන ආවේ. Kabali (2016) චිත්‍රපටය තුල රංගනයෙන් දායක වූ Dhansika විසින් මෙම චිත්‍රපටය තුල ප්‍රධාන නිළියගේ භූමිකාව හොබවනු ඇති. Psychological Thriller, Action, Survival යන කාණ්ඩ ඔස්සේ, 2017 වර්ෂයේ ජුනි මස 16 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද මෙම දමිල සිනමා සිත්තම, මෙම සටහන ලියවෙන මොහොත වන විට imdb දර්ශකයේ 7.3 ක අගයකින් සැදුම්ලත් වෙනවා.

එහෙනම්, කැමති අය අරගෙන බලන්න. ඒකාකාරී රටාවෙන් මිදිලා, වෙනසක් හොයන අය විතරක් අරගෙන බලන්න. විශේෂයෙන්ම සංකීර්ණ අවසානයක් තියෙන්නෙ. හොඳට බැලුවේ නැත්නම් සමහර විට තේරුම් යන එකක් නැහැ. වීරයා ඇවිල්ලා එක පාරක් ගැහුවාම සීයක් විතර උඩින් වීසි වෙලා ගියාම චූන් වෙලා අප්පුඩි ගහන ප්‍රේක්ෂකයින්ට නම් කතාව ගැලපෙන එකක් නැහැ. ඒ වගේ අය නම් නොබැලුවට කමක් නැහැ. ආසාවට වත් කමෙන්ට එකක් නොදැන උදවිය, කතාව තේරුම් ගන්න අමාරු වෙලා හිත රිදිලා, ජාතිය අමතලා කමෙන්ට් එකක් දාවි, “මොකක්ද යකෝ මේ දීපු ජරාව…” කියලා. ඒ නිසා කොයිකටත් කියලා පූර්ව ප්‍රචාරක පටය නරඹලාම ඉන්නකො. මීට කලින් මං දීපු දෙමළ චිත්‍රපට සෙට් එච්ච අයට නම් මේක ඉහළින්ම සෙට් වේවි.

එහෙනම් ගිහිල්ලා එන්නම්. තවත් චිත්‍රපටයකින් හමුවන තුරු, හැමදෙනාටම ජයවේවා!!!

Uru (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

www.TamilRockers.nu – Uru (2017)

ලබා දී ඇති උපසිරසි සියලුම HDRip පිටපත් සඳහා අදාළ වේ.

14,319 downloadsDownload Uru-2017.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

14,319 downloadsDownload Subtitles29 KB

47 comments

  1. Micky Bro

    බොහොම ස්තූතියි උපසිරසියට... ජය.....

  2. sanda

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.

  3. bhanusha

    sisila ayya denwa nan nobala inne ne lipiyath pupiri aniwa bemak thamai jaya wewa

  4. lahiru

    එල සිසිල අයියේ..... බොහොම ස්තුතියි සබ් එකට..... :D :D :D :D

  5. Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  6. rasanga

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.

  7. shasith sandaruwan

    බොහොම ස්තූතියි සිසිල උපසිරැසියට...
    වෙනස්ම ආකාරයේ කතාවක් වගේ. කවුරු හරි ගේනකල් ඉඳලා බලන්න ඕනේ... :P
    දිගටම සබ් දෙමු ආ....
    ඔබට ජය!

  8. තරිඳු රසාංග

    ලිපියේ තියෙන කරුණුත් එක්ක ෆිලුම ගොඩක් වෙනස් කියන එක නම් හොඳටම තේරෙනවා.ගොඩක් වෙලාවට දමිළ,තෙලිඟු ප්‍රධාන ධාරාවෙන් පිටට යන්නේ බොහොම අඩුවෙන්නේ.ඒ නිසා මේකත් කලාතුරකින් දකින්න ලැබෙන වෙනස්ම කතාවක් වෙන්න ඕනේ,ඒ නිසා අනිවා බලන්නම ඕනේ.ඒ වගේම එක දවසකින් සබ කරලා පලකරවපු එකත් ගොඩක් වටිනවා,ඉස්සරහටත් මේ වගේ ෆිලුම් වලට සබ් දෙමු සහෝ,ජය!

  9. prabodha

    Mama asa karana widiye kathawak. Thank u bro sub ekata....

  10. Charli Max

    Thanks bro.

  11. SPD

    සිසිල සහෝගේ ටයිප් ෆිලුමක් නම් ආයේ දෙකක් නෑ සුපිරියටම ඇති.
    කාලෙකින් හොඳ දෙමල එකක් සෙට් වුනෙත් නැති නිසා මේක බලන්න ඕන.
    ලිපිය කියවපුවම නොබල ඉන්න හිත හදාගන්න බෑ.
    ඒ නිසා ඔන්න සබ ගත්තා.
    බොහොම ස්තුතියි සිසිල.
    ජය වේවා....!!

  12. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    සිසිල සහෝ ගෙනාපු ෆිලුමක් මටනම් සෙට් වෙන්නේ නැතුව ගිහින් නෑ තාම. අනික සහෝගේ ලිපිය කියෙවුවට පස්සේ බලන්නේ නැතුව ඉන්න හිත දෙන්නෙත් නෑ!
    ::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  13. pubudu ...

    බොහොම ස්තූතියි සබ් එකට අදම බාගෙන බලනවා පුළුවන්නම්
    Badlapur Boys , Bheemili Kabaddi Jattu ,Maryada Ramanna කියන පිල්ම් වලටත් සබ් දෙන්න බලන්න හොඳට හිට් වෙච්ච ලස්සන චිත්‍රපට තුනක් ....

  14. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබට. වෙනස් එකක් නම් අනිවා බලමු. ජයවේවා. ගොඩාක් පිං.

  15. manoj

    therunanath nathaath thanks bro ubala karana sewayata

  16. අසිත

    ane patta ban
    elama saho thanks

  17. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Eranda

    තවත් හොඳ සිනමා නිර්මාණවලට දායක වීමට ඔබට ශක්තිය ලැබේවා....!

  21. Ami

    Thank you very much:)

  22. Thili

    sisila aiuage sub ekak kiuanne pattayak tama.aniwa balanawa.gd luck aiua.tawa aluth ewa denna.

  23. KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි

  24. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  25. Tharindu

    ගොඩාක් ස්තුතියි සිංහල sub එක දුන්නට......

  26. Kasun Widusha

    Tnx sahoo

  27. ධනුෂ්ක

    සුපිරි මචන්... උබේ මේ ලියන හැදින්විමම ඇති බන්.... ඩේට නැහැ බන් බා ගන්න ඒත් තෑන්ක්ස් මචෝ

  28. hasith

    tnx bro

  29. tharindu

    අන්තිම ටික කරකලා අතඇරියා වගේ උනා
    tnx sub ekata kalekate passe blpu supiri tamil film ekak

  30. Chalana

    thnx bro...

  31. kasun

    :-) :-) :-) :-)
    සබට ස්තූති!
    ජයින් ජෙයම වීවා
    :-) :-) :-) :-)

  32. Janith

    Nice broo thankx for sub

  33. Pasindu

    උපසිරැසියට බොහෝම ස්තුතියි.
    පුළුවන්නම් Tubelight (2017) Tamil movie එකට සබ් දෙන්න.

  34. Avishka

    ela bro
    puluwannam vettaikaran film akata sub dennako

  35. chandima

    ela sahoo..film eka nam patta.eth anthimata ara policekaraya kollata salli dena eken kathawa tikak awl yanwa

    1. Shehan D Jayasinghe

      Anna eeka mtath theren nene bn.

  36. Nishon Jey

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට :D

  37. Sinhalaya

    meka copy karala thiyenne HUSH (2016) kiyala supiri english film ekakin.eka hoyagena balanna guys. patta film ekak. Aiyooo...me indian karayonam.

    1. c

      sureda bn

  38. Drew

    melo dyk therum gnna baruwa inne bro... thanks sub ekataaa..

  39. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  40. kasun sandaruwan

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

    1. Anonymous

      සබ් ටය්ට්ල් එක ගන්න බෑ

  41. dilan lakmal

    Sisila aiya wediya kenthi ganna epa.ahanna deyak ne obathuma sub ekak kaloth loweth ne.patta.thanks sub ekata.ela

  42. Baisecope_test

    Sub ekt thnkz aiya.jaya wewaa...Me film eke awasane therun ne..Hriytm dnn kenek innwnm kiynwdaawasane policekry kollt salli dena seen ek mkdd kiyala..??

  43. Shehan D Jayasinghe

    Sub ekt thnkz aiya.jaya wewaa...Me film eke awasane therun ne..Hriytm dnn kenek innwnm kiynwdaawasane policekry kollt salli dena seen ek mkdd kiyala..??

  44. චමිල්

    මේ සබ් එක බාගත කර ගැනීමට නොහැකි බව පෙන්වයි. හැකිනම් සොයා බලන්න . ස්තුතියි